දරුවන්ට
අම්මා තාත්තාගේ අගය දැනෙන්නේ ඔවුන් ළග නැති විටෙක බවද එය තවත් වැඩි වන්නේ තමන්ද දෙමාපියන් වී ඒ ක්රියාවලියට ප්රායෝගිකව අනුගත වූ විට බවද අප අත්දැකීමෙන් දන්නා දෙයකි. කැනඩාවේ වෙසෙන බොහෝ ශ්රී ලාංකික පවුල් අතරද මෙය සුලබ හැගීමක් වී ඇති බව හිතමිතුරු හමුවලදී මව්පිය අගය පොදු මාතෘකාවක් වීමෙන්ම පෙනී යයි. ලංකාවේ අධ්යාපනය ලබා ශ්රී ලාංකික හුරුව සහිතව වටපිටාව දෙස බලන අපේ ඇත්තන්ට කැනේඩියානුවන් අතර දුලබව දක්නට ලැබෙන අපට නිරතුරුව හුරුපුරුදු මාපිය බැදියාවේ ඇති අගය නිමක් නැත.
හැත්තෑව
දශකයේදී ශ්රී ලංකා ගුවන් විදුලිය මුල්කරගෙන දායාද වී සුභාවිත ගීත සමග ශ්රී ලාංකික ශ්රාවක සිත් සතන් තුලට පැමිණ සිංහල ගීතය වර්තමානයේදී සීමා මායිම් නොමැතිව අයාලේ යන තත්වයකට පත්ව ඇත්තේය. හොද ගීතයක් අතරින් පතර ඇසෙතත් හරසුන්, බොළද වදන් සහ ඝෝෂාකාරී සංගීතයෙන් පිරි වත්මන් ගීත සාහිත්යය තුල අසන්නට ලැබුණු මව්ගුණ ගීත කිහිපයක් පිළිබද කෙටි සටහනක් තබන්නට උත්සාහ කරන්නේ මව් වරුන්ගේ දිනය සිහිපත් කරවමිනි.
ධර්මසිරි
ගමගේ විසින් රචිත නන්දා මාලිනිය ගැයු " අම්මාවරුනේ " චිත්රපට ගීතය මෙයට කදිම ප්රවිෂ්ටයක් යැයි මම සිතමි.
අම්මාවරුනේ
.... අම්මාවරුනේ
.....
සම්මා
සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ
දුක් කදුළු දකින දා
සුරලොව
සිට අතපා
ඒ
කදුළැලි පිසිනා .....
අම්මාවරුන්ගේ
නොනිමෙන සෙනෙහස පිළිබදව කියැවෙන ඒ ගීතය අප වෙත පසක් කරන්නේ දරුවන් දුකට පත්වුණු විට ඇය කොහේ හෝ සිට දරුවන්ගේ කදුළු පිසින්නට එන බවකි. විද්යාත්මකව සත්යයක් බවට සාධනය කල ලොවේ සදාතනික සත්යයක්ද ඒ ගීතයේ " සෙනෙහස වැඩිදා සිතද බොළද වී ලොවම ආදරේ කියා සිතේ .... මායාවක් වී එහි තනිවූදා අම්මා පමණයි ළග ඉන්නේ " යන වැකි වලින් අරුත් ගන්වයි.
https://www.youtube.com/watch?v=ZuF4fkpaLg4
බිරිද,
පෙම්වතා, පෙම්වතිය හෝ අන් අය රසායනික හෝමෝන ක්රියාකාරීත්වය මත තාවකාලිකව ආදරය කරන මුත් මවකගෙන් දරුවන්ට ලැබෙන ආදරය සදාකාලික වූවකි.
සුනිල්
එදිරිසිංහයන් ගයන " දෙවෙනි බුදුන් ලෙස " ගීතය තුලින් අම්මා පිළිබදව ඇතිකරන මතකය ඉදුරාම වෙනස් එකකි.
දෙවෙනි
බුදුන් ලෙස - ලොවම උවම් කළ
ලොවක
පිදුම් ලද - ලොවේ උතුම් ළද
අම්මා
.... අම්මා
.....
මව්කුස
සිටින සමයේ පටන් දරුවන් කාලය පිළිබදව උගන්නේ මවගෙනි. නැලවිලි ගීත ගයමින් ඔහු හෝ ඇය නැලවූ අයුරු හා එම ගීතවල මියැසිය පිළිබදව එහි විස්තර කෙරෙයි. හැම අම්මා කෙනෙකුම ප්රසිද්ධියේ ගායිකාවක නොවුණාට කුඩා කල දු දරුවන්ට ඇය තරම් වටිනා ගායිකාවක නැත. පසුකාලීනව ජනප්රසාද මැද සුනිල් එදිරිසිංහ සිය හඩ අවදි කරද්දී ඇය නොසිටීම පිළිබදව මහත් සේ දුක්වෙයි.
https://www.youtube.com/watch?v=qwjYzxsbXOw
නුවර
කලාවියේ ගොවි පවුල් නියෝජනය කරමින් කටුක වියලි පරිසරය සමග පොරබදන දිරිය ගොවිකතක් පිළිබදව කරුණාරත්න දිවුල්ගනේ ගයන " ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා " ගීතය මව්ගුණ පිළිබදව වූ තවත් මානයක් පිළිබදව අප දැනුවත් කරයි.
ගමට
කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ
හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ
මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලාවැවේ
නිල් දියවර අපෙ අම්මා ......
ගෙදර
අන් සියල්ලන්ටම කලින් අවදිවන, ගෙදර අන් සියල්ලන්ටම පසුව නින්දට යන, දරු දැරියන් සහ තම පවුල පිළිබද දහසකුත් එකක් බර කරට ගන්නා ඒ ගොවි අම්මාගේ චරිතය , රජරට වැව්බැදි දනව්වේ දහදුක් විදින සියළු අම්මාවරුන් වෙත පුදකළ අමිල උපහාරයකි. එම ගීතයෙහි යොදාගෙන ඇති " මහමායාවෙනි
, ඇත් රැජිණියනේ හා කලාවැවේ නිල් දියවර " වැනි වදන් එම ප්රදේශයටම ආවේණික සහ බුදු දහම හා බැදුණු අති ගෞරවණීය වදන් වේ.
https://www.youtube.com/watch?v=jhslhbWS_JU
කිත්සිරි
ජයසේකර ගයන සියබලන්ගමුවේ අමරදාස නම් අප්රකට ගීත රචකයෙකු අතින් ලියැවුණු " දයිවයේ අදුරු අහුමුළු පහන් කල අම්මා " ගීතයද ගැමි අව්යාජ මවකගේ
උතුරා යන සෙනෙහස ප්රකට කරවන ගීතයකි.
දයිවයේ
අදුරු අහුමුළු පහන් කල අම්මා
ඉරණමේ
නිය පහුරු කුඩු සිද දැමු අම්මා
ඇතුපිටේ
යවා දරුවන් පයින් ගිය අම්මා
බුදුවුණේ
නැද්ද තවමත් එහෙව් අපෙ අම්මා
ගැමියන්ට
පොදු සරල වදන් මාලාවකින් දුක සමග පොර බදා තමන් පයින් යද්දී ඇතුපිටේ දරුවන් යවන්නට වෙහෙස වූ අම්මා පිළිබදව එහි සටහන් වේ. " දඩුකද, ඉවුරු දෑල, බොරදියේ ගැඹුර" යන වදන් රසිකයා තුල පහන් හැගුම් දනවන අතරම මරණය අබියස පමණක් දණ ගැසු ඇය කොහි ගියේ දැයි ගායකයා අසන විට නිරායාසයෙන්ම නෙතගට කදුලක් එක්වීම කාටනම් වැලැක්විය හැක්කද්ද ?
https://www.youtube.com/watch?v=-y9uboEC-gg
. චන්ද්රසේන හෙට්ටිආරච්චි ගයන " අම්මා
ජීවන උයන් තෙරේ " ගීතය
නාගරික සහ අර්ධ නාගරික පෙදෙස්හි වෙසෙන මධ්යම පාන්තික අම්මා කෙනෙකුගේ චරිතය සිහිපත් කරවයි.
" අම්මා....
