මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 27, 2022

රොකී කදුවැටිය හරහා දුම්රිය මගක් ......

 

රටක් යා කරමින් තැනුණු දුම්රිය මග 2.



1882 දී වැන් හෝන් ගේ අධීක්ෂණය යටතේ දුම්රිය මග කිලෝමීටර 673 ක් දුරට හැදුනා . තැනිතලා බිමෙහි වූ   ඉදිකිරීම් එතරම් අසීරු වුනේ නැහැ . කැනඩාවේ නැගෙනහිර සහ බටහිර දෙකොන යාකරමින් දෙපැත්තකින් තැනෙන දුම්රිය මග යථාර්තයක් වීමට ප්රධාන බාධකය වූයේ ස්වභාවික පිහිටීම වුණු රොකී කදුවැටිය .

A B Rogers

විශේෂයෙන්ම වසරේ මාස ගණනක් හිමෙන් වැසීයන නිසා ඉදිකිරීම් කටයුතු වසරේ මාස කිහිපයකට සීමා වුණා . කදු බැවුම් මෙන්ම දිය පහරවල් ගලායන ඉසව් අතරින් දුම්රිය මග තැනීමේ අසීරු කාර්යය බාරවුණේ මේජර් A B Rogers නම් මිනින්දෝරුවරයා ටයි . ගිම්හාන කාල 2 ක් පුරා කල වෙහෙසකර මැනුම් කටයුතු වලට පසුව ඔහු නිර්දේශ කලේ Selkirk කදුවැටිය හරහා දුම්රිය මග තනන්නටයි . සේවයට එදවස විශාල මුදලක් වූ ඩොලර්  5000 ක් සහ රන් ඔරලෝසුවක් තෑගි කල කැනේඩියන් පැසිෆික් බලධාරීන් කපොල්ල රොජර් කපොල්ල නමින් නම් කලා .කන්ද තරණය කරන්නට අතිරේක දුම්රිය එන්ජිමක් අවශ් වීමත් , හිම වැටෙන කාලයට හිම වලින් දුම්රිය මාර්ගය අවහිර වීමත් වැනි ප්රායෝගික දුෂ්කරතා නිසා 1910 දී ඉදිවුණු Connaught  උමග රොජර් කපොල්ල දුම්රිය මගින් වෙන්කලත් පසුකාලීනව ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය සදහා යොදාගැනුණු නිසා ඔබ කැල්ගරි සිට වැන්කුවර් දක්වා රථයකින් ගියහොත් මේ ඉසව්ව පහු කරන්නට පුළුවන් .

කදුකරයේ දුම්රිය මාර්ග ඉදිකිරීම අධික වියදම් සහගත සහ දුෂ්කර එකක් වුණා . කාලගුණික හේතු නිසා සේම උමං සහ මාර්ගය සදහා ඩයිනමයිට් දමා කරන පිපිරීම් වලින් බොහෝ දෙනෙක් මියගියා . ලැව් ගිනි , ග්රිස්ලි වලස්සු , අනෙකුත් වන සතුන් සේම මදුරුවන්ගෙන් දුම්රිය මග තැනූ පිරිස් බැට කෑ බව කිවයුතුයි.

1885 වන විට කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගම උග් මුදල් හිගයකට මුහුණ පා සිටියා . ප්රෙයරි තණබිම් කලාපයේ විසු මෙටිස් සහ ස්වදේශික ජනයා දියත් කල දෙවන කැරැල්ල නිසා රජයත් පත්ව සිටියේ මහත් අසීරුතාවකටයි. එහෙත් තත්වය සමනය කිරීම සදහා දින 10කටත් අඩු කාලයකදී රටේ නැගෙනහිරින් පිහිටි පලාත්වලින් හමුදා සෙබළුන් ප්රවාහනය සදහා අළුතින් තැනුණු දුම්රිය මග උදව් වීම නිසා එහි වැදගත්කම වටහා ගත් රජය කැනේඩියන් පැසිෆික් සමාගමට තම කටයුතු නිම කිරීමට තවත් මුදල් දෙන්නට තීරණය කලා .  

1885 නොවැම්බර් 7 වැනිදා බ්රිටිෂ් කොලොම්බියාවේ Craigellachie නගරයේදී කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගමේ සභාපති Donald A Smith  උදෑසන 9.25 අවසන් පස් පිඩැල්ල කපමින් නැගෙනහිරින් සහ බටහිරින් ඉදිවුණු දුම්රිය මාර්ග 2 එකතු කලා .   සිදුවීම සිදුවූ තැන අද දුම්රිය කෞතුකාගාරයක් පිහිටුවා තිබෙනවා .

ශ්රීමත් ජෝන් මැක්ඩොනල්ඩ් ගේ සිහිනයත් බ්රිටිෂ් කොලොම්බියාවේ ඉල්ලීමත් ඉටු කරමින් ඉදිවුණු දුම්රිය මගේ පළමු මගී දුම්රිය පිටත් වුණේ අත්හදා  බැලීම් , දුම්රිය ස්ථාන ඇතුළු පහසුකම් සහ ධාවන ක්රමවේද සකස් කිරීමෙන් පස්සෙ ඊට මාස 8 කට පස්සෙ 1886 ජුනි 28 වැනිදා ටොරොන්ටෝ සහ මොන්ට්රියල් නගර වලින් . දින 7 ගමනකින් පස්සෙ මැක්ඩොනල්ඩ් අගමැති තුමා සහ ඇග්නස් ආර්යාව මුලින්ම දුම්රිය මග තැනීම ආරම්භ කල කැනඩාවේ බටහිර කෙලවරේ පිහිටි Port Moody නගරයට ලගා වුනේ 1886 ජුලි 4 වැනිදා

.පලාත් යා කෙරුණු දුම්රිය මගේ වැදගත් චරිත .......

ආදිවාසී නායක  Crowfoot

ස්වදේශිකයන්ගේ ඉඩම් මැදින් දුම්රිය මග ඉදිකිරීමේදී ඇතිවූ ගැටළු සාමකාමීව විසදන්නට ඉදිරිපත් වීම නිසා වැන් හෝන් කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගමේ ප්රධානියා ආදිවාසී නායක Crowfoot හට ජීවිතාන්තය දක්වා නොමිලයේ දුම්රියේ ගමන් කිරීමට විශේෂ බලපත්රයක් ලබා දුන්නා .

එඩ්වඩ් මෙලන්ඩෙයින් (  Edward Mellandaine)

කැනඩා දුම්රිය මාර්ගයේ  The Last Spike නම් අවසන් පස් පිඩැල්ල කැපීමේ මොහොත ඇතුලත් සේයාරුව අතිශය වැදගත් මතක සටහනක් . කළු කබා ඇදගත් පිරිමින් පමණක් සිටින ඇලෙක්සැන්ඩර් රොස් විසින් ගත් සේයාරුවේ වැදගත්ම චරිතය කැනේඩියන් පැසිෆික් දුම්රිය සමාගමේ සභාපති ඩොනල්ඩ් ස්මිත් පිටුපසින් සිටින කුඩා කොළුවා එඩ්වඩ්

1867 ජුලි පළමුවැනිදා වික්ටෝරියා නගරයේ උපන් ඔහු පෝනියෙකු පිට නැගී දුම්රිය සේවකයින්ට පණිවුඩ ගෙනයාමේ යෙදුණු 14 හැවිරිදි දරුවෙක් . මේ මොහොත ගැන අසා තිබූ ඔහු ශීතලේම විවුර්ත දුම්රිය ගැලක නැගී මෙහි ආවේ මේ අවස්ථාව දැක ගන්නයි . පසුකාලීනව ගෘහ නිර්මාණ හා මැනුම් අංශයෙන් අධ්යාපන කටයුතු කල ඔහු බ්රිටිෂ් කොලොම්බියාවේ  Creston නගරය බිහිකිරීමේ පුරෝගාමියෙකු වූ සාර්ථක දේපල සංවර්ධකයෙකු ලෙස කටයුතු කර 1949 දී මියගියා .

ප්‍රෙයරි තණබිම සරු කර සංචාරයේ ගිය කැනේඩියන් පැසිෆික් දුම්රිය   ගැන විස්තර ලබන කලාපයෙන් කියවමු .


කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් 
මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකකත්වයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.