මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Monday, May 27, 2024

බකින්හැම් මාළිගයේ සංචාරයක්

 එංගලන්ත සංචාරයක මතක .....
















කිරුළ සහ රාජකීයත්වය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා ඒ අතරේ දේශපාලනය සහ ආගමික
කෝණයෙන් ඒ දිහා බලන අයත් ඉන්නවා. මේ සටහනෙන්  මම උත්සාහ කරන්නේ ඒ දෙකෙන්ම
ගැලවිලා සංචාරකයෙක් විදියට ඒ දිහා දකින්න.  ලෝකයේ රජ පවුල් අතරින් අදත් බ්‍රිතාන්‍ය රජ
පවුලට හිමිවන්නේ සුවිශේෂී තැනක් ඒ හින්දා ඔවුන් සතු ලෝකයේ විවිධ රටවල තිබෙන විවිධ
ගොඩනැගිලි වගේම යාන වාහන ගැනත් බොහෝ තොරතුරු සංචාරක වටිනාකමකින්
සංචාරකයකුට දකින්නට පුළුවන්. අද සංචාරයක මතකය තුළින් අප යන්නේ ලන්ඩනයේ
තියෙන බකින්හැම් මාලිගාව බලන්නයි.  



























වර්තමානයේ බ්‍රිතාන්‍ය රජු වගේම පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයා වන තුන්වන

චාල්ස් රජුගේ ලන්ඩනයේ නිල නිවහන වන මෙය ලෝකයේ  මේ වන විටත්

ක්‍රියාත්මකව පවතින මාලිගාවක් නිසා ඔබ මේ වසරේ යන්නට අදහස් කරනවා නම්

මහජනතාවට මෙය  නරඹන්නට ඉඩ ලැබෙන්නේ ගිම්හාන නිවාඩුවට මාලිගාව තුළ

කටයුතු සිදු නොකෙරෙන 2024 ජූලි මාසේ 16 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 29 වැනිදා

අතර කාලයේදී තමයි. 












Buckingam Palace.













බකින්හැම් මාලිගාව සහ එහි උද්‍යානයත් බලන්න අපි කල්තියාම අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර

වෙන් කරවා ගත්තේ ඒ වෙනුවෙන් විශාල ඉල්ලුමක් තියෙන හින්දා.  1933 දී Duke of Buckingham

හදල තිබුන නිවසක් 1761 දී තුන්වන ජෝර්ජ් රජතුමා මිලදී ගත්තේ චාලට රැජනගේ නිවස විදිහටයි. 

අපි අද දකින තරමට විශාල කරල මුලින්ම රාජකීය මාලිගාව විදියට එය පාවිච්චියට ගත්තේ  1937 දී හිරු 

නොබසින අධිරාජයේ නායිකාව වුණු වික්ටෝරියා රැජනයි. මේ  මාලිගාව සැලසුම් කරලා තියෙන්නේ

Jhon Nash සහ Edward Blore.  කියන දෙදෙනා විසිනුයි. විවිධ කාලවලදී විවිධ කොටස් එකතුවුණු

විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වන මෙහි කාමර 775ක් සහ අමුත්තන් සඳහා වෙන්වුනු විවිධ

ප්‍රමාණයේ රැස්වීම් වෙනුවෙන් ඉඩකඩ තිබෙන ශාලා දහනමයක් තියෙනවා. වෙනමම තැපැල් හලක්, 

චිත්‍රපට ශාලාවක්,  පිහිනුම් තටාකයක්,  කුඩා රෝහලක්,  ස්වර්ණාභරණ හලක්,  මියුසික් රූම් එකක්

ග්‍රෑන්ඩ්  බෝල් රූම් එකක් වගේ බොහෝ දේ මෙහි තිබුනත් සංචාරකයින් සඳහා විවෘතව තැබෙන්නේ

ඒවායින් කුඩා කොටසක් පමණයි. ඔබට ඒවායේ විස්තර දැනගන්නට ආසා නම් ඒ ගැන කෙරුණු

වාර්තා වැඩසටහන් රැසක් අන්තර්ජාලයේ තිබෙනවා . 




