මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 6, 2022

මෙදා උපන් දිනේ ......

 


තරුවක් අරගෙන වරුවක්

යන්නට දුර එක යොදුනක්

හිත ගිහිල්ල Highway එකෙ

ගන්නව පොඩි නිවාඩුවක්

 

පරණ පුරුද්දට හිටියත්

අහන්න හුරු පුරුදු හඩක්

මෙන්න බොලේ Facetime

එකෙන් එනව කොල එළියක්

 

ලැබුණත් දහසක් පැතුමන්

එක්කල Sticker රැසක්

බලාන ඉන්නව එනකන්

ඔබෙන් ලැබෙන තරු අකුරක්

 

මල්ලක් කඩචෝරු ඇතත්

Cupboard එකේ තට්ටු දෙකක්

රටකජු ගොට්ටක මතකය

දුවනව දුර රස ගමනක්

 

අත් අල්ලා හිත සතුටින්

සදතැන්නේ ගෙවුණු රැයක්

Photo අතර හිත දුවනව

දුරින් දුරට දුර ගමනක්

 

අනුරුද්ධ වැලිගමගේ  

2022 අගෝස්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.










මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

5 comments:

  1. Replies
    1. ඔබේ ප්‍රතිචාරයටත් , දිරි ගැන්වීමටත් ස්තුතියි.

      Delete
  2. සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයටත් , දිරි ගැන්වීමටත් ස්තුතියි.

      Delete
  3. මගේ උපන් දිනයට තව කල් තියෙනවා. මේක නිකම් මට හිතුනු දෙයක් ...

    ReplyDelete