මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 20, 2021

අමයුරු කවි රස 10 - පරිවර්තන කවියේ මිහිරියාව .........

 අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ පරිවර්තන කවියේ මිහිරියාව ගැන 

 ඒ සදහා අප ඉදිරිපත් කරන්නේ  ලෝක පුජිත කවි කිවිදියන් 6 දෙනෙකුගේ කවි 6ක් 

1. දෙවොලට නොයන්න -   Rabindranath Tagore ( Go not to the Temple)

2. මළගම - Rupi Kaur ( Funeral)

3. පාපෝච්චාරණය - Charles Bukowski ( Confession)

4. වසන්තය - Linda Pastan ( Spring)

5. මේ කවිය ඔබටයි - Jimmy Santiago Baca (I Am Offering This Poem )

6. තොටිල්ලේ ගීතය - Sarojini Naidu ( Cradle Song )

https://rupane.com/2021/05/08/rupane-episode-243-may-08-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - දිනමිණ වසත් සුළග අතිරේකයට පරිවර්තන කවිය ඉදිරිපත් 
                                                           කරන ඕස්ට්‍රේලියාවේ හෙල්මලී ගුණතිලක   

කවි ගායනා -  රෝහණ දිසානායක සහ ආචාර්ය බුද්ධිමතී ජයසේකර       

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ   සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අටවන සහ නව වන වැඩසටහන් ඉදිරියේදී බ්ලොග් ගත වේවි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, November 6, 2021

ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා.......අනුරුද්ධ වැලිගමගේ......

නිමිත්ත 

 මවක්  සහ දුවක අතර  තිබෙන බැදීම ගැන ගීයක් ලියල දෙන්න කියල ආචාර්ය බුද්ධිමතී ජයසේකර( බුද්ධි ) දවසක් මට කිව්වා. අපටත් දුවල දෙන්නෙක්ම ඉන්න හින්ද මගේ බිරිද දුවලා ගැන මෙහෙම හිතනවා කියල උපකල්පනය කර ගනිමින් තමයි මම මේ පද කැටිකලේ.  මේ පද ලැබුණාම බුද්ධි කිව්වේ ඒ අතරෙ ගොනුවුණු සමහර සිදුවීම් ඇයට හැබැහින් අත්දකින්නට ලැබුණු උදාහරණ කියලයි.

මහත් සේ වෙහෙස වෙලා ආචාර්ය නන්දා මාලිනිය ලවා තනුවක් නිර්මාණය කරවා ගෙන විශාරද දිනේෂ් බෝගොඩ ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් එය කදිම ගීතයක් බවට පත් කලේ බුද්ධි තමයි. බුද්ධි සහ දැහැමි දුව ඒ පද හිත්වලට කාවදින විදිහට ගායනා කරනවා කියල මට හිතෙනවා.

 මව

සමනොළ සිරසෙන් නැගෙනා හිරු  සේ

පැතුමන් මගෙ හිත පතුලේ තෙරපී

දුවේ නුබව දකිනා හැම උදයෙම

මගේ හිතම පිරි පිරි ඉතිරෙනවා .

දුව

මහමෙර සේ දුක වෙහෙසක් දරලා

අම්මේ නුබ අප ගැන වද වෙනවා

දකිනා හැම මොහොතකදිම මට

ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා

මව

මගෙ තුරුලේ කිරි උරලා බිව් හැටි

හැඩවී ගවුමින් වට කැරකුණු හැටි

හිත ඇතුලේ සේයා රූ මවලා

මගේ හිතම සතුටින් ඉපිලෙනවා

දුව

මේ හිම කතරේ දුක ජයගත් හැටි

වෙහෙස දරා අප හැඩි දැඩි කල හැටි

දකිනා විට ඔබ දුක උහුලන හැටි

ඇවිදින් ඔබ සිප ගන්න හිතෙනවා 

 මව

සද තරු පිරි මේ සුවිසල් ගගනේ

ලෝකය විස්මන් තැනකිය නිබදේ

නොබියව හෙට  ලොව ජයගන්නට

දුවේ නුබට සුබ පැතුම් ගෙනෙනවා

දුව

දවසින් දවසට කාලය ගෙවිලා

හෙට ලෝකෙට අපි පාවී යනවා

අම්මේ නුබ පෙව් කිරි සුවදේ බල

ලොව ජයගන්නට දිරියක් දෙනවා

අනුරුද්ධ වැලිගමගේ

ගීතයේ යූ ටියුබ් දිගුව .......

2021  නොවැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය

https://londonkavi.com/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

Saturday, October 30, 2021

ලන්ඩන් කවිය සහ සිසිල සඟරාව...........

 ලංකාවෙන් දුර බැහැර විදේශයන්හිදී  සිංහල භාෂාවත් , සංස්කෘතියත් නගා සිටුවීම වෙනුවෙන් සැකසුණු වේදිකා තිබෙන්නේ අතලොස්සකි. එයට හේතු කාරණා ලෙස බොහෝ දේ උදාහරණ කොට දක්වන්නට පුළුවන් වන්නේ දශකයකට අධික කලක පටන් මා ද මව්බිමෙන් බැහැරව දිවි ගෙවන බැවිනි. ඒ අතින් ගත් කල කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආශ්‍රිතව ජීවත්වන අපට ඒ වෙනුවෙන් අන්තර්ජාල සහ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් වන යාත්‍රා සහ දසත මාසික පුවත්පත් දෙකක් වේ. රේඩියෝ මාධ්‍යයෙන් ඒ කාර්යභාරය ඉටු කරන්නේ සවන අන්තර්ජාල ගුවන් විදුලියයි. රූපවාහිනී මාධ්‍යයෙන් කේබල් නාලිකා හරහා කලා කවය රූප මාධ්‍ය දායකත්වය දරන අතර වසර පහක සම්පුර්ණ වැඩසටහන් පෙලම වෙබ් ගත කරමින් රූපණ අන්තර්ජාල රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මෙහෙවරක යෙදී සිටී.

 එදිනෙදා සිංහල කතා කරන, සිංහලෙන් ලියන කියවන ලංකාවේ අයට වඩා මව්බිමෙන් බැහැරව ඉන්නා අයට භාෂාවේ භාවිතය අවම වටාපිටාවක් තිබේ. එහෙයින් මැදි වියේ හෝ වයස්ගතව සිටින සිංහල ප්‍රජාවගේ භාෂා ව්‍යවහාරය රැක ගැනීමටත්, තරුණ සහ යොවුන් පිරිස් වෙත සිංහල භාෂාව පිළිබද ඇල්ම වැඩීම සදහාත් මේ මාධ්‍යය කරන මෙහෙවර අති මහත් ය.

ලංකාවේ ජාතික පුවත්පත් තුලින් කවි සහ සාහිත්‍යය පිළිබද කතිකාවතට වෙන්වුණු පිටු ඉවත්ව යන සමයක මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වෙබ්ගත වන ලන්ඩන් කවියත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බ්ලොග් ගතවන සිසිල සඟරාවත් මාසිකව ඉදිරිපත් කිරීම අගය කල යුත්තකි. මේ කෙටි සටහන ලියැවෙන්නේ ඔවුනගේ ඒ අගනා මෙහෙවරට උපහාරයක් ලෙසිනි.

ලන්ඩන් කවිය 

2021 ජනවාරි මාසයේ පටන් වෙබ්ගත වන ලන්ඩන් කවිය ලොව වටා විසිරී සිටින ප්‍රවීණ සහ ආධුනික නිර්මාණ කරුවන් අතින් ලියැවුණු විවිධ තේමාවන් යටතට ගැනෙන කවි නිර්මාණ 75-100 ක මාසික කවි එකතුවක් ලෙස හදුන්වා දිය හැකිය. සදැස්, නිසදැස් සේ ම නිදහස් ආරේ අද දවසේ නිර්මාණ සේම පැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන්, කොළඹ යුගයේ නිර්මාණ අතුරින් සහ 70 දශකයේ බිහිවුණු කවි ද එකතැන් කල වටිනා වෙළුමක් ලෙස ලන්ඩන් කවිය නම්කල හැකි ය.

ඩිජිටල් මුද්‍රණයක් ලෙස වෙබ් ගත කිරීමට අමතරව ලන්ඩන් කවිය කවි හා සබැදි ඉසව් පිළිබද යූ ටියුබ් අවකාශයේ වැඩසටහන් පෙලක් ද අන්තර්ජාලයට මුදා හැර තිබේ.

අගනුවර තරුණ කවි සමාජයේ නිර්මාතෘවරයෙකු වන විල්සන් හෑගොඩ සහ නන්දා හෑගොඩ යුවලගේ පුතකු වන, ලාල් හෑගොඩ කිවිදුන්ගේ සොයුරු, අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම් නීතිඥ  අනුර හෑගොඩ මහතා ලන්ඩන් කවියේ සංස්කාරක ධූරය හොබවයි.

ලන්ඩන් කවි වෙබ් දිගුව 

https://londonkavi.com/

නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව  

https://londonkavi.com/contact/

සිසිල සඟරාව 

2021 සැප්තැම්බර් මාසයේ පටන් ඩිජිටල් මුද්‍රණයක් ලෙස ප්‍රකාශයට පත්වන මාසික ඊ සඟරාවක් ලෙස සිසිල හදුන්වා දිය හැකිය. කෙටිකතා , කොටස් වශයෙන් පලවන නවකතාවක්, කවි සේම සංචාරක සටහන් ද මේ වාර ප්‍රකාශනයේ අන්තර්ගත  වේ. අද පුවත් පත් වලින් ඉවත්වන හරස්පද ප්‍රහේලිකාවක් සේම  විදෙස් රටකට සංක්‍රමණය වන කෙනෙකුගේ ජීවන අන්දරය ලියැවුණු දිනපොතක් ද මෙහි වේ. සුභාවිත ගීතයක් විදින්නට දෙන අත්වැල ද අපූරු අත්දැකීමක් ගෙන දෙයි. විවිධ තේමාවන් යටතේ ලියැවුණු සටහන්, සඳැස් නිසඳැස් කවි ඇතුලත්  මේ නිර්මාණය ප්‍රකාශයට පත් කරන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයයි.

කවි කියන, විකට කථා කියන, ගී පද බදින රසිකලොජි සිංහල බ්ලොග් අඩවියේ රචක රසික සුරියආරච්චි සිසිල සංස්කාරකවරයාය.

ඔබගේ පිටපත ලබාගැනීම සඳහා sisila.sangarawa@gmail.com ට ඔබේ විද්‍යුත් ලිපිනය යවන්න  

නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්යුත් තැපෑලම භාවිතා කල හැකිය  

sisila.sangarawa@gmail.com

අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, October 23, 2021

අමයුරු කවි රස 7 - සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා ...........

 අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා ගැන

ඒ සදහා අප ඉදිරිපත් කරන්නේ  සැළලිහිණි සංදේශය, හංස සංදේශය සහ ගිරා සංදේශයෙන් උදාහරණ කිහිපයක්  

සැළලිහිණි සංදේශය

හංස සංදේශය

ගිරා සංදේශය

සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා 

සැළලිහිණි සංදේශය, හංස සංදේශය සහ ගිරා සංදේශයෙන්

https://rupane.com/vimeo-video/rupane-episode-234-march-06-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනා -  ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා, ලියෝනි අමරතුංග සහ අයේෂා චන්ද්‍රරත්න      