ජීවන උයන්තෙරේ
නොනිවී දැල්වෙන - පහනකි නිරන්තරේ
ඔබ මට සුවද ගෙනේ "
එම
ගීතයේ සදහන් " සද වතුරෙන් නොව රුහිරෙන්ම දියකර " යන්නෙන් ලේ කිරිකර පොවන අම්මාගේ සෙනෙහස සිහිපත් කරන අතර අප මියයන තුරුම ඕනෑම මොහොතක අම්මාගේ තුරුලට යන්නට කොයි කා තුලත් ඇති මහත් වූ ආසාව පිළිබදව මතකය අවදි කරවයි.
https://www.youtube.com/watch?v=Jnesdx75Qwc
සංගීත්
විජේසූරිය ගයන " ගායෙන් මං මුදවලා " ගීතය පිළිබදව විවිධ මති මතාන්තර ගොඩ නැගී ඇතත් ඒ ඒ සමාජ පද්ධති තුල ජීවත් වන මිනිසුන්ගේ භාෂා භාවිතය හා විවිධ පුද්ගල පරිකල්පනයන් තුල අම්මා යන චරිතය ගොඩනැගී ඇති අයුරු පෙන්වන කැඩපතක් ලෙස සලකා බැලීමට එය කදිම නිදසුනකි.
ගායෙන්
මං මුදවලා - සීලෙන් අග තැන් සලා
කෝලම්
කර මාගේ පාළු මක මකා
මේ
ලස්සන ලොව පුරා - මා එක්කම සැරිසරා
ජීවත්වන
කාලෙ තාලෙ හුරු කලා
මේ
ගීතයේ කියැවෙන " කේලම් මළු තාත්තාට කියවලා " යන යෙදුම කෙතරම් උචිතද යන්න පිළිබදව ගැටළුවක් ඇතත් පොදුවේ සිය දූ දරුවන් ගැන දවසේ සිදුවූ සියළු විස්තර සිය සැමියා හමුවේ කියන බිරිදකගේ සරල ජීවන පුරුද්ද මෙයින් මතු කෙරේ යැයි සිතමි.
https://www.youtube.com/watch?v=f_OwLuuzx8w
රූකාන්ත
ගුණතිලකගේ " උකුලට නාවත් එදා වගේ " ඇතුළු ගීත විශාල සංඛ්යාවක් මේ විෂය සදහා උදාහරණ කොට ගත හැකි වුවත් ඉඩකඩ සීමාසහිත නිසා වැඩිපුර කතා නොවුණු ගීත රචනා කිපිපයක් ඇසුරින් මේ කතිකාවත සීමා කරන්නට සිදුව තිබේ .
https://www.youtube.com/watch?v=LP_qDtIue54
මේ
ලිපිය නිමා කරන්නට පසුගිය වසරේ අතිශ්‍ය ජනප්රිය වූ කැළුම්
ශ්රීමාල් ලියු අසංක ප්රියමන්තගේ " ඇතුල් හිතේ හිත පතුලේ " ගීතය තෝරා ගතිමි .
ඇතුල්
හිතේ හිත පතුලේ පරිස්සමට හංගා
තුරුළු
සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා
පතුල්
පවා සිබ සිබ නිදුකින් මා කර පින්නා
නැලවිල්ලෙන්
ආත්මයම උණුහුම් කල අම්මා
https://www.youtube.com/watch?v=Y1qIXsALwI4
අනෙකුත්
මව් ගුණ ගී පදවැල් වලට වඩා වෙනස් ආරකින් ලියැවුණු මවගේ කැපවීම " දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වේ අම්මා " යන පද පෙලට කැටි කර ඇති අයුරු අපූරුය. හැම අම්මා කෙනෙක්ම තම දු දරුවන් හොදින් දිවි ගෙවන විට සතුටු වන අයුරු " සැප විදිනවා දැකලා හිස සිබ පුබ පතලා . හිනා වෙවී ඇඩුවේ අම්මා" යන්නෙන් මැනැවින් චිත්රණය කරයි .
අනුරුද්ධ වැලිගමගේ
2014 මැයි
මස දසත කලාපයේ පලවිය.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.