මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 26, 2022

ජීවිතය දිහා වෙනස් විදිහට බලන දෘශ්‍ය සටහන් පෙලක්.

 

වාර්තා චිත්‍රපට වල ප්‍රධාන කාර්යභාරයක් තිබෙනවා. ඒ යම් කාර්යයක් හෝ සිද්ධි දාමයක් ප්‍රතිනිර්මාණය කරමින් ඒ ගැන විනිවිද දකින එකයි. මේ දෘශ්‍ය සටහන්  පෙල ඔබට විවිධ අංශ යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ ඒ සිදුවීම් ගැන විවිධ මති මතාන්තර දරන්නට පුළුවන්. ඒ හැබෑ සිදුවීම් මේ වෙනකොට ඉතිහාසයට එක් වෙලා ඉවරයි. ඒ වගේම ඒවා අපට දකින්නට වෙන්නේ ඒ නිර්මාණ වලට දායක වුණු ශිල්පීන් දැක තිබෙන කෝණයෙන්. ඒ කොහොම වුණත් මේ දෘශ්‍ය සටහන් පෙල ඔබට ජීවිතය දිහා වෙනස් විදිහකට බලන්න සිතුවිලි අවදි කරාවි. මේ සටහන එක් කරන්නේ කාලයක් චිත්‍රපට ගැන කථා නොකලේ ඇයි කියන විමසුමට පිලිතුරක් හැටියටයි. මේ සියළු වැඩසටහන් කැනඩාවේ Netflix අඩවියේ තිබුණු නිසා සමහර විට ඔබේ කලාපයේදී ඇතුලත් නොවෙන්නත් පුළුවන්.  

Tales by Light

    National Geographic   නාලිකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ නිපදවුණු මේ දෘශ්‍ය සටහන් පෙල ලෝකයේ විවිධ තැන්වල සංචාරයේ යෙදුණු දක්ෂ කැමරා ශිල්පීන් දුටු මනරම් දසුන් සහ ඔවුන්ගේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කල වැඩසටහනක්.

        අපි හරිම ආසාවෙන් රස විදින හොද සේයාරුවක් ගන්න ඔවුන් දරන වෙහෙස ඔබට මේ වැඩසටහනෙන් අවබෝධ කර ගන්න පුළුවන්. 

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Tales_by_Light

Tales by Light
Tales by Light logo.png
GenreDocumentaryrealityPhotography
Developed byCanon Australia + Untitled Film Works
Directed byAbraham Joffe ACS
Voices ofJack Thompson (season 1)
Sigrid Thornton (season 2)
Country of originAustralia
Original languageEnglish
No. of seasons3
No. of episodes12
Production
Executive producerJason Mclean
ProducersAbraham Joffe ACS, Louis Cooper Robinson
CinematographyAbraham Joffe ACS, Blake Castle, Dom West
EditorsLorna-Jean Bradley, Hayley Onikul, Rika Borthwick
Running time30 minutes (season 1)
1 hour (season 2)
Production companyUntitled Film Works
DistributorDistribution 360[1]
Release
Original networkNational Geographic (season 1-2)
Network Ten (season 3)
Picture format4K UHD
Original release24 May 2015

Trailer  යු ටියුබ් දිගුව 

Season 1



season 2



Season 3

The Naked Director

 70-90 දශකවල අන්තර්ජාලය පැමිණෙන්නට පෙර වැඩිහිටි විනෝදාස්වාදන මාධ්‍යයක් ලෙස නිරුවත් කාන්තා පින්තූර ඇතුලත් සගරා සහ නිරුවත් ලිංගික දර්ශන ඇතුලත් ඩීවීඩී පට සංස්කෘතියක් තිබුණා. බොහෝ දෙනෙක් හොරෙන් බැලුවත් එය වාණිජමය වශයෙන් දැවැන්ත එකක්. ජපානයේදී ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වුණේ Toru Muranishi. ඔහුගේ ජීවිත කථාව ඇතුලත් Nobuhiro Motohashi ගේ Zenra Kantoku Muranishi Toru Den      කෘතිය ඇසුරින් මේ දෘශ්‍ය වැඩසටහන් පෙල නිර්මාණය වී තිබෙනවා. නිරුවත් සහ ලිංගික දර්ශන තිබෙන නිසා මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.   

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  ….

https://en.wikipedia.org/wiki/The_Naked_Director

The Naked Director
Poster for The Naked Director.png
Promotional release poster
Genre
Based onZenra Kantoku Muranishi Toru Den
by Nobuhiro Motohashi
Directed by
Starring
ComposerTaisei Iwasaki
Country of originJapan
Original languageJapanese
No. of seasons2
No. of episodes16 (list of episodes)
Production
Executive producers
  • Kaata Sakamoto
  • Taro Goto
  • Masaharu Take
Producers
  • Yasuhito Tachibana
  • Hiroyuki Akune
CinematographyHideo Yamamoto
Editor
  • Zensuke Hori
Camera setupSingle-camera
Running time39–54 minutes
Release
Original networkNetflix
Picture format4K (16:9 UHDTV)
Audio formatDolby Digital
Original releaseAugust 8, 2019 –


Trailer  යු ටියුබ් දිගුව 

Season 1




Season 2




Pablo Escobar - (Spanish)

නීතියට අනුව නම් Pablo Escobar කියන්නේ ඇමෙරිකාව සහ කොලොම්බියාවේ එදිනෙදා ජීවිතයට තර්ජනයක් වුණු මත්ද්‍රව්‍ය වෙළද කල්ලියක නායකයෙක්. ඒ වගේම දහස් ගණනකගේ ජීවිත බිලිගත් ත්‍රස්තවාදියෙක්. රටම ඒ තැනට ඇද දමන්නට දේශපාලකයින් ඇතුළු විවිධ හේතු නිසා ඔහු හා කල්ලිය එතැනට යොමු වුණු හැටි අප නොදකින ලෝක දේශපාලනයේ අදුරු අඩවිය ගැන දකින්නට හොද අත්වැලක්. බොහෝ වෙඩි තැබීම් සහ මිනීමැරුම් තිබෙන නිසා ඒ ගැන සංවේදී වන අයට මෙය එතරම් හොද එකක් වෙන එකක් නැහැ.    

වැඩි විස්තර සදහා යොමුව  …..

Pablo Escobar, The Drug Lord (Pablo Escobar, el patrón del mal)

2012 ‧ Drama ‧ 1 season
Watched it?
All watch options
95% liked this TV show
Google users

Description

Escobar: El Patrón del Mal is a 2012 Colombian telenovela produced and broadcast on Caracol TV, based on a true story about the life of Pablo Escobar – the notorious druglord. It is available only in Spanish. There is a version available with English subtitles, as well as a version dubbed in Hindi on the ZEE5 app. Wikipedia
ProducersJuana Uribe; Camilo Cano; Gabriel Klement
GenreDrama; Historical series; Telenovela
No. of episodes113 (Caracol); 74 (international)
Original releaseMay 28 –; November 19, 2012

Production companyCaracol TV 

Trailer  යු ටියුබ් දිගුව 


14 Peaks - Nothing is Impossible

නේපාල ජාතික Nirmal Purja දක්ෂ ගුර්කා භටයෙක් වගේම බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සේවය කල නිලධාරියෙක්.ආසියාවේ තිබෙන ලොව උසම කදු මුදුන් 14 ක් මාස 7 කට  අඩු කාලයකදී තරණය කිරීම ගැන ඔහු කිව්වාම සමහරු ඒ දිහා බැලුවෙ මේ මොන පිස්සු කථාවක්ද කියල. ඒකට හේතුව මීට කලින් ඒ වැඩේට අවුරුදු 7 ක්ම ගිහින් තිබුණු හින්ද.

2019 අප්‍රේල් මාසෙ ඉදන් ඔක්තෝබර් මාසෙ අතර කාලෙදි මාස 6 ක් සහ දින 6 ක කාලයක් තුල Nirmal Purja ඇතුළු කණ්ඩායම මේ වික්‍රමය කලේ අළුත් ගීනස් වාර්තා රැසක් තබමින්. මේ වැඩසටහන තුලින් ජීවිතයේ බොහෝ දේ අත් නොහැර කරන්නට අපේ කැපවීම සහ අදිටන සමත් බව කදිමට ඔප්පු කරවනවා. 

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  ….

https://en.wikipedia.org/wiki/14_Peaks:_Nothing_Is_Impossible

14 Peaks: Nothing Is Impossible
14 Peaks- Nothing Is Impossible.jpg
Directed byTorquil Jones
Written byGabriel Clarke
Torquil Jones
Produced byJohn McKenna
Barry Smith
Drew Masters
Catherine Quantschnigg
Mark Webber
StarringNirmal Purja
Edited byIan Grech
Music byNainita Desai
Production
company
Noah Media Group
Distributed byNetflix
Release date
  • 29 November 2021
Running time
101 minutes
LanguagesNepali
English

Trailer  යු ටියුබ් දිගුව 




Stories of Rabindranath Tagore

 නොබෙල් ත්‍යාගලාභී රබින්ද්‍රනාත් තාගෝර් විවිධ කලා අංශ රැසක් සදහා ජනප්‍රිය විද්වතෙක්. එතුමන් අතින් ලියැවුණු කථා ඇතුලත් වැඩසටහන් 26 ක් මේ ගොන්නට ඇතුලත්ව තිබෙනවා. බෙංගාල සමාජයේ එදා තිබුණු සමාජ පැතිකඩ රැසක් ඒ කථාමාලාව තුලින් කථා කෙරෙනවා. මේ වනවිට සියවසකට වඩා කලක් ගතවුණත් ඒ කථාවල යථාර්තය අදත් ආසියානු සමාජයෙන් ගිලිහී නැහැ.   

වැඩි විස්තර සදහා යොමුව  ….

A collection of author Rabindranath Tagore's stories, set in Bengal in the early 20th century.

Production companyIshana Movies


Trailer  යු ටියුබ් දිගුව 




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමටඅපහසු වීම ගැන මගේ කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.