මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, September 30, 2018

කිසි දිනෙක බොරු නොකී මිනිහා, මිදුලේ සිටවූ වීදුරු තහඩුව, ඉංග්‍රීසි ජාතිකයෙක් , අයිරිෂ් ජාතිකයෙක් සහ ස්කොට් ජාතිකයෙක්- නිලූක කදුරුගමුව.....රේඩියෝ කෙටිකතාව .......

Portrait of Maasai man taken in Masai village near Amboseli ...

එකෝමත් එක කාලෙක මමාද් කියලා බොහොම නුවණක්කාර මිනිහෙක් වාසය කළා. ඔහු කිසි දවසක බොරුවක් කිව්වේ නෑ. මුළු රටේම හිටිය මිනිස්සු, වෙන එකක් තියා දවස් විස්සක ගමනකින් පස්සෙ ළඟා වෙන්න ඕනෑ ප්‍රදේශවල හිටිය මිනිස්සු පවා ඔහු ගැන දැනගෙන හිටියා.

ඔහොම ගිහින් රටේ රජ්ජුරුවන්ටත් ආරංචි වුණා මමාද් ගැන. රජ්ජුරුවෝ තමන්ගේ හේවායන්ට අණ කළා ගිහින් මමාද් මාලිගාවට අරන් එන්න කියලා. එහෙම ගෙනාවට පස්සේ රජ්ජුරුවෝ ඔහුගෙන් මෙහෙම ඇහුවා:

“මමාද්, උඹ කවදාවත් බොරු කියලා නෑ කියන එක ඇත්තක්ද ?”

“ඒක ඇත්තක්, දේවයන්වහන්ස ” කියලා මමාද් උත්තර දුන්නා.

“ජීවිතේ මින් ඉදිරියටත් උඹ බොරුවක් කියන්නේ නැද්ද?” රජ්ජුරුවෝ ඇහුවා.

“මට ඒක විස්වාසයි දේවයන්වහන්ස” කියලා මමාද් උත්තර දුන්නා.

“බොහොම හොඳයි. ඇත්ත කියාපන්. හැබැයි ප්‍රවේසම් වෙයන් ! මොකද බොරුව කියන්නේ බොහෝම කපටි දෙයක්. ඒක ඉතාම ලේසියෙන් උඹේ දිවට ඇතුළු වෙයි” කියලා රජ්ජුරු‍වෝ කිවුවා.

දවස් කිහිපයක් ගතවුණා. රජ්ජුරුවෝ ආයෙමත් මමාද්ට එන්න කියලා පණිවිඩයක් යැවුවා. මමාද එනකොට එතැන මහ විශාල ජනකායක් රැස්වෙලා හිටියා. රජ්ජුරුවෝ දඩ කෙළියේ යන්නයි සූදානම. අශ්වයාගේ කේසරවලින් අල්ලාගෙන වම් කකුල සෑදලයේ කකුල තියන පටියේ තබා ගෙන රජ්ජුරුවෝ හිටියා. 

රජ්ජුරුවෝ මමාද්ට මෙහෙම අණ කළා:

“මගේ ගිම්හාන මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට කියාපන් මම ඇයත් එක්ක දවල් කෑම ගන්න එහාට එනවා කියලා. විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න කියලා ඇයට කියාපන්. ඊට පස්සේ උඹ මාත් එක්ක දවල් කෑම ගන්නවා.”

මමාද් හිස පහත් කරලා නැවිලා බිසවුන්නාන්සෙට පණිවිඩය කියන්න ගියා. එතකොට රජ්ජුරුවෝ හිනා වෙලා මෙහෙම කිවුවා: “ අපි දැන් දඩ කෙළියේ යන්නේ නෑ. එතකොට මමාද් බිසවුන්නාන්සෙට කියන දේ බොරුවක් වෙනවා. අපට හෙට මේක අල්ලාගෙන මිනිහට හිනා වුණෑකි.”

ඒත් නුවණක්කාර මමාද් මාලිගාවට ගිහින් බිසවුන්නාන්සෙට මෙහෙම කිවුවා:

“සමහරවිට ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕනෑ. එහෙම නැත්තම් ඔබතුමිය හෙට දවල් කෑමට විශාල භෝජන සංග්‍රහයක් ලෑස්ති කරන්න ඕන නෑ. සමහර විට රජ්ජුරුවෝ අද දවල් වෙනකොට මෙහාට එයි. එහෙම නැත්නම් සමහරවිට මෙහාට එන එකක් නෑ.”

“රජ්ජුරුවෝ එනවාද නැද්ද කියලා විතරක් කියාපන් ” කියලා බිසවුන්නාන්සෙ කිවුවා.

“මං ආවට පස්සේ රජ්ජුරුවෝ සෑදල පටියේ තමන්ගේ දකුණු කකුල තිබ්බද එහෙම නැත්තම් තමන්ගෙ වම් කකුල තිබ්බද කියලා කියන්න මං දන්නේ නෑ.”


Masai Marakenyamay 14portrait On African Man Stock Photo (Edit Now ...




මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...


2017 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ හොදම පරිවර්තන කෘතිය ලෙස සම්මාන ලැබූ මුහුද යට දිවයින සහ 2018 රත් වරලැති  ලිය පරිවර්තනය කල නිලූක කදුරුගමුව කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලිය වෙනුවෙන් කල පරිවර්තන 3ක්

Image result for muhuda yata divaina book cover



කිසි දිනෙක බොරු නොකී මිනිහා - ටි එස් එලියට්




මිදුලේ සිටවූ වීදුරු තහඩුව - ජේම්ස් තර්බර්




ඉංග්‍රීසි ජාතිකයෙක් , අයිරිෂ් ජාතිකයෙක් සහ ස්කොට් ජාතිකයෙක් - නික් හැරිස්




ඔහුගේ ඇගයුමට සුබ පතන අතරේම නිලුකගේ තවත් පරිවර්තන දක්ෂතා අහන්න ..

* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

සම්පුර්ණ කතා එකතුව සදහා පරිවර්තන බ්ලොග් අඩවියට යන්න .

http://nilukakadurugamuwa.blogspot.com/




විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radio

http://sawana.ca/

Monday, September 24, 2018

ඔබාමාගෙන් ට්‍රුම්ෆ්ට මාරුවූ ධවල මන්දිරයෙන් පෙන් ගුහාවට ......බසයක නැගී ඇමෙරිකානු මහ නගර බලා ... 2 වන කොටස.........


Image result for washington dcImage result for washington dc



පසුගියදා  පැවති ඇමෙරිකානු  ජනාධිපතිවරණය  නිසා  ලෝකයේම  අවධානය  වොෂින්ටන්  නුවරටත් විශේෂයෙන්ම  ධවල  මන්දිරය වෙතත්  යොමුවුණා .පහුගිය මාසයේදී  අපි  ඔබට  පොරොන්දු  වුනේ ඇමෙරිකාවේ  අගනුවර  වෙත  මේ මාසයේදී  කැදවාගෙන  යන  බවයි .

Image result for obama & trumpImage result for white house


අපේ  බස් චාරිකාවේ තෙවන  දිනයේදී  අප  නැවතී  සිටි නිව්  ජර්සි ප්රාන්තයේ  හෝටලයෙන් වොෂින්ටන්  වෙත  එන  ගමනට  පැය 2 පමණ  කලක් ගත  වුනා . සංචාරක බසයේදී  මග  පෙන්වන්නා දවසේ  ආවරණය කරන ස්ථානවල විස්තර  ඇතුලත් වාර්තා චිත්රපට  පෙන්වීමත් , විස්තර  කීමත් නිසා ගමනට  පෙර  විස්තර  සොයා  නොබලන  කෙනෙකුට  වුවත් ලබාදෙන කෙටි  කාලය  කළමනාකරණය  කර  ගැනීම අසීරු  වන්නේ නැහැ . ධවල  මන්දිරයට  වන  අනපේක්ෂිත  ප්රහාරයක් පිළිබද චිත්රපටයකට නෙතු  යොමා සිටි  අප  එය අවසන්  වූ  සැනින් බස්වනු  ලැබුවේ අසලින්ම  . එනිසා  බසය  ධාවනයට ගතවූ  කාලය අපට  දැනුනේම  නැහැ . බසයේ  අන්තර්ජාල  පහසුකම්  ඇති  බැවින් අවශ්  විස්තර ඉන්  සොයා  ගන්නත්, දරුවන්ගේ  "තව  කොච්චර  දුරද"  යන  සම්ප්රදායික ප්රශ්නයට සිත්  රිදවා ගන්නට  වන්නේත්  නැහැ .






ධවල  මන්දිරය( White House)


වොෂින්ටන්  නුවර , පෙන්සිල්වනියා වීදියේ අංක  1600 දරන තැන  පිහිටි නිවස 1800 දී නිර්මාණය  වුනේ ජේම්ස් හෝබන් නම් ගෘහ නිර්මාණ ශිල්පියා ගේ  සැලසුමකට අනුව . සුදු පැහැයෙන් වර්ණ  ගන්වා තිබුණු එය  ජෝන්  ඇඩම්ස් ජනාධිපතිවරයාගේ පටන් අද  දක්වා  ඇමෙරිකානු  ජනපතිවරුන්ගේ නිල  නිවස වූ  ලෝක  දේශපාලනයේ  ප්රබල  සලකුණක් . 9/11 ත්රස්තවාදී  ප්රහාරයෙන් පසු ධවල මන්දිරය අධි ආරක්ෂිත කලාපයක් බවට පත් කර ඇති නිසා ඔබට එය දකින්නට  හැක්කේ  තරමක  දුරින් සිටයි .




ඒබ්රහම් ලින්කන් සමරු ගොඩනැගිල්ල (Lincoln Memorial)

ධවල  මන්දිරය  ආසන්නයේම  පිහිටි  මේ ජාතික සමරුව  1914-1922 කාලයේදී නිර්මාණය  කර තිබෙනවා . ග්රීක ගෘහ නිර්මාණ ශිල්පය  අනුව  මෙය නිර්මාණය කර ඇත්තේ  හෙන්රි බේකන් විසින්. ලින්කන් සමරු ප්රතිමාවේ  නිමැවුම්කරු වන්නේ  නිඑල් ෆ්රෙන්ච් . අඩි 18 ක් උස මේ  කිරිගරුඩ ප්රතිමාව  ටොන් 175 ක් බරයි.
අද්දරම  පිහිටි කොරියානු සහ  ජපන් යුද්ධ වලදී මියගිය විරුවන් සිහිකරන ස්මාරක බලන්නටද අපට  ඉඩ වෙන්කර  තිබුණා .

Image result for korean war memorial washington dc

wwii.jpg

ස්මිත්සොනියන් කෞතුකාගාරය ( Smithsonian National Museum of Natural History)





ලෝකයේ තෙවැනි  ජනප්රිය කෞතුකාගාරය වන මෙය දවසක්ම ගත කරන්නට තරම් වටිනා තැනක්. පැය 2 කදී මෙය ආවරණය තරමක දුෂ්කර කටයුත්තක් වුණා . ඉන්දියාවෙන් හමුවූ ලොව ජනප්රියම දියමන්තිය වන හෝප් දියමන්තිය ( Hope Diamond) ඇත්තේත් මෙහියි . පැරිසියේ ලුවර් කෞතුකාගාරයේ මොනාලිසා චිත්රය මෙන්ම මෙයද මීට  පෙර  සොරාගෙන ගොස් ඇති නිසා එයට දැඩි  රැකවල් යොදා තිබුනා .


මැඩම් ටුසාඩ් ඉටි රූ කෞතුකාගාරය ( Madam Tusad Wax Museum)

ලොව ප්රකට චරිතයක් හමු වීම පහසු කාර්යයක් වන්නේ  නැහැ . එතකොට මියගිය වීර චරිත . මේරි ටුසාඩ් නියම පරිමාණයන්   ඉටි රූ නිර්මාණය කල දක්ෂ ප්රංශ ජාතික  කතක් . 1835 දී  ලන්ඩන් නුවර බේකර් වීදියේ  ඇය ඇරබු ඉටි නිර්මාණ ප්රදර්ශනාගාරය ලොව අතිශයින් ජනප්රිය වුණා . දැන් ලොව පුරා විවිධ නගරවල එහි  ශාඛා පිහිටුවා තිබෙනවා . වොෂින්ටන් සංචාරයේදී අපට මැඩම් ටුසාඩ් කෞතුකාගාරයේ සරන්නට පැය දෙකක් ලැබුනා . විවිධ ඉරියව්වලින් ඇත්තටම ඔවුන් ඉන්නවා  වැනි හැගීමක් දැනෙන එය දවසක් ගතකරන්නට හැකි තැනක්. ඇති  පදම් සේයාරූ ගන්නටත් ඔවුන් අනුකරණය කරන්නටත් බාල මහළු සියල්ලන් පොරකකා සිටිනු මෙහිදී දකින්නට ලැබුණා .  

Image result for tour buses insideImage result for tour buses


බස්  ගමනේ  අවාසියක්  ලෙස  මා දකින්නේ      තැන්වල ගත  කරන්නට ලබා දෙන  වෙලාවේ මද කමයි . එහෙත්  මෙතරම් ස්ථාන  රැසක් ආවරණය කරන්නට  නම් සංචාරක  බසයකින්  යාම හැර වෙන විකල්පයක් නැහැ . පළපුරුද්ද , දක්ෂතා මත අදාල ස්ථානය ඉදිරිපිටම නැවත්වීම, කලින් ප්රවේශ පත් ගෙන ඇති නිසා පෝලිම්  රහිතව  විශේෂ දොරටුවලින් ඇතුල්වීමට හැකිවීම  අප ගමන් වලදී විනාස කරන කාලය ඉතිරි කර  දෙනවා . අපේ රාත්රී නවාතැනට යන  මග  වැටි තිබුනේ  මනරම් කදුකර පෙදෙසක් මැදින්.කවුළුවෙන් අප  දුටු දසුන් නෙත් සිත්  වශීකරවන සුළුයි . බස්  ගමනේ  අවාසිය  වුනේ අපට  වුවමනා හැටියට  නැවතී  රස විදින්නට  නොහැකි වීමයි . එහෙත්  සුක්කානමෙන් මිදී  උස් තැනක සිටි නිසා බොහෝ දසුන්  කැමරාවන්ට හසු කර ගන්නට දෑත නිදහස්  වීම  පාඩුව මකා දැමූ බව කිවයුතුයි .

අවසන් දිනයේ ,  අප ගමන් ගත් පෙන්සිල්වනියාවේ , පෙන්  ගුහාව  පිහිටියේ පිටිසරබද  පලාතක . එම  ප්රදේශයේ  ජීවත්  වුනේ ආමිෂ් ( Amish) ජන   ප්රජාවක් . යුරෝපයෙන් ඇමෙරිකාවට සංක්රමණය  වුවත් ඔවුන් පරිසරය සමග  කිට්ටුවෙන් බැදී  සිටිනවා . රථ  වාහන වෙනුවට  තවමත්  ඔවුන්  පාවිච්චි  කරන්නේ  අශ්ව  රථ . ට්රැක්ටර්  වෙනුවට  අශ්වයින් . රෙදි සෝදා  වේලා ගන්නට  අප  මෙන් යන්ත්  භාවිත කරන්නේ  නැහැ . අතින් සෝදා  වැල්වල  රෙදි එල්ලනවා .






පෙන් ගුහාව ( Penn’s Cave)
මෙය පෞද්ගලික  දේපලක්  බැවින්  පොදු  ඇමෙරිකානු රාජ් උද්යාන  වලට  වඩා වෙනස් . දැනටත්  මේ  පරිශ්රයේ  ක්රියාත්මක  වන  ගොවිපොළක්  තිබෙනවා . අඩි 1300 දිග  පෙන්  ගුහාවට  යා යුත්තේ බෝට්ටුවක  නැගී . මග  පෙන්වන්නෙකු  සිටි දෙපසට  ආසන සැකසු  බෝට්ටුව  යන  අදුරු  ගුහාව  ආලෝකමත්  කර  තිබෙනවා . වසර  දහස් ගණනක්  තිස්සේ මැවුණු විවිධ  රටා ඔබට අහසේ  තරු  රටා මෙන්  ඔබට  විවිධ  මනෝ  රුප  මවා ගත  හැකි ලෙස පිහිටා තිබෙනවා .




ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ * අන්තර්ජාලයෙන්






කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 අප්‍රේල්   කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට



http://dasatha.com/


Image result for dasatha