මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 30, 2022

රටක් යා කරමින් තැනුණු දුම්රිය මග .... 1.

 












1867 දී නෝවා ස්කොෂියා, නිව් බ්රුන්ස්විච්ක් , කුවිබෙක් සහ ඔන්ටාරියෝ පළාත් එක්ව තැනුණු කැනඩාවට එක්වන්නට නම් බ්රිටිෂ් කොලොම්බියාව 1871 දී කොන්දේසියක් ඉදිරිපත් කලා . කැනඩාවේ බටහිර කොනේ පිහිටි තම බිම්කඩ කැනඩාවේ අනෙකුත් පළාත් සමග යා කරමින් තැනෙන දුම්රිය මගක් . අද මෙන් ගුවන් යානා , අධිවේගී මාර්ග නැති යුගයේ භාණ්ඩ ප්රවාහනයට දුම්රිය ප්රධාන මාධ්යය වුනා . ඔවුන් සදහා දුන් කඩයිම් කාලය ( Deadline ) අවුරුදු 10 ක් .

කැනඩාවේ පළමු අගමැති ශ්රීමත් ජෝන් මැක්ඩොනල්ඩ් ( Sir Jhon A Mcdonald ) සදහා ව්යාපෘතියක් පටන් ගත්තා . ඉතිහාසය Pierre Berton ගේ The National Dream (1970) සහ The Last spike (1972) පොත්වලත් Gordon Lightfoot ගේ The Canadian Triology  (1972) ගීතයේත් , Edwin L Maria ගේ Canadian Pacific (1949)  චිත්රපටියේත් සදහන් වෙනවා .











අළුත් දුම්රිය ව්යාපෘතියේ වංචා , දුෂණ හේතුවෙන් 1873 දී කොන්සවේටිව් පක්ෂය මැතිවරණයෙන් පරාද වූ නමුත් 1878 දී යලි බලයට පත්වූ විගස කඩිනමින් දුම්රිය ව්යාපෘතියේ වැඩ පටන්ගත්තේ බ්රිටිෂ් කොලොම්බියාව දුන් කඩයිම් කාලය ඉකුත්ව යන නිසයි .

Andrew Onderdonk

බ්රිටිෂ් කොලොම්බියාවේ රිච්මන්ඩ් නගරය අසල Port Moody සිට බ්රිටිෂ් කොලොම්බියාවේ රට මැද පිහිටි Eagle Pass දක්වා කිලෝමීටර 545 දුම්රිය මගක් තනන්නට ඇමෙරිකානු කොන්ත්රාක් කරුAndrew Onderdonk  පවරන්නේ නිසයි . එකල ඉහල මිලක් වූ දවසකට ඩොලර් 1.50 කට ශක්තිමත් පුරුෂයන් සොයන්නේ අද මෙන් දියුණු උපකරණ නොතිබූ ඉතා දුෂ්කර කාර්යය වෙනුවෙන් . ස්වදේශිකයන්ට , යුරෝපා සංක්රමණිකයන් අමතරව චීනයෙන් පිරිස් දුම්රිය මග තැනීමට දහඩිය හෙලුවා . 2005 මැයි 7 වැනිදා කම්ලුප්ස් නගරයේ ඇති දුම්රිය හුවමාරුව Cheng Gin Butt ගේ නමින් නම් වෙන්නේ මේ ඉදිකිරීම් වලදී දිවි පිදූ චීන කම්කරුවන් සිහි කරමින් .




කැනඩාවට එක්වීමේ පොරොන්දුවට බටහිරින් පටන් ගත් දුම්රිය මග සමගින් රටේ අනෙකුත් කොටස් සම්බන්ධ කිරීමේ අරමුණින් කැන්ඩියන් පැසිෆික් දුම්රිය සමාගම බිහිවන්නේ 1881 පෙබරවාරි 16 වැනිදා . පෞද්ගලික ආයෝජක පිරිසකගේ මුලිකත්වයෙන් ඇරබෙන මේ සමාගමේ සභාපතිවරයා වන්නේ George Stephen සමාගමට සිය වැඩ කටයුතු පටන් ගන්නට රජය ඩොලර් මිලියන 25 ක් සහ ඉඩම් අක්කර මිලියන 25 ක් දෙනවා .



පළමු වසර අවසාන වනවිට කිලෝමීටර 211 කෙටි දුරකට දුම්රිය මග ඉදිවුණු නිසා කටයුතු කඩිනම් කිරීමට CPR. සමාගම එකල ඇති විශාල මුදලක් වුණු ඩොලර් 15000 වාර්ෂික වැටුපකට දක්ෂ පරිපාලකයෙකු වූ William Cornelius Van Horne   ප්රධාන විධායක නිලධාරියා ලෙස බදවා ගනු ලැබුවා . ඔහුගේ රාජකාරිය වුනේ ප්රෙයරි තණබිම සහ රොකී කදුවැටිය හරහා ගොස් බ්රිටිෂ් කොලොම්බියාවේ සිට එන දුම්රිය මග සමග යාකෙරෙන දුම්රිය මග තනා නිමකිරීමයි .


William Cornelius Van Horne


පලාත් යා කෙරුණු දුම්රිය මගේ වැදගත් චරිත .......


ශ්රීමත් ජෝන් මැක්ඩොනල්ඩ් ( Sir Jhon A Macdonald)

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී 1815 ජනවාරි 10 වැනිදා උපත ලබන ජෝන් මැක්ඩොනල්ඩ් පස් හැවරිදි දරුවෙක් ලෙස කැනඩාවේ කිංස්ටන් නගරයට එන්නේ 1820 දී දෙමාපියන් කැනඩාවට සංක්රමණය වූ නිසා . මූලික අධ්යාපනයෙන් පස්සෙ නීතිවේදියෙකු වන ඔහු 1857 දී Upper Canada අගමැතිවරයා වෙනවා . එකල බ්රිතාන් උතුරු ඇමෙරිකානු කොලනි ප්රදේශ වූ නිව් ෆවුන්ඩ් ලන්තය , නෝවා ස්කොෂියා , එඩ්වඩ් කුමාර දිවයින , නිව් බ්රුන්ස්වික් , ඔන්ටරියෝ ප්රදේශ එකතු කරමින් 1864,1865 වසරවලදී කල උත්සාහයන් මල් පල ගන්වමින් 1867 BNA- British North American Act  මගින් කැනඩාව බිහිවෙනවා . අන්තර් පළාත් දුම්රිය මග ඉදිවන්නේ මේ එකතුවේ දිගුවක් විදිහටයි . වික්ටෝරියා රැජින විසින් නයිට් පදවියකින් පුද ලබන ඔහු 1867-1873 දක්වාත් , 1878 සිට 1891 ජුනි 6 වැනිදා මිය යන තුරුම කැනඩාවේ අගමැති ධුරය දැරුවා .




විලියම් කොරනේලිස් වැන් හෝන් ( William Cornelius Van Horne)

ශ්රීමත් ජෝන් මැක්ඩොනල්ඩ් ගේ සිහිනය වූ කැනඩාවේ දෙකොන යා කෙරෙන දුම්රිය මගේ ප්රධාන නියමුවා වුයේ මොහුයි . මුලින්ම ප්රධාන විධායක තනතුරටත් ,1884 දී නියෝජ් සාමාන්යධිකාරී තනතුරටත් , 1888-1899 කාලයේ සාමාන්යධිකාරී තනතුරටත් ,1899-1910 කාලයේ අධ්යක්ෂක මණ්ඩල සභාපතිවරයා ලෙසත් කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගමේ ප්රවර්ධනයට කටයුතු කලා . රැකියාවට අමතරව විවිධ දක්ෂතා සහ ආශාවන් ඇති කෙනෙක් ලෙස ඔහු ප්රසිද්ධ වූයේ භූ විද්යාවට , උද්යානකරණයට , කටු සටහන් ඇදීමට මෙන්ම චිත් එකතු කරන්නට ඔහු දැක්වූ උනන්දුව නිසා .  1909 යුරෝපා සංචාරයක යෙදෙන අතරතුර මොන්ට්රියල් නගරයේ සිටි මුණුපුරාට එවූ අතින් ඇදී තැපැල්පත් අතරින් සුවිශේෂයි .2001 දී ප්රකාශයට පත්වූ Trunks all aboard යන ග්රන්ථයට මුල්වූ වදන් පෙල වැන් හෝන් දුම්රියේ ගෙනයන අලි ඇතුලත් කටු සටහනකට යෙදූ ශීර්ෂයක් .


රොකී කදුවැටිය තරණය කරමින් දෙපැත්තකින් දුම්රිය මග තැනුණු හැටි ඊලග මාසයේදී කියවමු .........


 CPR ඉතිහාස ප්රකාශනයක් ඇසුරින් සකස් කලේ

අනුරුද්ධ වැලිගමගේ 


කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකත්වයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, July 23, 2022

හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය ...... අමයුරු කවි රස 11

 

අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය

අන්දරේ , කැකිරි ගමයා සහ බරණ ගණිතයා ගේ නිර්මාණ ඇසුරින් කෙරෙන විමසුමක් ......











2021 ජූලි  මස 17 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි .

https://rupane.com/2021/07/17/%e0%b6%85%e0%b6%b8%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b7%80%e0%b7%92-%e0%b6%bb%e0%b7%83-%e0%b6%bb%e0%b7%96%e0%b6%b4%e0%b6%ab-%e0%b6%9a%e0%b7%80%e0%b7%92-%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

*****************************************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය -  ආචාර්ය සරත් චන්ද්රසේකර

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

කවි ගායනා - රෝහණ දිසානායක, කුමුදු රත්නවීර         

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

අමයුරු කවි රස - වැඩසටහන් පෙල 

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අට වන වැඩසටහන - අවුරුද්ද හා බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html

අපේ නව වන වන වැඩසටහන - බුදු දහම සහ බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_14.html

අපේ දහ වන වැඩසටහන - පරිවර්තන කවියේ මිහිරියාව  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/11/10.html

අපේ දහතුන්වන වැඩසටහන -කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය

http://ahasgawwenehalokaya.blogspot.com/2022/01/13.htm


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, July 16, 2022

චූටි නංගියේ .........



රතුපාටට ඉදී දිලෙන

ජම්බු ගෙඩිය වාගේ මුණ

ඇයි අද මේ එල්ලාගෙන චූටි නංගියේ

වෙනදා වාගේ නැහැ අදනම්

අය්යට දුක හිතෙනවාලු 

චූටි නංගියේ .........

 

ඊයේ හවස වෙනදා වගේ 

සෙල්ලම් කලේ නැහැයි කියල

මාත් එක්ක තරහවෙලා නේද නංගියේ

හිනාවෙලා යමු අපි දැන්

චූටි නංගියේ......

 

පාඩම් වැඩ ගොඩගැහිලා

ගණන් ටිකක් ඉතුරුවෙලා

ඒව කරන්නට ගිහිල්ල එන්න බැරිවුණේ

හිනාවෙලා මෙහෙට එන්න

චූටි නංගියේ

 

දෑසේ කදුළු පිහදගන්න

පොඩියක් හිනැහී බලන්න

ඔන්න ඉතින් සෙල්ලම් කරනට ආවානේ

හනිකට දුවගෙන යමු අපි

චූටි නංගියේ ......

 

අනුරුද්ධ වැලිගමගේ



1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශ දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.