එංගලන්ත සංචාරයක මතක .....
වර්තමානයේ බ්‍රිතාන්‍ය රජු වගේම පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයා වන තුන්වන
චාල්ස් රජුගේ ලන්ඩනයේ නිල නිවහන වන මෙය ලෝකයේ මේ වන විටත්
ක්‍රියාත්මකව පවතින මාලිගාවක් නිසා ඔබ මේ වසරේ යන්නට අදහස් කරනවා නම්
මහජනතාවට මෙය නරඹන්නට ඉඩ ලැබෙන්නේ ගිම්හාන නිවාඩුවට මාලිගාව තුළ
කටයුතු සිදු නොකෙරෙන 2024 ජූලි මාසේ 16 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 29 වැනිදා
අතර කාලයේදී තමයි.
Buckingam Palace.
බකින්හැම් මාලිගාව සහ එහි උද්‍යානයත් බලන්න අපි කල්තියාම අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර
වෙන් කරවා ගත්තේ ඒ වෙනුවෙන් විශාල ඉල්ලුමක් තියෙන හින්දා. 1933 දී Duke of Buckingham
හදල තිබුන නිවසක් 1761 දී තුන්වන ජෝර්ජ් රජතුමා මිලදී ගත්තේ චාලට රැජනගේ නිවස විදිහටයි.
අපි අද දකින තරමට විශාල කරල මුලින්ම රාජකීය මාලිගාව විදියට එය පාවිච්චියට ගත්තේ 1937 දී හිරු
නොබසින අධිරාජයේ නායිකාව වුණු වික්ටෝරියා රැජනයි. මේ මාලිගාව සැලසුම් කරලා තියෙන්නේ
Jhon Nash සහ Edward Blore. කියන දෙදෙනා විසිනුයි. විවිධ කාලවලදී විවිධ කොටස් එකතුවුණු
විශාල ගොඩනැගිලි සංකීර්ණයක් වන මෙහි කාමර 775ක් සහ අමුත්තන් සඳහා වෙන්වුනු විවිධ
ප්‍රමාණයේ රැස්වීම් වෙනුවෙන් ඉඩකඩ තිබෙන ශාලා දහනමයක් තියෙනවා. වෙනමම තැපැල් හලක්,
චිත්‍රපට ශාලාවක්, පිහිනුම් තටාකයක්, කුඩා රෝහලක්, ස්වර්ණාභරණ හලක්, මියුසික් රූම් එකක්
ග්‍රෑන්ඩ් බෝල් රූම් එකක් වගේ බොහෝ දේ මෙහි තිබුනත් සංචාරකයින් සඳහා විවෘතව තැබෙන්නේ
ඒවායින් කුඩා කොටසක් පමණයි. ඔබට ඒවායේ විස්තර දැනගන්නට ආසා නම් ඒ ගැන කෙරුණු
වාර්තා වැඩසටහන් රැසක් අන්තර්ජාලයේ තිබෙනවා .
අමුත්තන් හමුවන කාමරවල් ඉංග්‍රීසි ප්‍රංශ නිර්මාණ ශිල්පයන්ට අයත් අගනා ගෘහ භාණ්ඩ වගේම
ලෝකයේ විවිධ රටවලින් මෙහි ගෙනා බොහෝ විසිතුරු භාණ්ඩ රැසක් තිබෙනවා. අභිෂේක කාමරය
( Throne Room ) හී විවිධ රජුන් සහ රැජිනියන් අභිෂේක කරන අවස්ථාවේදී හිඳගත් ඔවුන්ගේ
සලකුණු යෙදූ පුටු දකින්නට පුළුවන්. මේ අමුත්තන් රැස්වන කාමර අතරින් විශාලම එක වෙන්නේ
Ballroom එකයි. බාල් නැටුම් ( Ball & Concert ) සහ ප්‍රසංග සඳහා නිර්මාණය කෙරුණු
මෙහෙව් රජු සහ රැජිණ සහකරුවන් වෙනුවෙන් වෙනමම අසුන් පනවා තිබෙනවා විසල්භෝ
ජන සංග්‍රහයන් සඳහාද මෙය භාවිතා වෙනවා මේ කාමරවල කුළුණු කැටයම් සීලිම් සහ
බිත්ති හරිම විචිත්‍රවත්. ඒ වගේම ඒවායේ බිත්ති අලංකාර වෙන්නෙත් විශාල මනරම් චිත්‍රවලින්
නිල් පැහැ කුළුණු තිබෙන සංගීත කාමරයත් , අගනා චිත්‍ර එකතු කර තිබෙන Picture Gallery .
