මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 28, 2021

පොත් පිටු අතරින් .......... ෆ්‍රීඩා විල්ලවාරයන්ගේ ගුරු සෙනෙහස සහ සුනිල් තන්තිරිගේ ගේ The House of Thousand Memories.....



පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....






කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන 


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය - ෆ්‍රීඩා විල්ලවාරයන් සහ සුනිල් තන්තිරිගේ

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි



https://rupane.com/vimeo-video/rupane-episode-247-june-05-2021/


හදුන්වා දෙන අළුත්ම ගීතය 

තිබිරිගෙයින් දිවිසැරිය දිනූ දා ...

ගායනය - නිසල් ආරියරත්න, මල්මි ආරියරත්න, සෙනුල් ආරියරත්න

ගී පද - බන්ධුල කුරුවිටආරච්චි

සංගීතය - අජිත් දර්ශන ජයවීර 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, August 21, 2021

සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ පහන ........සොදුරු සිත බ්ලොග් අඩවියෙන් ........

 


සදාදරණීය පරණ පෙම්වතා 

**********************

"සුදත් "

"  කවුද මාෂි ඒ "

" නෑ ඉස්සර මගේ ඉස්කෝලේ යාළුවෙක් " 

" ආ අර කොල්ලද . පව් ඒ මනුස්සයගේ නෝනත් මෙහෙම තමයි ඉන්නෙ .

  ලැබුණු දරුවා මාස 3 කින් නැති වෙලා. එදා ඉදල ඒ ගෑණු මනුස්සයාගේ මොලේ හොද නෑ  "

 " මෙතන හිටියොත් මගේ නෝනා ගෙත් මොලේ නරක වෙයි "

දොළොස් මහේ පහන 

********************

" එහෙම කොහොමද හාමුදුරුවනේ එක එකාලට ඕන විදිහට පන්සලේ දේවල් අරගෙන යන්න දෙන්නෙ  " පන්සලේ සැදැහැවත්ම බෞද්ධයාගෙ හඩ  බණ මඩුවේ සිංහල උළු වහල දෙදරවා යන තරම් ..."

ඊළග දවසේ උදේ පන්සලේ තාප්පය පුරාත්, ඒ ආසන්න ගම පුරාවෙත්  ඇලවිලා තිබුණු කැලෑ පත්තර ලිව්වේ කවුද කියල දන්නෙ දෙවියොම විතරයි.

ඒවගේ ලියැවිලා තිබුනේ 

"  පොලීසියත් මකර කටේ . පහන් වැටත් උන්ගේ කටේ " "කියලා 


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතා

සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ  පහන ........සොදුරු සිත  බ්ලොග් අඩවියෙන් ........



විශේෂ
 ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී
වසන්ත ලංකාතිලකයන්ට



සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

  මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Friday, August 13, 2021

දළදා පෙරහැර නුවරට එනවා..............අනුරුද්ධ වැලිගමගේ....


න්කුටු  න්කුටු  පෙරහැර  එනවා

හේවිසි හොර නෑ හඬ පැතිරෙනවා

ඇත්රජ මහ කරඩුව ඩමනවා

ඇසල මහේ මහ පෙරහැර යනවා


පන්තේරුව ලස්සන හැඩ මවලා

කොප්පර පහනින් රෑ එළි කරලා

බෙරහඩ තාලම්පට හා බැදිලා

උඩරට නැටුමින් දන මන දිනලා

 

කුබල් පෙරහැරින් ඇරබුම ලබලා

ඇත්රජ රන්දෝලිය පිට වඩලා

දිය කැපුමෙන් වැඩ අහවර කරලා

දළදා පෙරහැර නුවරට එනවා

 

අනුරුද්ධ වැලිගමගේ

රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ජයේ මාමාගෙන් අහන්න වැඩසටහන සදහා ලියැවුනකි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, August 7, 2021

සරසවි යන දියණියට ...... අනුරුද්ධ වැලිගමගේ....

 

විසල් අහසේ ඉගිල යන්නට

කාලයයි කදිමයි

තුරුණු පිරිපුන් ජවය අරගෙන

දුරට පියඹන්නයි ....

  

සුදු සඳක මුදු මොලොක් රැස් සේ

එළිය පතුරන්නයි

සිනාසීගෙන හෙමින් ඇවිදින්

වැඩි දුරක් යන්නයි .....

 

උගත් ගුණ දම් සිරිත් මල්දම්

ලෙසින් පලදන්නයි

ඔබේ ගමනට සියළු බාධක

දුරුව හැඩ වෙන්නයි ......

 

අනුරුද්ධ වැලිගමගේ


2021 අගෝස්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය

https://londonkavi.com/



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි