මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 18, 2022

ඉමෙල්ඩා .....සෝමසිරි මුණසිංහ ....පොත් පිටු අතරින්......

 

" දැන් මොකටද කාමන්ගෙ නම කියන්නෙ , ඔයාගෙ නම මිසක් ? . ඔයා අද හරි ලස්සනයි ඉමෙල්ඩා ."

" ලස්සන ඇදුම විතරයි . මං නොවෙයි. පිලිපීන ගෑණු ලස්සනට අදින්න ආසයි. අද මම දැක්ක ඔයා මගෙ පපුව දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා . "

මම ලැජ්ජාවෙන් සිනාසී අහක බලා ගත්තෙමි. ඉමෙල්ඩා මා අසලට පැමිණ ඇගේ හිස මගේ පපුවට හේත්තු කර ගත්තාය.

( 270 වන පිටුව )  


මුදලිහාමි මහත්මයාගේ ඇස් දෙකේ තද වපරයක් ඇති නිසා බලා සිටින්නේ කොයි දිසාවද යන වග තෝරා බේරා ගන්නට අපට මුලදි මුලදී අපහසු විය. මුළු පාසැලම මහත්තයාට කීවේ " බොම්බේ ලුකින් කල්කටා "  කියාය. දවසක් දා රෙදි සෝදන නිල්වලින් ලියූ කඩපොලේ ලෑලි දොරවල් කිහිපයක ඇලවූ කැලා පත්තරයකත් ඒ නම සහ නයනා මිස්ගේ නමද සදහන් වී තිබූ බව මා දැනගත්තේ පන්තියේ ළමයෙක් මාර්ගයෙන්ය.

( 10 වන පිටුව )  

කන්දය්යා ඔහුගේ නිෂ්පාදනය ලියාපදිංචි කලේ " කරල් පහ " යන වෙළද නාමයෙන්ය . වෙළද ලාංඡනයේ මුද්‍රණය කර තිබුණේ වී කරල් පහක්ය. ඔහුගේ නිෂ්පාදනය ගැන වෙළද දැන්වීමක් සිංහලෙන් ලියා ගැනීමට ඔහු මාගේ සහාය පැතුවේය. දැන්වීමේ සිරස්තලය වශයෙන් " කාන්සියට කදිම මිත්‍රයෙක් " යනුවෙන් ලියා ඊට පසුව මා සදහන් කලේ " රසවත් , සුවදවත් , අනභිභවනීය මල්පහ බීඩි සම විටම පාවිච්චියට ගන්න " යනුවෙනි. පසුව මුදලාලි " ගුණයෙන් පිරි " යන වචනයද දැන්වීමට එකතු කර ගත්තේය.

( 67 වන පිටුව )   


ඉමෙල්ඩා .....සෝමසිරි මුණසිංහ ...පොතින් .


පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....

කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන


https://rupane.com/2021/11/27/rupane-episode-271-november-27-2021/

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය -    Newstrails රචක, ප්‍රවීණ පුවත්පත් කලාවේදී , ලේඛක සෝමසිරි මුණසිංහ     

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි


හදුන්වා දෙන අළුත් ගීතය 

දහස් ගව් ......

ගායනය - විශාරද හසන්තිකා කොඩිතුවක්කු ( අතපත්තු )

සංගීතය - නයන කරුණානායක 

ගී පද - ගයාන් කොඩිතුවක්කු 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, June 11, 2022

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්……….

 



මිහින්තලා කඳු සිප එන සාදු නදින්

මහ කනදරා වැව පිරි සුදු ඕලු මලින්

අනුබුදු මිහිදු සමිදුන් දෙසු දහම් වැලින්

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්

 

මිසදිටු දමින් පිරි සිරිලක ඉන් මුදවා

මනරම් කලාවන්ගෙන් පන්සල් පුරවා

අහස සිඹින සුවිසල් දාගැබ් කරවා

පොසොන් සදේ සිරි අසිරිය වැඩි කෙරුවා

 

සියවස් පුරා පැවතුණු ඒ ගති සිරිතින්

බොදු හදවත් පිරී ඉතිරිනි හද බැතියෙන්

අදටත් වෙනස් නැත සිරිලක පොසොන් සඳින්

පියමැන බලනු මැන රජරට සුවද මැදින්

 

අනුරුද්ධ වැලිගමගේ





2022  ජුනි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, June 4, 2022

තේ සහ මුහුණු ..... යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )...



තේ.... 

සුසීමා කලබලෙන් ඉරි බ්ලවුස් අත් වැලමිටි ගාවට එනකම් නවා ගත්තා. කිරි සුදට මැදපු කෝප්පවලට උණු ඉඟුරු තේ, කිරි තේ, කිරි කෝපි පිරෙව්වා. නවයහමාර කියන්නෙ මුලු ඔෆීසියම මීයට පිම්බා වගේ නිස්සද්දෙන් කොම්පියුටර් ඇතුලට ගිලෙන වෙලාව. ආකාශ් මහත්තය උනත් ලැප්ටොප් එකට බෙල්ල දික්කරගෙන ඇති.

කට කොනට ආපු හිනාවක් නිසා සුසීමගෙ දෙතොල් මෑත් වුනා. කිරිපාට හා දත් දෙකක් මතුවුනා. පීරිසිය උඩ කිරි කෝපි ඇබින්දක් ඉහිරුනා. තෙත සර්වියට් එක පීරිසිය උඩ වැතිරිලා කෑදරකමෙන් කෝපි බිංදු ටික ලෙවකෑව.

කණ්නාඩි කෑල්ල සුසීමට විරිත්තුවා. ලා රෝසපාට ලිප් ග්ලොස් කූර තොල් දෙක වටේ දෙපාරක් එහෙමෙහෙ ගියා. උඩ පැනපු කොණ්ඩ කැරලි කන්පෙති පිටිපස්සෙ හැංගුනා.

තේ බන්දේසිය වඩාගන්නකොට යාන්තම් තේ කෝපි එහෙමෙහෙට කැලැත්තුනාට බිඳක්වත් නොඉහිරවාගන්න තරමට සුසීමා පරෙස්සම් සහගතයි. කෝපි සුවඳට වඩා සැරට දැනෙන්නෙ තේ සුවඳ. ඉස්සරහට ඇවිදන් යනකොට ඉහල ඇදෙන උණුහුම් දුමාරය පිටිපස්සට නැමෙනවා. මී මැස්සියෙක් වගේ කොරිඩෝව දිගේ කලබලෙන් දිවිල්ලේ අතරමැද දැනෙන ඒ උණුහුමට සුසීමා කැමතියි.

******************************************************************

මුහුණු....

“ඇයි?”

“මනෝහරී? මනෝහරී මැඩම් එන්න තව පරක්කු වේවිද?”

“මනෝහරී මැඩම්?”

“හ්ම් ම්හ්! තළෙලලු, උස. මනෝහරී මැඩම්. වම් පැත්තෙ ඉඳන් තුන්වෙනි පුටුවෙ වාඩි වෙන්නෙ.”

‘ඔහ්! එයා හදිස්සියෙම නාරාහේන්පිට බ්‍රාන්ච් එකට මාරු වුනා නෙ. මේ.. මේ… මං කියන්නේ, එයා දැන් මෙහෙ නෑ.”

කෙසඟ සිරුරැති ගැහැණිය ආපහු යන්න වගේ ආපිට හැරුනා.

“පොඩ්ඩක් ඉන්න. මොකද්ද නම?”

“ඉයුජීන්.”

“බැංකුවෙන් කෙරෙන්න වුවමනා දෙයක් ඇත්නම් කියන්න. අපිට පුලුවනි උදව් කරන්න.”

***************************************************************

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව  තේ සහ  මුහුණු....

හඩ මුසුව - නිරෝෂා ගමගේ

මින් පෙර අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් ඔබ අත්විදි ඇගේ තවත් කතා


යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) ගේ බස්සිගේ ආදර අන්දරයෙන් ..........


http://ahasgawwenehalokaya.blogspot.com/2019/11/blog-post_30.html

ඒක වැදගත්ද ?.....


http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_10.html

නොපිරවෙන හිස්තැන් ....

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/blog-post_10.html



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.

යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී ) ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   බ්ලොග් අඩවියට යන්න.

බස්සිගේ නවාතැන

රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්
http://bassigenawathana.blogspot.com/


ස්තුතිය - සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, May 28, 2022

දින නැති දිනපොත යූ ටියුබ් අවකාශයේ .......

 




ජීවන ගමනේ සිත නැවතුණු තැන් අපි කාට කාටත් තියෙනවා.ඒවා අතර තම තමන්ගේ අත්දැකීම් වගේම අහන්නට දකින්නට ලැබුණු දේත් තියෙන්නට පුළුවන්. ඒ වුණත් ඒ අත්දුටු දේ වගේම ඇසූ පිරූ දේත් සටහන් කර තබන්නේ සුළු පිරිසක් තමයි. එහෙම ලියන සටහන් කෙටිකථා, නවකථා වගේම පුවත්පත්, සගරා තුලින් අපට කියවන්නට ලැබෙනවා. මුද්‍රිත මාධ්‍යය වෙනුවට මේ වෙනකොට මුහුණු පොත සහ බ්ලොග් අවකාශයේත් ඒ කතා මහජනතාව වෙනුවෙන් ප්‍රකාශයට පත් වෙනවා. 

කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියට එවන් සටහන් රැසක් එක්කොට 2017-2019 කාලයේදී දින නැති දිනපොත නමින් රේඩියෝ කෙටිකථා මාලාවක් කරන්නට මට ඉඩක් ලැබුණා.කථා 50 කින් සමන්විත ඒ වැඩසටහන් පෙල මේ වනවිට යූ ටියුබ් අවකාශයට මුදා හැර තිබෙනවා. දැන් ඔබට වෙනත් වැඩක යෙදෙන අතරේ පහසුවෙන්ම මේ කථා වලට කන් දෙන්න පුළුවන්.

සිංහල බ්ලොග් රචික රචිකාවියන් රැසකගෙන් මට ඒ සදහා ලැබුණු අවසරයට ස්තුතියි. සවන ගුවන් විදුලියෙන් දින නැති දිනපොතට ඉඩක් දුන් ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක මහතා ටත් සියළු බ්ලොග් රචකයින්ටත් ඔවුන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවායි සුබ පැතුම් එක් කරන්න කැමතියි.

මේ කෙටිකතාවක් අහන කාලයයි. 

අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

එකෝමත් එක දවසක පොතින් ..... ප්‍රවීණ මාධ්‍යවේදිනී දයා ද අල්විස් මහත්මිය




ප්‍රේමකීර්ති මතක 

තම පෞද්ගලික ජීවිතයේ දුටු ප්‍රේම් ගැන කල මතක කිහිපයක් 




අබේවර්ධන බාලසුරිය , රුක්මණී දේවි සහ කේ ඩි කේ ධර්මවර්ධන ගැන ලියු මතක




තිලකසිරි ඒකනායක - තිලක සිත බ්ලොග් අඩවිය


සිල්වියාගේ තාත්තා , පහුවෙලා හමුවූ තාත්තා සහ කදුළු රසැති මොමෝ

රාජකාරී සමුගැනීමේ උත්සවයේදී ඇසුණු අපූරු ලියුම 




දෙවන උපත, කුඹුක්ගහ උල්පත සහ 23 ශ්‍රී පාන් බාගේ

ගමට ආ පළමු ලංගම බසයේ මතකය 




කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව ....
හිරකරුවාගේ ආදරය සරසවි පිරිසගේ හිත වෙනස් කල හැටි 




හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි .......

පේරාදෙණිය සරසවියේ සැගව ගිය මතක 







 හැලපයා - හැලප කඩේ බ්ලොග් අඩවිය  


අතීතාවර්ජනය, කවි දෙක තුනක කතාවක් සහ දූපතේ නිවාඩුව

මහ බැංකු බෝම්බය දා හිතට දැනුණු බිය 




හැලපයා ගේ ආගිය කතා..

