අයෝමට වැරදුනේ එකම එක දවසක්
සමාජය ගැරහුවේ ඉදන් ඒ සවසක්
වීදියේ කොන ඉදන් වික්ක ඒ පහසක්
කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක්
කරුමයට වෙන්කරත් , ඒ නරුම ගතියක්
ඇයයි හිත හොද එකී තිබ්බ එක පැතුමක්
ලෝකයට පෙන්නලා පැතුම් මල් සහසක්
දිනෙන් දින බොද කලේ ඇගෙ හීන දහසක්
හිරිපොදේ ගුලිවුණත් ලැයිම් කොන අයිනේ
හද කොනේ කිසි ඉඩක් තිබුණු අය නැහැනේ
වැහැරිලා ඇගේ රුව ගිලුණු ඇස් අයිනේ
ඇයට වින කල අයට කිමද පල දුන්නේ
අනුරුද්ධ වැලිගමගේ
මතක් උනා රන්බණ්ඩා සෙනවිරත්න ලියපු... ළඳුනේ ගීය 🎶💔
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
Deleteලස්සනයි
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteඅයෝමා කියල පොතක් කියවල තියනව ඒ කාලේ
ReplyDeleteඅයෝමා දෙනගම සිරිවර්ධන මහතාගේ නවකතාවක් . මම හිතන්නේ ඒ ඇසුරින් නිමැවුණු චිත්‍රපටයක් තියෙනවා.
Delete🤗👌
ReplyDeleteනවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteහරිම ලස්සනයි.
ReplyDelete"කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක්" මම කැමතිම පදය. මේ කතාව කොච්චර ඇත්තද කියලා දැනුයි හිතෙන්නේ.