මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 4, 2020

ආයෙත් දවසක් ඒවිද අප හට ඒ රස විදින්න.....කවි....අනුරුද්ධ වැලිගමගේ.....


Kyoto Romantic Cherry Blossom Itinerary - Inside Kyoto

නිසල රැයේ දගකරනා
පාට පාට තරු ගනින්න
කිරි බැබලෙන සද පානේ
විල අද්දර මුණ ගැහෙන්න

පෙම් පුරවපු හිත අරගෙන
දෙවට  දිගේ පිය මනින්න
හැකිවෙද අප දෙදෙනාටම
 තුරුණු වියට පිය මනින්න

සංසාරෙන් සංසාරෙට
පැතුම් පොකුරු මල් පිපෙන්න
වැහි අහසේ දේදුන්නක
සිත් මල් පුබුදා තියන්න

රෑ තුන්යම හිත් අවදිව
තුරුණු හදට හැගුම් දෙන්න
ආයෙත් දවසක් ඒවිද
අප හට රස විදින්න

අනුරුද්ධ වැලිගමගේ

Imágenes, fotos de stock y vectores sobre Arcoiris Personas ...

සේයාරූ-  අන්තර්ජාලයෙන්  Google Images, 
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Romance Moonlight Couple Silhouette Stock Photos, Pictures ...

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 
 
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය 
කරාවි.

2 comments:

  1. Replies
    1. රොහාන් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete