මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 24, 2021

නගරය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝ ගේ රෝමය බලන්නට ගියදා ...........

 රෝම නගර සංචාරයක මතකය  1.....


නීරෝ අධිරාජ්යයා රෝමයේ සිටි ඉතිහාසගත පාලකයෙක් . ඔහු වඩාත් ප්රකට වුනේ නගරය ගිනිගන්නා  අතරේත් වීණා වැයූ බව කියන ජනප්රවාදය නිසයි . ක්රිස්තු පුර්ව 27 සිට ක්රිස්තු වර්ෂ 286 දක්වා පුරා පැතිරුණු ඉපැරිණි සිෂ්ටාචාරයකට හිමිකම් කියන රෝමයේ එදා මිලියනයක තරම් ජනතාවක් විසු බව කියැවෙනවා .වර්තමානයේදී රෝමය ලෝකයේ ජනප්රිය සංචාරක නගර අතර ඉහල තැනක තිබෙන එකක් .

ගුවන් ටිකට් පත් සහ අනෙකුත් වියදම් අධික නිසා යුරෝපා සංචාරයන් තරමක් මිල අධික වුණත් කලින් වෙන්කරවා ගැනීමෙන් සහ අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගත්තොත් බර සැහැල්ලු කරගන්නට ක්රම හොයාගන්නට පුළුවන් . කොහොම වුණත් හරි හැටියට සංචාරය විදින්නට නම් දවසකට කලින් යන එක හොද වෙන්නෙ වෙලාවෙ වෙනසත් , ගමන් මහන්සියත් හින්ද පළමු දවසෙ කොහේවත් යන්නට බැරි හින්දයි .

ටොරොන්ටෝවෙන් පිටත් වෙලා පැය 9 පමණ ගුවන් ගමනකට පස්සෙ අපි රෝමයට ලගාවුනා. සංචාරයක මතකය තුලින් මින්පෙර ඔබ කැදවාගෙන ගිය පැරිස් සංචාර ලිපි 2 ඔබට මතක ඇති . අපි ආයෙමත් යුරෝපයේ . ඉදිරි අවුරුද්ද පුරා යුරෝපයේ තවත් රටවල් රැසක සංචාරක අත්දැකීම් විදින්නට ඔබට හැකිවේවි .

Catacombs

අතීතයේදී රෝම නගරයේ ඉතා විශාල පිරිසක් ජීවත්වූ ප්රදේශයක් වූ හෙයින් සුසාන භුමි සදහා විශාල ඉඩක් වෙන්කරන්නට වීම මහත් ගැටළුවක් වුණා . මේ වෙනුවෙන් ඔවුන් කල කාර්යය වුනේ පොලොව යට තට්ටු කිහිපයක් ලෙස සුවිසල් බිම් ගෙවල් තුල මෘත ශරීර තැන්පත් කිරීමයි.සාමාන් මිනිසුන්ගේ පටන් රෝමයේ අති උතුම් පාප් වහන්සේ දක්වා විවිධ තරාතිරමේ මිනිසුන් , ගැහැණුන්  සහ ළමයින්ගේ සිරුරු මෙසේ තැන්පත් කල බව සදහන් .

පිරිසුදු කරන ලද එවන් පරිශ් කිහිපයක්ම මේ වනවිට සංචාරක ආකර්ෂණ ලෙස අද පවත්වාගෙන යන නිසා ඔබටත් ඒවායේ සංචාරයක යෙදෙන්නට පුළුවන් . අප දකින සාමාන් පොලොව මට්ටමේදී අලංකාර ගොඩනැගිලි සහ උද්යාන පරිශ්රයක් ලෙසින් පෙනෙන මේවා ඇතුලතට ගිය විටදී ඔබට අපුරු දේවල් රැසක් දකින්නට පුළුවන් . අතරින් අප සංචාරය සදහා යොදාගත්තේ  Catacombs of St. Callixtus. එහි ඇතුලත සේයාරූ ගන්නට අවසර ලැබුනේ නැහැ .

ගුහා ඇතුලත තට්ටු 5 ක් පුරා වසර සිය ගණනක් තුල මිලියනයක් තරම් පිරිසක් මේ තුල මිහිදන් කර ඇති බව සදහන්. සාමාන් ජනතාව සදහා කුඩා ඉඩ සේම පාප් වහන්සේලා සදහා විශාල කුටිත් වෙන්කර තිබු බව දකින්නට පුළුවන් . මේ පරිශ්රයේ පාප් වහන්සේ වරු 16 දෙනෙක් මිහිදන් කල බව සදහන් . සමහර තැනක එකල බිත්තිවල තිබු බිතු සිතුවම් වල ශේෂවූ කොටස් දකින්නට පුළුවන් . වගේම මේවා ඇතුලතට මැනවින් වාතාශ්රය ලැබෙන සේ සකස් කර තිබුනා .

රෝම නගර සංචාරය සදහා අප එකතුවුනේ දේශීය සංචාරක නියාමකවරියක් කරන විස්තර සහිත චාරිකාවට . නවාතැනේ ඉදල පොදු ප්රවාහන මාධ්යයෙන් ගිහින් Spanish Steps ළගින් පටන් ගත් චාරිකාව අවසන් වුනේ  Colossium එක ළගින්.


Spanish Steps



ක්රිස්තු වර්ෂ 1723- 1726 කාලයේදී ඉදිවුණු පඩි 135 පඩිපෙලක් නිමවා තිබෙන්නේ 1587 ඉදිකර අවසන් කෙරුනේ ප්රංශ පල්ලියක් වන  Trinita dei Monti  වෙත යන්නයි .ප්රංශයේ 7 වන ලුවී රජු විසින් කල බව සදහන් . මෙයට මේ නම ලැබී තිබෙන්නේ චතුරශ්රයේ ස්පාඥ තානාපති කාර්යාලය තිබෙන හින්දයි . කොහොම වුනත් මෙතැන ෆොටෝ ගන්න නම් කියාපු තැනක් . අපි මෙතැනට එන්න පාවිච්චි කල Spagna මෙට්රෝ නැවතුම තියෙන්නෙ මේ ලගමයි . ළගම හරි ලස්සන වතුර මලකුත් තියෙනවා .     Fontana della Barnini නමින් හැදින්වෙන එය තනා තිබෙන්නේ Pietro Bernini. ඉතිහාස කථාවල කියැවෙන විදිහට 1598 සිදුවූ  Tibet ගගේ ගංවතුරකදී මෙතැනට බෝට්ටුවක් ගසාගෙන ඇවිත් තිබෙනවා . මේ වතුර මලේ නිදාන කථාව සිහිපත් කරනවා . අපි නියාමක වරියට කන්දෙනවා.  7 වන ලුවී රජුගේ ප්රතිමාවක් මේ අද්දරම තියෙනවා .




Pantheon

සියළු දෙවියන් වෙනුවෙන් කැපවුණු දෙවොල යන අරුතින් හැදින්වෙන මෙතැන ඔගස්ටස් අධිරාජ්යයා විසූ ක්රිස්තු වර්ෂ  14 දී ඉදිකර තිබෙන්නේ  බව සදහන් .

වසරකට මිලියන 6 පමණ පිරිසක් නරබන මෙය ශාන්ත මේරි දේවස්ථානයක් ලෙස මේ වනවිට ක්රියාත්මක වන නිසා ඔබට මෙයට ඇතුල් වන්නට ලැබෙන්නේ ඔබ හොදින් ශරීරය ආවරණය කරගත් ඇදුම් ඇත්නම් විතරයි . අත් , කර , පා නිසි ලෙස නොවැසුණු ඇදුමින් ගියොත් ඔබට වෙන්නේ එළියට වෙලා ඉන්නයි .

සුවිසල් කුළුණු මත රැදුණු පෝටිකෝව දිගේ ඔබ ඇවිදගෙන යන්නේ  Celta නමින් හැදින්වෙන Dome   එකටයි. එතුල ඉතා අලංකාර චිත් වගේම අග්රගණ් ප්රතිමා රැසක් තිබෙනවා .


රෝමයට ගිහාම රෝමන්වරයෙකු විදිහට හැසිරෙන්න කියල තියෙන  හින්ද සංචාරය ඇතුලත අපට ලැබුණු විරාමයේදී අපි නියම  Gelato italiano ice cream   රස බැලුවා. කැනඩාවේදී වගේ යුරෝපයේදී වැසිකිළි පහසුකම් නොමිලයේ නොලැබෙන හින්ද ඔබ යමක් මිලදී ගන්නා තැනකදී එම සේවා ලබාගැනීම ඔබට මුදල් හා කාලය ඉතිරි කර දේවි .

Pizza Novona

අපි සංචාරක නියාමක වරියගේ කොඩිය පසුපස යනවා . ඇගේ විස්තර කනේ ගහගෙන ඉන්න කුඩා  ඉයර්ෆොනයෙන් ඉවරයක් නැතුව ඇහෙනවා . ක්රිස්තු වර්ෂ 1 වෙනි සියවසේදී   Circus Agonalis  විදිහට හැදින්වුණු විශේෂ හැඩයකින් යුක්ත මේ චතුරශ්‍රය අතීතයේදී 20000 කට එකවර රැස්වෙලා ක්‍රීඩා තරග නරබන්නට සකස් කල එකක් කියලයි කියන්නෙ. ඒ මැද තිබෙන Fountain of four rivers  සේම  Fountain Dei Quttro Flumi      අතර බලන්න ගොඩක් දේ තිබෙනවා.

අපි කුඩා විදි දිගේ ඇවිදගෙන යනවා . ඉතාලි අනන්යතාවය අපට හොදින් පේනවා . අපේ ඊළග නැවතුම ලෝකයේ ජනප්රියම වතුර මල බලන්න . රෝමයට ගිහින් ඒක අත අරින්න පුලුවන්ද ? . විස්තරත් එක්ක ලබන මාසයේදී හමුවෙමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන් 

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019  දෙසැම්බර්  කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


Saturday, April 17, 2021

ගහ ගාව ඉන්නවා මගේ සද එන තුරුම ..........කවි......... අනුරුද්ධ වැලිගමගේ........

  

තරු අහුරු මල් පිපුණු ඉගිමරන රෑ අහස

සද නැතුව පාලුවෙන් කියන් ඉන්නේ කෝම

පාළුවක් දැනුනොතින් කියන්නට බැරි සේම

මගේ හද ගොළුවෙලා පැතුම් වැහි නෑ බෝම

 

දේදුන්න පායලා එළිය කරනා සේම

බලා ඉමි පාළුවෙන් එනතුරා සද සේම

ඈත නොවුණත් දුරින් ළගින් මගේ නෙතු මාන

හිත රිදෙනවා දකින තුරු ඔබේ සුදු මුණ

 

මේ රැයට හෙට උදේ මහ දුරක් නොවුණාට

දැනෙනවා ඒක මහ කල්පයක් වාගේම

මල් පාර අද්දරම හොදට හෙවණක් තියෙන

ගහ ගාව ඉන්නවා මගේ සද එන තුරුම ............


අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි





Saturday, April 10, 2021

කිරි අම්මා..............රේඩියෝ කෙටිකතා.......අනුරුද්ධ වැලිගමගේ.......

 



වසන්තගේ ජංගම දුරකථනයට එක් කෙටි පණිවිඩයකින් කියවුණේ ඔහුගේ අත්තම්මා මියගොස් ඇති බවය. මව්බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරක  වෙසෙන ඔහුට ඇයගේ අවමංගල්යය කටයුතු සදහා සහභාගී වීමට අවකාශ ලැබුණේ නැත. කාර්යාලයේ කටයුතු නිමවා ගෙදර ගිය ඔහුගේ සිත ඈත අතීතයට දිව යයි.

ඔහුට මතක ඇති සැටියට එය හැත්තෑ ගණන්වල අවසාන සමයයි . පාන්දරින්ම මාතරින් ඇරබුණු රුහුණු කුමාරි දුම්රියේ නැගී මුහුදේ කරදිය සුවද විදිමින් කොටුව දුම්රිය පොලට පැමිණි පවුලේ උදවිය මේ යන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්නටයි. පිටිසරබද ගම්මානයක පිහිටි මවගේ මහගෙදරට යන්නට වසන්ත කැමති නගරයේ කලබලකාරී බවින් මිදී නිවාඩුව ගත කරන්නට එය කදිම තිප්පොලක් බැවිනි. මඩකලපුව බලා යන ඊලග දුම්රියේ කුරුණෑගලට ගිය පසු ඔවුන්ට තව පැය කිහිපයකින් අත්තම්මලාගේ ගෙදරට යා හැකිය. උඩරට ඌරුවට අත්තම්මා වෙනුවට එහි භාවිත වන වදන කිරිඅම්මා යන්නයි.

