මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 26, 2022

පරිවර් තන කවි 50 ක් , විදෙස් කවි 200 ක් සමග දුර ගමනක් .....


 සිංහල කතා කරන,  ලංකාවේ උපන් අපට කවිය ගැන හොද රසිකත්වයක් තිබෙනවා. ඒත් වෙනත්  භාෂාවලින් ලියැවුණු කවි පරිශීලනය අතින් අප ඉන්නේ පහල තැනක කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. 1956 පටන්ගත් ද්විභාෂාව දැනුම අඩුවත්, ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය අධ්‍යනය අඩුවීමත්, සාහිත්‍යය විෂය මාලා තුල ඉතා කුඩා වපසරියකට සීමා කර තිබීමත් හින්ද 80 දශකයේ පාසැල් අධ්‍යාපනය ලැබූ අපට විදෙස් කවි ගැන දැනුමක් ලබන්නට එතරම් ඉඩක් ලැබුණේ නැහැ. 

සවන කවි මිණි ආර තුලින් ඉදිරිපත් වුණු රේඩියෝ කවි පැය , ජනසන්නිවේදන හා ලේඛකත්ව පශ්චාත් ඩිප්ලෝමාව වෙනුවෙන් මා කරන්නට අදහස් කරගෙන හිටි ව්‍යාපෘතියයි. ලංකාවෙන් බැහැර එක් නිර්  මාණ කරුවෙකු තෝරාගෙන ඔහු ගැන කෙටි සටහනක්, ඔහුගේ නිර්  මාණ  කිහිපයක ඉංග්‍රීසි කවි ගායනා සහ ඔහුගේ කවියක සිංහල පරිවර් තන ගායනය ඇතුලත් "කවියෙන් රටින් රටට "  කොටස වැඩසටහනට එක් වුනේ ඒ විදිහටයි.ඒ හරහා පරිවර් තන කවි 51 ක් සහ ඉංග්‍රීසියෙන් ගැයුණු නිර්  මාණ 200 කට වැඩි ගණනක් ශ්‍රාවක අවධානයට යොමු කරන්නට මට හැකිවුණා.

උසස් අධ්‍යාපනය සදහා හෝ උසස් පෙළ සදහා ඉංග්‍රීසි සාහිත්‍යය විෂයක් ලෙස හැදෑරීමක් නොකල මට මේ සදහා පිහිටට ආවේ අන්තර්  ජාලයයි. ඉංග්‍රීසි ශ්‍රව්‍ය කවි යූ ටියුබ් අවකාශයෙන් භාගත කෙරුණා. කවි උපුටා ගැනුණේ රාජ්‍ය සම්මානලාභී පරිවර් තක නිලූක කදුරුගමුව ගේ " පරිවර් තන "   බ්ලොග් අඩවියෙන් සහ දිනමිණ වසත් සුළග අතිරේකයට විදෙස් කවිය ඉදිරිපත් කරන හෙල්මලී ගුණතිලක ගේ " Hot Chocolate Days"  බ්ලොග් අඩවියෙන්. කිසිදු ගෙවීමකින් තොරව ඒවා  භාවිතයට දුන් අවසරයට මා ඒ දෙපලටම ස්තුතිවන්ත වෙනවා. මේ දෙදෙනාගේම අති විශාල නිර් මාණ ප්‍රමාණයක් ඔවුන්ගේ බ්ලොග් අඩවි තුල ගොනුව ඇති නිසා ඒ ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට එහි මුල් කවියේ විස්තරත් , තවත් තොරතුරුත් පහත දැක්වෙන දිගුවලින් ඒවාට ගොඩවී රස විදින්නට පුළුවන්.  


නිලූක කදුරුගමුව


http://nilukakadurugamuwa.blogspot.com/

                                                                 හෙල්මලී ගුණතිලක



                                                     https://hotchocolatedays.blogspot.com/


          කැනඩාවේ සවන අන්තර්  ජාල ගුවන් විදුලියේ නියමු ප්‍රවීණ මාධ්‍යවේදී  වසන්ත ලංකාතිලක


මේ වනවිට නිෂ්පාදන කටයුතු නිම කර තිබෙන සවන කවි මිණි ආර වැඩසටහන් පෙල 2023 ජනවාරි මාසයේදී අවසන් වෙනවා. ඊට පස්සෙ ඉඩ ලැබෙන හැටියට යූ ටියුබ් අවකාශයට වැඩසටහන් මුදා හරින්නත් , ඒ ගැන සටහන් බ්ලොග් අඩවියට එකතු කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වැඩසටහන් පෙල වෙනුවෙන් ඉඩක් ලබාදුන් කැනඩාවේ සවන අන්තර්  ජාල ගුවන් විදුලියේ නියමු ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන් ටත් , කවි ගායනා කරමින් සහය දුන් රෝහණ දිසානායක, අනෝජා මකුලොළුව, ලියෝනි අමරතුංග, විශාරද හසන්තිකා අතපත්තු, ආචාර් ය බුද්ධිමති ජයසේකර, එරන්මලී රණවීර, ඉන්තාන් ජෝසප් යන නිර් මාණ කරුවන්ටත්, වැඩසටහන් සදහා උපදේශකත්වයෙන් දායක වූ ප්‍රවීණ අධ්යාපනවෙදිනී ආචාර් ය ස්වර් ණා චන්ද්‍රසේකර ටත් මගේ හදපිරි ස්තුතිය හිමිවෙනවා.

ඒ වැඩසටහන් පෙල පෙල ගැහුනේ මෙහෙමයි










1. Sarojini Naidu - සරෝජිනී නායිදු   - අහෝ මරණය (හෙල්මලී ගුණතිලක)

2. Octavio Paz - ඔක්තාවියෝ පාස් - යාම් සහ ඒම් අතර (නිලූක කදුරුගමුව)

3. D H Lawrence - ඩී එච් ලෝරන්ස් - අල්ප වූ මිනිසෙක්  (නිලූක කදුරුගමුව)

4. Maya Angelou - මායා ඇන්ජෙලෝ - අසිරිමත් ගැහැණිය  (නිලූක කදුරුගමුව)

5. Borris Pasternak- බොරිස් පැස්ටර්නනැක් - ශිශිරයේ රාත්‍රිය  (නිලූක කදුරුගමුව)

6. Lord Byron- බයිරන් සාමිවරයා - සැරිසැරීම  (නිලූක කදුරුගමුව)

7. Richard Jones - රිචඩ් ජෝන්ස් - හන්දා  (හෙල්මලී ගුණතිලක)

8. P B Shelley පී බී ෂෙලී - මුදු හඩවල් වියැකී ගිය පසුව (නිලූක කදුරුගමුව)

9. Barry Spacks- බැරී ස්පැක්ස් - මේ පැටලුම් (හෙල්මලී ගුණතිලක)

10. Hans Ostram - හෑන්ස් ඔස්ට්‍රම් - මේ නිහඩ මිනිසුන්ගේ සංගමයයි  (හෙල්මලී ගුණතිලක)






11. Edna St. Wincent Millay- එඩ්නා ශාන්ත වින්සන්ට් මිලේ - කදු මුදුනක  (හෙල්මලී ගුණතිලක)

12. Nikolai Nekrasov- නිකොලායි නෙක්රසොව් - ප්‍රවේණි දාසයාගේ කවිය (නිලූක කදුරුගමුව)

13. Dilan Thomas- ඩිලන් තෝමස් - පිය නොනැගුනය (නිලූක කදුරුගමුව)

14. Nazim Hikmet - නසීම් හික්මෙට් - හදවතේ වේදනාව (නිලූක කදුරුගමුව)

15. Alfred Tennyson- ඇල්ෆ්‍රඩ් ටෙනිසන් - නොඑනු මැන මා මල පසුව (නිලූක කදුරුගමුව)

16. William Butler Yates- විලියම් බට්ලර් යේට්ස් - වන හංසයෝ (නිලූක කදුරුගමුව)

17. Rudyard Kipling - රුඩ්යාඩ් කිප්ලින් - වන පෙත මැදින් වැටුණු මග (නිලූක කදුරුගමුව)

18. Langston Hughes- ලැන්ග්ස්ටන්  හියුස් - වියපත් නාවිකයාගේ මරණය (නිලූක කදුරුගමුව)

19. Bertolt Brecht - බර් ටෝ ල්ට් බ්‍රෙෂ්ට් - පොත් පිලිස්සීම (නිලූක කදුරුගමුව)

20. Pablo Neruda- පැබ්ලෝ නෙරුඩා - රැජින  (නිලූක කදුරුගමුව) 

 


21. Mikhail Lamanthov - මිහායෙල් ලමන්තෝව්  - සිහිනය (නිලූක කදුරුගමුව)

22. Robert Frost - රොබට්‌ ෆ්රෝස්ට් - සැදෑ සක්මන (නිලූක කදුරුගමුව)

23. William Blake- විලියම් බ්ලේක් - විෂ ගස (නිලූක කදුරුගමුව)

24. Carl Sandberg- කාල් සැන්ඩ්බ්ර්ග් - සරත් කල (හෙල්මලී ගුණතිලක)

25. Stanley Kunitz- ස්ටැන්ලි කුනිට්ස් - ගිම්හානය අවසන (නිලූක කදුරුගමුව)

26. Khaleel Gibran- කලීල් ජිබ්රාන් - වයනු මැන වස්දඩුව (නිලූක කදුරුගමුව)

27. William Ernest Henley- විලියම් අර්නස්ට් හෙන්ලි - සයුරු තෙර ප්‍රේමය (නිලූක කදුරුගමුව)

28. Jhon Keats- ජෝන් කීට්ස් - හේමන්තයට (නිලූක කදුරුගමුව)

29. Rabindranath Tagore රබීන්ද්‍රනාත් තාගෝර් - දරුව (හෙල්මලී ගුණතිලක)

30. Garcia Loka- ගාෂියා ලෝකා - කරදියෙහි ගීතය - (නිලූක කදුරුගමුව)








 
























31. Omar Khayyam- ඕමාර් කය්යාම් - රුබෙයියාට් කවි කිහිපයක් (නිලූක කදුරුගමුව)

32, Emily Bronte-  එමිලි බ්‍රොන්ටේ - අදුරු වෙයි රාත්‍රිය (නිලූක කදුරුගමුව)

33. T S Eliot-  ටී එස් එලියට් - ජනේලය අසල උදෑසන (නිලූක කදුරුගමුව)

34. Arthur Rimbaud- ආතර් රිම්බාඩ් - සංවේදනා (නිලූක කදුරුගමුව)

35. Tyler knott Gregson- ටයිලර් නොට් ග්රෙග්සන් - මගේ කවිය නුබ (නිලූක කදුරුගමුව)

36. Richard Aldington- රිචඩ් ඇල්ඩින්ටන් - ගංදිය (නිලූක කදුරුගමුව)

37. Thomas bailey Aldrich - තෝමස් බේලි ඔල්ඩ්රිච් - මතකය (නිලූක කදුරුගමුව)

38. Shutaro Tanikawa- ෂුන්ටාරෝ තනිකාවා - දෙබසක් (නිලූක කදුරුගමුව)

39. Czeslaw Milosz- චෙස්ලෝ මිලෝස් - හිමිදිරියේ හමුව (නිලූක කදුරුගමුව)

40. Gabriela Mistral- ගබ්රියේලා මිස්ට්‍රල් - ඔබ අයිති මටම පමණය (නිලූක කදුරුගමුව)

 







































41. Paul Eluard- පෝල් එලූආඩ්  - නිදහස (නිලූක කදුරුගමුව)

42. Lucille Clifton - ලුසිල් ක්ලිෆ්ටන් - මේ නදිය (හෙල්මලී ගුණතිලක)

43. William Wordsworth- විලියම් වඩ්ස්වර් ත් - අස්වනු නෙලන්නී (නිලූක කදුරුගමුව)

44. Rupi Kaur- රූපි කෞර් - මිහිතලය මත හිද (හෙල්මලී ගුණතිලක)

45. Linda Pastan- ලින්ඩා පැස්ටන් - ඔක්තෝබරයේ අග (හෙල්මලී ගුණතිලක)

46. Dorothy Parker- ඩොරති පාකර් - ආදර ගීතය (හෙල්මලී ගුණතිලක)

47. Emily Dikinson - එමිලි ඩිකින්සන් - බලාපොරොත්තුව (හෙල්මලී ගුණතිලක)

48. Clementine Von Radics- ක්ලේමන්ටයින් වොන් රිඩික්ස් - 

      ඔබ පෙම් කල පළමුවැන්නා - (හෙල්මලී ගුණතිලක)

49. Mary Oliver- මේරි ඔලිවර් - කැලෑ  පාත්තයින් - (හෙල්මලී ගුණතිලක)

50.  Hermann Hesse- හර් මන් හෙස - ජපානයේ වනගත ගිරිකදුරක -  (නිලූක කදුරුගමුව)  

51. Brian Patten - බ්‍රයන් පැටන් - මල් ගෙනාවේ මමය  (හෙල්මලී ගුණතිලක)


සමහර කවීන්ගේ නම් සිංහලට නැගීමේදී වැරදි ලෙස ඉදිරිපත් විය හැකිය, කරුණාකර අන්තර් ජාලය පිරික්සීමේදී ඉංග්‍රීසියෙන් ලියා ඇති ලෙස යොදාගන්න. ඔබ තවමත් සවන කවි මිණි ආර ශ්‍රවණය කර නැත්නම් කැනඩාවේ ටොරොන්ටෝ වේලාවෙන් සෑම සෙනසුරාදාවකම හවස 4 ට මුල් විකාශයටත් , සදුදා රාත්‍රී 9 ට නැවත විකාශයටත් කන් දෙන්න පුළුවන්. සවන රේඩියෝව ගැන පහත දිගුවෙන් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් ඇප් එක හරහා ලෝකයේ ඔබ ඉන්නා කොදෙව්වේ ඉදන් ගෙදර දොර වැඩ කරන අතරේ ඔබට පහසුවෙන් කන් දෙන්න පුළුවන්.   

http://ahasgawwenehalokaya.blogspot.com/2020/11/blog-post_29.html

  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.