මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, August 26, 2018

ප්‍රංශයෙන් ඇමෙරිකාවට ලැබුණු නිදහසේ කාන්තාව බලන්නට ..........බසයක නැගී ඇමෙරිකානු මහ නගර බලා ... 1 වන කොටස..........

 Image result for statue of liberty

55 Cheap or Free Things to Do in NYC | Cheapism.com




ඇමෙරිකානු විප්ලවය සහ වහල් මෙහෙය අවසන් කිරීම අගය කරනු වස් නොමැකෙන සිහිවටනයක් ප්‍රංශයෙන් තෑගි ලැබෙන්නේ 1886 දී . ප්‍රවීණ මුර්ති ශිල්පි ෆෙඩ්රික් ඔගස්ටේ බර්තෝල්ඩ් විසින් සැලසුම් කල අඩි 151 ක් උස තබ ප්‍රතිමාව නිර්මාණය වුනේ ලෝ ප්‍රකට පැරිසියේ අයිපල් කුළුණ නිර්මාණය කල ශ්‍රේෂ්ඨ ඉංජිනේරු ගුස්ටාව් අයිපල් ගේ අධීක්ෂණය යටතේ . අද ලෝකයේ මුල්පෙල සංකේතයක්  වන ලිබර්ටි ප්‍රතිමාව දකින්නට ලැබෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වරායට යාබදව පිහිටි ලිබර්ටි දුපතේදී .

Image result for designer of statue of libertyRelated image


Image result for tour buses in new york


සංචාරයක මතකය ලිපි පෙල දැන් කලක් තිස්සේ ඔබ කියවා තිබෙනවා . ඔබට මතක නම් නාසා සහ ඩිස්නි ලෝකය වෙත ෆ්ලොරිඩා ප්‍රාන්තයට අප ගමන් කලේ ගුවනින් . කැනඩාවේ නෝවා ස්කොෂියා සහ නිව් බ්රුන්ස්වික් පළාත් වෙත අප ගමන් කලේ දිගු රථ ධාවනයක යෙදෙමින් . සංචාරයේදී අපට විවිධ මාධ්‍ය භාවිතා  කරන්නට වෙනවා . ඒ වාගේම ඒ  සදහා අපට දරන්නට හැකි මුදලත් වෙන්කල හැකි කාලයත් ගැන සලකා බලන්නට වෙනවා . මෙවර සංචාරය සදහා අප යොදා ගත්තේ අන්තර්ජාල පහසුකම්, වැසිකිලි පහසුකම් සහිත  සුවපහසු සංචාරක බසයක් . පළපුරුදු සංචාරක සමාගමක් මගින් සංවිධානය කරන ගමනකට එක්වීමේ වාසි මෙන්ම අවාසිත් තිබෙනවා . 

Image result for us border


ඔවුන් පුරුද්දක් සේ නිතර මේ ගමන්වල යෙදෙන නිසා දේශ සීමා හරහා යාමේදී ( Border crossing ), රථ ධාවනයේදී, ඉන්දන පිරවුම් වලදී,වැසිකිලි යෑම සදහා  මෙන්ම වාහන නවත්වන්නට තැන් සොයාගැනීමට අනවශ්‍ය ලෙස විනාස කරන කාලය ඉතිරි වෙනවා . විශාල පිරිසක් සදහා හෝටල් වෙන්කරවා ගැනීම් කෙරෙන බැවින් සහ නරබන තැන් සදහා ප්‍රවේශ පත්‍ර ගැනීමේදී වැඩි වට්ටමක් ඔවුනට ලැබෙන බැවින් හොද නවාතැනක් සේම ප්‍රවේශ පත්‍ර අඩු මිලකට ලබා දෙන්නට ඔවුනට පිලිවන් . සමහර දිනවල උදැසනින්ම නැගිටින්නට වීමත් සමහර දිනවල පමාවී රාත්‍රී ආහාර ගැනීම මෙන්ම ලබාදී ඇති සීමිත කාලයේදී පරිශ්‍රයක් නරබා ආපසු බසයට ඒමත් වැනි නිදහස සීමාවීමත් , තමාගේ රුචියට නොව ඔවුන්ගේ තේරීමට අනුව සංචාර ආකෘතිය අත්විදින්නට සිදු වීමත්  නිසා සමහරු මේ සදහා වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ .
$12.5 Million Penalty on Brokerage Firms for Martin Act Violations ...


එහෙත්  මහා නගරවල සහ තදාසන්න කලාපයේ ඇති දැඩි වාහන තදබදයෙන් සහ වාහන නැවැත්වීමේ අපහසුතාවයෙන් මිදී  නිසි  තැනට පහසුවෙන් ගොස් කල අපේක්ෂිත සංචාරයක් ලෙසින් අප තෝරාගත් ගමන අප අත්විදි බව කිව යුතුයි . මේ ලිපි යුගලයෙන් අපි  යන්නේ බොස්ටන් (Boston), නිව් යෝර්ක් ( New York), ඇමෙරිකන් අගනුවර වොෂින්ටන් ඩී සී ( Washinton D C )සහ පෙන්සිල්වේනියාව( Pensylvenia) වෙතයි . මේ මහ නගර එකිනෙකට යාබද ප්‍රාන්තවල පිහිටා තිබෙනවා . අප ගමන් කල බසය ටොරොන්ටෝවෙන් අරබා නැවත ටොරෝන්ටෝවෙන් ගමන් අවසන් කලේ දින 4 කදී .

Image result for boston


බොස්ටන් (Boston)



Cruise to Boston | US and Canada Cruises | MSC Cruises

අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි ජනාකීර්ණ වරාය නගරයක් වන බොස්ටන් නව එංගලන්තය ලෙස හදුන්වන ඇමෙරිකානු ප්‍රදේශයේ ඇමෙරිකානු විප්ලවයේදී මහත් මෙහෙයක් කල නගරයක්.අද එය වඩාත් ප්‍රකට වන්නේ කීර්තිමත් හාවර්ඩ් සරසවිය නිසා . කීර්තිමත් ඇමෙරිකානු ජනාධිපති වරුන් වූ තියොඩෝර් රුස්වෙල්ට්, ජෝන් එෆ් කෙනඩි, බරක් ඔබාමා ,  තාක්ෂණික ලෝකයේ  ප්‍රකට ලෝක ධනවතා බිල් ගේට්ස් මෙන්ම සමාජ ජාල සමාජගත කල ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් හාවර්ඩ් සරසවිය ලොවට දායාද කල සම්පත් . මෙම සංචාරයේදී අපේ මග පෙන්වන්නා අපව හාවර්ඩ් සරසවිය සහ වටපිටාව පෙන්වීමට රැගෙන ගියේ දිගු ගමනකින් පසු පළමු දින හවස් යාමයේදී .

Related imageWilliam Henry Gates III, Age 29 (With images) | Bill gates, Bill ...

බොස්ටන් වරාය අසබඩ පොදු විනෝද ප්රදේශය සහ එදා පොදු ජනතාව එක්රැස්වූ ප්රදේශය(Faneuil Hall) අද අවන්හල් සහ පදික වෙළදසලින් පිරි සංචාරක ආකර්ෂණයක් ලෙසින් ප්රකටයි . සමරු ආයිත්තම් මිලදී ගැනීමට එය හොඳ ඉසව්වක් . එය දුටු මගේ තකය  දිවගියේ ලංකාවේදී  අප ගිය කොටුව දුම්රිය ස්ථානය අසබඩ පිහිටි ලෝක වෙළදපොල වෙතටයි .







නිව් යෝර්ක් ( New York)

Discover New York City's Top 5 Bridges : New York Habitat Blog


Cruise Miss on her experience aboard Queen Mary 2 | Cruise1st Blog



අපගේ දෙවන  දිනය  වෙන්වූයේ ලෝකයේ ලෝකයේ ප්‍රබල ආර්ථික මධ්‍යස්ථානය වන නිව් යෝර්ක් හි  සරන්නටයි . බොස්ටන් සිට නිව් යෝර්ක් කරා යාමේදී ඇති අධික වාහන තදබදයෙන් මිදෙන්නට අප දවස අරඹා සිටියේ උදාසනින්මයි . හඩ්සන් ගග අත්ලාන්තික් සාගරය හමුවන මුවදොරේ පිහිටි මෑන්හැටන් දුපතේ වඩාත් වැදගත් වාණිජ ගොඩනැගිලි පිහිටා තිබෙනවා . සැප්තැම්බර් 11 වැනිදා ප්‍රහාරයෙන් විනාශවූ ලෝක වෙළද මද්‍යස්ථානය ( World Trade Centre) , කලක් ලොව උසම ගොඩනැගිල්ලේ කිරුල දැරූ එම්පයර් ස්ටේට් ( Empire State) සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ( United Nations ) රැස්වන ප්‍රධාන කාර්යාලය ඇත්තේත් මෙහියි.


UN committee postponed after Iranian diplomat opposes U.S. visa ...


Last night The Empire State Building became the face of extinction ...


 බ්රූක්ලින් (Brooklyn) , මෑන් හැටන් ( Manhattan), ක්වින්ස්බොරො ( Queensboro) , ජෝර්ජ් වොෂින්ටන් ( George Washinton) වැනි පාලම් වලින් ගග තරණය කොට මෙහි  වූ ප්‍රධාන වාණිජ වීදිය වන වෝල් ස්ට්‍රීට්( Wall Street)  වෙත යා හැකියි .




ටයිම් චතුරශ් ය ( Times Square)


1945 දී  දෙවන  ලෝක සංග්රාමය  නිමාකර නිව් යෝර්ක් වරායෙන් සිය රට පැමිණි නාවිකයෙකු ටයිම් චතුරශ්රයේදී හෙදියක සිප වැළද ගන්නා සේයාරුව V-J Day in Times Square, a photograph by Alfred Eisenstaedt, was published in Life in 1945 , ලෝකයේම ජනප්රිය මතකයක්. චිත්රපට සහ සේයාරූ තුලින් පමණක්  දැක  තිබු  අති විශාල රුපවාහිනී තිරවලින්  පිරි  පරිශ්රය හැබැහින් දැකගන්නට මේ  සංචාරයේදී අපට  ඉඩ  ලැබුණා . මිල  අධික  ප්රකට  වෙළදසැල් කිහිපයක ( Window Shopping  ) සරන්නටත් එය  අවස්ථාවක්  වූ  බව කිවයුතුයි .

Image result for v-day kiss*

Secrets of Times Square in NYC




රොකෙෆෙල්ලෙර් කුළුණ (Rockefeller Tower)

Rockefeller Center | Manhattan, NY | Things to do in Midtown West ...




එයටම ආවේණික කහ  පැහැති කුලී රථ වලින් පිරි නිව් යෝර්ක් නගරයේදී අපට බොහෝ අරුම පුදුම දෑ එක් රැස් කල රිප්ලිස්  (Ripley’s Believe or not Museum) කෞතුකාගාරය බලන්නට හැකිවුණා . අහස පරයා නැගෙන සුවිසල් ගොඩනැගිලි මැද පිහිටි  උස තට්ටු  70 ක් රොකෙෆෙල්ලෙර්(Rockefeller Tower) මුදුනට  යන්නටත් ඉඩක්  මේ සංචාරයේදී සලසා තිබු බව සටහන් කල යුතුයිඑම්පයර් ස් ටේට්  ගොඩනැගිල්ල අසලම පිහිටි මේ  මුදුන නිව් යෝර්ක් නගරයේ කෙතරම් උස ගොඩනැගිලි ඇත්දැයි සාක්ෂි පෙන්වන සේයා රූ මවන තැනක් . අවන්හල් රැසක් , සාප්පු සංකීර්ණයක්  සහිත පරිශ්රයේ  සීලිමේ සහ පසුපස බිත්තියේ ඇද ඇති සුවිසල් චිත් ලෝක ප්රසිද්ධ නව ලොව නිර්මාණ වෙනවා . එහි ඇති ප්රෝමිතස් සහ ඇට්ලස් ප්රතිමා අන් තැනකදී දැකගත නොහැකි අගනා නිමවුම් බව සේයා රූ තවමත් මට කියනවා .


Hotels near Rockefeller Center | Omni Berkshire Place

GE building mural, Rockefeller Center - Lower Plaza (With images ...


ලිබර්ටි ප්රතිමාව (Statue of Liberty)

Statue of Liberty blueprints discovered, showing last-minute ...


Visiting The Statue Of Liberty: 21 Very Useful Things To Know



මේ සංචාරයේදී අප වඩාත්ම අත්විදි චාරිකාව වුයේ නිව් යෝර්ක් වරාය සංචාරයයි .( New York Harbour Cruise) සුවපහසු යාත්රාවක නැගී කල සංචාරයේදී නිව් යෝර්ක් නගරයේ සියලු සංකේත (Landmarks),  සහ එලිස් දුපතේ නිදහසේ ගිනි සිළුව අතින් ගත් ලිබර්ටි ප්රතිමාව (Statue of Liberty) දකින්නට ලැබුණා . අප කල සංචාරයේදී අප එය තුලට ගියේ නැහැ . ඔබට අවශ් නම් පෞද්ගලික සංචාරයකදී එයට යන්නටත්  පුළුවන්. විශේෂයෙන්ම නිව් යෝර්ක් නගරයේ වාහන නැවැත්වීමේ  අපහසුතා සංචාරක බස්රිය නිසා අපට දැනුනේම නැහැ . පළපුරුදු රියදුරුවරිය අපව වාහන  තදබදයද අවම කරවමින් අදාල ස්ථානය ඉදිරිපිට බස්වනු  ලැබූ  නිසා  වැඩි  දුරක්  ඇවිදින්නට  වුයේත්  නැහැ . බොහෝ  කැනේ ඩියනුවන් කරනා ලෙසින් නිව්  ජර්සි ප්රාන්තයේ  හෝටලයක  නැවතී  පොදු  ප්රවාහන  මාධ්යයන් මගින් සුවිසල් ඇපල් ගෙඩිය (Big apple) ලෙසින් හදුන්වන නිව්  යෝර්ක් නගරයට යන්නට  වුවෙත් නැහැ .

A Truck Driver Attacked Wall Street's Iconic Charging Bull Statue ...

හිස  අතගෑමෙන් වාසනාව උදාවෙනවා යැයි විශ්වාසයක් ඇති  ගවයාගේ ප්රතිමාවත් , නිව්  යෝර්ක්  කොටස් වෙළදපල ( New York stock exchange) ඇතුළු ලෝකයේම අවධානයට  ලක්වුණු වාණිජ  වීදිය වන වෝල් ස්ට්රීට් (Wall street) හි  කුඩා  දුරක් ඇවිදින්නටත් මේ  සංචාරයේදී  ඉඩ  සලසා  තිබුනා .






ඇමෙරිකාවේ අග නගරය වන වොෂින්ටන් සහ පෙන්  ගුහාව  බලන්නට  ගිය හැටි කියවන්නට ලබන මාසයේදී 
හමුවෙමු


ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .



සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ * අන්තර්ජාලයෙන්

Synaptic Ai - Blog



කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 මාර්තු  කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Canadian Minority Media Database | Dasatha

http://dasatha.com/

INSIDE RIPLEY'S BELIEVE IT OR NOT, AS SEEN IN JUNE 2014. - Picture ...