ඔබට රස විඳින්නට පුළුවන් කොටසේම තියෙනවා. උඩුමහලේ කොටස් වලට යාම සඳහා
නිර්මාණය කළ දෙපසින්ම නැගිය හැකි පඩිපෙල් පද්ධතිය මේ මාලිගාවේ මහේශාක්‍ය බව
පෙන්වන එකක්.
Buckingham Palace Garden
මාලිගාවේ ප්‍රවේශපත්‍රයට අමතරව තවත් ප්‍රවේශපත්‍රයක් අරගෙන ඔබට අක්කර
තිස්නමයක (39) මාලිගාවේ උද්‍යානය බලන්න පුළුවන්. කලබලකාරී ලන්ඩන්
නගරයේ මැද්දෙ වර්ග 325 කට වැඩි ගස් දහසකට අධික ප්‍රමාණයක් තියෙන මේ
වත්ත කුරුලු හඬින් පිරිලා තියෙනවා. මේ විශේෂත්වය වන්නේ වර්ග 85ක ඕක්
ගස් තිබෙන එකයි. ලස්සන රෝස උද්‍යානයක් වගේම මල්බෙරි ගස් එක්ක සේද
දළඹුවන් මේ පරිශ්‍රයේදී ඔබට දකින්නට පුළුවන්. අද අපි දකින උද්‍යානය මුලින්ම
නිර්මාණය කරලා තියෙන්නේ William Townsend Aiton. කියන උද්‍යාන
නිර්මාණ ශිල්පියා 1825 දී කියලයි විස්තරවල සඳහන් වෙන්නේ.
Change of Guard Ceremony In Buckingam Palace.
සතියකට දින හතරක් සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා දවල් එකොලහට බකින්හැම්
මාළිගාවේ ආරක්ෂක සේවයේ නිරත සෙබළුන් තමන්ගේ සේවා මුර මාරුවීම් කරන
සාම්ප්‍රදායික රාජකාරිය හරිම අලංකාරවත් අංගයක් .
සමහරු කියන්නේ මේ බලන්න හොඳම තැන බකින්හැම් මාළිගාවේ ප්‍රධාන දොරටුව
ඉදිරිපිට තියෙන වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාව තිබෙන තැන කියලයි. ඒ හින්දා
මෙතන ඉඩක් හොයාගන්න නම් උදෙත් දහයටත් කලින් යන්න වෙනවා .පඩි රැසක්
තියෙන හින්දා මෙතන ඉඳල ඔබට එය හොඳින් නරඹන්නට පුළුවන්. ඒත් සමහරු
කියන්නෙ Malborough පාර සහ බකින්හැම් මාළිගාව අතර කඩමණ්ඩිය මේකට
හොඳයි කියලයි.
ඒවගේම මෙතනට සේවයට එන සහ පිටත්ව යන කණ්ඩායම් දෙකම ඔබට දකින්නට
පුළුවන්. වාර්ෂිකව මෙහි පැවැත්වෙන ට්‍රැෆල්ගාර් යුද්ධ සැමරුම් පෙළපාළිය නිසාත් ,
හැරී පොටර් චිත්‍රපටයේ එළිදැක්වීම හින්දත් මෑත කාලීනව මේ ගැන වැඩි දෙනාගේ
අවධානයට යොමු වුණා. James palace වලින් දහයයි විසි පහට පටන් අරගෙන තූර්ය
වාදනය කරන බෑන්ඩා බෑන්ක් කණ්ඩායම දහයයි හතළිස් තුනට ගමන් ආරම්භ කරනවා.
ඔවුන් ගමන් කරන වෙලාවෙදි කාටවත් එහෙ මෙහේ යන්න බැරි හින්දා කලින්ම තැනක්
වෙන් කරගෙන හිටියොත් තමයි හොඳයි හොඳ වීඩියෝ ටිකක් හොඳ ෆොටෝ එකක්
ගන්න ඒක හරි වැදගත් ඔවුන් මෙසේ දාර්ශනීය ආකාරයට යන්නේ අලුත් සේවා
මොරේ වැඩ භාරගන්නයි තම තමන්ට නියමිත තැන්වලට ඕනේ අනවිදිය බලන්න
හරිම ලස්සනයි ඊළඟට 11යි 10 ට ඔබට සේවය නිමාවූ පිරිස Wellington Barracks
වෙත යන්න ගමන් ආරම්භ කරන විදිය දකින්නට පුළුවන් මෙය කිසිදු මුදලක්
නොගෙවා නොමිලයේ බලන්නට පුළුවන් දෙයක්.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.