මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 29, 2023

ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි ගේ පොත් 4 ක්.

 



ශමෙල් ජයකොඩි මේ වනවිට ලංකාවේ නවකථා කාරිනියන් අතර සන්නාමයක් වන ජනප්‍රිය වගේම දක්ෂ නිර්මාණ වේදිනියක් . ස්වර්ණ පුස්තක , විද්‍යෝදය , ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල වල වාර්ෂිකව අවසන් වටයට නිර්දේශිත නවකථා පොත් අතරේ ඇගේ පොතක් අනිවාර්යයෙන්ම දකින්නට ලැබෙන දෙයක්.

කැනඩාවේ මිසිසාගා නගරයේ සරල , සාමාන්‍ය ජීවිතයක් ගෙවන අතරේ ලෝකයේ විවිධ තැන්වල කරන සංචාර හරහා ඇය එකතු කරගන්නා අත්දැකීම් ජීවන සිත්තම් විදිහට අපූරුවට අකුරු කරන්නට ඇය දක්වන්නේ පුදුම දස්කමක් . ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය වල නිතර දකින්නට නොලැබෙන , අඩුවෙන් කථා කරමින් විශාල නිර්මාණ කාර්යයක් කරන ඇය රූපණ පොත් පිටු අතරට එකතු වුනේ මෙහෙමයි.


ඇගේ පොත් රැස අතුරින් මෑතකදී කථා බහට ලක්වුණු මගේ චිකාගෝ හදවත , කුමර කොබෙයි , වීනස්ගේ උපත වගේම ඇගේ අළුත්ම පොත වන වැනීසියේ බණ්ඩාර ගැන මේ වැඩසටහන තුලින් ඔබට දැනගන්න පුළුවන් . 

2023 අප්‍රේල් 29 වැනිදා වෙබ් ගත වූවකි. 


https://rupane.com/2023/04/29/rupane-episode-345-april-29-2023/

***************************************************************

සම්පත් දායකත්වය -  ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - වීරා ෆොන්සේකා , ගොයුම් එරංග   

සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ  මැදිරියේ  කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

Saturday, April 22, 2023

කැනඩාවේ රූපණ කණ්ඩායම ලංකාවේ චරණ ට ආ අවුරුදු ගමන


හරවත්, නැණවත් දිගු ගමනක යෙදෙන ලංකාවේ චරණ රූපවාහිනියේ මෙවර අවුරුදු සජීවී වැඩසටහන සමග විටින් විට අවස්ථා කිහිපයකදී හමු වන්නට කැනඩාවේ ටොරොන්ටෝ නුවර රූපණ අන්තර්ජාල රූපවාහිනියේ අපට ඉඩක් ලැබුණා. 

අපේකමට අපේ හඩක් නගමින් ටොරොන්ටෝවේ යහපත් මාධ්‍ය මෙහෙවරක යෙදෙන අපට එය මහත් සතුටට කරුණක් . පසුගියදා ටොරොන්ටෝවේ සිට වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කල දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතාට මාධ්‍ය පහසුකම් සපයන්නට අපේ තාක්ෂණික පිරිවර ඉදිරිපත් වීමත් අපි මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතියි.   

 ඒ හින්ද අප එය සලකන්නේ කැනඩාවේ සිට ලංකාවට ආ නෑ ගමනක් විදිහටයි. 







මේ අපි අපේ එකතුවීම සටහන් කල හැටි ..........

මම ඔබත් එක්ක එකතුවෙන්නෙ  කොළබ ඉදන් කිලෝමීටර 14 දහසක දුරින් තියෙන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ඉදන් 

Super - අනුරුද්ධ වැලිගමගේ 

             කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට .......


ග්‍රිනිච් මධ්‍ය රේඛාවෙන් බටහිර වන්නට පිහිටි අපත් නැගෙනහිරින් ඉන්නා ඔබත් අතර කාල පරතරය දල වශයෙන් පැය  10 ක් . ඒ කියන්නෙ අප ඉන්නෙ ඔබට පැය 10 ක් පිටුපසින් .



උතුරු අර්ධ ගෝලයේ ශීත හිමරටක් හින්ද තවමත් අපට ලංකාවෙ ඉන්න ඔබට වගේ සුවදායක කාලගුණයක් නැහැ . මේ වෙනකොට අපේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 ක් විතර. ඒ හින්ද අපේ සියළු පටිගත කිරීම් කෙරෙන්නෙ ගොඩනැගිලි ඇතුලත තමයි.


ඒ කොච්චර වෙනස්කම් තිබුණත් , විවිධ හේතු හින්ද මව්බිමෙන් පිට ජීවත් වන්නට සිදු වුනත් ශ්‍රී ලංකා  බිමේ උපන් අපට සිංහල හින්දු අළුත් අවුරුද්දෙ වටිනාකම තදින් දැනෙනවා.


අද දවස අපට නිවාඩු දිනයක් නොවුණත් , චරණ ලෝකේ වටේ අවුරුදු එක්ක වෙනස් අංග කිහිපයක් අරගෙන ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඩ රූපණ කණ්ඩායම අද දවසෙදි විටින් විට ඔබ හමුවන්න බලාගෙන ඉන්නවා.




මම මේ ඉන්නා ස්කාබරෝ ප්‍රදේශයේ ශ්‍රී ලාංකික හිමිකාරීත්වයක් ඇති උත්සව ශාලා පරිශ්‍රයේ ඉදන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සහ හින්දු කුගේ අවුරුදු පණිවුඩ 2 ක් වගේම ලස්සන නර්තන අංගයකුත් ගෙන එන්නට බලාපොත්තු වෙනවා .


ඒ වගේම මාකම් නගරයේ පුබුදු සහ මංජුලා ආරියරත්න යුවලගේ නිවසේ අවුරුදු චාරිත්‍ර ඉටුකරන විදිහ බලන්න එහි සිටින සංජීව අබේරත්න සහ සම්පත් පෙත්තාවඩු සහෝදරයින් දෙන්නා එක්කත් එකතු වෙන්න බලාගෙන ඉන්නවා . 


ඒ වගේම අපේ පොඩිත්තන් කීප දෙනෙකුගේ මියුරු ගායනයක් අහන්නත් සුදානමක් තියෙනවා .


එහෙම නම් අපි තව ටිකකින් ආයේ හම්බ වෙමු





2023 අප්‍රේල් 22 වැනිදා වෙබ් ගත වූවකි. 


https://rupane.com/2023/04/22/rupane-episode-344-april-22-2023/


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ
ඉදිරි නිරමාණ එළිය  කරාවි.



Saturday, April 15, 2023

මහින්ද කුමාර දළුපොත ප්‍රවීණයා ගෙන් අළුත් අවුරුද්ද ගැන අහමු

  



සිංහල අළුත් අවුරුද්ද එක්ක එහි යටගියාව , සිරිත් විරිත් වගේම වත් පිළිවෙත් ගැනත් කථා කරන්න නිවැරදි දැනුම තියෙන විද්වතුන් ඉන්නේ අතේ ඇගිලි ගණනට විතරයි . 


සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත කියන්නේ ඒ වගේ සම්පතක්. එතුමා මේ වෙනකොට ලංකාවේ ජීවත්වන එවන් මහා දැනුම් ගබඩාවක් වගේම කාගේත් හිතට දැනෙන විදිහට ඒ තොරතුරු ඕනෑම කෙනෙකුට තේරෙන සරල බස් වහරකින් කියන්නට හපන්කම් දක්වන චරිතයක්.

වසංගත සමයේ තරමක විවේකයෙන් හිටපු කාලෙ එතුමාව zoom තාක්ෂණයෙන් සම්බන්ධ කරගෙන වැඩසටහන් 2 ක් කරන්න ඉඩ හදාගත්තේ රූපණ මෙහෙයුම් අධ්‍යක්ෂක එරංග හිදෙල්ල ආරච්චි සොයුරාගේ සම්බන්ධීකරණයෙන්. පහුගිය අවුරුද්දෙ අන්තර්ජාලයේ ඩිජිටල් ගත කල මේ තොරතුරු ඔබත් එක්ක බෙදාගන්න හිතුවෙ ඒ හින්දයි.   

  



2022 අප්‍රේල් මස 9 වන සෙනසුරාදා වෙබ් ගත වුවකි . 

https://rupane.com/2022/04/09/rupane-episode-289-april-09-2022/

*****************************************************************

සම්පත් දායකත්වය -    සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය 

                                       මහින්ද කුමාර දළුපොත 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ සහ කල්ප සමරතුංග

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග  හිදෙල්ල ආරච්චි   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


ලැබුවාවූ  අළුත් අවුරුද්ද සිංහල බ්ලොග් ලියන ඔබ සැමට නිරෝගීමත් , වාසනාවන්ත  සුබම සුබ නව වසරක් වේවායි සුබපැතුම්.

Saturday, April 8, 2023

අළුත් අවුරුද්ද බොදු සහ හින්දු ආගමික ඇසින් බලමු

 


මුලින්ම හිරු දෙවි පූජාවක් විදිහටත් ඊට පස්සෙ අස්වනු මංගල්‍යයක් විදිහටත් සැමරුණු අප්‍රේල් මාසයේ සැමරුමට අද වෙනකොට විවිධ සංස්කෘතික අංග රැසක් එකතුවෙලා තියෙනවා. ලංකාවේ ඉතිහාසය දිහා පාට කණ්නාඩි වලින් මිදිලා බලද්දි  ඉන්දියානු සහ හින්දු ආගමේ බලපෑම් වගේම බෞද්ධ විශ්වාස වලට අමතරව දේව විශ්වාසයන් එකතුවී තියෙන හැටි දකින්න පුළුවන්. 

හින්දු ආගමිකයින් අළුත් අවුරුද්දට කියන්නෙ පුත්තාන්ඩු කියල . හින්දු සිරිත් විරිත් සිංහල සිරිත් විරිත් වලට වඩා වෙනස් . කහ දියර, මරුතු නීර් වගේම පැණි රස පොංගල් බත් රස එක්ක තවත් තොරතුරු රැසක් මේ වැඩසටහනෙන් ඔබට දැනගන්න පුළුවන් .  



කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ  2023 අප්‍රේල් 8 වැනිදා වෙබ් ගත වූවකි. 

https://vimeo.com/815837440?fbclid=IwAR0kVEPdrrJthu-sRVgLX9jx674ZqmXb7uxZmkJrdWuCvd6YT3_oKOjOJsQ


සම්පත් දායකත්වය -  

ටොරොන්ටෝ මහා විහාරවාසී ලුණුගම්වෙහෙරේ රේවත හිමි 

තම්බය්යා ශ්‍රීපති මහතා 


ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ සමග අනුෂා කිංස්ලි 

කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග    

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Grand Cinnamon Banquet & Convention පරිශ්‍රයේ  කෙරුණු පටිගත කිරීමකි.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ
ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, April 1, 2023

යූ ටියුබ් අවකාශයේ දස්කම් දක්වන අපේ කොල්ලෝ , කෙල්ලෝ


යූ ටියුබය පටන් අරගෙන තියෙන්නේ පෞද්ගලික උවමනාවක් මත වුණත් මේ වෙනකොට එය කරන සමාජ බලපෑම අති මහත් . වෙලාවකට යූ ටියුබයට වැඩසටහන් ඉදිරිපත් කරන එක කලාවක් . තවත් වෙලාවකට උන්මාදයක් . සමහරු ඒක සංදර්ශනයක් කරගෙන තියෙන අතරේ සමහරෙක් එය විලාසිතාවක් කරගෙනත් තියෙනවා. පොඩි පොඩි උපාංග ටිකක් අරගෙන ආසාවට වගේම ව්‍යාපාරික අරමුණකිනුත් වැඩසටහන් කරන්න විශේෂයෙන්ම තරුණ පරපුර අතරේ ලොකු උනන්දුවක් තියෙනවා . 



 
යූ ටියුබයට වැඩසටහන් එකතු කරන කැනඩාවේ ඉන්නා ශ්‍රී ලාංකික පිරිස් අතරින් තුන් දෙනෙක් සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරන්න අපි තීරණය කලේ ඒ හින්ද . නිවැරදි , සමබර තොරතුරු ජනගත කරන තරුණයින් දෙන්නෙකුටත් , තරුණියකටත් අපි මේ වැඩසටහනේ ඉඩක් දුන්නා. චාමර පෙරේරා ඔන්ටාරියෝ පළාතේ ටොරෝන්ටෝවෙන්  එකතු වෙද්දී චාමර  රන්දුනු දේවගේ සහ රුවිනි බියගම එකතු වුනේ බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ වැන්කුවර් නගරයෙන්. 


දොන් චාමර පෙරේරා (  Don’s Auto යු ටියුබ් චැනලය )




                                    රුවිනි අයේෂා බියගම (Canadian Diaries යු ටියුබ් චැනලය -

new Name Duo In Canada )



                                    චාමර සදරුවන් රන්දුණු දේවගේ (Canada Kollo යු ටියුබ් චැනලය)




මේ දිගු ඔස්සේ ගිහින් ඔබට ඔවුන්ගේ වීඩියෝ එකතු බලන්න පුළුවන් . ඉගෙන ගන්න හරි , ස්ථිර පදිංචිය සදහා හරි කැනඩාවට එන්න හිතන් ඉන්න කෙනෙකුට මේ තොරතුරු ප්‍රයෝජනවත් වේවි . විවිධ පුද්ගලයින් නියම නම් වලින් සහ ව්‍යාජ නම් වලින් යූ ටියුබයට සහ අන්තර්ජාලයට අසත්‍ය තොරතුරු එකතු කරන හින්ද මගේ නම් අදහස නම් නිවැරදි සංක්‍රමණ තොරතුරු සදහා කැනඩා රජයේ නිල සංක්‍රමණ වෙබ් අඩවියට ගිහින් නිවැරදි තොරතුරු හොයා ගන්න කියලයි.  https://www.cic.gc.ca/


https://rupane.com/2023/01/28/rupane-episode-332-january-28-2023/

*********************************************************************************************

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය - දොන් චාමර පෙරේරා (  Don’s Auto යු ටියුබ් චැනලය )

                                    රුවිනි අයේෂා බියගම (Canadian Diaries යු ටියුබ් චැනලය)

                                    චාමර සදරුවන් රන්දුණු දේවගේ

(Canada Kollo යු ටියුබ් චැනලය)


සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ


අධ්‍යක්ෂණය - ගොයුම් එරංග  


විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා


Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.













මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.