තරුවක් අරගෙන වරුවක්
යන්නට දුර එක යොදුනක්
හිත ගිහිල්ල Highway එකෙ
ගන්නව පොඩි නිවාඩුවක්
පරණ පුරුද්දට හිටියත්
අහන්න හුරු පුරුදු හඩක්
මෙන්න බොලේ Facetime
එකෙන් එනව කොල එළියක්
ලැබුණත් දහසක් පැතුමන්
එක්කල Sticker රැසක්
බලාන ඉන්නව එනකන්
ඔබෙන් ලැබෙන තරු අකුරක්
මල්ලක් කඩචෝරු ඇතත්
Cupboard එකේ තට්ටු දෙකක්
රටකජු ගොට්ටක මතකය
දුවනව දුර රස ගමනක්
අත් අල්ලා හිත සතුටින්
සදතැන්නේ ගෙවුණු රැයක්
Photo අතර හිත දුවනව
දුරින් දුරට දුර ගමනක්
අනුරුද්ධ වැලිගමගේ
2022 අගෝස්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
කයිය මරු
ReplyDeleteඔබේ ප්‍රතිචාරයටත් , දිරි ගැන්වීමටත් ස්තුතියි.
Deleteසුභ උපන් දිනයක් වේවා
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයටත් , දිරි ගැන්වීමටත් ස්තුතියි.
Deleteමගේ උපන් දිනයට තව කල් තියෙනවා. මේක නිකම් මට හිතුනු දෙයක් ...
ReplyDelete