මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 28, 2024

නයගරා ඇල්ල මඟහැර නැව්වලට ගමනාගමනය සලසන වෙලන්ඩ් ඇල







ලෝක ප්‍රකට පංච මහා විල් අතර ජලය ගලා යන්නේ ඒවායේ  උස් මට්ටම්වල වෙනස්කම් වලට අනුව බටහිර සිට නැගෙනහිර දෙසටයි.සුපිරියර්  විලෙන් හියුරන් වලට එන ජලයත් , මිචිගන් විලෙන් එකතු වෙන ජලයත්,  ඊළඟට එකතු වන්නේ ඊරි  විලට යි.  ඊරි විලේ ජලය ඔන්ටාරියෝ විලට  වැටී ශාන්ත ලෝරස් ගංගාව දිගේ අත්ලාතික්  සාගරය කරා යනවා. ඊරි  විලේ ජලය ඔන්ටාරියෝ විලට වැටෙන්නේ සුප්‍රකට නයගරා දිය ඇල්ල ( Niagara Falls) හරහායි.



පංච මහා  විල් අතර ගමනාගමනය භාණ්ඩ ප්‍රවාහනයට  සේම ආරක්ෂක සහ විනෝදාස්වාදන හේතු මත වැදගත් වෙනවා. වෙලන්ඩ්  ඇළ මාර්ග පද්ධතිය බිහිවන්නේ එලෙස නයගරා ඇල්ල මඟ හැර ඊරි විලේ සිට ඔන්ටාරියෝ  විලට යන්නටයි. එය  ඊරි විලේ පෝර්ට් කොල් බෝන්  ( Port Colborne) සිට ඔන්ටාරියෝ විලේ පොර්ට්  වෙලන්ඩ්( Port Welland )   දක්වා දිව යනවා. 1812 දී   බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඇමෙරිකානු ප්‍රහාරයෙන් ලද බලපෑමත්,  වාණිජ කටයුතු සඳහා මොන්ට්‍රියල් නගරයේ කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ වෙළඳ ප්‍රජාවගේ වුවමනාත් නිසා මුලින්ම මේ සඳහා උත්සාහ දැරුණේ 1817 දී.  ඒ සඳහා පිරිස් සංවිධානය වී පළමු වෙලන්ඩ්  ඇළ මාර්ග පද්ධතිය ක්‍රියාත්මක වුණේ 1824 සහ 1833 කාලයේදී. සැතපුම් විසි අටක ඒ පද්ධතිය ඕක් දැවයෙන්  නිර්මිත දොරටු හතළිහක් හරහා ක්‍රියාත්මක  වූ බව සඳහන්.  ඒවා අඩි විසි දෙකක් පළල අඩි අටක් ගැඹුරු ඒවා වුණා . අගුළුවල මුළු දිග ප්‍රමාණය අඩියක එකසිය දහයක්.




දෙවන වෙලන්ඩ්  ඇල මාර්ග පද්ධතිය 1842-1853  කාලයේ දී සැතපුම් 28 ක් දිගට ඉදි වුණා. මේසන් බදාමයෙන් සැකසුණු ඒ අගුළු විසිහය (26) අඩි විසි හයාමාරක් පළල(26 1/2') අඩි දොළහක්(12')  ගැඹුරු එකක්. අගුළුවල මුළු දිග ප්‍රමාණය අඩියක සිය පනහක් (150').  තුන්වන වෙලන්ඩ්  ඇල මාර්ග පද්ධතිය 1872- 1887  කාලයේදී සැතපුම් 23ක් දුරට ඉදිවුණා එයට මේසන් බදාමයෙන් ඉදි වූ අගුළු විසිපහක්(25) ඇතුළත්. අඩි 45ක් පළල අඩි 14 ක් ගැඹුරු ඒවා වල මුළු දිග ප්‍රමාණය අඩි 270ක්.


දැන් ඔබ දකින හතරවන වෙලන්ඩ්  ඇල මාර්ග පද්ධතිය එදා 1913 සිට 1932 අතර කාලයේදී කොන්ක්‍රීට් බදාමයෙන් නිමවුණු අගුලු අටකින් සමන්විත එකක්.  මුළු ඇලමාර්ගය දිගින් සැතපුම් විසි හතක් ( 27) වෙනවා. අඩි අසූවක්(80') පළල අඩි 25 හමාරක් (25 1/2') ගැඹුරු ඒ අගුළු අඩි අටසිය පනහක(850') දිගින් යුක්තයි. එක් අගුලක් පුරවන්නට ජල ලීටර් මිලියන 94.5 අවශ්‍ය වෙනවා. ගුරුත්වයෙන් පිරවෙන නිසා එයට ජල පොම්ප අවශ්‍ය වෙන්නේ නෑ. ඒත් අගුලක් ජලයෙන් පුරවන්නට ගතවන කාලය විනාඩි දොළහක්.






මීටර් එකසිය අසූ තුනක උස පරතරය පඩිපෙළක පඩි බසින්නා සේ ක්‍රම ක්‍රමයෙන් පහත බසමින් නැව් සහ යාත්‍රා ගමන් කරන්නේ මේ අගුළු අට හරහා. වෙලන්ඩ්  ඇල මේ මාර්ගයේ මේ විදිහට යාත්‍රා ගමන් කරද්දි ඇළ හරහා ගමන් ගන්නා වාහන සහ දුම්රිය මාර්ග සදහා ඉහල පහල යන පාලම් හතක්(7) සහ ඇල මාර්ගයට යටින් යන උමග තුනක්(3) තිබෙනවා. සංචාරයට කැමති කෙනෙකුට මේවා ඉතා වැදගත්කමක් ඇති දර්ශනීය පරිශ්‍ර නිසා අටවන(8) සහ තුන්වන(3) අඟුල් පරිශ්‍රවල නැරඹුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා . ඒ නිසා අන්තර්ජාලයෙන් කලින් වේලාව දැනගෙන එම ස්ථානයකින් නැවක් ගමන් ගන්නා හැටි ඔබට පහසුවෙන්ම බලන්නට පුළුවන්.




ඊරි විලේ වතුර ඔන්ටාරියෝ විලට ගෙනයන නයගරා ගඟට වතුර වැටෙන්නේ අඩි 167 ක් තරමේ උස පරතරයක් තියෙන අශ්ව ලාඩම් (Horse shoe Falls ) ඇල්ල සහ ඇමෙරිකන් දිය ඇලි හරහා( American Falls, Bridal Veil Falls). යාත්‍රා වලට ඒ ඇලි හරහා යන්න බැරි හින්දා එයට පිළියමක් විදිහට තමයි මේ වෙලන්ඩ් ඇල හදලා තියෙන්නෙ.  මේ අගුල් 7 හරහා යාත්‍රා ක්‍රම ක්‍රමයෙන් ඒ අඩි 167 ක උස පරතරය පහත බැස්සවීමත් , ඉහල නැංවීමත් කරන්නේ හරියට පඩිපෙලක් නගින බහින විදිහටයි. ලෝකයේ ලාබ දායීම ප්‍රවාහන මාධ්‍යය වන ජලය හරහා භාණ්ඩ ප්‍රවාහනය නිසා ට්‍රක්‌ රථ, දුම්රිය ගැල් මගින් කලයුතු භාණ්ඩ ප්‍රවාහනයෙන් කොටසක් මේ පංච මහා විල් සහ ශාන්ත ලෝරන්ස් ගඟ හරහා වූ ජල මාර්ග පද්ධතියෙන් ඉටු වෙනවා.



මේ මාර්ගය හරහා ගමන් ගන්නා නැව්  ප්‍රධාන වශයෙන් තිරිඟු,යපස්  සහ ගල් අඟුරු ප්‍රවාහනයේ යෙදෙනවා. ගෙනයන බර ප්‍රමාණය අනුව මුදල්  අයවන ක්‍රමවේද යටතේ මේ මාර්ගය භාවිතයට වර්තමානයේදී ගෙවන මුදල කැනේඩියානු ඩොලර් 19,000 සිට තිස් අටදාහක් අතර මුදලක්.  විනෝදාස්වාදන යාත්‍රා වෙනුවෙන් එක දිශාවක ගමනකට ඩොලර් 320 ක ස්ථාවර ගාස්තුවක් ගෙවන්නට වෙනවා. තුන්වන දොරටුව අසල ඇති නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට නෑදෑ හිතවතුන් සමඟ මම කිහිප වතාවක්ම ගොස් තිබෙනවා. 




වෙලන්ඩ් ඇල තුල මේ අගුළු ක්‍රියාත්මක වන ආකාරය මේ විඩියෝවෙන් ඔබට බලන්නට පුළුවන්. 







සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



බ්ලොග් ලියන හිතවත් රචකයින්ටත්, සිංහල බ්ලොග් කියවන සැමටත් නීරෝගීමත් වාසනාවන්ත 2025 වසරකට ආසිරි ගෙන එන්නට කැමතියි.   


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

Saturday, December 21, 2024

වචන දහසක් කියන පින්තූර

 


සමහර චිත්‍ර, පින්තූර වගේම කාටුන් වචන දාහකින් කියන්න ඕන දේවල් එක වචනයක් වත් නැතුව හරි තදට හිතට වද්දනවා. 

අවුරුදු 60 ක්  කියන්නේ සුළු පටු කාලයක් නෙවෙයි. පරම්පරාවකම ජීවිත කාලයෙන් විශාල පරාසයක් . මේ මුහුණු පොතේ මා දුටු   1960 සිට 2020 දක්වා ළමා පරපුරේ සමාජ ආශ්‍රය ගැන නිරූපණය කල චිත්‍ර පෙලක් 










මේ ගැන මට ලියන්න පුළුවන් පිටු ගාණක විස්තරේ මේ චිත්‍ර ඇතුලේ තියෙනවා.



සේයාරූ -  අන්තර්ජාලයෙන් - මුහුණු පොතින් සහ  Google Images
                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.      




 සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.                                             
              

Saturday, December 14, 2024

යූ ටියුබයෙන් අපව පිස්සු වට්ටන කෞශල්‍යා සහ ප්‍රේම් එක්ක උත්තර ධ්‍රැවයට යමු





සංචාරකයින් වැඩිපුර නිතර නොයන තැන් වලට ගිහින් ඒ තැන් හරි අපූරුවට රූ ගත

කරනා කෞශල්‍යා සහ ප්‍රේම් වගේම හිත් ඇදගන්නා විදිහට ඒ වැඩසටහන් ඉදිරිපත්  කරන කෞශල්‍යා ගේ එකතුවෙන් බිහිවන වීඩියෝ හරහා මේ තරුණ

යුවල අපව පිස්සු වට්ටවනවා. යූ ටියුබයට  ගිහින්  wanderlust vanlifersකියල හෙව්වොත් ඔබට ඔවුන් වෙබ්ගත කර තිබෙන සංචාරක මතක

රැසක් බලන්න පුළුවන්. අපි මීට කලින් ඔවුන් එක්ක කල වැඩසටහනේදී කිව්වා

ඔවුන් උත්තර ධ්‍රැවයට ගිය ගමන ගැන කතා කරනවා කියල

 ඒ හින්ද ඔබටත්  මේ අත්දැකීම සුවිශේෂ එකක් වේවි 

https://www.youtube.com/@Wanderlustjiwithe



මේ වැඩසටහන තුලින් ඔබට 



උත්තර ධ්‍රැවයේ නත්තල් සීයාගේ ගම



ස්වීඩනයේ අයිස් කඩාගෙන යන නැවේ අත්දැකීම



පින්ලන්තයේ අයිස් හෝටලය



උත්තර ධ්‍රැවය ජීවත් වෙන යුරෝපයේ අන්තිම ආදිවාසීන්



පිළිබද තොරතුරු දැනගන්න පුළුවන් 




2024 දෙසැම්බර් 14 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි

https://rupane.com/2024/12/14/rupane-episode-430-december-14-2024/

*************************************************

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායකත්වය -  කෞශල්‍යා එදිරිසිංහ                                  

දර්ශන - Wanderlust Vanlifers

                යූ ටියුබ් වැඩසටහන් ඇසුරින් 

සංස්කරණය - පුබුදු වනිගසේකර  

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

2024 ජුනි මාසයේදී කෞශල්‍යා  සහ ප්‍රේම් එක්ක ගිය යුරෝපා වෑන් සංචාරයේ තොරතුරැ මේ දිගුවෙන් දැනගන්න පුළුවන් 






https://ahasgawwenehalokaya.blogspot.com/2024/06/wanderlust-vanlifers.html


මේ සංචාරක ගවේෂක රොහාන් එක්ක රුසියාවට ගිය හැටි













https://ahasgawwenehalokaya.blogspot.com/2023/01/blog-post_21.html

මේ සංචාරක ගවේෂක රොහාන් එක්ක ඉරාකයට ගිය හැටි












https://ahasgawwenehalokaya.blogspot.com/2023/03/blog-post_25.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.

Saturday, December 7, 2024

වල ගැහුණු කම්මුල් මතක


මං එරන්දී යැයි කියා 

කියන විට ඔබ හිනැහිලා 

වල ගැහුණු කම්මුල්  මතක අතරින් 

අතීතෙට මං දිවගියා 


මතක මිටියාවත් පුරා 

පළමු පෙම සක්මන් කලා 

තියෙනවද දන්නෑ  අදත් 

කෙටූ නම් ඩෙස්ක් එක පුරා 


බස්  එකේ  මුල්ලට වෙලා 

තැනූ වැලි මාළිග පුරා 

හීන ගුලිවී ඈත පාවී 

ගියේ අපි නොසිතූ යුරා 



අනුරුද්ධ වැලිගමගේ  



2024 දෙසැම්බර්   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි