මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 24, 2022

කැනේඩියන් පැසිෆික් දුම්රිය මග නිසා කැනඩාවේ සිදුවූ වෙනස

 

ගොවිපල තනා ජනතාව පදිංචි කරවීම සහ දුම්රිය සංචාරක නවෝදය

1889 වනවිට දුම්රිය මාර්ග නිව් බ්රුන්ස්වික් පලාතේ Saint John දක්වා ඉදිවීමත් සමගම කැනේඩියන් පැසිෆික් සමාගම වෙනත් ව්යාපාර කටයුතු සදහා යොමුවුනේ දුම්රිය ලාබදායී ව්යාපාරයක් කරන්නට නම් වැඩි වැඩියෙන්  භාණ්ඩ සහ මගී ප්රවාහනය අත්යවශ් වූ නිසා .











රජයෙන් ලැබුණු ඉඩම් අක්කර මිලියන 25 කොටසක් සහනදායී මිලකට අලෙවි කරන්නට තීරණය වුනේ 1884 දී පටන් .   සදහා ප්රචාරක කටයුතු වෙනුවෙන් ආදර්ශ ගොවිපොලක අනුරූ ඇතුලත් දුම්රිය ගැලක් කුවිබෙක් , ඔන්ටාරියෝ පලාත් වල තැනින් තැනට යැවුනේ ගොවිපොල සදහා පිරිස් ඇදගැනීමේ අරමුණින් . එය එතරම් සාර්ථක නොවූ තැන 1909 දී සමාගම තීරණය කලේ ප්රචාරක කටයුතු යුරෝපයේ කරන්නයි . යුරෝපා රටවල කල පුවත්පත් දැන්වීම් මගින් ඒවාට ආකර්ෂණය වී කැනඩාවට සංක්රමණය වුනු පිරිස විශාලයි .

ආදර්ශ ගොවිපොල

හෙක්ටෙයාර් 65-130 අතර වැට ගැසූ ගොවි බිමක් ,නිවසක් ,ගොවිපොල ගොඩනැගිල්ලක් , ළිදක් සහ වතුර පොම්පයක් සහිතව සැකසුණු ආදර්ශ ගොවිපොල ඉදිවුණේ ප්රෙයරි තණබිමේ දුම්රිය මග දෙපස සරු බිම් කඩ වලයි . වසර 10 පහසු ගෙවීමේ ක්රමයකට ගෙවන්නට ලැබුණු ඒවා 1909 දී මිල  නියම වුනේ වසරකට ඩොලර් 1300-2500 ක් අතර මුදලකටයි . සමගම පල්ලි , පාසැල් සහ වෙළද මධ්යස්ථාන ඉදිවුණේ කුඩා දුම්රිය නගර බිහි කරමින් . මුලින්ම ඇල්බර්ටාවෙන් පටන්ගත් මෙය සස්කචෙවන් දක්වා ව්යාප්ත වුනා . 1909-1919 දස වසර තුල එවන් ආදර්ශ ගොවිපොල 762 ක් ඇතුලත් කොලනි 24 ක් පිහිටවූ බව සදහන්

දුම්රිය සංචාරක නවෝදය

අද මෙන් ගුවන් යානා , සැප පහසු මගී රථ නොතිබූ එකල දිගු දුම්රිය ගමනක් වුවත් වෙහෙසකර කටයුත්තක් . 1886 දී කැනේඩියන් පැසිෆික් සමාගමේ සභාපතිවරයා තීරණය කලේ Mount stephen( Field), Glacier house ( Rogers pass) & Fazer Canyon House (North Bend)  යන හෝටල් ඉදිකරන්නයි .

