තායිලන්ත වැසියෝ අදින - තායි සිල්ක් සරමඉන්දුනීසි වැසියො අදින - සිනිදු බතික් සරමබුරුමෙ වැසියො කොටට අදින - ලෝන්ගි සිල්ක් සරමමැති ඇමැතින් බඩ වැහෙන්න - තදට අදින සරමරාවණ රජ කාලෙ පටන් හෙළයො අදින සරමපෝයදාට සිල් රකින්න - සුදට අදින සරමකුබුරු වැඩට මඩ කොටන්ට - නැතුවම බැරි සරමපොල් කඩන්න ගස් නගින්න අමුඩෙ ගහන සරමඇග පිහිනන දියනාන්න - ගැහැණු කැමති සරමඅගු පැදුරේ නිදාගන්න - පෙරව ගත්ත සරමඅපුල්ලන්න අපුල්ලන්න - තිරිහන් වෙන සරමහෝදා හෝදා අදින්නෙ මම - හම්පඩ මගේ සරම
කිවිවර ලක්ෂ්මන් මාකාවිට
කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන
https://rupane.com/2021/10/09/rupane-episode-265-october-09-2021/
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ සම්පත් දායකත්වය - නවකථා කාරිනිය චිත්‍රා ජෝසප් සහ කිවිවර ලක්ෂ්මන් මාකාවිට සංස්කරණය - පුබුදු වනිගසේකර සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි
හදුන්වා දෙන අළුත්ම ගීතය ......
ඔබ නැතුව ඔබ එක්ක ඉන්න
ගායනය - රෝහණ දිසානායක
ගී පද - චමින්ද ක්‍රිෂාන්ත
සංගීතය - සුනිල් ජයසිරි
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
මේ පොත් ලංකාවේ ගන්න තියෙනවද. තියෙනවා නම් ප්‍රකාශන සමාගම සහ මිලදී ගතහැකි තැනක් හෝ මිල ගනන් සඳහන් කළ හැකිවේ නම් ඉතාමත්ම වටිනවා කියල මම හිතනවා
ReplyDeleteමහේෂ් ඔබේ විමසුම ඒ දෙපලට යැව්වා.පිළිතුරු ලැබුණු පසු දන්වන්නම්.
Deleteලක්ෂ්මන් මාකාවිට මහතාගේ ගුවනේදී ලියු කවි පොත ලංකාවේදී සුරස පොත් මැදුරෙන් ගන්න පුළුවන්. මිල රුපියල් 250.00, දුරකථන අංකය 2694230, කැනඩාව, ඇමෙරිකාව , යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ අයට lakshman.makavita@gmail.com හරහා කැනේඩියානු ඩොලර් 10ක් ( තැපැල් ගාස්තු ඇතුලත්ව) විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයකට එව්වොත් තැපැල් මගින් ගෙන්වා ගන්න පුළුවන්. ඔහුගේ ව්ට්සැප් අංකය +19058664584
Deleteසරම කතාව මරු . අනුරුද්ධ හැම වෙලේම නව සින්දු හොයන යන එක හොඳයි. අපි තවම පරන ඒවාට ගල් වෙලා ඉන්න නිසා
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. සවන කවි මිණි ආර නිසා මට බොහෝ කවි කියවන්නත්, අහන්නත් ඉඩ ලැබුණා.
Delete"සරමක්" එස වුනු තරමක්!
ReplyDeleteඇත්තමයි.එය වැඩසටහනේදී එතුමා ගායනා කලා.ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete