මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 27, 2021

වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?.......

 

වැනීසියේ සිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් .

ඉතාලියේ ඊසාන දිග ප්රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම නගරය ලෙස විරුදාවලිය ලැබූ බිම් කඩක් Adriatic මුහුදට මුහුණලා පිහිටා තිබෙන කලපුවක් වන වැනීසිය ගිලබැස්මේ අවදානමට තදින්ම මුහුණපා සිටින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙන පරිශ්රයක්. යුනෙස්කෝ ලෝක උරුම රැසක සංචාරය කිරීමේ වරම මටත් ගැන කියැවීමේ වරම අවුරුදු 3 ක් තිස්සේ මේ ලිපි පෙල කියවන ඔබටත් ලැබුණා . වෙනුවෙන් දසතට ස්තුතියි .

වැනිසියට ලගාවීමට බොහෝ ක්රම තිබෙනවා . ගුවන් මගින් මාර්කෝ පොලෝ ගුවන් තොටුපොලින් , අධිවේගී දුම්රිය මගින් යුරෝපයේ බොහෝ ගමනාන්ත තුලින් Mestre. දුම්රිය ස්ථානයට සේම අති සුඛෝපභෝගී Cruise Ships මගින් Giudecca Canal හරහා වැනිසියේ වරායටත් එන්නට පුළුවන් . අප නවාතැන් ගත් Mestre. නගරයේ ඉදන් වැනිසියට යන්නට අප භාවිතා කලේ පොදු ප්රවාහන බස් රථයක් . බස් එකෙන් බැහැල පාලම් කිහිපයක් ඔස්සේ ගිහින් අපි වැනිසියට ළගා වුණා



අපි කුඩා මාවත් අතරින් , ඇලවල් උඩින් තියෙන පාලම් වලින් අපේ මග පෙන්වන්නා පස්සෙන් යනවා . ඔහු තැනින් තැන නැවතිලා විස්තර කියනවා . වැනිසිය කියන්නෙ පාරවල් නැති රථවාහන නැති ඉස්සව්වක් හින්ද සියළු ප්රවාහන කටයුතු කෙරෙන්නෙ ඇල මාර්ග හරහා යන විවිධ වර්ගයේ බෝට්ටු වලින් . පුංචි කාලෙ ලංකාවේ ඉංග්රීසි පාඩම් පොතක තිබුණු විස්තර සිහියට එනවා . අද්රියාතික් මනාලිය, පාවෙන නගරය වගේ විරුදාවලි අතරෙ අපි පැරණි ඉතාලි සහ යුරෝපා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා බලනවා . කථාවට කියන්නෙ වැනිසියට අළුතින් ගිය කෙනෙක් අතරමං වෙනවාමයි කියලා . අපට අත්දැකීම දෙන්නට අපේ මග පෙන්වන්නා කටයුතු කල හින්දා කෝකටත් සිතියම් එහෙම අරගෙන ගියොත් හොදයි .



St. Mark Square

මේ චතුරශ්රය වැනිසියේ හදවත කියල කිව්වත් වරදක් නැහැ . පරෙවියන්ට කෑම දෙන්න , ෆොටෝ ගහන්න පොරකන සෙනග අතරේ Campanile Di san Marco  කියන ඝන්ඨර කුළුණට විදුලි සෝපානයෙන් යන්නත් පුළුවන් .

Rialto Bridge

වැනිසියේ ප්රධාන ඇල මාර්ගය වන Grand Canal උඩින් යන මේ පාලම වැනිසියට යන කවුරුත් යන තැනක් . ඉර නගින සහ බහින වෙලාවට මේක උඩ ඉදන් ෆොටෝ ගන්න පිරිස් පොරකනවා . වැනීසිය හොදටම බලන්න පුළුවන් තැනක් විදිහට මෙය නම් දරා තියෙන්නෙ නිසා .


Gondola Tour

වැනිසියට ගියොත් අත නෑර කරන්න ඕන මේ බෝට්ටු චාරිකාවට පාවිච්චි වෙන්නෙ පාරම්පරික බෝට්ටු විශේෂයක් . වැඩ දාල බෝට්ටු පදින කළු සහ සුදු හරස් ඉරි සහිත කමිස වලින් සැරසුණු බෝට්ටු පදින්නෙක් එක්ක සුවපහසු අලංකාර බෝට්ටුවක  මේ විසිතුරු සංචාරයේදී පැය භාගයක් විතර ඇල මාර්ග දිගේ වැනිසියේ විසිතුරු බලන්න පුළුවන් .

Doge’s Palace


පැරණි
වැනීසියේ පාලකයාගේ නිල නිවස වන මෙය ගොතික් සම්ප්රදායට අයත් ක්රි 697 තරම් ඈතට දිවයන අතීතයක් තියෙන තැනක් . සමහරු කියන්නෙ ඒකෙ තියෙන ආවරණය වුණු පාලම වන Bridge of Sighs බලන්නම කියලයි .

Saint Mark Basilica

ගිම්හාන කාලවලදී සහ සති අන්ත වලදී ඉතා දිගු පෝලිමක් තියෙන මේ පල්ලිය ඉතා අගනා කැටයම් වලින් යුතු තැනක් . වැනීසියේ ධනවත් බව පෙන්වන්න රන් ආලේප කර තිබෙන මෙහි ඉතිහාසය ක්රි 1117 තරම් දුරට දිව යනවා . එහි ඇතුලත සහ පිටත ඇති අගනා කැටයම් කලාගාර රැසක ඇති මොසෙයික්  චිත් එකතුවක් තරම් විශාලයි .අපේ මූලික චාරිකාවට ඇතුළු වුනේ වැනිස් නගරය විතරක් හින්ද අපි කලේ අමතර මුදලක් ගෙවල වැනීසියේ තිබෙන තවත් ප්රධාන දූපත් 3 ක් අපේ සංචාරයට එකතු කර ගත්ත එකයි .



Murano Island

විවිධ අමුතු හැඩයේ වීදුරු භාණ්ඩ , විසිත්ත කාමරයේ තබන සැරසිලි වගේම සුවිසල් අලංකාර  Chandelier සදහා ඉතාලියේ මේ දූපත තරම් ජනප්රිය තවත් තැනක් නැහැ . යුරෝපය පුරා පැරණි රජමාලිගා සහ මන්දිරවල අදත් උජාරුවට තියෙන නිර්මාණ රැසක් බිහිවුණු මේ පාරම්පරික කර්මාන්තය අද හැබෑම සංචාරක ආකර්ශනයක් . හරිම අපූරු නිර්මාණ සකස් කෙරෙන ආකාරය දැක්වෙන ජීවමාන ඉදිරිපත් කිරීම් ඔබට මේ දූපතේදී දකින්නට පුළුවන් .



Burano Island

ඉතා තද පාටවලින් හැඩවුණු ගෙවල් තියෙන මේ දූපත ප්රසිද්ධියක් උසුලන්නේ රස ඉතාලි මුහුදු ආහාර ගන්න පුළුවන් තැනක් විදිහටයි . විනාඩි 30 තරම් බෝට්ටු ගමනකින් පස්සෙ අපි මේ දූපතට ගොඩවුණේ  ඒකෙ තියෙන ඇලවුණු කුළුණ ගාවින් . ගමන මතක හිටින්නත් එක්ක අපි  risotto al nero di seppia කෑවා . අපේ මග පෙන්වන්නා කිව්වෙ කෑමවල තියෙන දැල්ලන්ගේ වර්ණක ඇගේ ගා ගන්නෙ නැතුව කන්න කියලයි . මේ දුපත අගනා රේන්ද ( Lace  ) නිර්මාණ වලටත් නම් දරාපු තැනක් .



අපේ චාරිකාවට නටබුන් වූ පල්ලියක් තියෙන තවත් කුඩා දුපතකුත් ඇතුලත් වුණා . අප කණ්ඩායමක් එක්ක ගිය හින්ද වෙනමම යාත්රාවක් අපේ ගමනට යොදා ගත්තත් වැනීසියේ ක්රියාත්මක වන පොදු බෝට්ටු බස් සේවාව භාවිතයෙන් ඔබට මේ දුපත් වලට යන්නත් පුළුවන් . බස් සේවාව ප්රධාන සංචාරක ස්ථාන සහ ගොඩබිම් රථගාල සම්බන්ධ වන ලෙසින් ක්රියාත්මක වෙනවා .

මීළග කලාපයෙන් ඉතාලියේ සියෙනා සහ මිලාන් වෙත යමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ  

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්


කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2021 ඔක්තෝබර් කලාපයේ පලවිය .




විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.





Saturday, November 20, 2021

අමයුරු කවි රස 10 - පරිවර්තන කවියේ මිහිරියාව .........

 අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ පරිවර්තන කවියේ මිහිරියාව ගැන 

 ඒ සදහා අප ඉදිරිපත් කරන්නේ  ලෝක පුජිත කවි කිවිදියන් 6 දෙනෙකුගේ කවි 6ක් 

1. දෙවොලට නොයන්න -   Rabindranath Tagore ( Go not to the Temple)

2. මළගම - Rupi Kaur ( Funeral)

3. පාපෝච්චාරණය - Charles Bukowski ( Confession)

4. වසන්තය - Linda Pastan ( Spring)

5. මේ කවිය ඔබටයි - Jimmy Santiago Baca (I Am Offering This Poem )

6. තොටිල්ලේ ගීතය - Sarojini Naidu ( Cradle Song )



https://rupane.com/2021/05/08/rupane-episode-243-may-08-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************



පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - දිනමිණ වසත් සුළග අතිරේකයට පරිවර්තන කවිය ඉදිරිපත් 
                                                           කරන ඕස්ට්‍රේලියාවේ හෙල්මලී ගුණතිලක   

කවි ගායනා -  රෝහණ දිසානායක සහ ආචාර්ය බුද්ධිමතී ජයසේකර       

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.



අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ   සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව


http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අටවන සහ නව වන වැඩසටහන් ඉදිරියේදී බ්ලොග් ගත වේවි. 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


Saturday, November 13, 2021

සිඩ්නි නුවරින් මතු වූ කුරුණෑගල දකුණ ඩිපෝවේ බස් රිය ........කෙටිකතාව ....

 



කලකට පෙර මා ලියූ මේ කතාව 1979-80 කාලයේදී මා ලද අත්දැකීමක නොස්ටැල්ජියානු මතකයකි.

හිතවත් බ්ලොග් රචක තිලකසිරි ඒකනායක 23 ශ්‍රී පාන් බාගේ නමින් මෙවන් මතකයක් ලියා තිබුණාත් මතකය.

මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල නොවැම්බර් කලාපයට එක් කලේ 

එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.