කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ සුනිල් සරත් පෙරේරා ශුරින් ගේ නිර්මාණ ඇගයීම
ශ්‍රී
ලාංකික ගැමි පරිසරය, වස්තු විෂය කර ගනිමින්
, ලියැවුණු ගීත රැසක් , සිංහල ගීතය තුල තිබෙනවා . අද දවසේ දසුනෙන් , සුවදින් , විදින්නට
නොහැකි වුවත්, ගී පද පේලි තුලින්, අපට සිහිපත්
කරවන , එවන් නිර්මාණ , පෙලක නිමැවුම් කරු ගැනයි ඔහුයි ..
අගනුවරට
නුදුරු පොල්හේන්ගොඩ දී , උපත ලබන, සුනිල් සරත්
පෙරේරා , ශ්‍රී ලංකා ගුවන් විදුලියේ, ළමා මණ්ඩපයේ,
තවත් අගනා නිමවුමක්. පසුකලක , එහි තේමා ගීතය
වූ, "මනකල් හදවිල් තලයේ පිපි නිවහල් මල්
". ගීතයේ, රචකයා වන්නේත් ඔහුයි ..
හෙලයේ
මහා ගාන්ධර්වයන් වූ , අමරදේවයන්ට, වැඩිපුරම , ගීත ලියා ඇති , පද රචකයන් අතුරින්, අද ජීවත්ව සිටින, සම්පත වන, සුනිල් සරත් පෙරේරා ගේ , පෑන් තුඩින් ලියවුණු
ගීත, බොහෝ ගායක ගායිකාවන්ට , ජනප්‍රියතාව ,
උදා කර දුන්නේ , ඒවායේ ඇති රසවත් බව සහ, කාගේත් ජීවිත වලට, ඒවා ලංවූ නිසා බව කිවයුතුය .
වුර්තියෙන්
රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ එතුමා, රූපවාහිනී සංස් ථාවේ , ගුවන් විදුලි සංස්ථාවේ, සභාපති වරයා ලෙස , සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයෙකු ලෙස, අති මහත් සේවයක් නිමවා , විශ්‍රාම ගොස් ඇතත්, තවමත් විවිධ අංශයන්ගෙන් , සක්‍රීයව , නිර්මාණකරණයෙහි
යෙදී සිටිනවා .
ලුම්බිණි
විද්‍යාලයේ සිසුවෙකු සමයේ, කියවන්නට ලැබුණු,
මඩවල එස් රත්නායකයන්ගේ , " මාර යුධය " සහ , මහගම සේකරයන්ගේ " සක්වා ලිහිණි " , පොත් කියවා ලබන වින්දනයෙන්
, නිර්මාණකරණයට පිවිසි ඔහු, විවිධ කෝණයන්ගෙන්
, විවිධ තේමාවන්ගෙන් , භාෂාවට අළුතින් වචන එක් කරමින් , නිර්මාණකරණයේ යෙදෙන , සුනිල්
සරත් පෙරේරා ශුරීන්ට, රූපණ වෙතින් කෙරෙන ,
උපහාරයයි මේ ...
ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ නියමු වසන්ත ලංකාතිලක
සුනිල් සරත් පෙරේරා ශුරීන් ගේ වීඩියෝ පටිගත කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී හේමසිරි කුලරත්න
http://rupane.com/vimeo-video/rupane-episode-80-march-17-2018/
ඉදිරිපත් කිරීම - සුනිමල් බාලසුරිය
සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ
සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි
නිෂ්පාදනය සහ අධ්යක්ෂණය -දිනේෂ් පීරිස්
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වැඩක් .....
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,