මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 3, 2020

දළදා හිමි සරණ දෙවන හෙට දවසක් .......කවි....අනුරුද්ධ වැලිගමගේ........

photography – Page 3 – N A L I N D A

රන්වැලි සෑ මළුවෙන් එන

සිරිමා බෝ පත් සොලවන

පින් පවනක්

නව යුගයේ මගේ බිමට

දළදා හිමි සරණ දෙවන

හෙට දවසක් .......

 

පුරන් කුඹුරු අස්වද්දන

බිත්ති පුරා චිත් අදින

නව යුගයක්

පරිසරයට හැම දහමට

මෙත් පතුරා හිත් පුරවන

සරු යුගයක් .......

 

පන්දහසක් වස් වපුරා

අටුකොටු බත් බුලතින් පිරි

පින් දෙරණක්

හෙළ වෙදකම් බල මහිමෙන්

දීන නැතුව පෙරටම

මනු කුලයක් ......

 

අනුරුද්ධ වැලිගමගේ

Evolution of the Sinhala warrior through time from Anuradhapura ...


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Blockchain Plants Microinsurance Advantage in Sri Lankan Paddy ...

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


1 comment:

  1. හරිම අපුරුයි අනුරුද්ධ ඒ සිතිවිලි. දිනේවා අප මව් බිම.. !

    ReplyDelete