මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 29, 2018

පිනි ඉහිරුණු මීදුම අස්සේ ඒ මතකය දිවයයි පස්සේ.... අනුරුද්ධ වැලිගමගේ

පිනි ඉහිරුණු මීදුම අස්සේ මතකය දිවයයි පස්සේ....

Image result for lavender farm and girl

ලැවන් ඩරා  මල් සුවදේ 
ඔබේ පුසුබ මට දැනුනේ
දේදුනු පාලම අහසේ
බොද මීදුම් තිරයකි ඇන්දේ
සුමුදු  මතක දැවටෙන්නේ .........

හිම වරුසාවට පස්සේ
සුදු පිනිකැට මුතු ඇට මැවුවේ
පිණි ඉහිරුණු තුරු ඉති මත්තේ
යුග යුග මතකය සිත රැදුණේ
මතක පොතේ පිටු පෙරලේ ........

සමණල යායක් මැද්දේ
මල් අතරිනි ඔබ රුව දුටුවේ
පිනි ඉහිරුණු මීදුම අස්සේ
මතකය දිවයයි පස්සේ
දුර දිවයයි හිත ඉස්මත්තේ ...


අනුරුද්ධ වැලිගමගේ 

Image result for lavender farm and couple

සේයාරූ - අන්තර්ජාලයෙන්  Google images

Image result for couple in snow

Saturday, December 22, 2018

ඩයිනෝසර පොසිලත් අහස් ගඟත් සොයා ඇල්බර්ටාවට ගිය ගමනක් ....... කැනේඩියානු සංචාරයක මතකය .....

Image result for dinosaur provincial park

ඩයිනෝසර පොසිලත් අහස් ගඟත් සොයා ඇල්බර්ටාවට
ගිය ගමනක් ....... 

Image result for dinosaur provincial park

භූ විද්යාඥ ජෝසප් බර් ටයිරෙල් ( Joseph Bur Tyrell) 1884 දී රතු මුවන් නිම්නයේ පර්යේෂණ කටයුතු සදහා ගියේ ගල් අගුරු සොයාගැනීමේ අරමුණින් .   අතර අහම්බයෙන් ඔහුට හමුවුණේ වසර මිලියන ගණනක් පැරණි ඩයිනෝසර පොසිලයන් . ඇල්බර්ටා ප්රාන්තයේ පැට්රිෂියා නගරයට නුදුරින් පිහිටි සුවිසල් බිම් කඩකදී හමු වූ පොසිල අද ලෝකයේ විවිධ තැන්වල කෞතුකාගාර රැසකදී මහත් ජන ප්රසාදයට පත්ව තිබෙනවා . මීට පෙර කලාපයකදී දසත ඔබව කැදවා ගෙන ගිය ටොරොන්ටෝවේ රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේදී  ( ROM)  ඒවා දුටු මට කවදා හෝ පරිශ්රය දැකගැනීමේ ආසාවක් තිබුණා .  බොහෝ දෙනෙක් ඩ්රම්හෙලර් ( Drumheller) හි පිහිටි ඩයිනසෝර් කෞතුකාගාරයට ගොස් ආපසු කැල්ගරි බලා ගියත් යුනෙස්කෝව විසින් ප්රකාශයට පත් කල ලෝක උරුමයක් වන මේ පරිශ්රය බලන්නට දවසක්ම වෙන්කලේ නිසා .

Image result for Joseph Burr TyrrellImage result for dinosaur provincial park


දසත සංචාරයක මතකයත් එක්ක ඔබ මේ වනවිට කැනඩාවේ ඔන්ටාරියෝ , ක්විබෙක් , නිව් බ්රුන්ස්විච්ක් , එඩ්වඩ් කුමාර දිවයින , නෝවා ස්කොෂියා පළාත් වලට සංචාරය කර තිබෙනවා . පසුගිය කාලයේ ඛණිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් කල ඇල්බර්ටා පළාතට යන්නට අපි හිතුවෙ නිසා . ටොරොන්ටෝවේ සිට දින කිහිපයක රථ ධාවනයෙන් මිදෙන්නට අප කලේ  වට්ටම් ලැබෙන ජනවාරියේ ඉරිදාවක කැල්ගරි නගරයට ගුවන් ටිකට් පත් මිලදී ගැනීමයි .   සමගම එහි සිට ගමනට කුලී වාහනයක් වෙන්කර ගැනීම හොදයි . මේ ගමනේ දිගුවක් ලෙස රොකී කදුවැටිය වටා රවුමක් යන්නත් පුළුවන්.    





ඩයිනෝසර පළාත් උද්යානය ( Dinosaur Provincial Park)


කැල්ගරි නගරයේ සිට කිලෝමීටර් 219 ක් නැගෙනහිරට වන්නට පිහිටි මේ උද්යානය 1955 ජුනි 27 වැනිදා ආරම්භ කර තිබෙන්නේ පොසිල හමුවූ බිම්කඩ ආරක්ෂා කිරීමේ අරමුණින් . මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්රකාශයට ප්රකාශයට පත් වුයේ 1979 දී . මෙහි ඇති සුවිශේෂී භූ ලක්ෂණ නිමැවීම පිළිබදව විවිධ මති මතාන්තර තියෙනවා . වසර මිලියන ගණනක ඉතිහාසයේදී ග්ලැසියර දියවී ගොස් පාංශු ඛාදනය වීමෙන් මෙය නිමැවුණු බවයි ප්රමුඛ මතය . මේ පරිශ්රය වර්ග කිලෝමීටර 73 ක් තරම් සුවිසල්. මෙහි සමහර ප්රදේශ කරා යන්නට පොදු අවසරය නැහැ . අදත් මේ ඉසව්වේ පර්යේෂණ කටයුතු කෙරෙනවා .  
මග පෙන්වන්නෙකු සමග විශේෂ බස් රථයකින් එම සංරක්ෂිත ඉසව් කරා කණ්ඩායම් සංචාරයක් කරන්න පුළුවන්. මෙහි තොරතුරු මධ්යස්ථානයේ ඇති පර්යේෂණාගාරයේදී පොසිල ප්රතිනිර්මාණය කිරීමේ වැඩමුළු ඇතුළු බොහෝ වැඩසටහන් තිබෙනවා . ඉඩකඩ සීමිත නිසා අන්තර්ජාලයෙන් මුදල් ගෙවා සදහා කලින් ලියාපදිංචි වීම නුවණට හුරුයි .





නැරබුම් ස්ථාන කිහිපයක් ඇති වටරවුම් මාර්ගය ඔබේ රථයෙන්ම ගොස් පරිසරය විදගන්නට දුන් කදිම අවසරයක් . අවශ් නම් මෙහි ඇති පහසුකම් සහිත කදවුරු බිමේ රැයක් ගත කරන්නත් පුළුවන් . අප වඩාත්ම රසවින්දේ තොරතුරු මධ්යස්ථානයට උඩින් තරමක උසින් පිහිටි නැරබුම් පොලේ සිට අවට බැලීමයි.
පහසුවෙන් ලිස්සා යා හැකි නිසා හොද ක්රීඩා සපත්තු කුට්ටමක් පැලදීමත් , ගිම්හානයේදී නම් දැඩි හිරු රැසින් මිදෙන්නට අව් කණ්නාඩි සහ හිස්වැසුම් ගෙනයාමත් සුබදායකයි .කැල්ගරි නගරයේ සිට ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය දිගේ පැය 2 පමණ දුර යා යුතු නිසා  දවසේ උපරිම ප්රයෝජනය ගන්නට නම් උදෙන්ම නවාතැනෙන් පිටත්වීම හොදයි .








ඩයිනෝසර පළාත් උද්යානය නුදුරේම ඇති තවත් ජාතික වැදගත්කමක් ඇති තැනක් ලෙස බ්රුක්ස් අහස් ගග ( Brooks Aquaduct) හදුන්වා දෙන්නට පුළුවන් .

Image result for brooks aqueduct


බ්රුක්ස් අහස් ගග ( Brooks Aquaduct)

Image result for brooks aqueduct

Image result for canada farm land for sale vintage posters


මේ ගැන කථා කරන්නට පෙර කැනඩාවේ ඉතිහාසයට යන්නට වෙනවා . ජනශුන් කැනඩාවේ නොදියුණු ප්රදේශ ඔන්ටාරියෝ සහ කුවිබෙක් පළාත් යාකරමින් තැනුණු කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ග ව්යාපෘතිය හුදෙක් දුම්රිය මාර්ගයක් තැනීමක්ම වුනේ නැහැ . නොමිලයේ ඉඩම් සහ පහසුකම් ලබාදෙමින් , නගර ඉදිකරමින් යුරෝපයේ සිට සංක්රමණිකයන් කැනඩාවට ගෙන්වා ගත් යුගයක් තිබුණා . එය ලංකාවේ ගොවි ජනපද ව්යාපාරයට සමානයි .අද මෙන් විවිධ වාහන නොතිබූ එකල දුම්රියත් , දුම්රිය නගරත් සුවිශේෂී වැදගත් කමක් ගත්තා . සංක්රමණිකයන්ට ලැබුනේ ප්රෙයරි තණබිමේ ( Praire) තිබුණු වගාවට සුදුසු ඉඩම් කට්ටි .
අසල පිහිටි ජල ප්රභවයන්ගෙන් ප්රෙයරි තණබිමේ ජලය හිග ප්රදේශ කරා ජලය ගෙනයාමේ අරමුණින් 1910-1912 කාලයේදී කැනේඩියානු පැසිෆික් දුම්රිය සමාගමේ ඉංජිනේරුවන් විසින් ඉදිකළ මේ ඉදිකිරීම අද එතරම් ලොකු දෙයක් නොවුණාට එදා මහත් විස්කමක් ලෙස සැලකුනා .





මීටර 20 උසකින් යුත් කොන්ක්රීට් කුළුණු මත අහසේ තැනුණු ඇල මාර්ගයක් වන මෙය දිගින් කිලෝමීටර 3.2 ක් . විනාඩියකට කියුබික් අඩි 900 ජල ධාරිතාවයක් ගෙන යන්නට සමත් මෙය එදා බිමට අළුත් පිරිසට සැලකුවේ හරිම ඉහලින් . විටෙක දුම්රිය මාර්ගයට සමාන්තරව ගිය එය විටෙක උමගක් මගින් දුම්රිය මාර්ගය යටින් යනවා .
නඩත්තු කටයුතු වල අපහසුතා , බසානෝ වේල්ල වැනි පසුකාලීන ආදේශක නිසා වසර 60 සේවා කාලයකට පසුව 1970 දී මෙය භාවිතයෙන් ඉවත් වුවත් නොනසා ජාතික උරුමයක් ලෙස රකින්නේ එය කල මහගු සේවය සිහි ගන්වනු පිණිසයි .

Image result for brooks aqueduct

මේ ප්රදේශයේ ඇති සංචාරයට සුදුසු තවත් තැන්


·         ඩ්රම්හෙලර්  ඩයිනෝසර කෞතුකාගාරය (Royal Tyrrell Museum of Palaeontology )

Image result for royal tyrrell museum

ඇට්ලස් ගල් අගුරු පතල ( Atlas Coal Mine )

Atlas Coal Mine National Historic Site, Alberta Canada




     ලෝකයේ ලොකුම  ඩයිනෝසර පිළිමය  (World's Largest Dinosaur)


Related image

·    
·         රේනොල්ඩ්ස් ඇල්බර්ටා තාක්ෂණ කෞතුකාගාරය (Reynolds-Alberta Museum )

Related image




ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .


සටහන අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ * අන්තර්ජාලයෙන්

Curator Tours | Atlas Coal Mine : Atlas Coal Mine


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 අප්‍රේල්  කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

http://dasatha.com/


Image result for dasatha chamari abeysinghe


Related image

Image result for dinosaur provincial park