වසන්තට කිරිඅම්මලාගේ ගම සුන්දර තැනකි. සෙල්ලම් කරන්නට ඇතිපදම් ඉඩ ගෙවත්තේ තිබේ. වටේට තාප්ප දමා ගේට්ටුවෙන් වටකල නගරයේ හිර ගෙදර මෙන් නොවේ. උදෑසනට ඈතින් පෙනෙන කදුපෙල මීදුම් තීරයෙන් වැසී ගොසිනි. වෙල්යාය මැදින් ගලන දිය පාර වෙත යාම බැනුම් කෝටියක් අසන්නට වන කාරණයක් වන නමුදු පුංචි මාමා සමග විනෝද වන්නට එය කදිම තැනකි . ගොයම් කපා තිබුනෝතින් එහි සෙල්ලම් කරන්නට පුළුවන . හැංගිමුත්තන් කරන්නටද ඇති පදම් ඉඩ තිබේ.

කිසියම් හේතුවක් නිසා හවස දෙකට ගමට යන රතු ලංගම බසය තවම නැත. සමහර විට තව පැය භාගයකින් ඊලග බසය එනු ඇත. වසන්තට වුවමනා කරන්නේ හැකි ඉක්මණින් ගමට යන්නටය. සෑම විනාඩි පහකටම සැරයක් වේලාව අසන නිසා තාත්තාටද තරහ ගොසිනි. අත්තම්මා  ඉදිකඩ ළග බලා සිටින අයුරු වසන්තට මැවී පෙනේ. බාගදාට කිරිඅත්තා බස් නැවතුමට එවන්නටද බැරි නැත.

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල 

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


බෙලෙක් හා රතු මිශ් බසය පැමිණි නැවතුමේ නතර විණි.  කලින් බසය නොතිබුණු නිසා එහි සෙනග වැඩිය. වසන්තත් අම්මාත් ඇතුලට රිංගූ නමුත් තාත්තාට එහි ඉඩ නැත.එබැවින් තාත්තා සිටින්නේ පාපුවරුවේ එල්ලිගෙනය. වසන්තට පෙනෙන්නේ පා පුවරුවේ යාම මහත් විනෝදයක් ලෙසය. ඒත් අම්මා ඊට ඉඩ නොදෙන නිසා අකැමැත්තෙන් වුවද ඇතුලට යන්නට ඔහුට සිදුවිය. වියලි කාලගුණය නිසා ඇවිද යන බොරළු පාර දූවිල්ලෙන් පිරී ගොසිනි. ඇවිද යනවිට දැනෙන වෙහෙසට වඩා බඩගින්න දැඩිය. " තව චුට්ටක් ඉවසන්න " යැයි අම්මා කිහිප වරක් කීවේ නිසාය. පාර දෙපස පිපී ඇති එරමදු මල් සහ ඉදහිට ඇහෙන කොහා නද අවුරුදු ළග ඇති බවය.  

" මේකා එනකන් අපි කොච්චර බලන් හිටියද ? මම ඒත් දරුවන්නේ අප්පච්චිට කිව්වේ අද එන්නෙ නැතිද කියලා " කිරි අම්මා වසන්ත බදා ගනිමින් කීවාය.

" එහෙනම් ඉක්මණට පහල ළිදට ගිහිල්ලා ඇගපත හෝදගෙන වරෙල්ලා. ළිදේ තාමත් නිල් කැටේට වතුර පිරිලා  "   

කොහොමටත් කිරිඅම්මාගේ කෑම රසය. නෑදෑයින් කියන්නේ ඇයගේ අත්ගුණය නිසා බවය. වසන්තට හිතෙන්නේ ඇය ඉතා ආදරයෙන් ඉයුම් පිහුම් කරන නිසා  රස කළමණා යහමින් යොදන බවය. අම්මා ඇතුළු දියණියන් කියන්නේ ඇයට උයන්නට බොහෝ වේලා ගතවන බවය. ඇය ඊට උත්තර බදින්නේ " කන දේවල් ක්රමේට සකස් කරන්න ඕනෑ . උබල වගේ කරදාසිය ලිපේ දානව වගේ දඩි බිඩි ගාල කෑම හදන්න බැහැ " කියමිනි. කරවලත් , තිබ්බටු ව්යංජනත් අලුත් මැල්ලුමත් , කිරි හොද්දත් ඇති පදම් බත් කන්නට ඇරයුම් කරයි. ඇය ළගටම වී බත් බෙදන්නට වූවාය.      

 


වසන්ත නොඉවසිල්ලෙන් බලා සිටියේ පුංචි මාමා එන තෙක්ය. කිරිඅත්තා සමග හරක් බදින්නට ගිය ඔහු තව ටිකකින් එන බව කිරිඅම්මා කීවාය. ගෙදරදී කරන ඒකාකාරී සෙල්ලම් රටාවෙන් මිදී කරන්නට දහසකුත් එකක් වැඩ මෙහි ඇත. විශේෂයෙන් අවුරුදු නිවාඩුවේදී වැඩි පිරිසක් මුණ ගැසෙන්නටද පිළිවන.

ගොක්කොළ නලාවක් අතින් ගෙන පුංචි මාමා ගෙට ගොඩ විය. අම්මා මාමාව බදා ගත්තාට මට වුවමනා කලේ ඔහුගෙන් නලාව ගන්නටය. " අද හොදට සෙල්ලම් කරතැකි " පුංචි මාමා කියූ විට කිරි අම්මා කීවේ " ඔය ළමයට පොඩ්ඩක් ඉන්න දීපන් .තවම මහන්සි ඇති උදේ පාන්දරින්ම ඇවිල්ලා" ලෙසිනි . 

ලොකු මාමාගේ දූවරුන් දෙදෙනාත් ඇතුළු පවුලේ සියළු දෙනා සාමාන්යයෙන් හැම අවුරුද්දකදීම මහ ගෙදර දී එක්වෙති. ගෙදරදී අවුරුදු වත් පිළිවෙත් සමරා ගමේ පන්සලෙහි ඇති අවුරුදු උත්සවයට යාම සාමාන් පිළිවෙතයි. " අය්යලා හෙට උදේට එනවයි කිව්වා " තාත්තා කිරි අම්මාට කීවේ දැන්ය. හිසතෙල් ගාන නැකත අවසන් වනතෙක් සියළු දෙනා මහගෙදර රැදෙයි.

හෙට උදේට කරන්නට ඇති වැඩසටහන පුංචි මාමා සකස් කර හමාරය. උදේම උඩහ වත්තේ කජු අහුලන්නට යාමත් දවල්ට පහල වෙලේ ක්රිකට් ගැසීමත් අතර ප්රධානය. බණ්ඩාර මාමා කලියෙන් ආවෝතින් අපට උණ වෙඩිල්ලක්ද බැදිය හැකිය. තරමක අවදානමක් ඇති කටයුත්තක් නිසා උණ වෙඩි පත්තු කරනවාට වසන්තගේ තාත්තා අකමැතිය.ලොකු මාමා හෙට රතින්ඥා රෝලක් ගෙනෙන බව සිකුරුය. ඒත් වැඩිහිටියන්ට හොරා පුංචි මාමාත්  වසන්තත් කරන අවදානම් වැඩවලින් තවමත් අනතුරක් නැත්තේ පූරුවේ පිනකටය. ටින් බෙලෙක්කවලින් වසා රතින්ඥා දැල්වීම ඉන් එක් අවස්ථාවක් පමණි. 

ගේ පිලිකන්නේ ලිප් බැද කිරිඅම්මාත් , අම්මාත් , පුංචි අම්මාත් කැවිලි හදනු වසන්ත බලා සිටියේ මහත් සතුටිනි. වියපත් වුවද කිරි අම්මාගේ දෑත් කඩිසරය. අම්මාටත්, පුංචි අම්මාටත් සැර වෙන හඩද විටින් විට ඇසේ. කැවිලි සුවදත් ඉදුණු කජු පුහුලම් සුවදත් අවුරුද්දේ අසිරිය නාස්පුඩු තුලට රිංගවනු දැනේ  

පරණ අවුරුදු දා උදෑසන වසන්ත නැගිටින විට කිරිඅම්මා ගෙදර සිටියේ නැත. අම්මාගෙන් ඇසූවිට ඇය කීවේ  කිරි අම්මාවරුගේ දානයකට ගිය බවය. අඩ හෝරාවකට පමණ පසු මහ නියර දිගේ සුදු ඇදුමින් කිරිඅම්මා ගෙට ගොඩ වූයේ " මේන් මේවා පොඩි එවුන්ට දීපල්ලා " කියාගෙනය. කිරි අම්මා දානයෙන් ගෙනෙන " කිරි කෑලි " කන්නට අප පුල පුලා බලා සිටින බව ඇය හොදාකාරව දනී.

අළුත් අවුරුද්දේ වැඩ කටයුතුවල මූලිකයා කිරිඅත්තා වුවද වසන්තට වීරයා වූයේ කිරි අම්මාය. හැම දෙයක්ම පිලිවෙලකට කරන්නට පාන්දර සිට රෑ මැදියම දක්වා කිරි අම්ම කරන මෙහෙවර වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. නැකත් පරිදි කෑම මේසයේ  වැඩ අහවර කල වසන්ත වැඩිහිටියන්ට වැන්දේ කලබලයෙනි. දැන් වසන්ත පුල පුලා බලා ඉන්නේ පුංචි මාමා සමග කෑම බෙදන්නට යාමටය. කිරි අම්මා බෙදා දෙන කැවිලි පිගාන දෝතින්ම ගෙන නියර දිගේ , බඩවැටි දිගේ නෑදෑ ගෙවල්වලට යාම වසන්ත ආසම කටයුත්තකි.


පන්සලෙහි පැවති අවුරුදු උත්සවයත්, හිස තෙල් ගෑමත් හමාර වූයේ හිතුවාටත් කලින් දැයි වසන්තට සිතේ. හෙට උදේම ආපසු මාතර බලා යායුතුය . වසන්ත ගොස් කිරි අම්මා ළග දැවටුනේ යන්නට බෑ කියන්නාක් මෙනි. " මේකව තියල පලයල්ලා. අපි පස්සෙ එක්කරගෙන එන්නම් " කිරි අම්මා කිව්වත් අම්මා ඊට කැමැති නැත. තාත්තා අනිද්දා සිට වැඩට යායුතු බැවින් හෙට ඔවුන් යා යුතුය.

" උබ ඉතින් මේවා කන්න හරි ආසයිනේ "  පසු දිනයේ උදෑසන ඔවුන් යන්නට සුදානම් වෙද්දී කිරි අම්මා වැලිතලප පාර්සලයක් වසන්ත අත තැබුවාය.      

 බිරිදගේ කටහඩින් වසන්තගේ මතකය පියවි ලොවට ආවේය. දශක කිහිපයකට පෙරාතුව සිදුවූ මේ සිදුවීම් පෙල පැරණි චිත්රපටයක රූපරාමු පෙලක් බදුය. වසර කිහිපයකින් කිරිඅත්තා මියගිය අතර විවුර්ත ආර්ථිකයේ සංවර්ධනය නිසා මහගෙදර හා ගම මහත් සේ වෙනස්කම් වලට බදුන් විය. වසන්ත එදා දුටු ගම අද නැත. පුංචි මාමා සහ පුංචිලා විවාපත් වී නගරයේ වෙන්දේසි ඉඩම් වල පදිංචියට ගොස්ය.

දුරකථන ඇමතුම් කිහිපයක් ගත් වසන්ත අවමංගල්යය කටයුතු පිළිබදව විමසා බැලුවේය. අන්තර්ජාලය හරහා කිරි අම්මාගේ නිසල දේහයත් , වැලපෙන මාමලා , පුංචිලාත් මල්ලී පෙන්වූවා වුවද වසන්තට සිතෙන්නේ කිරි අම්මා තවමත් ජීවමානව සිටින බවය.

අනුරුද්ධ වැලිගමගේ

 

2015 අප්රේල් මස දසත කලාපයේ පලවිය.

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි