මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 8, 2018

පොල් කටුවට වැලි පුරවා ...... අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ .... රූපවාහිනී ළමා ගීත .........


පොල් කටුවට වැලි පුරවා ......


Image result for kom pittu song

කෝම්පිට්ටු ඉදීයන් ..... ඉදියන් තව ඉදීයන් ....

පොල්කටුවට වැලි පුරවා

 තදකර පහලට හරවා

තට්ටු කරන්නම් ටොක් ටොක්

 කෝම්පිට්ටු ඉදීයන් ..

කෝම්පිට්ටු ඉදීයන් ...

 

දාගැබ වගෙ වටකුරුවට

නොකැඩි ඇද කුද නැතිවම

තට්ටු කරන්නම් හය්යෙන්

කෝම්පිට්ටු ඉදීයන් ...

 කෝම්පිට්ටු ඉදීයන් ..

 

ලබන සතියෙ පින්කම දා

පන්සල් අරගෙන යන්නට

රසට කෑම උයල දෙන්න

 කෝම්පිට්ටු ඉදීයන් ...

 කෝම්පිට්ටු ඉදීයන් ..

 

මේ පංගුව ආච්චිටයි

ඊළග පංගුව සීයට

කාටත් ටික ටික දෙන්නට

කෝම්පිට්ටු ඉදීයන් ...

 කෝම්පිට්ටු ඉදීයන් ..

අනුරුද්ධ වැලිගමගේ



1990-1992 කාලයේදී ජාතික රූපවාහිනියේ විකාශය වූ මේ ගීතය VHS පටිගත කිරීමකින් . උපුටාගෙන ඇති බැවින් එහි ශ්‍රව්‍ය දෘශ්‍ය තත්වයේ අඩුපාඩු ගැන කමා කරන්න



මේ නිර්මාණ වලට දායක වූ යමෙක් වේ නම් හදුනා ගන්නට මගේ මුහුණු පොත හෝ අහස් ගව්ව විද්‍යුත් තැපෑල මගින් අමතන්න . ahasgawwa1@gmail.com

Image result for kompittu sri lankan

පද- අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ

සංගීතය - ප්‍රියනාත් රත්නායක

ස්තුතිය - ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ළමා ගී නිෂ්පාදක කණ්ඩායමට සහ සංස්කරණය කල දිනේෂ් පීරිස් සොයුරාට


Image result for priyanath rathnayaka

Image result for jathika rupavahini
සේයාරූ - අන්තර්ජාලයෙන් -  Google Images


5 comments:

  1. මෙම ළමා ගීතය රූප වාහිනියට ඉදිරිපත් ළමා කණ්ඩායම දැක නැහැ. මා අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරන කාලයේ, හොරණ ප්‍රදේශයේ පාසැලක දරු දැරියන් මෙම ගීතයට අදාල අපූරු රංගනයක් වේදිකා ගතකල බව හොඳට මතකයි

    ReplyDelete
    Replies
    1. මෙය ඩිව් ගුණසේකර මහතා රූපවාහිනී සභාපතිව සිටි සමයේ පත්මසිරි ප්‍රනාන්දු මහතා විසින් නිෂ්පාදනය කල වැඩසටහන් පෙලක් . මගේ ගී 20 ක් පමණ විකාශය වුවත් මා සතුව ඇත්තේ 6 තරම් ප්‍රමාණයක්. සුනිල් ආර් ගමගේ මහතා විසින් අපට ළමා ගීත රචනය පිළිබද වැඩමුළුවක් පවා පැවැත්වුවා .

      Delete
  2. මේ ළමා ගීතවල අගේ තේරෙන්නෙ දැන් කාලෙ තියෙන තරග වලට පොඩි ළමයි ගායනා කරන ගීත ඇහුවම. ඔක්කොම වගේ ඒ ළමයි තේරුමක්වත් නොදන්නා ආදර ගීත. පව්. අපි පුංචි කාලෙ කොයි තරම් ලස්සන ළමා ගීත තිබුණද? ඒ කාලෙ මගේ ප්‍රියතම ළමා ගී ගායිකාවො තමයි ශිරෝමි ප්‍රනාන්දුයි, ශිරෝමාලා ප්‍රනාන්දුයි. එයාලගේ සිංදු පොත් පවා අපේ ගෙවල්වල තිබුනා.

    මට මේ වගේ වැඩ සටහනක් ගැන පුංචි මතකයක් තියෙනවා. හැබැයි ඒකෙ නමින් නම් මතක නෑ. සමහර විට මේකම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මියුරු බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට . මමත් ඔබේ මතයේම තමයි ඉන්නෙ . මම කැමති නැහැ පොඩි ළමයි ලොකු අයගෙ සින්දු කියනවට ඒක නිකං අපි අර කොළු තාත්තලා කියනවා වගේ වැඩක්. අමාරුවෙන් සිංහල වචන කියන අපේ ළමයි එක්ක අපි මෙහේ රූපණ රූපවාහිනියට වැඩසටහන් 2 ක් කරන්නේ ඒ නිසා . ඉඩක් තිබුණොත් බලන්න . ඒ පැන්චන්ගේ සාදය සහ ජයේ මාමාගෙන් අහන්න .

      මම රූපවාහිනි මුතුහරෙන් පටන් ගත් කෙනෙක්. ලලිතා සිරිබද්දන මහත්මිය ඒ තුලින් බොහෝ දෙනෙක් බිහි කලා . පසු කලක ජාතික රූපවාහිනියේ උදාර සහ ළමා ගී වැඩසටහන් වලට සම්බන්ධ වන්නට හැකි වුනා . අවාසනාවට අද කිසිම රූපවාහිනියක් හෝ ගුවන් විදුලියක් එයට නිසි බරක් දරන්නේ නැහැ . ළමා වැඩසටහන් කරන එක ලේසි නැහැ . ඒත් ඒ වෙනුවෙන් කැපවුණු අයට බොහොම ස්තුතියි . එඩ්වඩ් ජයකොඩි මහතාත් ඉන් කෙනෙක්.

      Delete
    2. http://rupane.com/vimeo-video/rupane-episode-70-january-06-2018/
      http://rupane.com/vimeo-video/rupane-episode-32-april-15-2017/
      http://rupane.com/vimeo-video/rupane-episode-35-may-06-2017/

      Delete