වැනීසියේ සිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් .
ඉතාලියේ
ඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම නගරය ලෙස විරුදාවලිය ලැබූ බිම් කඩක් Adriatic මුහුදට මුහුණලා පිහිටා තිබෙන කලපුවක් වන වැනීසිය ගිලබැස්මේ අවදානමට තදින්ම මුහුණපා සිටින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන පරිශ්‍රයක්. යුනෙස්කෝ ලෝක උරුම රැසක සංචාරය කිරීමේ වරම මටත් ඒ ගැන කියැවීමේ වරම අවුරුදු 3 ක් තිස්සේ මේ ලිපි පෙල කියවන ඔබටත් ලැබුණා . ඒ වෙනුවෙන් දසතට ස්තුතියි .
වැනිසියට
ලගාවීමට බොහෝ ක්‍රම තිබෙනවා . ගුවන් මගින් මාර්කෝ පොලෝ ගුවන් තොටුපොලින් , අධිවේගී දුම්රිය මගින් යුරෝපයේ බොහෝ ගමනාන්ත තුලින් Mestre. දුම්රිය ස්ථානයට සේම අති සුඛෝපභෝගී Cruise Ships මගින් Giudecca Canal හරහා වැනිසියේ වරායටත් එන්නට පුළුවන් . අප නවාතැන් ගත් Mestre. නගරයේ ඉදන් වැනිසියට යන්නට අප භාවිතා කලේ පොදු ප්‍රවාහන බස් රථයක් . බස් එකෙන් බැහැල පාලම් කිහිපයක් ඔස්සේ ගිහින් අපි වැනිසියට ළගා වුණා .
අපි
කුඩා මාවත් අතරින් , ඇලවල් උඩින් තියෙන පාලම් වලින් අපේ මග පෙන්වන්නා පස්සෙන් යනවා . ඔහු තැනින් තැන නැවතිලා විස්තර කියනවා . වැනිසිය කියන්නෙ පාරවල් නැති රථවාහන නැති ඉස්සව්වක් හින්ද සියළු ප්‍රවාහන කටයුතු කෙරෙන්නෙ ඇල මාර්ග හරහා යන විවිධ වර්ගයේ බෝට්ටු වලින් . පුංචි කාලෙ ලංකාවේ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු විස්තර සිහියට එනවා . අද්‍රියාතික් මනාලිය, පාවෙන නගරය වගේ විරුදාවලි අතරෙ අපි පැරණි ඉතාලි සහ යුරෝපා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා බලනවා . කථාවට කියන්නෙ වැනිසියට අළුතින් ගිය කෙනෙක් අතරමං වෙනවාමයි කියලා . අපට ඒ අත්දැකීම දෙන්නට අපේ මග පෙන්වන්නා කටයුතු කල හින්දා කෝකටත් සිතියම් එහෙම අරගෙන ගියොත් හොදයි .
St. Mark Square
මේ
චතුරශ්‍රය වැනිසියේ හදවත කියල කිව්වත් වරදක් නැහැ . පරෙවියන්ට කෑම දෙන්න , ෆොටෝ ගහන්න පොරකන සෙනග අතරේ Campanile Di san Marco කියන
ඝන්ඨර කුළුණට විදුලි සෝපානයෙන් යන්නත් පුළුවන් .
Rialto Bridge
වැනිසියේ ප්‍රධාන ඇල මාර්ගය වන Grand Canal උඩින් යන මේ පාලම වැනිසියට යන කවුරුත් යන තැනක් . ඉර නගින සහ බහින වෙලාවට මේක උඩ ඉදන් ෆොටෝ ගන්න පිරිස් පොරකනවා . වැනීසිය හොදටම බලන්න පුළුවන් තැනක් විදිහට මෙය නම් දරා තියෙන්නෙ ඒ නිසා .
