මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Saturday, July 25, 2026

රූප කැමරා කවියාට සුබ උපන් දිනයක්

 






වදනින් කවි ලියන දහසක් දන අතරේ

කැමරාවෙන් ඔබ ලියන කවි සුවිසෙස් මිතුරේ

සම්මානයෙන් පුද ලද කවි පොත් අතරේ

මා මිනිසෙක් ඔබ ගඟක් නම් ඇත වතුරේ


පසළොස්වක සඳ මගේය කියනා ඔබෙ පද

සදුන් අරටුවත් දල්වන ඔබේම හැඩ පද

ගඟ වක්වී ගලනා තැන හිද බලනා සඳ

කවි විතරක් නොවේ ඔබේ රූප ද හැඩ පද


යන අතරේ උරුම අතර ඇති කවි පිය පද

ජීවිත විනිවිද දකිනා කාච ලියන පද

දශක හතක ගමනේදී දැනුමද බෙද බෙද

ගමන් යනෙන ඔබට පතමි සුබ පැතුමන් අද


අනුරුද්ධ වැලිගමගේ ©



2026 ජූලි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.





විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, June 20, 2026

ජීවිතේ මල් පොතේ සුන්දරම පෙරවදන....

 



නිදිකිරන සදකිරණ , තරු අතර ඉගිමරන 

මතකයේ තවම ඔබ ඉන්නවා 

අඩසදට පෙම්කරන , පිනි මතින් ඇවිදයන 

මතකයේ තවම ඔබ ඉන්නවා 


තෙරපෙනා දුම්රියේ කවුළුවෙන් කවුළුවට 

මගේ ඇස් තවම ඔබ හොයනවා 

පෙම්මුල්ලේ තුරුළුවී හීන් වදනක් දොඩන 

ඔබේ රුව තවම මම හොයනවා 


ජීවිතේ මල් පොතේ , සුන්දරම පෙරවදන 

හදවතේ තවම තව තියෙනවා 

පිටු අතර පෙරලිලා , ජීවිතය ගිලිහිලා 

පසුවදන දැන්  මමම ලියනවා 


අනුරුද්ධ වැලිගමගේ 



2026 ජුනි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. https://londonkavi.com/poem/27388/



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, May 30, 2026

" පිං" වචනේ හැඩ



 පාට පහක් එකතුකරලා  හැදුව  කොඩිය යට 

පිං කරන්න පොරකන හැටි  මකර තොරණ යට 

සරු  පිළිවෙත් නිසි අයුරින් හිතට ගන්න කොට 

බොරු සෝබන වැඩ මොටදැයි දැනෙනවා කදිමට   



අත හරින්න බැමි බිදින්න  කියන වෙහෙර යට 

පුදනකොටම පොදි බැදගත් ගොඩවල් යමරෙට  

කිසිදා වැඩ ඉවර නොකල  ලොකු පන්සල යට 

බෝඩ් ලෑලි,  නම් පුරවති  පිං යන වදනට 



නිස්කලංක සිතක්  එක්ක සැනසුනු  දවසට 

හුගක් ඇත්තො කියාවි මට , පිස්සුනෙ ඕකට 

සැහැල්ලු බව පුරවාගෙන හිත ඉපිලෙන විට 

භව ගමනට විරාමයකි තරගය නැතිකොට 



අනුරුද්ධ වැලිගමගේ 



2026 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය





විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට










සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, May 2, 2026

හිනා පිරුණු ඔබ දකින්න ගතම කලබලයි

 

















මන්දාරම් නුවරට වැහි වහින්නට           ළඟයි

හීන පිරුණු ආකාසය හරිම              කළුවරයි

පැයූ ඉදු දුනු සැව්වේ පැහැය               දුක්බරයි

අද නම් ඔබ හමුවන්නේ නැතිම නැති හැඩයි


දුම්බර කදු යාය මත්තෙ කෝච්චිය    හැඩයි

අපේ හිතත් යාකෙරුවේ මැණිකෙලා තමයි

හීත සුළං පොද දැනුනම තුරුළ   උණුහුමයි

තාමත් හිත රිදුම් දෙන්නෙ ඒ       හාද්දමයි


මීදුම් තිර කඩා වැසෙන කදුත්              දුක්බරයි

නිම්න සානු මිටියාවත් හරි              හැගුම්බරයි

පැතුම් පොකුරු පිරෙන හිදෙන මසිත චංචලයි

හිනා පිරුණු ඔබ දකින්න ගතම        කලබලයි


අනුරුද්ධ වැලිගමගේ 

2026 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/poem/27323/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, April 4, 2026

සිරිය දැනෙනවද බක්මහ මගුලට

 












අවුරුදු අවුරුදු ගම රට එනකොට 

එරබදු මල් වැල් කොහේද කොයිබට  

කොහාගේ  නාදෙත් ගොළුවී ඇතිකොට   

සිරිය දැනෙනවද බක්මහ මගුලට 


කැවුම් කොකිස් පිරි වට්ටි පිරෙනකොට 

හිතේ ඇදෙනවා ආච්චි හනිකට 

ඩිලිවරි කරලා කැවුම් ගන්නකොට 

සුවද මැරිලා රස දිවට නොමැතිකොට 


ලිප ගිනි මොලවා නැකතට කෑවට 

අද නෑ දරුවන් අපි ළග වටපිට  

එකමුතු කම සාමය රැකගන්නට  

හාදු පුදමු  අපි ලැප්ටොප් තිරයට 


අනුරුද්ධ වැලිගමගේ 




2026  අප්‍රේල්   මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට












සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, March 28, 2026

කෝ ළමයි....

 





















සරාගයේ හැගුම් පොකුරු ගුලිකර එක්කොට 

නිවාඩුවට ඔබ එනවා මාව දකින්නට 

පෙරුම් පුරා බලන් ඉන්න කැමති තුරුල්ලට  

මහන්සියට නිදි වාගෙයි ගොරවයි සද්දෙට 


සද තරුවැල් වෙහෙස වෙලා රාග කලාවට 

ජනේලයෙන් ඉර එබෙනවා හොර අල්ලන්නට 

අපට හොරා උදේ වෙලා දවස පිපෙන විට 

අනේ සුමේ පටන්ගන්න වෙලාව මේ  මට 


ගේ පොඩ්ඩේ ගුලිවෙන කොට තදවි  එයයිට 

මාමණ්ඩි අහයි මීයො ඇත්දැයි යමරෙට 

නැන්දම්මා පරල වෙද්දී ළමයෙක් නැතුවට 

අනේ අම්මේ ළමයි කොහෙද සෙල්ලම් නැතිකොට  

අනුරුද්ධ වැලිගමගේ 


2026  මාර්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට












සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, February 7, 2026

සුදු නංගිගේ හිනාවයි අගේ

 


















හෙන්දිරික්ක මල් පිපිච්ච , පාට වැටුණු තරු දිලිච්ච 

සඳ රැස් පිරි ගුරු පාර දිගේ 

ගවුම පුරා මල් හැලිච්ච , හිනා හඩින් මුව පිරිච්ච 

සුදු නංගිගේ හිනාවයි අගේ 


රෑ හීනෙන් මට පෙනිච්ච , මගෙම ව‍ගේ මට දැනිච්ච 

විදුලි කොටන නෙත් යුවල ඇගේ 

ඇබුල බෙදනකොට පෙනිච්ච , රන් තැබිලිය සේ පිරිච්ච 

හංස යුවල හරි දඟයි වගේ 


තනි යහනේ දුක දැනිච්ච , සුසුම් හැගුම් ගුලි ගැහිච්ච 

කාලය දැන් නිම වෙලා වගේ 

අහස පුරා සද පිරිච්ච , පැතුම් පොකුරු මල් පිපිච්ච 

ඔබෙන් බහක් ලැබෙයි නම් අගේ 


අනුරුද්ධ වැලිගමගේ

2026  පෙබරවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.





විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.