මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 9, 2026

ගුරු මවක් එක්ක මව්වරුන්ගේ දිනය සමරමු



මව්වරුන්ගේ දිනය වෙනුවෙන් රූපණ වැඩසටහන් රැසක් වෙබ් ගත කර තිබෙනවා . 2026 වසරේ මව්වරුන්ගේ දින තේමාව වන්නේ ඔරොත්තු දීමේ හැකියාව, ආදරය, තිරසාරභාවය සහ භාරකාරත්වය යන තේමාවන් හරහා මාතෘ බැඳීම් ශක්තිමත් කිරීම(2026, Mother’s Day themes emphasize strengthening maternal bonds through themes of resilience, love, sustainability, and stewardship) . ඒ ගැන කතා කරන්නට මෙවර අප තෝරා ගත්තේ ගුරු මවක්. විප්‍රවාසී ශ්‍රී ලාංකික ප්‍රජාවේ අපට අපේ දරුවන් සිංහල බස ඉගැන්වීම වෙනුවෙන් සෙනසුරාදා දිනයේදී රජය පවත්වා ගෙන භාෂා පංතියට යැවීම වැදගත් වන්නේ ඇයි යන කාරණය අම්මලාට සහ තාත්තලා ට පහදා දෙන්නත් ඇය මෙහිදී උත්සාහ කරනවා .  



2026 මැයි 9 වැනිදා වෙබ්ගත වූවකි.

මේ දිගුවෙන් ඔබට වැඩසටහන බලන්න පුළුවන් 

https://rupane.com/2026/05/09/rupane-episode-504-may-09-2026/

**************************************************

 ඉදිරිපත් කිරීම  - මංජුලා වික්‍රමරත්න 

සම්පත් දායකත්වය -

බරැම්ප්ටන් සිංහල භාෂා පංතියේ ආචාරිණී 

රන්ගාරා නර්තන පාසැලේ ප්‍රධානාචාර්ය වරිය 

රෂාන්ති හෙට්ටිආරච්චි

සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නන්ගර 

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

මව්වරුන්ගේ දිනය තේමා කරගත් අප මීට පෙර කල වැඩසටහන් 

අම්මා.... මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මිත්තණියක් , මවක් සහ දියණියක් මව්වරුන්ගේ දිනය දකින හැටි 

https://rupane.com/vimeo-video/rupane-episode-88-may-12-2018/

සිංහල ගීතයේ මව් ගුණ ලකුණ

අන්තර්ජාලයට මුදා හැරියේ - 2017  මැයි 20

http://rupane.com/vimeo-video/rupane-episode-37-may-20-2017/

සිංහල ගීතයේ මෑත කාලීන මව්ගුණ වැයුම...... සිතුවිලි..........අනුරුද්ධ වැලිගමගේ....

https://ahasgawwenehalokaya.blogspot.com/2021/05/blog-post_8.html



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images 

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, May 2, 2026

හිනා පිරුණු ඔබ දකින්න ගතම කලබලයි

 

















මන්දාරම් නුවරට වැහි වහින්නට           ළඟයි

හීන පිරුණු ආකාසය හරිම              කළුවරයි

පැයූ ඉදු දුනු සැව්වේ පැහැය               දුක්බරයි

අද නම් ඔබ හමුවන්නේ නැතිම නැති හැඩයි


දුම්බර කදු යාය මත්තෙ කෝච්චිය    හැඩයි

අපේ හිතත් යාකෙරුවේ මැණිකෙලා තමයි

හීත සුළං පොද දැනුනම තුරුළ   උණුහුමයි

තාමත් හිත රිදුම් දෙන්නෙ ඒ       හාද්දමයි


මීදුම් තිර කඩා වැසෙන කදුත්              දුක්බරයි

නිම්න සානු මිටියාවත් හරි              හැගුම්බරයි

පැතුම් පොකුරු පිරෙන හිදෙන මසිත චංචලයි

හිනා පිරුණු ඔබ දකින්න ගතම        කලබලයි


අනුරුද්ධ වැලිගමගේ 

2026 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/poem/27323/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.