මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 26, 2022

දොයි දොයි දොයි බෝනික්කෝ ... බයි බයි බයි බෝනික්කෝ




 තරු එක්කොට මාලයකට

 නුබේ ගෙලේ පලදන්නම්

දේදුන්නේ පාටවලින්

 ගවුම් පොඩිය සරසන්නම්

දොයි දොයි දොයි බෝනික්කෝ .

 බයි බයි බයි බෝනික්කෝ ..

 මට පොත් පාඩම් කරන්න

 නිදාගන්න බෝනික්කෝ .......

 

අම්ම එක්ක කඩේ ගිහින්

 වළලු ටිකක් ගෙන දෙන්නම්

 ජම්බු ගහේ ඉදුණු ජම්බු

 තෝරල කඩලා දෙන්නම්

දොයි දොයි දොයි බෝනික්කෝ ...

 බයි බයි බයි බෝනික්කෝ .

නාඩා ඉතින් නිදියගන්න

මගේ පුංචි බෝනික්කෝ

 

චක්කරේ පාඩම් කරන්න

කවි පන්තිය කියවගන්න

හරියට පාඩම් නොකරොත්

 සැවොම හිනාවෙවී ඔන්න

දොයි දොයි දොයි බෝනික්කෝ ...

 බයි බයි බයි බෝනික්කෝ

මට දැන් පාඩම් කරන්න

 නාඩා ඉතින් නිදියගන්න//

 

අනුරුද්ධ වැලිගමගේ



1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශ දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ

 කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


Saturday, March 19, 2022

වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා .....නෙදර්ලන්ත සංචාරයක මතක 1....

 

නෙදර්ලන්ත සංචාරයක මතකය 1.

නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර  සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන් ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා.


Zaansc  Schans

සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී  මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා.

ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ  ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා.

පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට වෙනස කියා පෑ බව කිවයුතුයි. 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්රයක්.       

පරිශ්රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ් නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.



Dutch Countryside

අපේ රථය ජනාකීර්ණ නගරයෙන් ටිකෙන් ටික ඈතට යනවා.ගොවිපොල, තණබිම්, කළු සුදු පැහැයෙන් ඈතට පෙනෙන ගව රංචු නෙදර්ලන්තය කිරි සදහා සුපතල රටක් කියන එක සිහිගන්නවා. ඒ ගැන වැඩි විස්තර මීළග ලිපියෙන් කියන්නම්.

අපි ගමන්ගන්නා රථ පේලිය එක්වරම රතු එළියට නතර වුනා. අපි කොළ එළිය එනතෙක් බලාගෙන ඉන්නවා. එක පාරටම අපි ඉදිරියෙන් තියෙන පාලම ඉහළට එසවුනා. විනාඩි කිහිපයකින් යාත්‍රා කිහිපයක් එහා මෙහා ගියා. ආයෙමත් ගමන පටන්ගත්තා. කැනඩාවේ St. Catherines වල Welland Canal ප්‍රදේශයේදීත් ඔබට මේ අත්දැකීම ලබන්නට පුළුවන්.

 

හුළං මෝල පරිශ්‍රයෙන් ඇවිත් යන අපේ මීළග ගමනාන්තය මුහුදු වෙරළබඩ ගමක්. නමින්  Volendam



Volendam


හරිම ලස්සන මුහුද අද්දර පිහිටි ගමක්. විවිධ පාටින් හැඩගැන්වුණු මුහුදට මුහුණලා තියෙන ගෙවල් පුදුම ලස්සනයි. අපි රථ ගාලේ ඉදන් කඩ මණ්ඩියට ඇවිදගෙන ගියා. ඔබට කැමති නම් එවෙලේම පිලියෙල කරලා තියෙන මුහුදු ආහාර සුදානමින් තියෙනවා. තරමක මිල අධික වුණත් නැවුම්බව පිරිලා එන රසය වෙනස්ම එකක්. අපේ දවල් කෑම ගත්තේ එහෙන්. ඔක්කොම මුහුදු ආහාර. බෙල්ලො, දැල්ලො,ඉස්සො සහ කොඩ් මාළු.

Wafelhuis කියල කියන්නෙ මේ ගම්මානයේදී රහ බලන්න පුළුවන් අපූරු අතුරුපසක්. සංචාරයේදී ඒ ඒ රටවල් සහ ප්‍රදේශ වලට ආවේණික කෑම ගැනීම සංචාරය රසවත් කරනවා කියලයි මට හිතෙන්නෙ ඒ හින්ද ඒවායේ රහ බලන්නත් අපි අමතක කලේ නැහැ.

ඊට පස්සෙ අපි ඇවිදගෙන ගියේ නැව් සහ බෝට්ටු තියෙන ජැටියට. පැරණි මාදිලියේ නැව් කිහිපයක් සහ බෝට්ටු එතැන නවත්වලා තිබුනා. ඒ අතරේ නවීන පන්නයේ යාත්‍රාත් තිබුණා.


මුහුදු තීරයත්, ජැටියත් එක්ක පැරණි මාදිලියේ කඩ මණ්ඩිය හරි අපූරු බවක් ගෙන එනවා. ඒ අතරේ හරක් හමින් බුමුතුරුණු හදන්න ගෙවල්වල ඒවා වේලෙන්න දාල තියෙනවා. නෙදර්ලන්තේ වෙරළේ රැල්ල පාගන්න පුංචි වෙලාවක් ගත කරපු අපි ආයෙමත් වාහනයට ආවා.

මේ ගමනේදී ඔබට එකතුකර ගත හැකි තවත් තැන් ….


Keukenhof  Gardens

අවුරුද්දෙ මාස 2 ක් පමණක් මහජන ප්‍රදර්ශණයට තැබෙන මේ මල්වත්ත හොදින්ම බලන්න පුළුවන් අප්‍රේල් මාසෙ මැද උදෙන්ම ගියොතිනුයි. තරමක් මිල අධික වුණත්, ඇමස්ටර්ඩෑම් වල ඉදන් විනාඩි 40 ක තරම් දුරක තියෙන මේ ටියුලිප් පාරාදීසය ඔබව විචිත්‍ර ලෝකයට ගෙනයනවා සිකුරුයි.

Giethoorn

Amsterdam වල ඉදන් පැය එකහමාරක තරම් දුරකින් තියෙන මේ පුංචි ගමේ පාරවල් සහ කාර් නැහැ. හැම ගෙදරකටම යන්න තියෙන්නෙ මීට පෙර ඉතාලි සංචාරයකදී ගිය වැනීසියේ වගේ හැම ගෙදරකටම යන්න තියෙන්නෙ බෝට්ටු වලින් පුංචි ඇලවල් වලින් ගිහින්. ඒත් ඒ ගමේ සුන්දරත්වය දැක්කාම ඔබට මේ ගමනේ වටිනාකම තේරේවි.

Alkmaar Cheese Market

Amsterdam  වල ඉදන් පැය භාගයක තරම් දුම්රිය ගමනකින් යන්නට පුළුවන් මේ වෙළදපල ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් කාලයේදී පමණයි. සාම්ප්‍රදායික නෙදර්ලන්ත චීස් වර්ග රැසක් මේ පොලේදී ගන්නත්, වටිනා සේයා රූ රැසක් ඔබේ සේයාරූ ගොන්නට එකතු කර ගන්නත් පුළුවන් වේවි.

සාම්ප්‍රදායික චීස් සහ සපත්තු නිෂ්පාදනාගාරයකටත්  Amsterdam නුවරටත් ඊළග මාසයේදී යමු.

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන් 

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2022 පෙබරවාරි කලාපයේ පලවිය.


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, March 12, 2022

වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්......වෛද්‍ය රුවන් එම් ජයතුංග....පොත් පිටු අතරින්......



පාසැල් යන කාලයේදී ඩීමන් ආනන්ද ගේ පොත් කියවීමට අප උනන්දුවක් දැක්වුයෙමු. 
ජේම්ස් බණ්ඩා 019 නඩු නැත. උසාවි නැත. නීතිය ඇසට ඇසක්,
උණ්ඩයට උණ්ඩයක් යන වැකි සහ ඔහුගේ මුවග රැදුනේ වෙරුට් වර්ගයේ සුරුට්ටුවකි 
යන විස්තර වර්ණනා අප සිත් ගත්තේය.  


කෙසේ නමුත් මම මේ පොත් බැලුවේ හොරෙනි. මරදානේ දුමින්ද එරන්ද 
කලෙයිමගල් සමාගමෙන් රුපියලට , එකයි පනහට ගන්නා මෙම පොත් අතිනත යයි.
 එසේම අනෙකුත් ළමුන් සමගද මාරු කොට අපි ඩීමන්ගේ පොත් බැලුවෙමු. 
සමහර විට පාසැල අසල ප්‍රභාත් කඩේද ඩීමන් ආනන්ද ගේ පොත් මෙන්ම 
ධර්ම ශ්‍රී කල්දේරාගේ ලන්දේසි හටන, සුසිල් ප්‍රේමරත්න ගේ මාරු පිම්ම වැනි පොත් තිබේ.
 දහවල් ආහාරය සදහා දෙන මුදල් ඉතිරි කොට අප මේ පොත් ගන්නෙමු.

වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ...  වෛද්‍යවරයෙකුගේ සිහි සටහන් ....පොතින්  



පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....


කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන 


https://rupane.com/2021/11/20/rupane-episode-270-november-20-2021/


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය -  Transylvania බ්ලොග් අඩවියේ රචක, ලේඛක වෛද්‍ය රුවන් එම් ජයතුංග    

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි





සමනොළ සිරසෙන් නැගෙනා හිරු  සේ......

ගායනය - ආචාර්ය බුද්ධිමතී ජයසේකර සහ දැහැමි ජයසේකර

ගී තනුව - ආචාර්ය නන්දා මාලනී

සංගීතය - විශාරද  දිනේෂ් බෝගොඩ

ගී පද - අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


Saturday, March 5, 2022

ජීවිතය අපි හොයනවා ....කවි....අනුරුද්ධ වැලිගමගේ ....




ගෙදර වත්තේ තිබුණු ගස් ටික

කපා වනසා  Interlock කර

කඩෙන් ගෙනැවිත් පාට මල් පැල

ආයෙ වත්තම හදනවා

ජීවිතය අපි හොයනවා

 

අම්මා, අප්පා යවා ගෙදරින්

බෙදා වැඩිහිටි නිවාසෙට දන්

සෙල්ෆි දහයක් ගහනවා

Facebook  හැඩ කරනවා

ජීවිතය අපි හොයනවා

 

කප කපා දිගු සේද වරලස

Saloon කට් එක අනුව ඇහිබැම

නේක නම් ඇති Cream උල උල

මූණේ ලස්සන හොයනවා

ජීවිතය අපි හොයනවා

 

වීසිකර තිබු සරල දිවි පැස

බදා සංකර ගති සිරිත් රැස

Busy  කිය කිය දවල් රෑටත්

සල්ලි පොදි මිටි බදිනවා

නිමා නැති තරගයක් මැද්දේ

ජීවිතය අපි හොයනවා

අපට අපි මගහැරෙනවා

 

අනුරුද්ධ වැලිගමගේ 



2022 මාර්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.