මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 15, 2018

ලූෂන් බුලත්සිංහල - නොමැකෙන ගී රස.....රූපවාහිනි අත්දැකීම

 Related image

එදා ගුවන් විදුලියෙන් ඔබ ගීතයක් අහද්දී ඔබ අත්වින්දේ හඩ පදනම් කරගෙන ඔබ විසින්ම කරන ලද රූප රචනයක්. අද වගේ දෘශ් මාධ්යයන් ඔබට බලෙන් පටවන කතාන්තරයක් නෙවෙයි . තම තමන්ගේ අත්දැකීම් හදට තුරුළු කරගෙන හිතේ මැවූ සිත්තම් රටා අතරේ නූතන සුභාවිත ගීතයේ රූපක රචකයා ලෙසින් කිරුළු හිමිකර ගත්තේ අද අපේ කථා නායකයා .

කොළබට නුදුරු රත්මලාන ප්රදේශයේදී 1943 මැයි 30 වැනි දින උපත ලබන ලුෂන් බුලත්සිංහලයන් ඉතා දුෂ්කර ගමන් මගක් ගෙවූ අසහාය කලාකරුවෙක් . කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල ලිපිකරුවෙකු ලෙස ජීවිතය ඇරඹු ලුෂන් ලංකාවේ ටෙලිවිෂන් කලාවේ මහගෙදර ජාතික රූපවාහිනියෙන් විශ්‍රාම ලැබුවත් තවමත් සක්‍රීය නිර්මාණ කාර්යයේ යෙදී සිටිනවා ..

ගුවන් විදුලි නිවේදකයෙකු , ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකයෙකු , නාට්‍ය සහ විවිධ වැඩසටහන් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු  මෙන්ම "මිනිසා බලා සිටී" ගී පොතේ කතෘවරයා ලෙසත් ඔහු කල මෙහෙය අති විශිෂ්ටයි . " තාරාවෝ ඉගිලෙති " නාට්‍යය හරහා ඔහු රට වටා ගෙනගිය නාට්‍ය චාරිකාව තුලත් මෑතකදී තිරගත වුණු " හෝ ගානා පොකුණ " චිත්‍රපටියේ විදුහල්පතිතුමාගේ චරිතයට පණ පොවමින් කල රංගනයත් අති විශිෂ්ටයි,

ගීත රචකයෙකු ලෙස ලුෂන් බුලත්සිංහලයන් දැක්වූ කුසලතාවය රූපක වලින් පිරී ඉතිරී තිබේනවා . සංඛ්‍යාත්මකව ඔහු ලියූ ගීත සංඛ්‍යාව අති මහත් නොවුණත් ගුණාත්මකව ඔහු ලියු ගීත අතලොස්ස වටින්නේ ඒ නිසා . 

Lucien Bulathsinhala Songs MP3 | Lucien Bulathsinhala Sinhala ...


Image result for rupane



කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම

http://rupane.com/vimeo-video/rupane-episode-55-september-23-2017/


විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා


අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්


සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ


වැඩසටහන ඉදිරිපත් කිරීම - සුනිමල් බාලසූරිය


සම්පත් දායකයා  - බන්දුල රුවන්පුර

විශේෂ ස්තුතිය ලූෂන් බුලත්සිංහල මහතාගේ සංවාදය පටිගත කල   මාධ්‍යවේදී හේමසිරි කුලරත්න මහතාට


http://rupane.ca/

Image result for lucien bulathsinhala

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 Daily News: Features | Ratu Hettakari REBORN

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment