මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, July 31, 2020

මිසදුටු මුසිල පිරිසට ගලේ කියාපන්නේ .......අනුරුද්ධ වැලිගමගේ..... කවි......

Sasseruwa: Where Time Meets - Explore Sri Lanka - Once discovered ...


රැස් වෙහෙරේ පින්පෙත් දෙන

ඇත් රංචුව මැද්දේ

සුදු සද රැස් විහිදෙනවා

 හිටි පිළිමය සිරසේ

 

පාළු අදුරු කැලෑ රොදේ

 කෑලි කපන අදුරේ

දෙදහස් වසරක උරුමය

 සැගවී වන වදුලේ

 

පණ නල දුන් ගල් වඩුවන්

 ජීවිත නැත දසුනේ

අමරණීය  ගල් කැටයම්

නිවයි දුකම සැමගේ

 

දර්ශනයයි සංදර්ශණ

 පටලා පින් මත්තේ

මිසදුටු මුසිල පිරිසට

 ගලේ කියාපන්නේ

 

අනුරුද්ධ වැලිගමගේ


Lakdasun Trip Reports Archive » Watching the sunrise at Avukana ...


Thursday, July 30, 2020

කෙත් යායේ රන් අස්වනු පිරිලා ......අනුරුද්ධ වැලිගමගේ......කවි....

Sri-Lanka Farmer | Sri lanka, Sri lankan, World of color

පිලේ කොනක දෑසක් දිලිසෙනවා

සුරුට්ටු දුම පැල්පතට ගොඩවෙලා

කුප්පියෙ එළියෙන් ඇසට පෙනෙන රුව

තනියම මොන මොනවද මුමුණනවා .

 

උදලු කෙටිය උරෙ කර පින්නාගෙන

 හිමිදිරියේ කෙත වෙත පියනගනා

සරු බිම වපුරා පැතුම් පොකුරු පොදි

 රන් දහදියෙ මහිමය කියනා

  

කෙත් යායේ රන් අස්වනු ලැබිලා

අප්පච්චිගේ මුව හසරැල් නැගිලා

ගතවූ සිවුමස තිස්සේ වෙහෙසුණු

ගතටත් සිතටත් සුවයක් ලැබිලා

 

අනුරුද්ධ වැලිගමගේ


Majority of Sri Lankans against protectionist taxes: survey ...

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



Wednesday, July 29, 2020

තනි තරුවේ .....අනුරුද්ධ වැලිගමගේ.... කවි......

Men and women agree: personality matters most | YouGov


තනි තරුවේ .... පෝදා මල් සුපිපුණු

 සදුට හොරෙන් හිද තනි රකිනා  

නිල් දිය අහසේ .... සද කන් වතුරේ

 තාලයකට රැගුමන් රගනා

 

අදුර නසා රෑ කල නිල් අහසේ

 ලොවක් එළිය කරනා

සදු අද්දර හිද නෙතගින් බලනා

 රුවට සදුත් රැදුනා

 

මුවගේ රැදෙනා සිනා කැළුම් කැල

රුවට රුවේ දිලෙනා

නොකී රහස් බස් නෙතගින් දෙඩුවා

 හදට සිසිල කැන්දා

 

අනුරුද්ධ වැලිගමගේ


What Romance Means to Men vs. Women

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

 


Tuesday, July 28, 2020

බලා හුන්නෙමි කල්ප කල් හිද .....අනුරුද්ධ වැලිගමගේ.....කවි......

man standing on stone looking at sunset photo – Free Nature Image ...


බලා හුන්නෙමි කල්ප කල් හිද 
ඈත දුර අහසේ 
හාදු දෙන රළ කැරලි කැලතෙන 
නිල් සයුරු අරුමේ ........

ශීත සොමිගුණ සපිරි මහකුළු 
නොසැලි සිටි දවසේ 
යුගෙන් යුග ඒ කල්ප කාලය 
පාව යන අරුමේ 

කුළුණු සුවිසල් ගගන තලයට 
අත වනන මොහොතේ 
බිදෙන් බිද නෙතු පියන් අද්දර 
මියෙන තුරු අතරේ
 

අනුරුද්ධ වැලිගමගේ

man standing on top of mountain Image - Free Stock Photo

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



Monday, July 27, 2020

අම්මා ....... අනුරුද්ධ වැලිගමගේ ....කවි.....

Healing herbs for new moms

දස මාසේ කුස තියාන

රැයක් දවාලක් නැතිවම

අම්මේ නුබ විදි දුක ගැන

කියන්න මට වචන කොහෙද

 

කීයට ගෙදරට ආවත්

කන්න යමක් හදල දුන්න

ඔබ කවදාවත් කිව්වද

අනේ කඩෙන් කාල එන්න

 

අපේ පුතා ඉපදුණ දා

කිව්ව වචන මතක නැද්ද

අම්මේ නුබ කිව්වේ මට

සතුටයි ඔබ මගෙන් වින්ද

 

මූදු හතක් එහා ඉදන්

ඉදහිට ඔබ බලන්න එන

දාකට ආපහු යනකොට

බලන්න බැහැ ඔබේ මුණ

 

අනුරුද්ධ වැලිගමගේ 


Mother Silhouette Images, Stock Photos & Vectors | Shutterstock

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.