මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 31, 2022

ලක්සෙට කොඩිය දැම්මට පස්සේ ......



2022 දෙසැම්බර් 14 වැනිදා අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ පිටු කියැවීම් ගණන 100,000 ( ලක්ෂය ) පසුකරා. ගණනින් නොව ගුණයෙන් යන්න මම තරයේ අදහන දෙයක් වුණත් ඒ දිරිය සිංහල බ්ලොග් කරුවෙක් විදිහට මට තව ඉදිරි ගමනකට පාර කියනවා. 


 බ්ලොග් එකක් ලියන්න හිතුණු හැටි.

සිංහල බ්ලොග් එකක් ලියන්න මට හිතුනෙ අහම්බෙන්. 2017 නොවැම්බර් මාසෙ සවන අන්තර්ජාල රේඩියෝව පටන් ගන්න සුදානම් වෙනකොට ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන් මට වැඩසටහනක් කරන්න ආරාධනා කලා. මගේ අදහස වුනේ රේඩියෝ කෙටිකථා මාලාවක් කරන්න. සිංහල පොත් නැති, සිංහල පත්තර නැති මේ රටේදී වැඩේට කෙටිකථා හොයන එක ලේසි වුනේ නැහැ. බූන්දි වලින් කථා කීපයක් තෝරාගත්තා. නිර්මාණ ශිල්පීන්ගෙන් අවසරය ගත්තා. එහෙම කියවද්දී බස්සීගේ නවාතැන වගේම පරිවර්තන කියන බ්ලොග් අඩවි මගේ ඇස ගැටුණා. ඔවුන්ගේ දිගු හරහා තවත් සිංහල බ්ලොග් අඩවි වලට පිවිසුනු මට බොහෝ සටහන් කියවන්නට ලැබුනා . ඉන් මගේ හිතගත් කථා රේඩියෝ මාධ්‍යයට භාවිතා කිරීමට අවසර ඉල්ලා විද්යුත් තැපෑලෙන් යැවූ අවසරයන්ගෙන් ඔවුන්ගේ කථා භාවිතයට අවසර ලැබුනේ බස්සිගේ නවාතැන, තිලක සිත, හැලප කඩේ , පරිවර්තන, මගේ ලෝකය , කට්ටකාඩුව, සිරා ගේ කාමරේ , සොදුරු සිත , Tansylvania, Hot chocolate days  කියන බ්ලොග් අඩවිවලින් . 

මේ දිගුවෙන් දින නැති දිනපොත රේඩියෝ කෙටිකථා වැඩසටහන් 50 ගැන දැන ගන්න පුළුවන්. http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_94.html

හැබැයි ඒ කියැවීම් හරහා මටත් බ්ලොග් එකක් ලියන්න ආසාව ඇතිවුණා. යූ ටියුබ් එකෙන් බලලා, අන්තර්ජාලයෙන් විස්තර කියවලා බ්ලොග් එකක් අටවගෙන හා හා පුරා කියල මුලින්ම සටහනක් ලිව්වෙ 2018 ජුනි 2 වැනිදා. ඊට පස්සෙ බ්ලොග් එක නිර්මාණාත්මක වගේම සංවිධානාත්මක විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියල ඉගෙන ගනිමින් මේ වෙනකොට සටහන් 286 ක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා.    

අහස් ගව්වෙන් එහා ලෝකය අන්තර්ගතය ....

දේශපාලන, ආගමික වගේම දෙපැත්ත කැපෙන කථා වලින් තොර මගේ සටහන් ඇතුලෙ කවි, ගීත , ළමා ගීත, රේඩියෝ වැඩසටහන් , රූපවාහිනී වැඩසටහන්, චාරිකා සටහන්, කැනඩාවේ විවිධ තොරතුරු,මා රසවිදි චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් ,  සිතුවිලි වගේම විවිධ තේමාවන් යටතේ ලියැවුණු මගේම සටහන් තියෙනවා. ඒ හින්ද අහස ගව්වෙන් එහා ලෝකය හුදෙක් බ්ලොග් සටහනකට එහා ගිය මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය,දෘශ්‍ය මාධ්‍යය එකට කැටිකල වින්දන අවකාශයක් විදිහට හදුන්වන්නයි මම කැමති.  

