මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, November 25, 2018

Sound of Music චිත්‍රපටයේ ගී ගයන Trapp පවුල සොයා වර්මොන්ට් ප්‍රාන්තයට.....ඇමෙරිකානු සංචාරයක මතකය

Image result for sound of music

Sound of Music චිත්‍රපටයේ ගී ගයන Trapp පවුල සොයා වර්මොන්ට් ප්‍රාන්තයට

1965 මාර්තු 2 වැනිදා මංගල දර්ශනයෙන් පටන්ගෙන අද වනතුරුත් මිලියන ගණනාවක් ප්රේක්ෂක ආදරය දිනාගත්  Sound of Music චිත්රපටය සෑම මට්ටමකම සම්මාන උළෙලවලින් තෑගි පිට තෑගි දිනූ වාර්තා තැබූ එකක් . රගපෑ නළු නිළියන් මිය ගියත් වසර 53 කට පසු අදත් එහි ජනප්රියතාවයේ අඩුවක් නැහැ .
Maria Vonn Trapp විසින් රචිත කථාවක් ඇසුරින් නිර්මාණය වූ එයට පසුබිම් වූයේ ඔස්ට්රියානු හමුදාවේ ප්රබල නාවික නිලධාරියෙකුගේ දරුවන් හත් දෙනා බලා ගැනීමට එන පාලිකාවකගේ කතාවයි . කලක් යුරෝපයේ ඉතා ජනප්රිය වූ ට්රැප් පවුලේ සංගීත කණ්ඩායම ( Trapp Family Singers ) දෙවන ලෝක යුද්ධ සමයේදී ඔස්ට්රියාවෙන් පලා ආවේ ඉතාලිය , එංගලන්තය හරහා ඇමෙරිකාවට .

Related image

චිත්රපටයටත් , පසුබිම් කතාවටත් ආදරය කල අප ඔවුන් ඇමෙරිකාවේදී නැවතුණු වර්මොන්ට් ප්රාන්තයේ ස්ටෝවේ ( Stowe) නගරයට දසත සංචාරයක මතකය ගෙනයන්නට හිතුවා .   අප අත්විදි මිහිර ඔබත් එක්ක බෙදාගන්න . විද්යුත් තැපෑල හරහා අපව සම්බන්ධ කරගත් සංචාරයක මතකය කියවන හිතවත් කිහිප දෙනෙක් ලියා තිබුනේ ගිම්හාන නිවහනක අත්දැකීමක් බෙදාගන්න කියලයි . මේ ලිපිය ඉක්මන් කරන්නට ඒකත් හේතුවක් වුණු බව කිවයුතුයි .

Image result for sound of music real family


ටොරොන්ටෝවේ සිට පැය 7 1/2 ක් පමණ රථ ධාවනයකින් ඔබට ස්ටෝවේ නගරයට ලගා වන්නට පුළුවන් . හිම ක්රීඩා සදහා ඉතා ජනප්රිය මේ කුඩා කදුකර නගරය අපට සිහිපත් කලේ ලංකාවේ නුවරඑළියට ගිය ගමන් මතකයන් . ශීත කාලයට නම් මේ ප්රදේශයේ නවාතැන් ඉතා කාර්යබහුල වගේම ඉතා ඉහල මිල ගණන් වලට අලෙවි වෙනවා . අප මේ ප්රදේශය තෝරාගත්තේ ගිම්හාන සංචාරයකට . නගරයෙන් තරමක් ඈතට වන්නට පිහිටි මේ මනරම් හුදෙකලා නිවහනේ  ගෙවූ සතියකට වැඩි කාලය අපේ ගමන් සගයන් වුණු අනෙක් පවුල් දෙකකුත් සමග කල සාර්ථක සංචාරයන් අතරින් එකක් . මේ ගමනේදී දේශ සීමා තරණය යුතු නිසා ගමන පටන්ගන්නා වේලාව මෙන්ම කපොල්ල කලින්ම තීරණය කර ගැනීම කාල කළමනාකරණයට වැදගත් . Kingston හරහා ගමන් ගන්නා විට නාස්ති වන කාලය ඉතිරි කර ගැනීමට ආපසු ඒමේදී අප තෝරාගත්තේ එතරම් තදබදය නැති Montreal නගරයට කිට්ටු කුඩා දේශ සීමා කපොල්ලක් .

Image result for stowe vermont


ට්රැප් පවුලේ තානායම (Trapp Family Lodge)

1938 දී නාසි ආක්රමණ වලට බියෙන් පලා ට්රැප් පවුල ඇමෙරිකාවේදී 1947 ඉදිකල ට්රැප් පවුලේ තානායම ඔස්ට්රියානු ඌරුවට ඉදිවූ කදිම නවාතැනක් . අක්කර 2500 සුවිසල් බිම් කඩක විසිරුණු මේ පරිශ්රයේ ඇති නවාතැන කාමර 93 සුඛෝපභෝගී එකක් . මෙහි නවතින්නට නම් ඉතා විශාල මුදලක් ගෙවන්නට වේවි . ඔවුන්ගේ තේමා පාඨයෙන් කියැවෙන විදිහටම ඔස්ට්රියාවෙන් බිදක් වර්මොන්ට් ප්රාන්තයට ගෙනැවිත් තිබෙන මෙහි ඇත්තේ ඔස්ට්රියානු ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව ඉදිකළ ගොඩනැගිලි.  

Vermont Stowe Trapp Family Lodge Hedwig Trapp In Trapp Family ...

von trapp family lodge stowe vt on design darling - Design Darling


ඒත් ඔස්ට්රියානු මලින් ගහ කොලින් පිරි එහි වත්තේ සංචාරයක යෙදෙන්න ඔබට එහි නවතින්නට අවශ් නැහැ .   අත්දැකීම හරියට ඔබ ඕස්ට්රියාවට ගියා වගෙයි කියලයි ඕස්ට්රියාවට හැබැහින් ගිය අපේ ගමන් සගයෙකු කීවෙ . පොතත් , චිත්රපටයත් තුලින් දැන සිටි බොහෝ කරුණු චාරිකාවේ නියාමකවරියගේ විස්තර එක්ක ගැලපිලා පරිසරයත් , කැමරාවත් එක්ක ගෙවුණු හෝරාවකට අධික කාලය තවමත් මතකයේ තියෙන්නේ නිසා .

Image result for trapp family lodgeImage result for trapp family lodge


ස්ටර්ලින් විල ( Sterlin Pond )

Seven High Country Hikes - Vermont Sports Magazine

ස්ටෝවේ නගරයට කිට්ටුවෙන් ඇවිදින මංපෙත් ( Walking Trails) බොහෝ ගණනක් තිබෙනවා .   අතුරින් අප කණ්ඩායමේ සිත් ගත් තැනක් තමයි ස්ටර්ලින් විල. මෙය දකින්නට නම් අඩි 1010 උස කදු මුදුනකට නගින්න වෙනවා .

කිලෝමීටර 4 ( සැතපුම් 2.5 ) දුරක පා ගමනකට පස්සෙ දකින්නට ලැබෙන විලේ මනරම් දර්ශනය ගමන් මහන්සිය නිවා දමනවා සිකුරුයි . ගමනේ පළමු කිලෝමීටර 2 අසීරු වන්නේ ගල් පඩිපෙල ක්රමවත්ව නැති නිසා .

මේ පරිශ්රය කුරුල්ලන් බලන්නටත් , රැහැන් වල එල්ලී කදු නගින සංචාරකයින්ගේත් ජනප්රිය තැනක් . මගේ මතකයට  ආවේ මිල්ටන් නගරයේ තියෙන ගැරඩියා  කන්ද මුදුනයි ( Rattlesnake Point).
මේ ගමනේදී උදෙන්ම ගියොත් ඉදහිට කැලෑ  සතුන්ද දකින්නට පුළුවන් . ඔබේ ජංගම දුරකථනයට හෝ කැමරාවට දකින මනරම් දසුන් නිසා විවේකයක් නැතිවේවි .

5 Amazing Hikes in Vermont with Stunning Foliage Views – KÜHL Blog



මොස් ග්ලෙන් දියඇල්ල ( Moss Glen Falls )

Beyond Niagara: Where to Find Waterfalls in All 50 States (With ...

 ලංකාවේදී සහ නයගරාවේදී ඇති තරම් දියඇලි දැක ඇති ඔබට මෙය තරමින් කුඩා එකක් වේවි . ඒත් ඔබ පරිසර සංචාරයකට කැමති කෙනෙක් නම් මෙතැනත් යන්න තවත් හොද තැනක්. කිලෝමීටර් 3 තරම් අසීරු කදු නැග්මකට පස්සෙ කදු මුදුනේදී මේ දිය ඇල්ල දකිනකොට දැනෙන මහන්සිය කොහේදෝ ගියා කියලයි අපට හිතුනෙ . මෙතැනත් කැමරා වලට ඉවරයක් නැති පසුතල මවනවා . මෙතැන තියෙන වාහන නැවතුම්පල නම් බොහොම කුඩා එකක් .

Related image


ගිම්හාන නවාතැන ( Cottage )

මේ ගමනේ අපේ ප්රධාන බලාපොරොත්තුව වුනේ අපේ ගමන් සගයන් සමග විවේකීව ගතකිරීමයි . යන්නටත් . එන්නටත් දිනය බැගින් ගත වුණු නිසා අපි වැඩි දුරක් ඇති දේ බලන්න ගියේ නැහැ . කුඩා පෞද්ගලික විලක් තිබුණු නිවහන වටාම ඉතා විශාල වනගත ප්රදේශයක් තිබුණු නිසා උදැසනට මුවන් ඇතුළු කුඩා සතුන් දකින්නට ලැබීම අරුමයක් වුනේ නැහැ . කුඩා පවුල් 2 -3 කට දවස් කිහිපයක් කල් ගත කරන්නට අවශ් සියළු පහසුකම් එහි තිබුණා .




වෝටබරි මධ්යස්ථානය ආශ්රිත උද්යානය ( Waterbury Centre State Park)

Vermont State Parks | National Park Service | TravelingMom

කදු මුදුන්වල සිට එන විශාල ගංවතුර පාලනය සදහා තැනුණු ජලාශයක් ආශ්රිතව මේ උද්යානය පිහිටුවා තිබෙනවා . මේ පරිශ්රය අපේ ගමන් සගයින් හැමෝටම විනෝදයක් ගෙන දුන් තැනක් . කදු නැගීම් වලට එක් නොවූ වැඩිහිටි අයත් Picnic Tables වල ඉදගෙන මේ පරිශ්රයේදී පරිසරයේ අසිරිය මැනවින් විදි බව කිව යුතුයි . මෙය පිහිනන්නටත් , නාන්නටත් කදිම තැනක් . අතර තරුණ පිරිස් බෝට්ටු සහ උපකරණ කුලියට ගෙන ජල ක්රීඩාවල යෙදුනා . මේ පරිශ්රය පළාත් උද්යානයක් නිසා දවසක්ම ගත කරන්න  සියළු පහසුකම් තිබෙනවා .ස්ටෝවේ නගරයට කිලෝමීටර 10 ක් පමණ දුරින් මෙය පිහිටා තිබෙනවා .

Image result for waterbury center state parkImage result for waterbury center state park


බෙන් සහ ජෙරී අයිස්ක්රීම් කම්හල් චාරිකාව ( Ben & Jerry Ice cream factory tour)

Factory Tour | Ben & Jerry's

ඇමෙරිකාවේ ජනප්රිය මේ අයිස්ක්රීම් නිෂ්පාදන කැනඩාවේ සමහර වෙළද සැල් වලත් දකින්නට පුළුවන් . සාමාන් පොදු රසයන්ගෙන් වෙනස් සුවිශේෂ රස රැසක් අත්විදින්නට ලැබෙන මේ චාරිකාවේ අත්දැකීම වෙනස් .

1978 දී බෙන්  කොහෙන් ( Ben Cohen) සහ ජෙරී ග්රීන්ෆිල්ඩ් ( Jerry Greenfield) මිතුරන් දෙදෙනා වසා දමා තිබු කුඩා ගෑස් හලක පටන් ගත් මේ අයිස්ක්රීම් කම්හල අද ඉතා විශාල එකක් . මේ පරිශ්රයේ කරන චාරිකාව බාල මහළු සියළු දෙනාට විනෝදවිය හැකි ලෙස සකස් කර තිබෙනවා . හැමෝම ආසා කරන්නේ  තමන් කැමතිම අයිස්ක්රීම් රස බලන එකටයි . මේ පරිශ්රය පිහිටා තිබෙන්නේ ස්ටෝවේ නගරයේ සිට කිලෝමීටර් 16 ක් තරම් දුරින් .


මේ ගමනේදී අප දුර ගමන් යොදා නොගෙන ගිම්හාන නවාතැනේ වැඩි කාලයක් ගත කරන්නට උත්සාහ ගත් බව කිවයුතුයි . කිලෝමීටර 5-6 දුරින් පිහිටි ස්ටෝවේ නගරයෙන් අවශ් දෙයක් ගන්නත් පුළුවන් . විශේෂයෙන්ම පැය  4-5 කට වඩා වැඩි කාලයක් රථ ධාවනයේ යෙදෙන ගමන් වලදී වැඩි විවේකයක් තබා ගත යුත්තේ ගමන නිසි ලෙස විදින්නටයි . නොඑසේ නම් ඔබ වියදම් කරන මුදලත් , කාලයත්  මහන්සියක් වී අපතේ යනු ඇති .


Image result for ben and jerry's factory vermont




ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .

සටහන අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  හෙසදී වැලිගමගේ  සහ * අන්තර්ජාලයෙන්








කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 මාර්තු  කලාපයේ පලවිය .

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Canadian Minority Media Database | Dasatha

http://dasatha.com/




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.