සයිවර් කඩයෙන් තෝසේ කා මාලනී ගේ චිත්‍රපට බැලු හැටි 







යශෝධා සම්මානි ප්‍රේමරත්න - බස්සීගේ නවාතැන බ්ලොග් අඩවියෙන්  


නොපිරවෙන හිස්තැන්.

කලබල අතරේ අතහැරෙන ලෝකයක අන්තර්ජාල ප්‍රේමය 




ඒක වැදගත්ද ?

ප්‍රේමයක් ඇතිවෙන්නට කොන්දේසි තිබේද ?



බස්සිගේ ආදර අන්දරයෙන්... 

ආදරයෙන් පිරි සරසවි ප්‍රේම සටහන් වලින් කිහිපයක් 



තේ සහ මුහුණු ...
තේ හදන ගැහැණු ළමයාගේ ලෝකය සහ බැංකුවට ආ ගැහැණිය 








නිලූක කදුරුගමුව -  පරිවර්තන බ්ලොග් අඩවිය


උඩු කබාය සහ කවියෙකුගේ වික්‍රමය

අනතුරින් මියගිය මිනිසාගේ කබායේ තිබූ දේ... 



 

දන්ත වෛද්‍යවරයා සහ නිල් ඇස්.

දූෂිත නගරාධිපති ගේ දත ගැලවූ වෛද්‍යවරයා.... 





කිසි දිනෙක බොරු නොකී මිනිහා, මිදුලේ සිටවූ වීදුරු තහඩුව, ඉංග්‍රීසි ජාතිකයෙක් , අයිරිෂ් ජාතිකයෙක් සහ ස්කොට් ජාතිකයෙක්

විදෙස් රටවල් කිහිපයක වෙනස් හැසිරීම් ....






හෙල්මලී ගුණතිලක - Hot Chocolate Days බ්ලොග් අඩවිය


පොසම් හදිස්සියක් සහ ඉබ්බි

පුංචි පොසම් සතෙක් කල හදියක් ...




ප්‍රේමයයි වෛරයයි අතරේ සහ වාසගම්

ලංකාවේ කෑමට පෙම්බැදි ඕස්ට්‍රේලියානු ගැහැණිය... 








   කලණ ආටිගල - මගේ ලෝකය බ්ලොග් අඩවිය

හැබෑ චිත්‍රපට ජවනිකා සහ අනුරාධපුරයේ ස්වෙච්චා සේවය

පෙම්වතිය සමග හොරෙන් චිත්‍රපටයක් බලන්නට ගොස් තාත්තාට හසුවූ පාසල් සිසුවා...




 රෝසි අක්කා....
ලන්ඩනයේදී යලි හමුවූ දගකාර යුවතිය ....




 


කට්ටකාඩුවේ ලොකු මල්ලී - කට්ටකාඩුව බ්ලොග් අඩවිය



තුන් දෙනෙක් ගැන දිග කතාවක් ......අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ.

අන්දරේ සහ වර්තමාන දේශපාලනය 


සරුංගල් ජීවිතේ සහ තිත්තවැල්ගොල්ලේ වධකයා

අහුලාගත් දුරකථනය නිසා බස් කොන්දොස්තර වරයාට වූණු අකරතැබ්බය   


 

සිරා කොළුවා - සිරාගේ කාමරේ බ්ලොග් අඩවිය

සිතියමක් සමග පැය 24 ක් සහ බිරිඳ මගේ ඔබ..

හමුදාවට අවශ්‍ය විශේෂ සිතියමක් හදන්නට රැයක් නිදි වැරූ පරිගණක ඉංජිනේරුවා 






මනුෂා ප්‍රභානි දිසානායක

මාස තුනක් සහ එක දවසක්

අන්තර්ජාල ප්‍රේමයක් හැබැහින් දුටු දා ...




උස් මිටි ........
දරදඩු කාර්යාල ප්‍රධානියා ට පෙම් බැදි අහිංසක සේවිකාවගේ කථාව







ආචාර්ය සරත් චන්ද්‍රසේකර

කමලා නැන්දා ගේ පැතුම 1

මියගිය නැන්දා බලන්නට ගිය කැනඩාවේ පුතු 




කමලා නැන්දා ගේ පැතුම 2

කමලා නැන්දාගේ මරණයෙන් පසු හමුවූ ලිපිය 




කමලා නැන්දා ගේ පැතුම 3

අළුත විවාපත් යුවල කැනඩාවට පැමිණීම 





කීකරු පුතා - ආචාර්ය ජගත් රූපසිංහ

තාත්තාගේ ජීවන රටාව වෙනස් කරන්නට යන දොස්තර පුතා ....





ෆ්‍රීඩා විල්ලවරායන්..


සරුංගලයක් සේ .......

වෙරළේදී දකින කුඩා දරුවකුගේ දසුනින් ජීවිතය කියැවීම  




චිත්තර සංකල්පනා.... 
පරිසරය රසවිඳින වියපත් මිනිසෙකුගේ කතාව 




කවුරුවත් නැහැ .....
පාලම නිසා පාරුව අහිමි වූ තොටියෙකුගේ සිතුවිලි 





තිසරි ශිඛා 

සුදීල් අය්යා සහ ටාකු.... 
සරසවි සිසුවිය සිහිපත් කල සහෝදර මතකයක් 






අම්මාගේ සිතුවිලි - ආර් එම් හේමලතා කුමාරිහාමි

මව්වරුන්ගේ දිනයේදී අම්මා කෙනෙකුගේ සිතුවිලි 





අනුරුද්ධ වැලිගමගේ

ඍතු විපර්යාසය

පුද්ගල හිත සහ දේශගුණයේ වෙනස්වීම 

කිරි අම්මා.

අවුරුද්ද සමග බැදුණු අත්තම්මා ගේ මතක 




පාව ගිය සදවතිය

බැංකු නිලධාරියාට කොටුව දුම්රියපොලේදී හමුවූ පැරණි පෙම්වතිය.... 




තාත්තලා

පියවරුන් ගැන පියෙකු වූදා පුතෙකුට හිතුණු හැටි .... 



මන්නාරම් බස් එක
මැදවච්චියේ ගුරුවරියට පෙම් බැදි මීගමුවේ තරුණයා ...




පහයි කාල…

දුම්රියේදී හමුවන විවිධ චරිතවල අපුර්වත්වය




විශ්වයේ තනිවූ මිනිසුන් තිදෙනෙක්...
රෝහණ ඩී හේවාවසම් ලියූ විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරින් සැකසුණු කථාවක්   




සැසදීම 
සංචාරක ස්ථාන රැසක් ඇසුරින් දෙරටක් කියැවීම



දෙකොන විලක්කුව 
දෙකොනින් ගිනිගත් රටක පුරවැසියන් විදි දුක  



බණ්ඩත්තා 
ලංගම රියැදුරා සහ බෙන්ස් බස් රිය ගැන කෙරෙන අතීත මතක





වෛද්‍ය රුවන් එම් ජයතුංග - Transylvania බ්ලොග් අඩවියෙන්

මල්ටි කල්චරල්  ( බහු වාර්ගික විවිධත්වය )..........
ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ........




කාන්තා විමුක්තිය 

කාන්තා සංවිධාන සහ කාන්තා ආරක්ෂාව පිළිබද නොදන්නා කතාව 




ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා
ගොඩ වෙදකම් නිසා කකුල තුවාලවූ රෝගියා සහ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ හිත විමසීම




පිය සෙනෙහස .....

තම පුතු බලන්නට හමුදා කදවුරට ගිය බස් රියදුරුට වූ දේ .....



මෘතශීලියා සහ වැඩපොලේ මහත්තයා.... 

කාන්තා මෘත ශරීරයක් මත රැයක් නිදාසිටි මෝචරියේ මුරකරු .....





සීනි සම්බෝලය .......
කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව





........සොදුරු සිත  බ්ලොග් අඩවියෙන් 

සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ  පහන 

පැරණි පෙම්වතාගේ අපූරු මුණගැසීම 

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට.



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.