ලන්ඩන් කවි සඟරාවට මා ලියූ කවි ඇතුළුව නිදහසේ මා ලියූ කවි රැසක් මේ පිටු අතරේ තියෙනවා. මේ වනවිට ශ්‍රව්‍ය මාධ්‍යයෙන් නිෂ්පාදනය වූ යූ ටියුබ් අවකාශයේ තිබෙන මා ලියූ ගීත කිහිපයක් වගේම 1990-1993 කාලයේදී පාසැල් සිසුවෙකුව ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වලට ලියූ ළමා ගී කිහිපයකුත් මේ පිටු අතරෙ තියෙනවා. 

සිංහල බ්ලොග් රචකයින් කිහිප දෙනෙකුගේ කථා ඇතුලත් "දින නැති දිනපොත" රේඩියෝ කෙටිකථා 50 හේ කථා කොටස් සහ යූ ටියුබ් දිගු මේ අතර තියෙනවා. සිසිල  සඟරාවේ සහ දසත පුවත්පතේ පලවූ මගේ කෙටිකථා කිහිපයක්, යාත්‍රා පුවත්පත වෙනුවෙන් ලියැවුණු කැනඩා උරුම ලිපි වගේම කැනඩාවේ, ඇමෙරිකාවේ, යුරෝපයේ රටවල් කිහිපයක විවිධ ප්‍රදේශවල මා කල සංචාර ඇසුරින් දසත පුවත්පතට ලියන සංචාරයක මතකය ලිපි මාලාවේ ලිපි බ්ලොග් ගත කර තිබෙන්නේ ඔබටත් ඉඩක් ලැබුණොත් ඒ තැන් බලන්න යන්නයි.   

රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් කවිය ගැන කරන අමයුරු කවි රස , ගීත රචනා ගැන කරන නොමැකෙන ගී රස , පොත් ගැන කථා කරන පොත් පිටු අතරින්, කැනඩාවේ චාරිකා ගැන කථා කරන ගමනක මතකය වගේම විවිධ වාර්තා වැඩසටහන් සදහා දිගු අහස් ගව්වෙන් එහා ලෝකයේදී හොයාගන්න පුළුවන්.   

 ස්තුතියි ....

මගේ සටහන් කියැවූ ඔබට , ප්‍රතිචාර ලියූ සැමට , තමන්ගේ බ්ලොග් අඩවිවලට මගේ බ්ලොග් දිගුව අමුණා සහය දැක්වූ සැමට , මාතලන්ගේ සින්ඩිය, අටම්පහිය , විගස, සඳකඩ පහන, සිතුවිලි සිත්තම, රටගිය ඇත්තෝ බ්ලොග් සින්ඩිකේටර් මෙහෙයවන නිර්මාණ ශිල්පීන්ට , අහස් ගව්වෙන් එහා ලෝකය මුහුණු පොතේ සාමාජිකයින්ට , අඩයාලම මුහුණු පොතේ ඇඩ්මින් වරයාට, මගේ නිර්මාණ ජනගත කරන්නට වේදිකාවන් තනා දෙන ලන්ඩන් කවියේ සංස්කාරක අනුර හෑගොඩ, දසත සංස්කාරිකා චමරි අබේසිංහ, සිසිල සංස්කාරක රසික සුරියආරච්චි, රූපණ අන්තර්ජාල රූපවාහිනියේ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා, සවන ගුවන් විදුලියේ නියමු වසන්ත ලංකාතිලක යන අයට මගේ අවංක ආදර ස්තුතිය හිමිවෙනවා .    

2023 දී ...

  • තවත් වෙනස් කවි රැසක් 
  • යුරෝපයේ සහ කැනඩාවේ තවත් චාරිකා සටහන් 
  • රේඩියෝ කවි පැය , සවන කවි මිණි ආර යූ ටියුබ් දිගු 
  • වෙනස් තේමාවන්ගෙන් යුත් රූපවාහිනී වැඩසටහන් රැසක් 

එක්ක හැම සෙනසුරාදාවකම වෙනස් දෙයක් අරගෙන එන්නම් .

කියවන ඔබටත් , සියළු සිංහල බ්ලොග් රචක රචිකාවින්ටත් නිරෝගීමත්, වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා.   

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.







මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්මාණ  එළිය කරාවි.

Saturday, December 24, 2022

හිරිහැරයක් නෑ වෙන්නේ , සමණලුනේ නොම යන්නේ









පාට ගොඩක් ගෑවෙන්නේ 

දේදුන්නේලු රෑ ඉන්නේ 

මල් නොතලා පැණි බීවේ 

කොහෙ ඉදලද ඔබ ආවේ 


සිනිදු සේලයෙන් මහලා 

කවුරුද ඇදුමක් දුන්නේ 

පාට පාට මල් ඉහිරුණු 

ඇදුමයි සිරියක් දෙන්නේ 


හිමිදිරියෙම ඔබ එන්නේ 

හිරුත් සමග යලි යන්නේ 

සමණල කන්දට ගිහිල්ලා 

සිරිපා වැදගෙනද එන්නෙ 


ආස නිසයි මේ ආවේ 

ඇයි ඔබ පියබා  යන්නේ 

හිරිහැරයක් නෑ වෙන්නේ 

සමණලුනේ නොම යන්නේ 


අනුරුද්ධ වැලිගමගේ  


 1993 ජුලි 09 දින ජාතික රූපවාහිනියේ  උදාර වැඩසටහනින් විකාශය විය .

දෘශ්‍ය පිටපත් හෝ දායකත්වය දැක්වූ නිර්මාණ ශිල්පීන් පිළිබද  පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, December 17, 2022

රූපණ පියසටහන් , සය වසක සාඩම්බර ගමන් මගේ මතක ......

 

2016 පටන්ගත් කැනඩාවේ රූපණ අන්තර්  ජාල රූපවාහිනියට මේ වනවිට අවුරුදු 6 ක්. එකම එක සෙනසුරාදාවක් හැර අනෙක් සෑම සෙනසුරාදාවකම අළුත් වැඩසටහනක් ලෙසින් රූපණ කණ්ඩායම එකිනෙකට වෙනස් වැඩසටහන් 325 ක් මේ වනවිට වෙබ් අවකාශයට මුදා හැර තිබෙනවා.

මේ වනවිට ක්‍රියාත්මක වැඩසටහන් 

         අපේ පුදබිම් - ආගමික ස්ථාන ගැන කෙරෙන වැඩසටහන 

         පැංචන්ගේ සාදය - කුඩා දරුවන් වෙනුවෙන් වෙන්වුනු අඩ පැය 

         කාන්තා හමුව - කාන්තා ඔබ වෙනුවෙන්ම වෙන්වුණු රූපණ සාර සංග්‍රහය 

         නොමැකෙන ගී රස - ගී පද රචකයින්ගේ නිර් මාණ රස බෙදා ගන්නා අඩ පැය 

         අමයුරු කවි රස - කවියේ විවිධ ඉසව් සොයා යන රූපණ වෑයම 

         Youth Inspirations with Vehara - නව රැල්ල සොයා යන යොවුන් පරපුරේ කතිකාවත 

         රූපණ ව්‍යාපාරික හමුව - අපේ ව්‍යාපාරික ප්‍රජාවගේ අභිමානය 

         ගමනක මතකය - කැනඩාවේ විවිධ ඉසව් කරා ඔබව ගෙනයන සංචාරය 

         රූපණ ලෝකෙ වටේ - සංචාරය කරමින් ලෝකයේ විවිධ තැන් බලමු 

         පොත් පිටු අතරින් - කැනඩාවේ ලේඛක ප්‍රජාවගේ පොත් ගැන විමසුමක් 

         සිරිලක මිණි කැට - zoom තාක්ෂණය ඇසුරින් ලංකාවේ දක්ෂ නිර් මාණ ශිල්පීන්           හමුවෙමු.

         සුමියුරු ගී නද - කැනඩාවේ ඉන්නා ගායන හැකියාවෙන් පිරිපුන් ඔබේ නිර් මාණ වලට   ඉඩක්  

  යලි මතකයට නැංවෙන අපේ පැරණි වැඩසටහන් 

         ලබැදි - ගීතයේ චමත්කාරය සොයා යන මියැසි අලංකාරය 

         රූපණ ශනිදා සාදය - ජනප්‍රිය ගීතයේ රස පහස සොයා යන විරාමය 

         සදැල්ල - කැනඩාවට පැමිණි විවිධ වෘත්තිකයින්ගේ අත්දැකීම් 

         මොනවද මන්දා - කෙටි නාට්‍ය එකතුවක් 

        ජයේ මාමාගෙන් අහන්න - යොවුන් දරු පිරිසක් සහ වැඩිහිටියෙක් ඇසුරින් ජීවිත අත්දැකීම්  සොයන කෙටි නාට්‍ය 

              

තවමත් වසංගත අවදානම සම්පුර් ණයෙන්ම පහව ගොස් නැති නිසා මේ වෙනුවෙන් මේ වනවිට රූපණ නිර් මාණ කාර්  යයට සක්‍රීයව සම්බන්ධ වන සම්පත් දායකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් සය වසක ගමන් මගේ මතක සිහිපත් කල " රූපණ පියසටහන් "  ඔෂවා නගරයේ පිහිටි රූපණ මැදිරියේදී පැවැත්වුණේ 2022 දෙසැම්බර් මස 10 වන සෙනසුරාදා. 

ඊට සමගාමීව කෙරුණු පැයක සජීවී මුහුණු පොත් විකාශයේ සංස්කරණය කල වැඩසටහන ඔබට මේ දිගුව ඔස්සේ බලන්නට පුළුවන්.


https://rupane.com/2022/12/17/rupane-episode-326-december-17-2022/

ඉදිරිපත් කිරීම -     කල්ප සමරතුංග 

                           සම්පත් පෙත්තාවඩු

                           මංජුලා වික්‍රමරත්න

                           සංජීව අබේරත්න 

                           අනුරුද්ධ වැලිගමගේ

                           සුනිමල් බාලසුරිය

                           මල්මි  ආරියරත්න

                           සෙනුල් ආරියරත්න

කැමරාකරණය - ගොයුම් එරංග හිදෙල්ලආරච්චි

                            සුෂාන්ත   විජේසූරිය

                            නලින්ද වික්‍රමරත්න

පාලක මැදිරිය - වීරා ෆොන්සේකා

සංස්කරණය - පුබුදු වනිගසේකර 

නිර් මාණ අධ්‍යක්ෂණය - අනුරුද්ධ වැලිගමගේ

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ලආරච්චි

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා


රූපණ මතක සටහන් සිහිපත් කෙරෙන අතරවාරයේ පහතින් දැක්වෙන ගීත 4 ත් , රංගනයත් , වැඩිහිටියන් එදා ගැයූ රූපණ තේමා ගීතය පුංචි දුවලා පුතාලා ගයන අයුරු බලන්නත් පුළුවන්.

ගීත ගායනා - මංජුලා වික්‍රමරත්න, සම්පත් පෙත්තාවඩු

සංජීව අබේරත්න, චමින්ද මාරසිංහ සහ වරුණි මාරසිංහ

රංගනය - සෙනුති විජේසුරිය සහ සවිදු විජේසුරිය 
නර් තන වින්‍යාසය - කෙත්රූ  නර් තන කණ්ඩායම 



ඉදිරියේදී රූපණ වැඩසටහන් සදහා සහභාගී වීමට කැමති බාල,තරුණ,මහළු සැමට  රූපණ වෙබ් අඩවියෙන් , රූපණ මුහුණු පොතින් තොරතුරු විමසන්නට පුළුවන්.

https://rupane.com/general-inquiries/ , https://www.facebook.com/roopane

සේයාරූ - මංජුලා වික්‍රමරත්න

ගොයුම් එරංග හිදෙල්ලආරච්චි

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.

