මම නම් කඩේ තරම මනින්නේ පරිප්පු හොද්දෙන්!' ක්‍රිස්ටීන් කියන්නේ සද්දෙට හිනාවෙලා. එහෙම කිව්වේ අපි මෙහේ තියෙන ලංකාවේ කෑම කඩ ගැන කතා කර කර හිටිය දවසේ. ඒවායින් කොයි කඩේද හොඳම ඉඳිආප්ප තියෙන්නේ, කොයි කඩේද හවසට උණු උණු වඩේ තියෙන්නේ කියලා ක්‍රිස්ටීන් හරියටම දැනගෙන හිටියා. ඒත් එයා දිහා බැලූ බැල්මට ලංකාවේ කඩවල පරිප්පු හොදි ගැන තියා ලංකාව තියෙන්නේ කොහේද කියලා දන්නවාද කියලාවත් හිතන්න බැහැ. එයාගේ රත්තරන් පාට කොන්ඩේ කොටට කපලා තිබුණා. කොළ පාට ඇස් දෙක නිතරම හිනාවකින් දිලිසුණා. ඒත් විශ්‍රාම ගන්න වයස කිට්ටු වෙලා තිබුණත් ක්‍රිස්ටීන්ගේ කටහඬේ සද්දේ නම් අඩුවෙලා තිබුණේ නැහැ.
ලංකාව ගැන මේ කතා පටන් ගත්තේ අහම්බෙන්. මම මෙතැනට වැඩට ආවේ ළඟදී. ඒනිසා තාම ගතවෙන්නේ මම මෙතැන වැඩකරන අනිත් අයගේ නම් මතක තියාගන්න උත්සාහ කරන, විස්තර අහගෙන ඉන්න කාලේ. ඒත් මම ආව අලුත දවසක් ක්‍රිස්ටීන්ම මාව හොයාගෙන ඇවිත් කතාකළා. තේ බිබී හිටිය මගේ ළඟට පුටුවක් ඇදගෙන ඇවිත් එයා වාඩිවුණේ 'ඔයා ශ්‍රී ලන්කන් නේද?' කියලා අහගෙන.
'ඔව්! ඔයා කොහොමද දැනගත්තේ?' මම ඇහුවේ පුදුමෙන්.
'හිනාවෙනුයි කතාවෙනුයි කිව්වේ!' ක්‍රිස්ටීන් කිව්වේ ලොකු හපන්කමක් කළා වගේ. එදා ඉඳන් නොවැරදීම හැම දවසේම තේ වෙලාවට ලංකාව ගැන කතා කරන්න ක්‍රිස්ටීන් මාව හොයාගෙන ආවා.
'ඔයා ලංකාවට ගිහින් තියෙනවාද?' මේ උනන්දුව දැකලා මම පළවෙනි දවසේම ඇහුවා. ඒක අහලා ක්‍රිස්ටීන් හයියෙන් හිනාවුණා. 'ගිහින් නම් නැහැ- ඒක දිග කතාවක්!' කියලා විතරයි එයා කිව්වේ. ඊටපස්සේ හැමදාම අපි ලංකාව ගැන විස්තර කතාකළත් ක්‍රිස්ටීන් ඒ 'දිග කතාව' කියන්න නම් උනන්දු වුණේ නැහැ. ලංකාවේ තේ කොළ ජාති ගැන, ක්‍රිකට් ගැන, බුද්ධාගම ගැන, වෙසක් ගැන, යුද්ධේ ගැන..ක්‍රිස්ටීන් මේ හැමදෙයක්ම ගැන හරියටම දැනගෙන හිටියා. ලංකාවට ගිහිල්ලාවත් නැති මෙයා මේ විදිහට බාගෙට ලංකාවේ වුණේ කොහොමද කියලා කොයිතරම් හිතුවත් මට හිතාගන්න බැරිවුණා. දවසක් කුතුහලය උහුලාගන්න බැරිව 'ශ්‍රී ලන්කන් කෙනෙක් ඉන්නවද ඔයාගේ හොඳ යාලුවෙක්?' කියලා මම ඇහුවේ ඒ නිසායි.
"හොඳ යාලුවෙක්?" ක්‍රිස්ටීන් ඒක අහලා සුපුරුදු විදිහට හයියෙන් හිනාවුණා.
"නෑ නරක යාලුවෙක්! මගේ හස්බන්ඩ් ශ්‍රී ලන්කන්. හස්බන්ඩ් කිව්වාට එක්ස්-හස්බන්ඩ් - අපි දික්කසාද වෙලා දැන් ගොඩාක් කල්.. ඒත් මම ලංකාව දික්කසාද කළේ නැහැ!' ක්‍රිස්ටීන් හිනාවුණේ හරිම විනෝදෙන්. මට පොළොව පලාගෙන යන තරමේ ලැජ්ජාවක් දැනුණා. ක්‍රිස්ටීන්ගේ මහත්තයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති කියලා මට කලින් නොහිතුණේ කොහොමද?
"අනේ සොරි ක්‍රිස්ටීන්, මම හිතුවේම නැහැ.." මම සමාව ඉල්ලන්න පටන් ගත්තා.
"පිස්සුද? ඔයා සමාව ඉල්ලන්නේ මොකටද..? මමනේ අගේ කර කර ඔයාට ඇත්ත කතාව නොකිව්වේ! ඉස්සර කාසි ත් ඔයා වගේ තමයි.. පොඩි දෙයක් ඇත්නම් කලබල වෙනවා.. ලංකාවේ ගතියක්ද කොහේද!' ක්‍රිස්ටීන් කියාගෙන ගියා.
මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
අද කතා හෙල්මලී ගුණතිලක ගේ ප්‍රේමයයි වෛරයයි අතරේ සහ වාසගම් ..........
ප්‍රේමයයි වෛරයයි අතරේ
http://hotchocolatedays.blogspot.com/2018/07/blog-post_11.html
වාසගම්
http://hotchocolatedays.blogspot.com/2018/09/blog-post_11.html
ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
හෙල්මලී ගුණතිලක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා බ්ලොග් අඩවියට යන්න .
http://hotchocolatedays.blogspot.com/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
ස්තුතියි ලින්ක් එකට
ReplyDeleteඔබේ ප්‍රතිචාර වලට ස්තුතියි ... පසුවී පිලිතුරු ලිවීම ගැන අමනාප නොවන්න
Deleteමේ කතාව මම දන්නා කෙනෙක් ගේ වගේ. අනේ මන්දා ? පුත්තු දෙන්න , වැඩිමල් පුතා ...ලංකාවේ කෑම වලට කැමති කම . මාත් දන්නා විදේශික කාන්තාවක් (ශ්‍රී ලනක්වේ නොවන ) කෙනෙක් ඉන්නවා මෙහෙම
ReplyDeleteඑහෙනම් ඔබටත් මේ වගේ තව කතවක් ලියන්න පුළුවන්
Deleteහොඳයි කතා දෙකම
ReplyDeleteඔබේ ප්‍රතිචාර වලට ස්තුතියි ... පසුවී පිලිතුරු ලිවීම ගැන අමනාප නොවන්න
Delete