මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 26, 2020

අමයුරු කවි රස 1 - ජනකවියේ චමත්කාරය .......රූපවාහිනි අත්දැකීම....

 

අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව   



     http://rupane.com/vimeo-video/rupane-episode-198-june-27-2020/




මේ වැඩසටහනින් අප කතා කලේ ජනකවියේ චමත්කාරය ගැන ......

ජනකවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 
**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනා - රෝහණ දිසානායක සහ අනෝජා මකුලොළුව 

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි. 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



Friday, September 25, 2020

සෙල්ලම් ගෙයි වැලි පොල්කටු ........අනුරුද්ධ වැලිගමගේ.....රුපවාහිනී ළමා ගීත......

 


සෙල්ලම් ගෙයි වැලි පොල්කටු

කොස් කොළයෙන් තැනු කොළගොටු

වීසිකරලා ගෙදර එන්න

පුංචි නංගියේ ........

පුංචි නංගියේ .....

 

පොල්පිති කපලා හදාපු

රූන් රූන් රූන් පෙත්ත

දාල හනික ගෙදර එන්න

පුංචි මල්ලියේ ....

පුංචි මල්ලියේ .....

 

පහල ළිදෙන් දිය ගේන්න

වේලුණු දර ගෙයට ගන්න

අම්මා විතරයි කුස්සියේ

නංගි ගිහින් උදව් වෙන්න

නංගි ගිහින් උදව් වෙන්න.....

 

එළවළු කොරටුව පැත්තේ

තාත්ත විතරයි ඇත්තේ

පාත්තියට වතුර ගන්න

මල්ලි ටිකක් උදව් වෙන්න

මල්ලි ටිකක් උදව් වෙන්න

 

සෙල්ලම් ගෙයි වැලි පොල්කටු .......

 

කන්ද අස්සෙ ඉර හැංගි

කළුවර ගෙට ගොඩවෙනවා

රෑ වෙන්නට කලින් නංගි

බුදු පානට තෙල්දාන්න //

 

ඉස්කෝලේ පොතපත වැඩ

අමතක කර අතපහු කර

සෙල්ලම විතරක් හොද නැහැ

ගිහින් පොතක් අතට ගන්න //

 

සෙල්ලම් ගෙයි වැලි පොල්කටු .......

 

අනුරුද්ධ වැලිගමගේ


 

1993 ජුලි 23 දින ජාතික රූපවාහිනියේ උදාර වැඩසටහනින් විකාශය විය

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Thursday, September 24, 2020

පුංචි පුංචි අත්තටු ඇති මී මැස්සෙක් මං ......අනුරුද්ධ වැලිගමගේ..... රුපවාහිනී ළමා ගීත......

 


පුංචි පුංචි අත්තටු ඇති මී මැස්සෙක් මං

මලින් මලේ පියබා ගිහින් පැණි උරනවා මං

පැණි අරගෙන ගිහිල්ල වද බදිනවා මං

ගතින් කුඩා වුණත් හරිම කඩිසරයෙක් මං

 

කම්මැලිකම් නැතුව උදෙන් නැගිටිනවා මං

රංචු පිටින් ඉහල ගිහින් පැණි ගේනවා මං

සමගි දමින් එකමුතු වී වැඩකරනවා මං

ලෝකෙට පාඩම් කියනා පුංචි සතෙක් මං

 

අසමගියෙන් බේද නොවී සමගිව හිටියොත්

එක පෙලකට රට හදන්න පෙලක් හැදෙනු දැන්

ජාති බේද කුල මල ඇයි මොකටද ආයෙත්

මී මැස්සොම මදිද අපට මොකටද නිදසුන් 

 

අනුරුද්ධ වැලිගමගේ


1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.


දෘශ්‍ය පිටපත් හෝ විකාශය දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.