මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 25, 2021

සිංහල බ්ලොග් ගැන කෙරෙන රූපණ විමසුම........

   

මා සිංහල බ්ලොග් රසිකයෙක් වූයේ බ්ලොග් කලාවේ ස්වර්ණමය 2014 වසරේදී විය යුතුය. විවිධ සිංහල බ්ලොග් අඩවි රැසක් තුල සැගවුණු වටිනා තොරතුරු තුලින් මා කල සංචාරය වෙනමම මගකට යොමුවුණේ 2016 දී   " අහස් ගව්වෙන්  එහා ලෝකය "   බ්ලොග් අඩවිය රචනා කරන්නට ගත් විටය. ආසාව සහ නිරන්තර කියවීම තුලින් යම් තරමකට සිංහලයෙන් ලියන්නට හැකියාවක් මා සතු වුවත් තාක්ෂණික සහ නිර්මාණාත්මක වශයෙන් බ්ලොග් අඩවිය තුල යම් කුසලතාවයක් දක්වන්නට මට කලක් ගතවිය.  

 මගේ සිංහල බ්ලොග් කියැවීමේ ආසාව වැඩිකරන්නට බ්ලොග් රැසක් එකට ඇමිණුම් කල පුවත්පත් වැනි බ්ලොග් සින්ඩිකේටර සේම එකිනෙකට වෙනස් තේමා, හැඩතල, ආකෘති රැගත් බ්ලොග් බෙදාගැනීම් ද හේතුවිය. ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා අතරේ ඉදහිටක විවිධ භාෂාවන් ඇසෙන මේ ශීත රටේදී සිංහලයෙන් හිතන මට දැනෙන පාඩුව මකා දැමුවේ රාජකාරියට ටොරොන්ටෝ නගරයට යන එන අතරේ දුම්රියේදී කියැවූ සිංහල බ්ලොග් රචනා බව කිව යුතුය.


ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක " සවන අන්තර්ජාල රේඩියෝව " පටන් ගන්නා විට හදුන්වා දුන් , ජීවන ගමනේ හිත නැවතුණු තැන්  " දින නැති දිනපොත "   රේඩියෝ කෙටිකතාව තුලට සිංහල බ්ලොග් සටහන් රැසක් එකතුවුණේ මගේ බ්ලොග් රසිකත්වය නිසයි.  2020 දී  කවි සිතක මතක සටහන් ගොනුවුණු "කවි මිණි ආර " කවි පැයට සිංහල බ්ලොග් රැසක තිබූ කවි ශ්‍රව්‍ය මාධ්‍යගත වුනේ මා තුල වූ බ්ලොග් රසිකත්වයයි.

සිංහල බ්ලොග් අඩවි රැසක රසවත් තොරතුරු ගබඩාවක් අන්තර් ජාල ගත වුවත් ඒවා නිසි ලෙස සිංහල බස භාවිතා කරන පිරිස අතරට නිසි ලෙස සන්නිවේදනය වේද ? යන්න මට ඇති ගැටළුවකි. රූපණ අනතර්ජාල රූපවාහිනියේ ඩිජිටල් ශ්‍රව්‍ය දෘශ්‍ය අවකාශය තුලට එක්වූ " සිංහල බ්ලොග්  ගැන කෙරෙන රූපණ විමසුම"  යම් කාර්යභාරයක් කරනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. 

 සිංහල බ්ලොග් අඩවි ගැන ප්‍රවීණ බ්ලොග් රචකයින් දෙදෙනෙකු සමග ගෙවෙන සොදුරු අඩහෝරාව  


https://rupane.com/vimeo-video/rupane-episode-263-september-25-2021/


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය - ප්‍රවීණ බ්ලොග් රචක අජිත් ධර්මකීර්ති ( කොළඹ ගමයා )

                                ප්‍රවීණ බ්ලොග් රචක තිලකසිරි ඒකනායක (තිලකසිත )

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි



සම්පත් දායකයින්ගේ සිංහල බ්ලොග් සදහා යොමුව 

ප්‍රවීණ බ්ලොග් රචක අජිත් ධර්මකීර්ති ( කොළඹ ගමයා )

https://kolambagamaya.blogspot.com/

ප්‍රවීණ බ්ලොග් රචක තිලකසිරි ඒකනායක (තිලකසිත )

http://thilakasitha.blogspot.com/

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

Saturday, September 18, 2021

හිතට ආඩම්බරයක් ගෙනෙන අපේ හෙළ බස ......අනුරුද්ධ වැලිගමගේ.......

 





සිංහල පන්තියට රැගෙන යන සෑම සෙනසුරාදා දිනෙකම ලංකාවේ උපන් , සිංහලයෙන් උසස් පෙළ දක්වා අධ්යාපනයක් ලැබූ අප වැනි දෙමාපියන් දෙවන පරම්පරාවට සිංහලය කාවද්දන්නට දරන උත්සාහය කැපී පෙනේ. ඉංග්රීසි හා ප්රංශ භාෂාවන් භාවිතයෙන් සිප්හලේදී අකුරු කරන දරුවන්ට සිංහලය කියා දීමට ජාත්යන්තර භාෂා පන්තිවල ගුරු භවතුන් දරන අපමණ වෙහෙස මහන්සිය පැසසුම් කටයුතුය. සිංහල පන්තියට දරුවන් රැගෙන ඒමෙන් පමණක්ම ඔවුන්ගේ සිංහල දැනුම වැඩිදියුණු නොවන බව බහුතරයක් අදහන නමුදු තම දූ දරුවන් සිංහලයෙන් කවියක් කියන විට, පත්තරයක සිරස්තලය කියවා ගැන විස්තර අසන විට , තතන තතනා හෝ සිංහලයෙන් යමක් කියන විට දැනෙන සතුට කියා නිම කල නොහැකිය

සංකර වූ හඩකින් මව්බිමෙහි ජනප්රිය මාධ් බස වනසන කල්හි මෙපුර පැවැත්වෙන ඇතැම් උත්සවයක මැනවින් බස හසුරුවන නිවේදකයින් දකින කල සිතට ආඩම්බරයක් දැනේ. එහෙත් මොඩ් කල සිංහලයෙන් උත්සව හසුරුවන්නන් දකින බහුතර උත්සව සිතට ගෙන එන්නේ ඔවුන් දෙවන පරම්පරාවට දෙන වැරදි ආදර්ශය කෙතරම් භයානකද යන අදහසයි. විවිධ වූ හේතු කාරණා කරුණු කොට මව්බිමෙන් පිටමංව සතර ඉරුතුවේ වෙනස්කම් දකිමින් මේ හීතල රටේ උදෑසන සිට රෑ වනතුරු දිවි සරි කරනට වෙහෙසවන සැමියා සහ බිරිද වෙත මසකට වරක් කියවන්නට ලැබෙන මුද්රිත ප්රකාශනයන්හි බස සුරැකීම සැබැවින්ම අගය කල යුතුය

මා මේ ලිපිය ලියන , ඔබ කියවා රස විදින සන්නිවේදන මාධ්යය සිංහල භාෂාවයි. කාලයත් සමග පරිණාමයට ලක්වෙමින් මිලියන ගණනක් මානවකයින්ට ජීවිතයේ හරය කියාදුන් ජීවනාලිය හෙළ බසයි. වරින් වර සිදුවූ විදේශ ආක්රමණයන් සමග පොර බදිමින් ශ්රී ලාංකේය දු දරුවන්ට දැනුම බෙදා දුන් සිංහල භාෂාව ලෝකයේ ඇති දහසකුත් එකක් භාෂාවන් අතුරින් සුළුතර ගණයෙහි ගැනෙන්නක් වුවද භාවිත කරන පිරිස සංඛ්යාත්මකව අඩු ගණනකින් යුක්ත වුවද ගුණාත්මක බවින් හා රසවත් බවින් එහි ඇති වටිනාකම අතිමහත්ය. වියත් පඩිවරුන් බොහෝ දෙනෙක් සිය දේශනවලදී සිහිපත් කරන ලද්දේ සිංහල භාෂාව කාව්යාත්මක බසක් ලෙසිනි.

සිංහල

ශ්රී ලංකාවේ රාජ් භාෂාව වන සිංහලය භාවිත කරන පිරිස සංඛ්යාත්මකව මිලියන 18 ක් පමණවේ. භාෂා වර්ගීකරණයට අනුව සිංහල භාෂාව ඉන්දු යුරෝපීය භාෂා පවුලේ ඉන්දු ආර්ය උප ගණයට අයත්ය. ප්රාග් අයිතිහාසික යුගයේ පටන් පැවත එන සිංහල භාෂාව විදේශ ආක්රමණයන්  හා යටත් විජිත පාලනයන් නිසාවෙන් ඉන්දියානු සහ පෘතුගීසි, ලන්දේසි , ඉංග්රීසි යන යුරෝපීය භාෂාවන් සමග සම්මිශ්රණය වීමෙන් වත්මනෙහි වහරන සිංහල භාෂාව දක්වා පරිණාමයට ලක්ව ඇත

සිංහල යන වදන සංස්කෘත භාෂාවෙන් පැවත එන්නකි. සිංහ වංශිකයන් වහරන හෙළ බස යන්න එහි අදහසයි. 5 වන සියවසේදී උතුරු ඉන්දියාවේ සිට පැමිණි වග මහාවංශයේ සදහන් වේ.

සිංහල සාහිත්යයට විශාල ආභාෂයක් ලැබී ඇත්තේ බෞද්ධ සාහිත්යයෙනි. දකුණු ඉන්දීය සොලී ආක්රමණ නිසා දමිළ භාෂාවෙන්ද යටත් විජිත සමයන්හිදී එම භාෂාවලින්ද සිංහල භාෂාවට බොහෝ වචන එකතුවී ඇත.

ලංකාවේ පලාත්බදව ව්යවහාර කරන ආකාරය විවිධ වුවද සිංහල භාෂාව ප්රවාහනය කරන ලිඛිත මාධ්යය සිංහල අක්ෂර මාලාවයි. මිශ් සිංහල හෝඩිය අකුරු 54 කින් සමන්විත වේ


පොදුවේ යම් භාෂාවක් වැදගත් වන්නේ යමෙකුගේ සිතෙහි පහලවූ අදහසක් තවෙකෙකු සමග හෝ පොදුවේ මහජනතාව අතරට සන්නිවේදනය කිරීම සදහාය. කථිකයෙකු සිය දේශනය තුලින්, රචකයෙකු සිය ප්රකාශන තුලින් පමණක් නොව නාට්, චිත්රපට හෝ ගීත රසවිදින ප්රේක්ෂක , ශ්රාවක පිරිසට තම අදහස ප්රේෂණය කරන්නේ භාෂාවයි.

අතින් ගත් විට සිංහල බස අනෙකුත් භාෂාවන්ට වඩා පොහොසත්ය. තනි වචන, උපමා, උපමේය ප්රස්තාව පිරුළු ආදියෙන් අනූනය. අර්ථ රසය, ශබ්ද රසය මෙන්ම හාස් රසය දනවන යෙදුම් රැසක් ගොනුකර ගැනීමට පොත්පත් කිහිපයක් පරිශීලනය ප්රමාණවත්ය. එකම වචනය හෝ පදවැල ඉදිරිපත් කරන ආකාරය අනුව වෙනස් තේරුම් ගෙන දීමට සමත්ය.


සිංහලය බුදු දහම සමග නිතැතින්ම බැදී පවතී. බුදු දහම නිසා පාලි හා සංස්කෘත වචනද සිංහලට එකතු වී තිබේ.පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවා ජීවිතය අවබෝධ කරගන්නටත් බෝධීන් වහන්සේ සෙවණේ බණ පොත් කියවන්නටත් පුරුදු වූ ගැමියෝ පන්සලේ හාමුදුරුවන්ගෙන් වැලිපීල්ලේ  අයනු ආයනු කීවේ ජීවිතය යහපත් කරගනු පිණිසය.   

කටපාඩමින් පැල් කවි, පාරු කවි, කරත්ත කවි කියමින් කාන්සිය පාළුව, දුරු කරගන්නටත් ගොයම් කවි , පතල් කවි කියමින් කාන්සිය මකා දමන්නටත් , සරල දිවි පෙවෙතකට හුරුව සිටි නූගත් ගැමියන්ට උදව් වූයේ සිංහල භාෂාවයි.

ගමේ නැකත්කරුට හෝ පන්සලේ හාමුදුරුවන්ට කියා දරුවාගේ ජන්ම පත්රය සාදවා ගන්නටත් , ගෙපැල කැපීමට , මල්වර වූ දියණිය මෙන්ම විවාපත් වන යුවලට සුබ වේලාවක් ලියවා ගන්නටත් යන සාමාන් ජනතාවට තරු පන්ති පිහිටීමෙන් සහ ග්රහලෝකවල ගමනින් වෙනස් වන නැකත් දැනගත හැකි වූයේ සිංහල භාෂාව නිසාය.   

  සංස්කෘත හා පාලි බසින් රචිත ග්රන්ථ ඇසුරේ ලියැවුණු පොතපතට සීමා වී තිබූ සිංහල භාෂාව නිදහස් අධ්යාපනය ඇසුරේ බිහිවූ අධ්යාපන විප්ලවය තුල සාමාන් මහජනතාව අතරට ගියේ කුමාරතුංග මුණිදාස ශුරීන් ප්රමුඛ හෙළ හවුලේ ක්රියාකාරීන්ගේ අප්රතිහත කැපවීම නිසාය. පුවත්පත් කලාවේ දැවැන්තයින් වන ඩී . බී  ධනපාලයන් , මාර්ටින් වික්රමසිංහයන් නිසා සරල සිංහලය සෑම සියළු දෙනාගේම අවධානයට යොමු විය.

භාෂාවක් වැදගත් වන්නේ යමක් කියැවීමට පමණක්ම නොවේ. ඉන් ඔබ්බට ගොස් ජීවිතය රස විදින්නට මානවයන්ට උදව් වන්නේ භාෂාවයි. රූප කියවා ශබ්දය හදුනාගන්නා ළදරුවාගේ පටන් හැරමිටියෙන් යනෙනා මහල්ලා දක්වා ශ්රී ලාංකිකයන්ගේ හැගීම්, දැනීම් ප්රකාශනයට සිංහලයෙන් වන මෙහෙය වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය.  

සිංහලය කතාකරන බහුතරය ශ්රී ලාංකික බෞද්ධයින් වුවද අන් ආගමික හා අන් ජාතික මිලියන 3 පමණ පිරිසක්ද සිංහලය වහරයි. සියළු මිනිසුන් අතර සාමය, සමගිය , සහජීවනය ඇති කරන්නට බසක ඇති බලය කෙතරම් දැයි දැනෙන්නේ 1956 දී ඇති වූ " ශ්රී " අක්ෂර අර්බුදය පිළිබද කියවන විටය.

 

අනුරුද්ධ වැලිගමගේ

2014 සැප්තැම්බර් දසත කලාපයේ පලවිය.         

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.   

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි   

Saturday, September 11, 2021

ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා .....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග.....

  

" මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටම​කියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි "

රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය​. ඔහු මලානික හඬින් කථා කළේය. 

"අනේ මහත්තයෝ මම ජීවත් උනේ මේසන් වැඩ කරලා. කලවේ විසප්පුවක් ආවා. ඒකට අත් ඛෙහෙත් කරලා සනීප වුන නැති නිසා තමයි මුදියන්සේ  වෙද​රාළ ලඟට ගියේ. උන්දෑ පත්තුවක් බැන්දා. මගෙ හිතේ පත්තුවේ සැරට කකුලේ හම පිච්චුනා..."

" මෝඩ හරක් ..." වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙස බලා පැවසීය. 

අද වාට්ටු දිනය නිසා ඔහු කනිෂ්ඨ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිවරාගෙන වාට්ටුවේ සිටින රෝගීන්  සිය​ළු දෙනාම බලයි. ශල්‍යකර්මවලට ලක් කළ යුතු රෝගීන්ට ශල්‍යකර්ම සදහා දින නියම කිරීම ද ශල්‍යකර්ම වලින් පසු රෝගී තත්ත්වය අඩු රෝගීන්ගේ ටිකට් කැපීමද අද සිදු වේ. පිරිවර සමග ඇවිදින යුවරජෙකු සේ ඔහු වාට්ටුවේ සිටින සියළුම රෝගීන්ගේ රෝහල් ආයු කාලය පිළිබඳ තීරණයකට පැමිණෙයි. 

වට්ටෝරු වෙදෙකු විසින් ප්‍රතිකාර කරන ලද රෝගියා කෙරෙහි ඔහුට ඇති වූයේ කෝපයකි. — මෝඩ මිනිස්සු..˜ ඔහු මනසින් ප්‍රතිරාව​ කළේය. —කකුලේ පොඩි ඇබ්සස් එකක් එන්න ඇති. මේ මෝඩයා වෙදා ලඟට ගියා.  වෙදා රටේ නැති බේත් ජාති අඹරලා කකුලේ ගාලා තියෙනවා. ඒකට හම පිච්චිලා. දැන් ඉන්ෆෙක්ට්˜ වෙලා. වැඩේ වැරදුණාම අපි ලඟට එනවා.˜ 

"අයිසේ, ඔහු යළිත් වරක් රෝගියා ඇමතීය. කකුලේ ගෙඩියට ඉස්පි්‍රතාලෙට ආවා නම් ඉවරයිනේ. එතකොට  ගෙඩිය පැළුවා. බේත් කළා. එැඩේ අහවරයි. දැන් වැඩේ කෙළවෙලා. මුළු කකුලම පැසවලා. කකුල කපන්න වෙයි."

රෝගියාගේ මුහුණේ ඇත්තේ තැතිගත් ස්වරූපයකි. ඔහු අසීරුවෙන් හිස එසවීය. 

"අනේ මහත්තයෝ මගේ කකුල කපන්න වෙයිද?

"ඔව්˜ ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය ජයග්‍රාහී ලෙස කීවේය.  තමුසගෙ ජීවිතය බේරගන්න කකුල කපන්න වෙයි."

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

http://transyl2014.blogspot.com/2015/04/blog-post_23.html

අද කතා ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා.....සවනට රචනා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 





කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ සම්පුර්ණ කතා එකතුව සදහා  ට්‍රාන්ස් සිල්වේනියා 
 Transylvania  බ්ලොග් අඩවියට යන්න .


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී

වසන්ත ලංකාතිලකයන්ට



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ තවත් කථා .....

පිය සෙනෙහස .....




තම පුතු බලන්නට හමුදා කදවුරට ගිය බස් රියදුරුට වූ දේ .....

http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/blog-post_17.html

මෘතශීලියා සහ වැඩපොලේ මහත්තයා....


කාන්තා මෘත ශරීරයක් මත රැයක් නිදාසිටි මෝචරියේ මුරකරු .....

https://ahasgawwenehalokaya.blogspot.com/2019/12/blog-post_28.html

සීනි සම්බෝලය .......




කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ..



මල්ටි කල්චරල්  ( බහු වාර්ගික විවිධත්වය )..........

Image result for multicultural faces

ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ........


සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.