Gondola Tour
වැනිසියට
ගියොත් අත නෑර කරන්න ඕන මේ බෝට්ටු චාරිකාවට පාවිච්චි වෙන්නෙ පාරම්පරික බෝට්ටු විශේෂයක් . වැඩ දාල බෝට්ටු පදින කළු සහ සුදු හරස් ඉරි සහිත කමිස වලින් සැරසුණු බෝට්ටු පදින්නෙක් එක්ක සුවපහසු අලංකාර බෝට්ටුවක මේ
විසිතුරු සංචාරයේදී පැය භාගයක් විතර ඇල මාර්ග දිගේ වැනිසියේ විසිතුරු බලන්න පුළුවන් .
Doge’s Palace
Saint Mark Basilica
ගිම්හාන කාලවලදී සහ සති අන්ත වලදී ඉතා දිගු පෝලිමක් තියෙන මේ පල්ලිය ඉතා අගනා කැටයම් වලින් යුතු තැනක් . වැනීසියේ ධනවත් බව පෙන්වන්න රන් ආලේප කර තිබෙන මෙහි ඉතිහාසය ක්‍රි ව 1117 තරම් දුරට දිව යනවා . එහි ඇතුලත සහ පිටත ඇති අගනා කැටයම් කලාගාර රැසක ඇති මොසෙයික් චිත්‍ර එකතුවක් තරම් විශාලයි .අපේ මූලික චාරිකාවට ඇතුළු වුනේ වැනිස් නගරය විතරක් හින්ද අපි කලේ අමතර මුදලක් ගෙවල වැනීසියේ තිබෙන තවත් ප්‍රධාන දූපත් 3 ක් අපේ සංචාරයට එකතු කර ගත්ත එකයි .
Murano Island
විවිධ අමුතු හැඩයේ වීදුරු භාණ්ඩ , විසිත්ත කාමරයේ තබන සැරසිලි වගේම සුවිසල් අලංකාර Chandelier සදහා ඉතාලියේ මේ දූපත තරම් ජනප්‍රිය තවත් තැනක් නැහැ . යුරෝපය පුරා පැරණි රජමාලිගා සහ මන්දිරවල අදත් උජාරුවට තියෙන නිර්මාණ රැසක් බිහිවුණු මේ පාරම්පරික කර්මාන්තය අද හැබෑම සංචාරක ආකර්ශනයක් . හරිම අපූරු ඒ නිර්මාණ සකස් කෙරෙන ආකාරය දැක්වෙන ජීවමාන ඉදිරිපත් කිරීම් ඔබට මේ දූපතේදී දකින්නට පුළුවන් .
Burano Island
ඉතා තද පාටවලින් හැඩවුණු ගෙවල් තියෙන මේ දූපත ප්‍රසිද්ධියක් උසුලන්නේ රස ඉතාලි මුහුදු ආහාර ගන්න පුළුවන් තැනක් විදිහටයි . විනාඩි 30 ක තරම් බෝට්ටු ගමනකින් පස්සෙ අපි මේ දූපතට ගොඩවුණේ ඒකෙ තියෙන ඇලවුණු කුළුණ ගාවින් . ගමන මතක හිටින්නත් එක්ක අපි risotto al nero di seppia කෑවා . අපේ මග පෙන්වන්නා කිව්වෙ ඒ කෑමවල තියෙන දැල්ලන්ගේ වර්ණක ඇගේ ගා ගන්නෙ නැතුව කන්න කියලයි . මේ දුපත අගනා රේන්ද ( Lace ) නිර්මාණ වලටත් නම් දරාපු තැනක් .
මීළග කලාපයෙන් ඉතාලියේ සියෙනා සහ මිලාන් වෙත යමු .
සටහන - අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2021 ඔක්තෝබර් කලාපයේ පලවිය .
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
අවුරුදු දෙකකට කලින් වැනිසියට ගිය. දැන් මම ආසම නගරයක්.
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. අපිත් ගියේ 2019 තමයි. කෝවිඩ් වසංගතය නිසා පහුගිය කාලෙ දසත පුවත් පත නිකුත් වුනේ නැහැ. ඒ නිසා මම ලිපි බ්ලොග් ගත කලේ නැහැ. හරිම ලස්සන තැනක්. ආයෙමත් වතාවක් පුළුවන් වුණොත් යන්න හිතාගෙන ඉන්නවා.
Deleteමෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
ReplyDeleteදැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.
ඔබේ කණ්ඩායම කරන මෙහෙය අගය කරනවා. ඒ වගේම ඔබේ ගමනට සුබ පතනවා. කැනඩාවේ ඉන්නා නිසා ලංකාවේ ජනමාධ්‍ය සමග තිබෙන සබදකම් බොහෝ අඩුයි. සිංහල බ්ලොග් ගැන රූපණ අන්තරජාල රූපවාහිනිය හරහා ප්‍රවීණ සිංහල බ්ලොග් රචකයින් දෙපලක් වන අජිත් ධර්මකීර්ති ( කොළඹ ගමයා ) සහ තිලකසිරි ඒකනායක (තිලකසිත ) එක්ක අන්තර්ජාල රූපවාහිනි වැඩසටහනක් කලා. සිංහල බ්ලොග් කථා 60 කට වැඩි ප්‍රමාණයක් සවන අන්තර්ජාල රේඩියෝව තුලින් දින නැති දිනපොත රේඩියෝ කෙටිකථා ඉදිරිපත් කලා. ඒ සියල්ල දැන් යූ ටියුබ් අවකාශයෙන් රස විදින්න පුළුවන්. සිංහල බ්ලොග් අඩවි වල පලවූ කවි 150 ක් පමණ සවන අන්තර්ජාල රේඩියෝවේ කවි මිණි ආර වැඩසටහන තුලින් ගායනය කොට ඉදිරිපත් කර තිබෙනවා.
Deleteතවත් අදහස්, එකතු කර ගන්නට සිංහල බ්ලොග් අඩවි රැසක යොමු සහ සති අන්තයක මා සම්බන්ධ කල ගත හැකි දුරකථන සහ සමාජ මාධ්‍ය යොමු විද්‍යුත් තැපෑල වෙත යොමුකලා. ඔබට ජය.
හිතවත් අනුරුද්ධ; මේ දිනවල අපගේ කණ්ඩායම පැරණි බ්ලොග් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කරමින් සිටිති. (වසර 1-3, වසර 4-6 සහ වසර7-11 යනාදී වශයෙන්) දැනට අපගේ සින්ඩිය තුලට ඇතිලත් කර ඇති බ්ලොග් 500 ක් අතුරින් මෙම වෙන් කිරීම කරගෙන යනු ලබයි! එය තරමක වෙහෙස වූ කාර්යයකි. බොහෝ විට මේ සතිය අවසන් වන විට එය ඉටු කර ගැනීමට අපට හැකිවේවි. ඉන් පසුව ඔබ් විසින් අප වෙත යොමු කල බ්ලොග් පිටු අදාල කොලම තුලට එක් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. පැය 24 ක් ඇතුලත සින්ඩිය තුල පල කිරීමේ පොරොන්දුව මා ඉල්ලා අස් කර ගනිමි. ලබන සතිය වන විට සින්ඩිය වඩාත් විධිමත් ආකාරයකට සැකසෙනු ඇත. අප බලා පොරොත්තු වූ බ්ලොග් 1000 සීමාව මේ වන විටත් පසුකොට හමාර බව සතුටින් මෙතැන ලියන්නෙමු. එහෙත් ඒවා වඩාත් විධිමත් ආකාරයකට ගොනු ගත කිරීම අපේ අරමුණයි! අප ඉදිරි පාසය තුල මෙම සින්ඩිය මුහුණු පොත තුල වඩාත් සාර්ථක ලෙස ව්‍යාප්ත කිරීමට බලා පොරොත්තු වන්නෙමු! ස්තූතියි ඔබගේ නැවුම් යෝජනා සැමවිටම අප බලාපොරොත්තුවන අතර එමගින් අපට ලැබෙන්නේ ඉමහත් දිරියකි!
Delete