![63 Palm Alley Peradeniya Royal Botanical Park Kandy Sri Lanka ...](https://thumbs.dreamstime.com/t/couple-visiting-palm-alley-royal-botanical-gardens-kandy-sri-lanka-asian-tropical-landscape-travel-scenery-187209637.jpg)
නිල් දියවර පේලි සැදී තරු ඇහිදිනවා
ක්ෂිතිජ ඉමට ඇස් මානා අපි තනිවෙනවා
සක්වල පරදන ආදර හැගුම් වැඩෙනවා
නිල් ඇස්වල දිගු කවියක් ලියල තියෙනවා
දිගු කෙහෙරැලි නළලත මත හාදු තියනවා
බොළද වදන් සවනට මී බින්දු හලනවා
රන් දෙකොපොල රතු දෙතොලේ රටා මවනවා
ඔබෙන් මිදී යන්නට සිත අකමැති වෙනවා
තාර පාර මාර ගසින් සෙවණ ලබනවා
ඒ හෙවනේ අපි සුන්දර සිහින මවනවා
දැගිලි බැදි දවසක් ගැන හිත ලතැවෙනවා
සුදෝ නුබේ හිත ගිලිහී යයිද හිතෙනවා
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි