කැනේඩියානු සංචාරයක මතකය ..... -රොකී කදුවැටිය වටේ රවුමක් 4.
.
දවස හරියටම 1885 නොවැම්බර් 7 වැනිදා . වෙලාව උදේ 9.22 යි . ශීතල හුළගක් බ්‍රිටිෂ්
කොලොම්බියාවේ Craigallachie ගම්මානයට ආවා .බොහෝ පිරිසක් එකතුවෙලා හිටියෙ
ඒ ඉතිහාසගත මොහොතට එකතු වෙන්න . බාධක මැද්දෙ ඉදිවුණු කැනේඩියන්
පැසිෆික් දුම්රිය මාර්ගය ශ්‍රීමත් ඩොනල්ඩ් ස්මිත් ගේ අවසන් පස් පිඩැල්ලෙන් එකතු
වුනේ මුළු කැනඩාවම එකට සම්බන්ධ කරමින් . ඒ කාලයේ හැටියට සුවිශාල
ජයග්‍රහණයක් වුණු කදු දුර්ග අතරින් සැදුණු දුම්රිය මාර්ගයේ ඒ මතක සිහිවටනය
අදත් ඔබට බලාගන්න පුළුවන් .
අපේ රොකී කදු වටා කරන සංචාරයේ සිව්වන පියවර පටන් ගත්තේ කැම්ලුප්ස්
නගරයේ නවාතැනින් . දර්ශනීය තොම්සන් ගගත් කදු වලල්ලේත් විසිතුරු බලමින් අපි
අද යන්නේ The Last Spike බලන්න . විවිධ හැඩතල මවන කදු ට්‍රාන්ස් කැනඩා අධිවේගී
මාර්ගයේ යන අපට ලස්සන චිත්‍ර මවනවා . ඒවා මොහොතින් මොහොත වෙනස් වෙන
ඒවා .
තැන තැන දකින්නට ලැබෙන විල් හරිම ලස්සනයි . නැවති නැවතී යන්න කාලය ඉඩ
නොදුන්නත් ඇස්වලට පෙනෙන පරිසර සුන්දරත්වයේ කිසි අඩුවක් නැහැ . කැල්ගරි වල
ඉන්න මගේ මිත්‍රයා මහීතේජ කිව්වෙ මතක ඇතුව Salmon Arm වල පොඩ්ඩක් නතර
වෙලා එන්න කියලා . පළාත ගැන දන්න අය කියන දේත් අහන්න එපායැ . අපි ටික
වෙලාවකට වාහනයටත් , දෑත ටත් විවේකයක් දුන්නා .
Salmon Arm
පුංචි නගරයක් . අපි පොඩි වෙලාවක් නතර වුනේ මිත්‍රයා කියපු Shuswap විලේ නගරය
ඉදිකර තිබූ විවේක පරිශ්‍රයේ . කදු වළල්ලකින් වටවෙච්ච විල නෙතට වගේම
කැමරාවලටත් නිදහසක් නොදෙන තරමට ලස්සනයි . කුලියට ගත් විවිධ මාදිලියේ
බෝට්ටු පදින්න කදිම තැනක් . ඒවගේම ප්‍රදේශ වාසීන් හරිම සුහදයි . අපි ළග පාත
කඩේකින් තේ එකක් එහෙම බීලා ආයෙමත් ගමන පටන්ගත්තා .
අප මුලින් සදහන් කල අවසන් පස් පිඩැල්ල කැපූ The last Spike තිබෙන්නේ ට්‍රාන්ස්
කැනඩා අධිවේගී මාර්ගයේ දකුණු පසින් Craigellachie ගම්මානයේ ප්‍රධාන දුම්රිය
මාර්ගය අද්දරට වන්නටයි .
කොලොම්බියා ගග උතුරු ඇමෙරිකාවේ තිබෙන දිගම ගංගාවලින් එකක් . අප දෙවන
ලිපියේදී ගිය කොලොම්බියා අහස් තලයෙන් පටන්ගෙන ඇමෙරිකාවේ Astoria
නගරයෙන් පැසිපික් සාගරයට එක්වන එහි දිග කිලෝමීටර් 2000 ක් . දුම්රිය මාර්ග
බිහිවන්නට පෙර ස්වදේශික ගෝත්‍රික පිරිස් සහ මුල් කාලීන යටත් විජිත වාදීන්
ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතා කලේ මේ ගගයි . මුහුදෙන් රට ඇතුලට
පීනන සැමන් මාළුන්ට මහත් ප්‍රසිද්ධියක් උසුලන කොලොම්බියා ගග භාවිතා කරමින්
ගංවතුර පාලනයට සහ ජල විදුලි උත්පාදනයට වේලි 14 ක් බැද තිබෙනවා .
රෙවෙල්ස්ටෝක් කැනඩාවේ ඇති එවන් වේල්ලක් .
අපි ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයෙන් වමට හැරුණා . කිලෝමීටර් 5 ක් පමණ ගිය
තැන කදු මුදුන අපේ ඊලග නැවතුම්පල .
රෙවෙල්ස්ටෝක් වේල්ල ( Revelstoke Dam)
අඩි 574ක් උස මේ වේල්ල අක්කර අඩි 1,230,000 ජල ධාරිතාවයක් දරමින් බ්‍රිටිෂ්
කොලොම්බියාවේ විදුලි පද්ධතියට මෙගාවොට් 2480 ක විදුලියක් එක් කරනවා . පාසැල්
දරුවන්ට සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ බලාගාරයේ සංචාරය ඉතා හොද
ප්‍රායෝගික අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැහැ .
එහි පහත මාලයේ තිබෙන කෞතුකාගාරය ඉතිහාසයෙන් ගිලිහුණු මුල්බිම් පදිංචි
කරුවන් ගැන කියනවා . නියාමකවරියක් කරුණු පැහැදිලි කරන බලාගාර චාරිකාවට
අපිත් පෝලිම් ගැහුනා . ඇය විස්තර කරමින් ගමන පටන් ගත්තා .
ටික වෙලාවකින් අප වේල්ල මුදුනේ . වාහනය නැවතූ රථ ගාල වේල්ලේ මැද කොටසේ
පේනවා . පාසැල් බස්රථයක් තරමේ පළල බට 5 කින් ජලාශයේ ජලය වේගයෙන්
පහලට යවමින් බලාගාරයේ ඇති ටර්බයින කරකවනවා . ඉදිරියේදී තවත් බටයක් එක්
කරන්නට වේල්ලේ ඉඩ තබා තිබෙනවා . මොහොතකින් ඇය අපට බලාගාරයේ
ටර්බයින ඇති කොටස පෙන්වමින් විස්තර කලා . අපි දින දෙකකට කලින් දුටු ග්ලැසියර
ජලය කරන විස්මයක මහත . ඔබත් දවසක මේ ගමන ඇවිත් මෙහෙම හිතාවි මට
හිතුනා .
රෙවෙල්ස්ටෝක් දුම්රිය කෞතුකාගාරය
දුම්රිය ලෝලීන්ට මහත් ප්‍රිය දසුනක් ගෙනෙන මෙහි මනා ලෙස නඩත්තු කෙරුණු
ගල් අගුරු එන්ජිමක් , ව්‍යාපාරික පන්තියේ මැදිරියක් තිබෙනවා . එළිමහනේ
කලින් කල භාවිතා වූ විවිධ මැදිරි , දුම්රිය මාර්ගයේ හිම ඉවත්කළ විශාල
උපකරණ ඇතුළු බොහෝ දෑ තිබෙනවා .
අපි ආයෙමත් අංක 1 දරන ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගයේ . වටාපිටාවේ තිබෙන
විශාල වනාන්තර කැනඩාව කොපමණ පරිසර සංරක්ෂණය කරන රටක්ද යන්න
කියාපානවා . ඒ වගේම ගිම්හාන කාලයට බ්‍රිටිෂ් කොලොම්බියාවේ ඇතිවන ලැව් ගිනි
ඈතින් දකින්නට ලැබෙනවා . ගුවනින් ඒවා නිවන්නට වෙහෙසෙන හැටිත් අපට
පෙන්නේ යන එන ගුවන් යානා නිසා .
දරුවන්ගේ ඉල්ලීමට අපි Canyon Hot Springs ළග නතර වෙනවා .
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා .
dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන
පරිදි පිළිතුරු ලියන්නම් .
මීළග කලාපයෙන් ..ලැව් ගිනි මැද්දේ උණු
දිය උල්පත් වලින් නාන්නට ගිය ගමන සමගින් ලබන කලාපයෙන් හමුවෙමු .
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ අන්තර්ජාලයෙන් Google Images
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 අගෝස්තු කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට