සුළි කුණාටුවකටත් හැකිද අප නවතන්න
අපි එකට එක්වෙලා ඉන්නවා
සැඬම ගංවතුරකට හැකිද ගම් වනසන්න
ආයෙමත් අපි ගමම හදනවා
ආයෙමත් අපි රටම හදනවා
වැටෙන වැටෙනා තරම් හැකියි යලි නැගිටින්න
අඩුපාඩු අපි අපට පේනවා
වැටුණු ගම් ගොඩනගමු
එක්ව දැය ගොඩනගමු
එක්සිත්ව අපිත් පෙල ගැහෙනවා
සුළි කුණාටුවකටත්.....
විසිර වෙසෙතත් ලොවේ මූදු හතකට එහා
මව්බිමේ දුක අපට දැනෙනවා
කදුළු සුසුමන් මැදින් දිරිය ගෙන නැගිටින්න
අපි අපිම එකට පෙල ගැහෙනවා
මිනිස් වැට රට වටේ හදනවා
ආයෙමත් අපි රටම හදනවා
එක්සිත්ව එකට පෙල ගැහෙනවා
අනුරුද්ධ වැලිගමගේ
යූ ටියුබ් දිගුව ( Short Clip )
දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර කල හදිය ගැන අපි පහුගිය දවස්වල කතා කලා. වෙනස්වන ගෝලීය තත්වයන් හමුවේ මෙවන් දෑ යලි සිදුවීමේ අවදානම ලංකාවෙන් බැහැර වන්නේ නැහැ. මීට පෙර සිදුවූ සිදුවීම් වලදී අපි පාඩම් ඉගෙන ගත්තා නම් සහ ඒ අඩුපාඩු හරියට හදා ගත්තා නම් විය හැකිව තිබූ ආපදා අවම කරගන්නට තිබුනා. මෙවර යම් වෙනසක් වේවි යැයි සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක පක්ෂ දේශපාලන බලාපොරොත්තුවක් නොවෙයි. හැබැයි ඒකට රටේ සහ ලොව වටා සිටින ශ්‍රී ලාංකික උරුමයක් තිබෙන සැමගේ දායකත්වය, වගකීම් සහ වගවීම් වැදගත් වෙනවා.
මේ නිර්මාණ කාර්යයයේදී මට කෘතීම බුද්ධි වීඩියෝ නිර්මාණ පිළිබද යොමු සදහා උදව් කල රූපණ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකා මහතාටත් , වීඩියෝවේ පළමු විනාඩිය මගේ හිත් ගත් අයුරින් සකස් කල ගායක ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා මහතාටත් මගේ ස්තූතිය හිමිවෙනවා.
මේ ඒ ගීතය වෙනුවෙන් කෙරුනු යූ ටියුබ් සහ මුහුණු පොත් දිගු. ඒවායින් එය රසවිඳ ඔබේ අදහස් ලියන්න . මිතුරන් අතරේ බෙදා ගන්න.
යූ ටියුබ් දිගුව
ගේය පද - අනුරුද්ධ වැලිගමගේ
සංගීතය - තරිඳු ජයතිලක
ගායනය - අනෝජා මකුලොළුව
සංස්කරණය - රවිඳු කන්නන්ගර
බැනර් නිර්මාණය - කාවින්දි වනිගසේකර
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:
Post a Comment