Saturday, December 10, 2022

බෙල්ජියමේ Bruges වීදි දිගේ.....

 


නෙදර්ලන්තයෙන් උදෙන්ම පිටත්වුණු අපි දැන් ඇවිත් ඉන්නෙ බෙල්ජියමේ Bruges නුවරට. අපිට මේ නගරය බලන්න වරුවක කාලයක් තිබෙනවා. ඊට පස්සෙ ප්රංශයේ Calais වල ඉදන් ඩෝවර් වරාය දක්වා වාහන ගෙනයන විශාල පාරුවෙන් ඉංග්රීසි ඕඩය තරණය කරන්නයි අපේ බලාපොරොත්තුව.

Bruges නගරය හරිම ලස්සන එකක්. වාහන නැවතුමෙන් කුඩා උද්යානයක් හරහා අපේ සංචාරක නියාමකවරයා අපට නගර චතුරශ්රය වෙත කැදවාගෙන ගියා.පැරණි මාදිලියේ පල්ලියක් ගාව තිබුණු පාලමෙන් එගොඩ වෙලා පැරණි වීදියක් දිගේ පැරණි ගොඩනැගිලි පහුකරගෙන අපි ඉදිරියට යනවා. එතැන තියෙන ඇල මාර්ගය හරහා පැරණි පන්නයේ බෝට්ටු, නවීන තාක්ෂණික අංග වලින් යුතු බෝට්ටුවල නැගිලා සංචාරකයින් එහේ මෙහේ යනවා. මේ ඉසව්වට කියන්නේ පුංචි වැනීසිය කියලයි. අපට තිබුණු කාල වෙලාව සීමිත හින්දත්, මේ ගමනෙදි ඇති තරම් බෝට්ටු සංචාර ගිය ගින්දත් අපි තීරණය කලේ නගර චතුරශ්රයට යන්න

         පටු පාරවල ගල් අතුරලා පැරණි පන්නයේ කඩවල සංචාරකයින් වෙනුවෙන් විවිධ වර්ගයේ සිහිවටන විකුණනවා. බෙල්ජියම රසකැවිලි වලට විශේෂයෙන්ම Candy වලට ප්රසිද්ධයි. ලංකාවේ බුල්ටෝ සිහියට නගාගෙන කොකාකෝලා යොදා තනා තිබුණු ටොෆි පාර්සලයක් ගත්තා. නගර චතුරශ්රයේ විවිධ  හැඩයේ ගොඩනැගිලි බෙල්ජියමේ ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස කියාපානවා. සංචාරකයින් විවිධ තැන්වල විවිධ කෝණවලින් ෆොටෝ ගන්නවා. අළුත් පරම්පරාව නම් වැඩි වැඩියෙන් සෙල්ෆි ගහනවා.සංචාරය සම්පුර්ණ කරන්න බෙල්ජියමේ කෑම ගැන අවබෝධයක් ගන්න අපි කෑමට ගත්තෙ Belgian Waffles සහ Fries .එක් තද ශීත කාලයක මාළු හිග වුණාම අලපෙති දිග අතට කපා ලෝකයට මුලින්ම French Fries හදුන්වා දුන්නේ බෙල්ජියමේ ප්රංශ බස කථාකරන ප්රදේශයේ මිනිසුන් කියලයි කියන්නෙ.  

 








Church of our lady

    13 වන සියවසේ ඉදන් 15 වන සියවස දක්වා කාලවලදී විවිධ එකතුකිරීම් එක්ක ඉදිවුණු මේ පල්ලිය නගරයට එන කවුරුත් වගේ යන තැනක්. ගොතික් සම්ප්රදායට අනුව තැනුණු මේ පල්ලියේ කුළුණ අඩි 379 ක්. එය ලෝකයේ ගඩොලින් තැනුණු තෙවන විශාලතම කුළුනද වෙනවා

අපි ඉතාලි සංචාරයේදී ඔබව කැදවා ගෙන Siena Cathedral එක වෙනුවෙන් ප්රවීණ මුර්ති ශිල්පී මයිකල් ඇන්ජෙලෝ විසින් නිම කරන්නට අදහස් කරගෙන හිටි The Madonna and child  ප්රතිමාව 1504 දී බෙල්ජියන් ව්යාපාරිකයින් දෙපලක් විසින් මිලට අරගෙන මේ පල්ලියට ලබා දී තියෙන හින්ද ඔබට එහි අපූරුව බලන්නත් පුළුවන්.ඒත් එක්කම තවත් අගනා සිතුවම් රැසක්, වර්ණ ගැන්වුණු වීදුරු කැබලිවලින් ඔපවත් වුණු සුවිසල් ජනේල මේ පල්ලියේදී ඔබට දකින්නට පුළුවන්.  



Market Square

  වෙළද චතුරශ්රය නගරයට යන හැමෝම අමතක නොකරන තැනක්. බලධාරීන් එහි පැරණි බව විදිහටම අදත් ආරක්ෂා කරන්නෙ යුනෙස්කෝවේ පැරණි උරුම පරිශ්රයක් විදිහට නම් කරලා තියෙන හින්දයි. අපේ දසත ලිපි පෙලින් වගේ තැන් රැසකටම ඔබව කැදවාගෙන ගියා. හැම දවසකම උදේ 10.30 ටත්, 2 ටත් පිටත්වන Guided Tour එකට එකතුවෙලත් ඔබට මේ නගරය ගැන විස්තරාත්මක සංචාරයක මිහිර විදින්නත් පුළුවන් Neo Gothic සම්ප්රදායට අනුව තනා තිබෙන මේ චතුරශ්රයේ ගොඩනැගිලි 12 වන සියවසේ ඉදන් 18 වන සියවස තරම් කාලයේදී ඉදිකෙරුණු බවයි සදහන් වන්නෙ.









බෙල්ජියම වෙනස් විදිහේ විස්කෝතු වලටත් ප්රසිද්ධයි. අපි කඩවල් කිහිපයකටම ගිහින් විවිධ වර්ගයේ Belgian Cookies රහ බැලුවා. තැන්වල ඉදන් ෆොටෝ ගත්තා. චොකලට් වර්ග කිහිපයකත් රස බලන්න අමතක කලේ නැහැ.

ඔබට ඉඩක් ලැබුණොත් යා හැකි තවත් තැන් ....

·        Beer Museum




·     




   Chocolate Museum

·        Frietmuseum

·        Historium Bruges

අපේ බස්රථ සංචාරයේ මුළු දින ගණන 10ක් යුරෝපා නීති රීති වලට අනුව දින 2 කට පස්සෙ දවසක් රියැදුරු මහතා විවේක ගන්න ඕන. හින්ද අනුව අපට විවිධ රටවලදී අමතර විවේක ගන්න ඕන. හින්ද අනුව අපට විවිධ රටවලදී අමතර විවේක දින කිහිපයක් තිබුණා. ඔබට කැමති නම් මේ පරිශ් කුලියට ගත් රථයකින් තනිවම ගිහින් රසවිදින්න පුළුවන්. අපේ සංචාරය අවසන් වුනේ එංගලන්තයේ ග්රිනිච් නගරයෙන්. අපට ලැබුණු හෝටලයේම තවත් වැඩිපුර දවස් කිහිපයක් වැඩිපුර ගත කරලා අපි එංගලන්තයේ සංචාරක අත්දැකීම් ලැබුවා. ඔබ බෙල්ජියමේ සිට එන විට ඉංග්රීසි ඕඩය තරණය කරන්නට ප්රංශය සහ බ්රිතාන්යය  යා කරන Euro Tunnel හරහා දුම්රියෙන් යන්නත් පුළුවන්.

දේශාංශ 0 තියෙන ග්රිනිච් මධ් රේඛාවේදී ඊළග මාසයේ හමුවෙමු.   

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්  


  









විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.