වනවිට යෝජනා වෙමින් තිබූ කැනඩාවේ පළමු ජාතික උද්යානය වන බැන්ෆ් ජාතික උද්යානය ආශ්රිතව රොකී කදුවල අසිරිය බලන්නට පිරිස් ගෙන්වා ගැනීමෙන් ආදායම් ඉපයීම සමාගමේ අරමුණ වී තිබුනා අතර 1883 දී දුම්රිය සේවකයින් විසින් සොයාගෙන තිබු උණුදිය උල්පත් වාණිජ අරමුණු ඇතිව දියුණු කෙරුනේ 1885 දී . රාජකීය අත්සනින් බැන්ෆ් වනෝද්යානය ප්රකාශයට පත් කෙරුනේ 1887 දී .

කැනඩාවේ නැගෙනහිර සහ බටහිර අන්තයන්ගෙන් පමණක් නොව පිටරටවලින් පවා සංචාරකයින් කැනඩා රොකී කදු වල අසිරිය බලන්නට ඇදුනේ බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් . නොඉදුල් ග්ලැසියර කදු නගින දහසකුත් පිරිස් අතරින් 1896 දී කදු නගින්නෙකු මරණයට පත්වීම සංචාරක ව්යාපාරයට මරු පහරක් වුණා . කැනේඩියන් පැසිෆික් සමාගම කලේ ස්විස් ජාතික පලපුරුදු කදු නගින්නන් දෙදෙනෙකු වන Christian Hasler සහ Edonard Feuz ගෙන්වා ආරක්ෂිත අයුරින් කදු නැගීම තහවුරු කිරීමයි . 1899-1954 දක්වා එම සේවාව පැවති අවුරුදු 55 ටම කිසිදු මරණයක් වාර්තා නොවුනේ එහි වූ විශිෂ්ට පාලනය නිසා .


ළමු සහ දෙවන ලෝක යුද්දයට ගිය,  පාසැලත් , දන්ත ශල්යාගාරයත් ගමට ගෙනගිය දුම්රිය….


රටේ ආර්ථිකයට සේම ජන ජීවිතයට කැනේඩියන් පැසිෆික් දුම්රිය කල මෙහෙය අපමණයි . 1914-1918 කාලයේදී පැවති පළමු ලෝක මහා සංග්‍රාමයට සේම 1939-1945 කාලයේදී කැනේඩියන් පැසිෆික් සමාගම සතු සම්පත් සහ පිරිමි සේවක පිරිස් යුධ කටයුතු සදහා යොදාගැනුනා . ඒ කාලයේදී කාන්තාවන් දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කටයුතු සදහා එක් වෙමින් පිරිමි රාජකාරි ලෙස ලේබල ගත කාර්ය ඉටු කරමින් විප්ලවීය  කාර්යභාරයක් ඉටු කලා .















යුද්ධ
සේවා





කැනේඩියන් පැසිෆික් සමාගම සතුව තිබු වාෂ්ප නෞකා මගින් පළමු ලෝක යුධ සමයේදී යුධ පෙරමුණු බලා භටයින් 810,000 ක් සහ ටොන් මිලියන ගණනක උපකරණ සහ බඩු භාණ්ඩ ප්‍රවාහනය කෙරුනා .දෙවන ලෝක යුධ සමයේදී භටයින් සහ සාමාන්‍ය මගීන් මිලියන 86 ක් සහ ටොන් මිලියන 307 ක බඩු භාණ්ඩ සහ යාත්‍රා  24 කින් ප්‍රවාහනය කෙරුනා . යුද්ධය අතරතුර ඉන් 12 ක් සතුරු හමුදාවන් විසින් ගිල්ලවනු ලැබුවා . 

මොන්ට්රියල් නගරයේ පිහිටි ප්රධාන දුම්රිය කර්මාන්ත ශාලාව  යුද්ධ ටැංකි සහ පතුරම් නිපදවීමේ මධ්යස්ථානයක් බවට පත් කෙරුණා . මගී දුම්රිය මැදිරි රැසක්  ජංගම රෝහල් බවට පත් කෙරුණේ යුද්ධයෙන් තුවාල ලබා එන ආබාධිත සෙබළුන් කැනඩාවේ දස අත පිහිටි ගම් බිම් බලා ආරක්ෂිතව ගෙන යාමටයි

  

Lord Strathcona ගේ අශ්වයා

1899-1902 කාලයේදී දකුණු අප්රිකාවේ ඇතිවූ බෝර් යුද්ධයට (Boer War ) සහාය පලකිරීම සදහා නිලධාරීන් සහ සෙබළුන් 537 දෙනෙකු සහ අශ්වයින් 599 දෙනෙකු දකුණු අප්රිකාවේ කේප් ටවුන් වෙත යැවුනා . හඩ්සන් බේ සහ කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගමේ අධ්යක්ෂක ඩොනල්ඩ් ස්මිත් ,Strathcona ආදිපාද වරයා සහ එක්සත් රාජධානියේ කැනඩා මහ කොමසාරිස් Mount Royal මේ රෙජිමේන්තුව හැදුවේ තම වියදමෙන් . අදත් ඇල්බර්ටාවේ එඩ්මන්ටන් නගරයේ ඇති මේ රෙජිමේන්තුව වාර්ෂිකව මනරම් සංදර්ශනයක් පවත්වනවා .

ජංගම දුම්රිය සේවා

ප්රධාන නගරවලින් පිටත පිහිටි ගම්මානවල දරුවන්ගේ අධ්යාපනය නගා සිටුවීම සදහා 1926 දී ඔන්ටාරියෝ පළාත් ආණ්ඩුව  කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගම සමග එක්වී ජංගම පාසැල් පටන් ගත්තා . යටතේ මගී දුම්රිය මැදිරි කිහිපයක් කුඩා පංති කාමරයක් සහ ගුරුවරයාගේ නිල නිවස ලෙස සකස් කර දුම්රිය එන්ජින් මගින් තැනින් තැනට ප්රවාහනය කෙරුණා . එක දිගට සතියේ දින 5 හේ එක තැනක නවතා තැබෙන ජංගම පාසැල සති අන්තයේදී තවත් තැනකට ප්රවාහනය කෙරුණා . යම් නියමිත කාලයකදී යලිත් එය පෙර තිබු ගමට ලෙසින් ප්රදේශ කිහිපයකට සේවා ව්යාප්ත කෙරුණා . මේ ක්රමයටම ජංගම දන්ත ශල්යාගාර සේවාවක් සහ පැල සිටුවීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරුණා .

අනෙකුත් දුම්රිය සේවා

1882- Dominion Express  සේවාව මිලට ගනිමින් දොරින් දොර පාර්සල් සේවාවක් ඇරබුනා .


1882- ප්රථම වාණිජ Telegram  සේවය ඇරබුනේ දුම්රිය මග දෙපස වූ පණිවුඩ හුවමාරු රැහැන් භාවිතයෙන්

1930- නත්තල් සමයට සුබ පැතුම් ගෙනයන  Santagram ක්රමය පටන් ගැනුණා .

1999 - නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ක්රියාත්මක වන විශේෂ දුම්රියක් වන CP Holiday train ප්රධාන මාර්ගයේ තැනින් තැනට යමින් ශුබසාධක කටයුතු සදහා මුදල් සහ ආහාර ආධාර එකතු කරනවා . විසි වන අවුරුද්දටත් පහුගිය වසරේදී ක්රියාත්මක වුණු මේ ව්යාපෘතියේ දුම්රිය 2 මිලියන 14.5 ක් මුදලක් සහ ආහාර රාත්තල් මිලියන 4.3 ක් එකතු කොට ඇති ප්රජා සේවාවක් .

 CPR ඉතිහාස ප්රකාශනයක් ඇසුරින් සකස් කලේ

අනුරුද්ධ වැලිගමගේ 




කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් 

මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකකත්වයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, September 17, 2022

බෝට්ටු හෝටලයකින් කාලා බයිසිකලෙන් Amsterdam බලන්න යමුද ?

 

නෙදර්ලන්ත සංචාරයක මතකය 3.

Amsterdam යුරෝපයේ තිබෙන ප්රධාන නගරවලින් එකක් වගේම සංචාරක වශයෙනුත් ඉතා වැදගත් තැනක්. ලන්දේසීන් ලංකාව පාලනය කල වකවානුවේ ප්රවාහන කටයුතු සදහා ඇල මාර්ග භාවිතා කල බව මා කියවා තිබෙනවා. Amsterdam නගරයේ ඇල මාර්ග ප්රවාහන කටයුතු සදහා භාවිතා කෙරෙන නිසා අපේ සංචාරයටත් බෝට්ටුවක තිබෙන අවන්හලක රාත්රී ආහාර වේලක් සදහා ඉඩ වෙන්වුණා. අපි ගැන පසුවට කථා කරමු.

Museum Square ( Museumplein)

ප්රධාන කෞතුකාගාර 3 ක් මැදි කරගෙන වෙන්වුණු මේ ඉඩ Amsterdam නගරයට එන කවුරුත් අතපසු නොකරන පොඩි විවේකයක් ගන්නට කියාපු තැනක්.The Rijks Museum, Van Gogh Museum සහ Stedelijk Museum මේ වටා තිබෙන අගනා කෞතුකාගාර 3 යි. ලෝකයේ ඉතාමත් වැඩි පිරිසක් පාපැදි ප්රවාහන කටයුතු සදහා භාවිතා කරන නගර අතුරින් එකක් ලෙස පරණ ඉංග්රීසි පාඩම් පොතක තිබුණු කථාව ඇත්තමයි කියල අපට තේරුණා.ඉතා අඩු මුදලකට පහසුවෙන් ඔබටත් එක තැනකින් අරගෙන තවත් තැනකින් දමා යාහැකි පාපැදි සේවා රැසක් සේම බයිසිකල් සදහා වෙනම මං තීරු, නැවතීමේ පහසුකම් හින්ද මෙහි තිබෙන පහසුම ප්රවාහන මාධ්යය බයිසිකල් තමයි.

 Van Gogh Museum

ඉතා ජනප්රිය චිත් ශිල්පී  Vincent Van Gogh විසින් කල සිතුවම් රැසක් එක්තැන් වූ මේ පරිශ්රය බිහිවුණේ 1962 දී Stedelijkකෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබුණු චිත් වෙනමම තැනකට ගෙන යාමෙන්. වැන්ගෝ ජීවත්ව සිටියදී අඩුවෙන් කතාවුණු චිත් පසු කාලීනව ජාත්යන්තර අවධානයට යොමුවුණු නිසා මේ පරිශ්රයේ ප්රවේශ පත් කලින්ම වෙන්කරවා ගන්න එක හොදයි.

Sex Museum ( Venustempel)

රාගික සහ ලිංගික කාර්යයන් නිරූපණය වන උපාංග සහ චිත් ඇතුලත් ලොව පළමු සහ පැරණිතම කෞතුකාගාරය වන මෙය වැඩිපුර කතා නොකරන , එහෙත්  මිනිසුන් සහ ගැහැණුන් වැඩිපුර හිතන ක්ෂේත්රයක් ගැන නිදහසේ හිතන රටක් ලෙස නෙදර්ලන්තය ලොවට පෙන්වන ප්රතිරූපය හුවා දක්වන එකක්. වයස අවුරුදු 16 වැඩි පිරිස් සදහා මේ පරිශ්රය තුලට යන්නට අවසර තිබෙනවා. ඉතා ජනප්රිය ලිංගික සේවා සදහා ලොව විවිධ රටවලින් පැමිණි ශ්රමිකයින්ගේ ආශ්වාදය ලැබිය හැකි රතු එළි කලාපය ( Red light District ) පිහිටා තිබෙන්නේත් මේ කිට්ටුවමයි.

Hash Marihuana & Hemp Museum

කංසා සහ ගංජා යන මත්ද්රවය නෙදර්ලන්තයේ නීතිගත කර ඇති නිසා පෞද්ගලික භාවිතය සදහා ඒවා  මිලදී ගත හැකි තැන් Amsterdam නගරයේ බහුලයි.ඒවායේ ඉතිහාසය සහ භාවිතය ගැන නිරූපණය වන කෞතුකාගාරයක් පවා මෙහි තිබෙන්නේ හින්දයි.පොදු පුවත්පත් මාධ්යයක තිබෙන සීමා මායිම් හින්ද ගැන සුළු සටහනක් පමණක් තබන්නට හිතුවේ අවශ් නම් ඔබට ගැන මෙවන් සංචාරයකදී තොරතුරු ලබාගත හැකි හින්දයි.


Heineken Beer Factory Tour

බීර නිෂ්පාදන ක්ෂේත්රයේ ලෝකයේ ප්රමුඛ පෙලේ ආයතනයක් ලෙස Heineken ප්රකටයි. බාර්ලි වලින් බියර් නිපදවෙන ආකාරය පියවරෙන් පියවරට ඔබට මේ සංචාරයේදී දැකගන්නට පුළුවන්. බීර ඉතිහාසය දැනගන්නා අතරේම බීර වීදුරුවක රස බලන්නත් ඔබට පුළුවන්. මෙතැන තිබෙන එක් විශේෂත්වයක් වෙන්නෙ විශේෂ නැරබුම් මැදිරියකදී හැම පැත්තෙන්ම විදුලි රූපවාහිනී තිර වලින් වටවුණු පරිසරයකදී ඔබට ලැබෙන ඩිජිටල් ප්රයෝග අත්දැකීමයි.





Anne Frank House


 

Annelies Marine Frank දැරිය ලියු දිනපොත දෙවන ලෝක සංග්රාමය සමයේ යුදෙව්වන්ට වූ හිරිහැර ගැන ලියැවුණු දුක්බර සටහනක්. 1945 පෙබරවාරි මාසෙ දවසක මියගිය දැරිය වෙනුවෙන් Anne Frank House

 නමින් මධ්යස්ථානයක් Amsterdam වල තිබෙනවා. දෙවන ලෝක යුධ සමයේ නාසි පාලනය හා යුදෙව් සංහාරය ගැන හද කකියවන තොරතුරු රැසක් නිරූපණය වන තැනක් විදිහට මෙතැන ලොව පුරා ජනප්රියයි.

 නෙදර්ලන්තයේ  Pancakes එහෙම කාල අපි මේ තැන් බලල එනකොට හොදටම හවස් වෙලා. අපි නගරයේ පැරණි දුම්රිය පොල ගාව තොටුපලේදී අවන්හල් යාත්රාවකට ගොඩ වුනේ ඇලවල් දිගේ ගිහින් නගරයේ අසිරිය බලන්න.

යාත්රාව නගරයේ විවිධ ප්රමාණයේ ඇල මාර්ග දිගේ හෙමින් යනවා. රෑ කළුවර වටපිට වෙලාගෙන තිබුණත් විදුලි බුබුළු වලින් නගරයම එළිය වෙලා. කෑම මේසවල දැල්වෙන කුඩා ඉටි පන්දම් එළි රතුපාට මේස රෙද්දත් එක්ක රෝමාන්තික පරිසරයක් මවනවා. හීන් සංගීතයක් පසුබිමින් වාදනය වෙනවා. යාත්රාවේ නියාමක වරිය නගරයේ විවිධ තැන් ගැන විස්තර කරනවා. අතරේ නවත්වලා තිබෙන විවිධ බෝට්ටු ගෙවල් ගැන කියනවා. වයින් වීදුරු එක්ක රෑ කෑම මේසවලට ගේනවා. අපි ඇලවල් දිගේ නගරය රස විදින ගමන් නෙදර්ලන්ත කෑම වේලක රහ බැලුවා, ඉඩක් ලැබුණොත් ඔබට මේ අත්දැකීම හැබැහින්ම විදගන්න කියල ආරාධනා කරනවා.

ලබන මාසයේදී බෙල්ජියමේ  Bruges නුවරට යමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්         








විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.