 අමුත්තන් හමුවන කාමරවල් ඉංග්‍රීසි ප්‍රංශ නිර්මාණ ශිල්පයන්ට අයත් අගනා ගෘහ භාණ්ඩ වගේම

ලෝකයේ විවිධ රටවලින් මෙහි ගෙනා  බොහෝ විසිතුරු භාණ්ඩ රැසක් තිබෙනවා. අභිෂේක කාමරය

( Throne Room  )  හී විවිධ රජුන් සහ රැජිනියන් අභිෂේක කරන අවස්ථාවේදී හිඳගත් ඔවුන්ගේ

සලකුණු යෙදූ පුටු දකින්නට පුළුවන්. මේ  අමුත්තන් රැස්වන කාමර අතරින් විශාලම එක වෙන්නේ

Ballroom එකයි. බාල් නැටුම්  ( Ball & Concert )  සහ ප්‍රසංග සඳහා නිර්මාණය කෙරුණු

මෙහෙව් රජු සහ රැජිණ සහකරුවන් වෙනුවෙන් වෙනමම අසුන් පනවා තිබෙනවා විසල්භෝ

ජන සංග්‍රහයන් සඳහාද මෙය භාවිතා වෙනවා මේ කාමරවල කුළුණු කැටයම් සීලිම් සහ

බිත්ති හරිම විචිත්‍රවත්. ඒ වගේම ඒවායේ බිත්ති අලංකාර වෙන්නෙත්  විශාල මනරම් චිත්‍රවලින්
















නිල් පැහැ කුළුණු තිබෙන සංගීත කාමරයත් , අගනා චිත්‍ර එකතු කර තිබෙන Picture Gallery .

ඔබට රස විඳින්නට පුළුවන් කොටසේම තියෙනවා.  උඩුමහලේ කොටස් වලට යාම සඳහා

නිර්මාණය කළ දෙපසින්ම නැගිය හැකි  පඩිපෙල් පද්ධතිය මේ මාලිගාවේ මහේශාක්‍ය බව

පෙන්වන එකක්.  











Buckingham Palace Garden 














මාලිගාවේ ප්‍රවේශපත්‍රයට අමතරව තවත් ප්‍රවේශපත්‍රයක් අරගෙන ඔබට අක්කර

තිස්නමයක (39)  මාලිගාවේ උද්‍යානය බලන්න පුළුවන්. කලබලකාරී ලන්ඩන්

නගරයේ මැද්දෙ වර්ග 325 කට වැඩි ගස් දහසකට අධික ප්‍රමාණයක් තියෙන මේ

වත්ත කුරුලු හඬින් පිරිලා තියෙනවා. මේ විශේෂත්වය වන්නේ වර්ග 85ක ඕක්

ගස් තිබෙන  එකයි. ලස්සන රෝස උද්‍යානයක් වගේම මල්බෙරි  ගස් එක්ක සේද

දළඹුවන් මේ පරිශ්‍රයේදී ඔබට දකින්නට පුළුවන්.  අද අපි දකින උද්‍යානය මුලින්ම

නිර්මාණය කරලා තියෙන්නේ William Townsend Aiton.  කියන උද්‍යාන

නිර්මාණ ශිල්පියා  1825 දී කියලයි විස්තරවල සඳහන් වෙන්නේ.

















Change of Guard Ceremony In Buckingam Palace.



සතියකට දින හතරක් සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා දවල් එකොලහට බකින්හැම්

මාළිගාවේ ආරක්ෂක සේවයේ නිරත සෙබළුන් තමන්ගේ සේවා මුර මාරුවීම් කරන

සාම්ප්‍රදායික රාජකාරිය හරිම අලංකාරවත් අංගයක් . 



සමහරු කියන්නේ මේ බලන්න හොඳම තැන බකින්හැම් මාළිගාවේ ප්‍රධාන දොරටුව

ඉදිරිපිට තියෙන වික්ටෝරියා  රැජිනගේ ප්‍රතිමාව තිබෙන තැන කියලයි.  ඒ හින්දා

මෙතන ඉඩක් හොයාගන්න නම් උදෙත් දහයටත් කලින් යන්න වෙනවා .පඩි රැසක්

තියෙන හින්දා මෙතන ඉඳල ඔබට එය හොඳින්  නරඹන්නට පුළුවන්. ඒත් සමහරු

කියන්නෙ Malborough පාර සහ බකින්හැම් මාළිගාව  අතර කඩමණ්ඩිය මේකට

හොඳයි කියලයි.



ඒවගේම මෙතනට සේවයට එන සහ පිටත්ව යන කණ්ඩායම් දෙකම ඔබට දකින්නට

පුළුවන්. වාර්ෂිකව මෙහි පැවැත්වෙන ට්‍රැෆල්ගාර්  යුද්ධ සැමරුම්  පෙළපාළිය නිසාත් ,

හැරී පොටර් චිත්‍රපටයේ එළිදැක්වීම හින්දත් මෑත කාලීනව මේ ගැන වැඩි දෙනාගේ

අවධානයට යොමු වුණා.  James palace වලින් දහයයි විසි පහට පටන් අරගෙන තූර්ය

වාදනය කරන බෑන්ඩා බෑන්ක් කණ්ඩායම දහයයි හතළිස් තුනට ගමන් ආරම්භ කරනවා.

ඔවුන් ගමන් කරන වෙලාවෙදි කාටවත් එහෙ මෙහේ යන්න බැරි හින්දා කලින්ම තැනක්

වෙන් කරගෙන හිටියොත් තමයි හොඳයි හොඳ වීඩියෝ ටිකක් හොඳ ෆොටෝ එකක්

ගන්න ඒක හරි වැදගත් ඔවුන් මෙසේ දාර්ශනීය ආකාරයට යන්නේ අලුත් සේවා

මොරේ වැඩ භාරගන්නයි තම තමන්ට නියමිත තැන්වලට ඕනේ අනවිදිය බලන්න

හරිම ලස්සනයි ඊළඟට 11යි 10 ට ඔබට සේවය නිමාවූ පිරිස Wellington Barracks

වෙත යන්න ගමන් ආරම්භ කරන විදිය දකින්නට පුළුවන් මෙය කිසිදු මුදලක්

නොගෙවා නොමිලයේ බලන්නට පුළුවන් දෙයක්.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  




Saturday, May 11, 2024

මතක අතරින් සෝමසිරි මුණසිංහ නිර්මාණවේදියා සොයමු.

 


සෝමසිරි මුණසිංහ  , අප බොහෝ දෙනෙක් හදුනන්නේ සෝම මුණසිංහ යන නමින්. ටොරොන්ටෝවේදී පසුගිය දා අප අතරින් වෙන් වුණු ඔහු ටොරොන්ටෝව අවට සමාජය දැන සිටියේ ටොරොන්ටෝවේ ඉංග්‍රීසි පුවත්පත් වල පලවුනු ලිපි සහ ඔහු විසින් Newstrails නමින් පවත්වාගෙන ගිය අන්තරජාල වෙබ් අඩවිය සහ මුහුණු පොත හරහා ඉංග්‍රීසි බසින් ලියූ බොහෝ ලියැවිලි හරහා ඔහු කැනඩාවේ සහ විප්‍රවාසීව වෙසෙන ශ්‍රී ලාංකික සමාජයට කල දැනුවත් කිරීම් නිසයි. .

බලංගොඩ උඩ ඇල්ලේපොල ග්‍රාමයේ උපත ලද ඔහු පාසැල් අධ්‍යාපනයෙන් පසු රජයේ මුද්‍රණාලයේ සෝදුපත් කියවන්නෙක් ලෙස සේවය කොට තිබෙනවා . 1976 දී  වැඩිහිටි ශිෂ්‍යයෙකු විදිහට කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ඔහු  ඉංග්‍රීසි සාහිත්‍යය ඇතුළුව තම කලා උපාධිය සම්පූර්ණ කරන්නේ 1979 වසරේදී . ලේක්හවුස් ආයතනයේ  The Ceylon Daily News සහ  The Sunday Observer  පුවත්පත් වල මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරන ඔහු 1987 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය පිළිබද ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගන්නවා. ලේක්හවුස් ආයතනයේ සේවය කරන කාලයේ ජර්මනියට ශිෂ්‍යත්වයක් සදහා පිටත්ව යන ඔහු ඒ තුලින් පුවත්පත් කලාවේදය සේම ජර්මන් භාෂාව ගැනත් ඉහල දැනුමක් හිමි කරගන්නවා. එවක රටේ පැවතුනු වාතාවරණය සැලකිල්ලට ගන්නා සෝමසිරි මුණසිංහ මහතා 1989 දී  ඩුබායි වෙත යන්නේ මැද පෙරදිග කලාපයේ ප්‍රමුඛ පුවත්පතක් වන The Gulf News Daily කළමණාකාරීත්වය කරන ආරාධනය මතයි. එතැන් පටන් කැනඩාවට සංක්‍රමණය වන තුරුම ඔහු එහි කතෘ මණ්ඩලයේ සේවය කරනවා.         

කැනඩාවේ විවිධ රැකියාවල නිරතවන ඔහු ඒ අතර  තමන්ගේ Newstrails වෙබ් අඩවිය හරහාත් ටොරොන්ටෝවේ ඉංග්‍රීසි පුවත්පත් හරහාත් ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් බොහෝ දේ ලියනවා . විශ්‍රාම ගැනීමෙන් පස්සෙ තමන්ගේම නවකතාව ඉමෙල්ඩා රචනා කරනවා. ඒ තුලින් ලංකාවේ වගේම මැද පෙරදිග සේවය කරන ජනතාවගේ ජීවිතයේ හරස්කඩක් අපූරුවට ඉදිරිපත් කර තිබෙනවා.









ලංකාවේ ජනප්‍රිය නවකතා කරු මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා, ලොවීනා, කලම්බෝ , නිල් කටරොල්   යන පොත් 4 ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් ඔහු ඒවා ජාත්‍යන්තරයට ගෙන යනවා.  ඒ සමගම ජනප්‍රිය නවකතාකාරිනි ශමෙල් ජයකොඩි මහත්මියගේ ප්‍රංශ පෙම්වතා පොතත් ඔහු විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. My french Love සහ ඔහුගේ  Folktales From The Serendib: A Collection of Sinhala Stories Heard In Rural Sri Lanka කියන පොත් ඔබට Amazon books  තුලින් අන්තර්ජාලයෙන් මිලට ගන්නට පුළුවන්.   









ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා මාධ්‍යවේදියෙකු, සිංහල නවකතා ජාත්‍යන්තරයට ගෙනගිය පරිවර්තකයෙකු, නවකතා කරුවෙකු  ලෙස ඉතා ඉහල කාර්යභාරයක් ඉටුකල ඔහු ඒ දස්කම්  ආභරණයක් කර නොගෙන ඉතා නිහතමානී ලෙස  ජීවත් වූ සැබෑ මහත්මයෙක් විදිහට හදුන්වන්නට පුළුවන්  . ටොරොන්ටෝව අවට බොහෝ දෙනකුට ඉදහිට ටොරොන්ටෝ විහාරස්ථානයේදී හෝ තවත් තැනක හමුවුණු ඔහු සෝමෙ අය්යා වූයේ  ඒ නිසයි .අප අතරින් වියෝ වූ සෝමසිරි මුණසිංහ නිර්මාණ වේදියාට රූපණ කණ්ඩායමේ  ප්‍රණාමය මෙසේ පලකර සිටින්නට කැමතියි.


2024 මැයි 11 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.


https://rupane.com/2024/05/11/rupane-episode-399-may-11-2024/











****************************************

ඉදිරිපත් කිරීම  -  සංජීව අබේරත්න

සම්පත් දායකත්වය -   

ප්‍රවීණ සන්නිවේදක උපාලි රණසිංහ  

කීර්ති හෙට්ටිඅච්චිගේ                     

ලේකම් - කැලණිය විශ්ව විද්‍යාලීය ආදී විද්‍යාර්ථීන්ගේ කැනඩා සංගමය              

                        

පිටපත සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ  

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

************************************************










සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.