මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 26, 2022

පරිවර් තන කවි 50 ක් , විදෙස් කවි 200 ක් සමග දුර ගමනක් .....


 සිංහල කතා කරන,  ලංකාවේ උපන් අපට කවිය ගැන හොද රසිකත්වයක් තිබෙනවා. ඒත් වෙනත්  භාෂාවලින් ලියැවුණු කවි පරිශීලනය අතින් අප ඉන්නේ පහල තැනක කිව්වොත් ඒකෙ වැරැද්දක් නැහැ. 1956 පටන්ගත් ද්විභාෂාව දැනුම අඩුවත්, ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය අධ්‍යනය අඩුවීමත්, සාහිත්‍යය විෂය මාලා තුල ඉතා කුඩා වපසරියකට සීමා කර තිබීමත් හින්ද 80 දශකයේ පාසැල් අධ්‍යාපනය ලැබූ අපට විදෙස් කවි ගැන දැනුමක් ලබන්නට එතරම් ඉඩක් ලැබුණේ නැහැ. 

සවන කවි මිණි ආර තුලින් ඉදිරිපත් වුණු රේඩියෝ කවි පැය , ජනසන්නිවේදන හා ලේඛකත්ව පශ්චාත් ඩිප්ලෝමාව වෙනුවෙන් මා කරන්නට අදහස් කරගෙන හිටි ව්‍යාපෘතියයි. ලංකාවෙන් බැහැර එක් නිර්  මාණ කරුවෙකු තෝරාගෙන ඔහු ගැන කෙටි සටහනක්, ඔහුගේ නිර්  මාණ  කිහිපයක ඉංග්‍රීසි කවි ගායනා සහ ඔහුගේ කවියක සිංහල පරිවර් තන ගායනය ඇතුලත් "කවියෙන් රටින් රටට "  කොටස වැඩසටහනට එක් වුනේ ඒ විදිහටයි.ඒ හරහා පරිවර් තන කවි 51 ක් සහ ඉංග්‍රීසියෙන් ගැයුණු නිර්  මාණ 200 කට වැඩි ගණනක් ශ්‍රාවක අවධානයට යොමු කරන්නට මට හැකිවුණා.

උසස් අධ්‍යාපනය සදහා හෝ උසස් පෙළ සදහා ඉංග්‍රීසි සාහිත්‍යය විෂයක් ලෙස හැදෑරීමක් නොකල මට මේ සදහා පිහිටට ආවේ අන්තර්  ජාලයයි. ඉංග්‍රීසි ශ්‍රව්‍ය කවි යූ ටියුබ් අවකාශයෙන් භාගත කෙරුණා. කවි උපුටා ගැනුණේ රාජ්‍ය සම්මානලාභී පරිවර් තක නිලූක කදුරුගමුව ගේ " පරිවර් තන "   බ්ලොග් අඩවියෙන් සහ දිනමිණ වසත් සුළග අතිරේකයට විදෙස් කවිය ඉදිරිපත් කරන හෙල්මලී ගුණතිලක ගේ " Hot Chocolate Days"  බ්ලොග් අඩවියෙන්. කිසිදු ගෙවීමකින් තොරව ඒවා  භාවිතයට දුන් අවසරයට මා ඒ දෙපලටම ස්තුතිවන්ත වෙනවා. මේ දෙදෙනාගේම අති විශාල නිර් මාණ ප්‍රමාණයක් ඔවුන්ගේ බ්ලොග් අඩවි තුල ගොනුව ඇති නිසා ඒ ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට එහි මුල් කවියේ විස්තරත් , තවත් තොරතුරුත් පහත දැක්වෙන දිගුවලින් ඒවාට ගොඩවී රස විදින්නට පුළුවන්.  


නිලූක කදුරුගමුව


http://nilukakadurugamuwa.blogspot.com/

                                                                 හෙල්මලී ගුණතිලක



                                                     https://hotchocolatedays.blogspot.com/


          කැනඩාවේ සවන අන්තර්  ජාල ගුවන් විදුලියේ නියමු ප්‍රවීණ මාධ්‍යවේදී  වසන්ත ලංකාතිලක


මේ වනවිට නිෂ්පාදන කටයුතු නිම කර තිබෙන සවන කවි මිණි ආර වැඩසටහන් පෙල 2023 ජනවාරි මාසයේදී අවසන් වෙනවා. ඊට පස්සෙ ඉඩ ලැබෙන හැටියට යූ ටියුබ් අවකාශයට වැඩසටහන් මුදා හරින්නත් , ඒ ගැන සටහන් බ්ලොග් අඩවියට එකතු කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. මේ වැඩසටහන් පෙල වෙනුවෙන් ඉඩක් ලබාදුන් කැනඩාවේ සවන අන්තර්  ජාල ගුවන් විදුලියේ නියමු ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන් ටත් , කවි ගායනා කරමින් සහය දුන් රෝහණ දිසානායක, අනෝජා මකුලොළුව, ලියෝනි අමරතුංග, විශාරද හසන්තිකා අතපත්තු, ආචාර් ය බුද්ධිමති ජයසේකර, එරන්මලී රණවීර, ඉන්තාන් ජෝසප් යන නිර් මාණ කරුවන්ටත්, වැඩසටහන් සදහා උපදේශකත්වයෙන් දායක වූ ප්‍රවීණ අධ්යාපනවෙදිනී ආචාර් ය ස්වර් ණා චන්ද්‍රසේකර ටත් මගේ හදපිරි ස්තුතිය හිමිවෙනවා.

ඒ වැඩසටහන් පෙල පෙල ගැහුනේ මෙහෙමයි










1. Sarojini Naidu - සරෝජිනී නායිදු   - අහෝ මරණය (හෙල්මලී ගුණතිලක)

2. Octavio Paz - ඔක්තාවියෝ පාස් - යාම් සහ ඒම් අතර (නිලූක කදුරුගමුව)

3. D H Lawrence - ඩී එච් ලෝරන්ස් - අල්ප වූ මිනිසෙක්  (නිලූක කදුරුගමුව)

4. Maya Angelou - මායා ඇන්ජෙලෝ - අසිරිමත් ගැහැණිය  (නිලූක කදුරුගමුව)

5. Borris Pasternak- බොරිස් පැස්ටර්නනැක් - ශිශිරයේ රාත්‍රිය  (නිලූක කදුරුගමුව)

6. Lord Byron- බයිරන් සාමිවරයා - සැරිසැරීම  (නිලූක කදුරුගමුව)

7. Richard Jones - රිචඩ් ජෝන්ස් - හන්දා  (හෙල්මලී ගුණතිලක)

8. P B Shelley පී බී ෂෙලී - මුදු හඩවල් වියැකී ගිය පසුව (නිලූක කදුරුගමුව)

9. Barry Spacks- බැරී ස්පැක්ස් - මේ පැටලුම් (හෙල්මලී ගුණතිලක)

10. Hans Ostram - හෑන්ස් ඔස්ට්‍රම් - මේ නිහඩ මිනිසුන්ගේ සංගමයයි  (හෙල්මලී ගුණතිලක)






11. Edna St. Wincent Millay- එඩ්නා ශාන්ත වින්සන්ට් මිලේ - කදු මුදුනක  (හෙල්මලී ගුණතිලක)

12. Nikolai Nekrasov- නිකොලායි නෙක්රසොව් - ප්‍රවේණි දාසයාගේ කවිය (නිලූක කදුරුගමුව)

13. Dilan Thomas- ඩිලන් තෝමස් - පිය නොනැගුනය (නිලූක කදුරුගමුව)

14. Nazim Hikmet - නසීම් හික්මෙට් - හදවතේ වේදනාව (නිලූක කදුරුගමුව)

15. Alfred Tennyson- ඇල්ෆ්‍රඩ් ටෙනිසන් - නොඑනු මැන මා මල පසුව (නිලූක කදුරුගමුව)

16. William Butler Yates- විලියම් බට්ලර් යේට්ස් - වන හංසයෝ (නිලූක කදුරුගමුව)

17. Rudyard Kipling - රුඩ්යාඩ් කිප්ලින් - වන පෙත මැදින් වැටුණු මග (නිලූක කදුරුගමුව)

18. Langston Hughes- ලැන්ග්ස්ටන්  හියුස් - වියපත් නාවිකයාගේ මරණය (නිලූක කදුරුගමුව)

19. Bertolt Brecht - බර් ටෝ ල්ට් බ්‍රෙෂ්ට් - පොත් පිලිස්සීම (නිලූක කදුරුගමුව)

20. Pablo Neruda- පැබ්ලෝ නෙරුඩා - රැජින  (නිලූක කදුරුගමුව) 

 


21. Mikhail Lamanthov - මිහායෙල් ලමන්තෝව්  - සිහිනය (නිලූක කදුරුගමුව)

22. Robert Frost - රොබට්‌ ෆ්රෝස්ට් - සැදෑ සක්මන (නිලූක කදුරුගමුව)

23. William Blake- විලියම් බ්ලේක් - විෂ ගස (නිලූක කදුරුගමුව)

24. Carl Sandberg- කාල් සැන්ඩ්බ්ර්ග් - සරත් කල (හෙල්මලී ගුණතිලක)

25. Stanley Kunitz- ස්ටැන්ලි කුනිට්ස් - ගිම්හානය අවසන (නිලූක කදුරුගමුව)

26. Khaleel Gibran- කලීල් ජිබ්රාන් - වයනු මැන වස්දඩුව (නිලූක කදුරුගමුව)

27. William Ernest Henley- විලියම් අර්නස්ට් හෙන්ලි - සයුරු තෙර ප්‍රේමය (නිලූක කදුරුගමුව)

28. Jhon Keats- ජෝන් කීට්ස් - හේමන්තයට (නිලූක කදුරුගමුව)

29. Rabindranath Tagore රබීන්ද්‍රනාත් තාගෝර් - දරුව (හෙල්මලී ගුණතිලක)

30. Garcia Loka- ගාෂියා ලෝකා - කරදියෙහි ගීතය - (නිලූක කදුරුගමුව)








 
























31. Omar Khayyam- ඕමාර් කය්යාම් - රුබෙයියාට් කවි කිහිපයක් (නිලූක කදුරුගමුව)

32, Emily Bronte-  එමිලි බ්‍රොන්ටේ - අදුරු වෙයි රාත්‍රිය (නිලූක කදුරුගමුව)

33. T S Eliot-  ටී එස් එලියට් - ජනේලය අසල උදෑසන (නිලූක කදුරුගමුව)

34. Arthur Rimbaud- ආතර් රිම්බාඩ් - සංවේදනා (නිලූක කදුරුගමුව)

35. Tyler knott Gregson- ටයිලර් නොට් ග්රෙග්සන් - මගේ කවිය නුබ (නිලූක කදුරුගමුව)

36. Richard Aldington- රිචඩ් ඇල්ඩින්ටන් - ගංදිය (නිලූක කදුරුගමුව)

37. Thomas bailey Aldrich - තෝමස් බේලි ඔල්ඩ්රිච් - මතකය (නිලූක කදුරුගමුව)

38. Shutaro Tanikawa- ෂුන්ටාරෝ තනිකාවා - දෙබසක් (නිලූක කදුරුගමුව)

39. Czeslaw Milosz- චෙස්ලෝ මිලෝස් - හිමිදිරියේ හමුව (නිලූක කදුරුගමුව)

40. Gabriela Mistral- ගබ්රියේලා මිස්ට්‍රල් - ඔබ අයිති මටම පමණය (නිලූක කදුරුගමුව)

 







































41. Paul Eluard- පෝල් එලූආඩ්  - නිදහස (නිලූක කදුරුගමුව)

42. Lucille Clifton - ලුසිල් ක්ලිෆ්ටන් - මේ නදිය (හෙල්මලී ගුණතිලක)

43. William Wordsworth- විලියම් වඩ්ස්වර් ත් - අස්වනු නෙලන්නී (නිලූක කදුරුගමුව)

44. Rupi Kaur- රූපි කෞර් - මිහිතලය මත හිද (හෙල්මලී ගුණතිලක)

45. Linda Pastan- ලින්ඩා පැස්ටන් - ඔක්තෝබරයේ අග (හෙල්මලී ගුණතිලක)

46. Dorothy Parker- ඩොරති පාකර් - ආදර ගීතය (හෙල්මලී ගුණතිලක)

47. Emily Dikinson - එමිලි ඩිකින්සන් - බලාපොරොත්තුව (හෙල්මලී ගුණතිලක)

48. Clementine Von Radics- ක්ලේමන්ටයින් වොන් රිඩික්ස් - 

      ඔබ පෙම් කල පළමුවැන්නා - (හෙල්මලී ගුණතිලක)

49. Mary Oliver- මේරි ඔලිවර් - කැලෑ  පාත්තයින් - (හෙල්මලී ගුණතිලක)

50.  Hermann Hesse- හර් මන් හෙස - ජපානයේ වනගත ගිරිකදුරක -  (නිලූක කදුරුගමුව)  

51. Brian Patten - බ්‍රයන් පැටන් - මල් ගෙනාවේ මමය  (හෙල්මලී ගුණතිලක)


සමහර කවීන්ගේ නම් සිංහලට නැගීමේදී වැරදි ලෙස ඉදිරිපත් විය හැකිය, කරුණාකර අන්තර් ජාලය පිරික්සීමේදී ඉංග්‍රීසියෙන් ලියා ඇති ලෙස යොදාගන්න. ඔබ තවමත් සවන කවි මිණි ආර ශ්‍රවණය කර නැත්නම් කැනඩාවේ ටොරොන්ටෝ වේලාවෙන් සෑම සෙනසුරාදාවකම හවස 4 ට මුල් විකාශයටත් , සදුදා රාත්‍රී 9 ට නැවත විකාශයටත් කන් දෙන්න පුළුවන්. සවන රේඩියෝව ගැන පහත දිගුවෙන් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් ඇප් එක හරහා ලෝකයේ ඔබ ඉන්නා කොදෙව්වේ ඉදන් ගෙදර දොර වැඩ කරන අතරේ ඔබට පහසුවෙන් කන් දෙන්න පුළුවන්.   

http://ahasgawwenehalokaya.blogspot.com/2020/11/blog-post_29.html

  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, November 19, 2022

තව තවත් ආදරේ ......

 


 









මුතුපාන කිචි කිචිය හිතේ කොන කිති කවන

හෙමි හෙමින් මගෙ ළගින් ඇහෙනවා

හෙමින් දුවගෙන ඇවිත් නැවතිලා ආයේ එන

ඔබ මගේ මතකයේ ඉන්නවා .....

  

මතකයේ ඇදි රුවින් එදා මා සොයා  

සුදු මුණ මා ළගම ඉන්නවා

කලින් නින්දට වැටුණු නිදන ඔබ දිහා

ආදරෙන් මම හෙමින් බලනවා.....

  

පෙලින් පෙල අමුණලා කොහොම කවි ලියන්නද

මගෙ හිතම මටම අද කියනවා

සිනා මල් පිපුණු ඔබ ආදරෙන් බලනකොට

තව තවත් ආදරේ හිතෙනවා .....

  

අනුරුද්ධ වැලිගමගේ









2022 නොවැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.     







විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.










මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ එළිය කරාවි. 

Saturday, November 12, 2022

ජීවිතය විනිවිද දකින මලයාලම් චිත්‍රපට 5 ක්.

චිත්‍රපට ලෝකය 16.

ලෝක සිනමාවේ ජීවිතය විනිවිද දකින නිර්  මාණ  රැසක් බිහි වී තිබෙනවා. වරින් වර ලෝක සිතියමේ විවිධ රටවලින් මතුවන ඒ නිර්  මාණ අතරේ වර්  තමානයේදී ඉතා ඉහල ජනප්‍රියත්වයක් දරන්නේ මලයාලම් චිත්‍රපට කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නැහැ. තවත් පැත්තකින් මලයාලම් සිනමාවට පසුබිම් වන ඉන්දියාවේ කේරල ප්‍රාන්තය ගහකොළ , පරිසරය සහ මිනිස් හැඩරුව , ගති ලක්ෂණ සමහරක් ශ්‍රී ලාංකික අපට සමාන ඒවා නිසා ඒවා අපට අපේම අත්දැකීම් විදිහට පෙනෙන්නත් පුළුවන්. ඉතිහාසය පුරා කලින්  කල ලංකාවේ ජන ජීවිතයට කේරල බලපෑම එක්ව තිබෙන නිසා ඉංග්‍රීසි උපසිරැසි ඇති ඒ චිත්‍රපට අපට ගලපා ගන්නට අසීරු නැහැ. ඔවුන් කථාකරන සමහර වචනත් අපට හුරු බවක් තිබෙනවා.

පසුගිය කාලයේ මා බැලූ එවන් චිත්‍රපට අතුරින් 5 ක් ඔබේ අවධානය ට යොමු කරන්නට හිතුවේ ඔබත් ඉන් යම් වින්දනයක් ලබනු ඇතැයි යන සිතුවිල්ලෙන්.මීට පෙර ම ලියූ චිත්‍රපට ලෝකය සටහන් 15 තුලින් ලෝකයේ විවිධ රටවල විවිධ භාෂාවලින් නිපැයුණු චිත්‍රපට 100 කට වැඩි ගණනක් ගැන තොරතුරු එහි Trailer links (යොමුව ) සමගින් ගොනු කර තිබෙනවා.  ඒ හින්ද ඔබට ඉඩ ඇති පරිදි ඒවා කියවන්නත් ආසා කරන චිත්‍රපට බලන්න විදිහක් හොයාගන්නත් පුළුවන්.


Bangalore Days (2014)

 කුන්ජු , කුට්ටන් සහ අජූ කියන්නේ නෑනා මස්සිනාවරු තුන් දෙනෙක්. බාල කලේ ඉදන්ම ඔවුන් හරිම එකතුයි. දෙමාපියන් දික්කසාදව ඉන්නා අජූ මෝටර් සයිකල් කාර්  මිකයෙක් විදිහට ජීවිතය පටන් ගන්නවා. කුට්ටන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් විදිහට නගරයට ගියත් ඔහුගෙ හිත තාමත් තියෙන්නෙ ගමේ. මේ පිරිමි ළමයි අතර ඉන්නා රූමත් තරුණිය කුන්ජු කළමනාකරණ අංශයෙන් ඉහල උපාධිය ලබන්නට සුදානම් වෙද්දී , රැකියාවට තදින් බැදුණු දාස් ට විවාහ කරලා දීලම නගරයට යවන්න දෙමාපියන් සුදානම් වෙන්නේ යෝජිත විවාහයක් විදිහට.    

ගුප්ත , නිහඩ දාස් සමග නගරයට යන කුන්ජු ට ගෙවන්න වෙන්නෙ නීරස ජීවිතයක්. ගුවන් සේවිකාවක හා පෙමින් බැදෙන කුට්ටන් වඩාත් සමාජශීලී වෙනවා. දිනක් දාස් සමග රණ්ඩු වන කුන්ජු නිවසේ වසා තිබුණු කාමරයක් අරිනවා. එය පුරවා තිබෙන්නේ වෙනත් කාන්තාවකගේ සේයාරූ සහ විවිධ බඩු බාහිරාදිය දකින ඇය ගමට යනවා. තම මව සහ නැගණිය අතහැර යන පියා නිසා  කුට්ටන් ට අම්මාව නගරයට ගේන්නට වෙනවා.මේ අතර තරග තහනමකට ලක්ව සිටින අජූ සාරා නම් රේඩියෝ නිවේදිකාවගේ හඩට වශීවී පෙමින් බැදෙන්නේ ඇය හැබැහින් නොදැක. දිනක් හැබැහින් ඇය දකින ඔහුට පෙනෙන්නේ ඇය ආබාධිත තරුණියක බවයි.

දාස් ගෙන් වෙන්වන්නට සුදානමින් සිටින කුන්ජු ට දැනගන්න ලැබෙන්නේ දාස් හිටපු මෝටර් සයිකල් ශුරයෙකු බවත්, ඔහුගේ පැරණි පෙම්වතිය නටාෂා ඔහුත් සමග මෝටර් බයිසිකලයේ යද්දී අනතුරකට ලක්ව මියගිය නිසා දාස් බලවත් කම්පාවෙන් ඉන්නා බවයි. නටාෂා ගේ දෙමාපියන් හමු වී දාස් ගේ හිත හදන කුන්ජු දාස් සමග හොද ජීවිතයක් පටන් ගන්නවා. ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යත්වයක් සදහා යන්නට සුදානමින් සිටි සාරා අජූ සමග බැංගලෝරයේ රැදෙනවා. අජූ මෝටර් සයිකල් තරගයෙන් දිනනවා. කුට්ටන් මිෂෙල් එක්ක විවාහ වෙනවා. අන්තිමේදී දාස් , කුන්ජු , අජූ , සාරා , කුට්ටන් සහ මිෂෙල් සතුටින් එකතු වෙනවා .  

  

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Bangalore_Days

 Trailer  යු ටියුබ් දිගුව 




The Great Indian Kitchen (2020)

බහරේන් වල හැදුණු වැඩුණු ඉන්දියානු නැටුම් ශිල්පිණියක් යෝජිත විවාහයකින් විවාහ වන්නේ සම්ප්‍රදායික ඉන්දීය පවුලක ගුරුවරයෙකු සමගයි. ඒ නිවසේ පුරුදු පුහුණු වූ හැටියට අම්මා උදේ පටන් රෑ වනතුරු පියාගේත් , පුතාගේත් සියළු දේ කරනවා. නැන්දම්මා  තම සැමියාගේ දත් බුරුසුව පවා සූදානම් කරමින් පළමුව පිරිමින්ට කෑම කන්නට දෙනවා. වැනසූ මේසය අස්කර ඇය කෑම ගන්නේ අන්තිමටයි. ගැබ්ගත් තම දියණියට උදව් වන්නට හදිසියේම  නැන්දම්මා ගිය පසු මේ සියල්ල කරන්නට වන්නේ අළුත් ලේලියටයි.

ඇගේ ගුරු සැමියා තම බිරිදව හරිහැටි තේරුම් ගන්නේ නැහැ . ලිංගික එක්වීමේදී එය වේදනාකාරී නොකර යම් හුරතල් කාලයක් ගැන ඇය කථා කරද්දී ඔහු සැක කරන්නේ ඇය වෙනත් සබදතා තිබූ කෙනෙක් කියලයි. මාස් ශුද්ධිය සිදුවන කාලයට කාන්තාවන් නිවසේ වෙනත් කාමරයක සිටීමත් , ගගෙන් නෑමත් ඒ ප්‍රදේශයේ පුරුද්දක් හින්ද ඇයට සිදු වන්නේ ඒවාට අනුගත වෙන්නයි.

මේ සියළු අකටයුතුකම් ඉවසා දරන්නට නොහැකි වූ තැන ඇය ඉදුල් වතුර සැමියාටත් , මාමණ්ඩිය ටත් වීසි කර දමා නිවසින් පිටව යනවා. චිත්‍රපටය අවසන් වන්නේ ඇය ජනප්‍රිය නර්  තන ගුරුවරියක් වී හිටපු සැමියාගේ නිවසට කාරය පදවා ගෙන එන දර් ශනයකින්.  


වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Great_Indian_Kitchen

 Trailer  යු ටියුබ් දිගුව 




Maniyarayile Ashokan (2020)    











චිත්‍රපටය පටන් ගන්නේ අශෝකන් ගේ මගුල් දා රෑ මනාලිය ඔහුගෙන් අහන ප්‍රශ්නයකින්. ඇය අහන්නේ මේ ඔහුගේ දෙවන විවාහයද කියලයි. විවාහ විය යුතු කලවයස පහු කරමින් ඉන්නා අශෝකන්ගෙන්  ගම්මු සහ නෑයින් නිතරම අහන ප්‍රශ්ණය කවදාද බදින්නේ කියන එකයි . ඒ අතර ඔහුගේ මස්සිනා අජයන් විශේෂයි. ශරීරයෙන් කුඩා හිත හොද අශෝකන් ගේ පැත්තට හිටියෙ දෙමාපියන් සහ ඔහුගෙ හොදම යාළුවො දෙන්නා රතීෂ් සහ සයිජු. මුලින්ම අශෝකන්ට ගෙනෙන යෝජනාව නාරායන් මහත්තයගෙ දුව අන්ජු. අන්ජු අශෝකන්ව ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ හමේ පාට සහ උස අඩුකම ගැන කියලයි. ඒ අතරෙ අශෝකන් ශ්‍යාමා විවාහ කරගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවෙ පරහට ඉන්නෙ කේන්දරේ. හදහන බලද්දී කියන්නේ ඔහු සමග විවාහ වන පළමු බිරිය මිය යනවා කියලයි. මේ අතරෙ රතීෂ් රානි නම් ගුරුවරිය විවාහ වුනු හින්ද අශෝකන් ට විවාහයේ බලපෑම තදින් දැනෙනවා.

මේ අතරෙ අශෝකන් නැකත් කරුවෙකුගෙන් පිලියමක් දැනගන්නවා, ඔහු කියන්නේ කෙසෙල් ගසක් විවාහ කරගත්තොත් මේ අපලය දුරුවෙනවා කියලයි. ඉතින් අශෝකන් හොද කෙසෙල් ගහක් තෝරගෙන කසාද බදිනවා. බිරිද කියල හිතාගෙන නිතර නිතර ගිහින් ගහට කථා කරනවා. කෙහෙල් ගහ මැරුණම දුක් වෙනවා. එයින් හට ගත්තු පැල දෙකට සලකන්නේ තමන්ගෙ දරුවො කියලයි.

ඔන්න අශෝකන්ට තවත් විවාහ යෝජනාවක් එනවා.අශෝකන් කියන්නේ දැන් තමා විවාහක හින්ද ආයේ බදින්න බෑ කියලයි. රතීෂ් අශෝකන්ව මනෝ චිකිත්සක මධ්‍යස්ථානයකට ගෙනියනවා. ඒ ප්‍රතිකාර එක්ක අශෝකන් යථාර් ථයට මුහුණ දීල විවාහ වෙනවා. ඔහු මනාලිය ඉන්දුට කියන්නේ මේ තමන්ගේ පළමු විවාහය කියලයි .                

  

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Maniyarayile_Ashokan

 Trailer  යු ටියුබ් දිගුව 









Uyare (2019)   

     

පල්ලවී ගේ බලාපොරොත්තුව  ගුවන් නියමු වරියක් වන්නයි . අගේ පෙම්වතා ගොවින්ද් ඇය දැඩි ලෙස පාලනය කරන්නට උත්සාහ කරනවා. මුම්බායි වල ගුවන් නියමු පාසැලේ කාර්  යබහුල ඇයට  ගොවින්ද් කියන්නේ නිතර තමා හමුවන්න කියලයි. ඔවුන් අතර වුණු බහින් බස් වීමකදී පල්ලවී කියන්නේ ගොවින්ද් ට  තමන්ගේ ජීවිතයෙන් අයින් වෙන්න කියලයි. ගොවින්ද් ඇගෙන් පලිගන්නේ මුහුණට ඇසිඩ් ගහලයි. ඇස් දෙකට මුහුණට වන දරුණු තුවාල හමුවේ පල්ලවී ට ගුවන් නියමු බලපත්‍රය අහෝසි වෙනවා.ඇසිඩ් ප්‍රහාරය වෙනුවෙන් ගොවින්ද් අත් අඩංගුවට ගත්තත් සාක්ෂි නොමැති වීම හින්ද ඔහු ඇප මත නිදහස් වෙනවා. 


පල්ලවී සමග ගුවන් ඇකඩමියේ උගත් මිතුරියක් හමුවන්නට ගිය මොහොතක ගුවන් සමාගමේ හිමිකරුගේ පුතු විශාල් ට ඇයව ඇස ගැටෙනවා.  ඇය ගැන විස්තර දැනගත් විශාල් ඇයව ගුවන් සේවිකාවක ලෙසින් බදවා ගන්නේ පියාගේ විරෝධතාවය නොසලකමින්. විශාල් පල්ලවී ට ආදරය ප්‍රකාශ කරත් ඇය එය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර දිනක් පල්ලවී ට ගුවන් මගියෙකු ලෙසින් ගොවින්ද් හමුවෙනවා. ඔහු කියන්නේ තමන්ගේ අනාගතයට කැලලක් වෙන හින්ද ඇසිඩ් ප්‍රහාරයේ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න කියලයි. කෝප වන පල්ලවී ඔහුට ශීතල වතුර වලින් මුණට ගහනවා . විශාල ලැජ්ජාවකට පත්වන ගොවින්ද් කරන පැමිණිල්ල විභාග කරන විශාල් පල්ලවී ට කියන්නේ ඔහුගෙන් සමාව ගන්න කියලයි. ඇය එය ප්‍රතික්ෂේප කරන හින්ද ගුවන් සමාගම අවවාද ලිපියක් නිකුත් කරනවා.

ඊළග දවසේදී පල්ලවි සේවයේ යෙදෙන ගුවන් යානයේ නියමුවා හදිසියේ රෝගී වෙනවා. සහාය නියමුවා කලබල වෙලා යානයේ ගමන අවදානමකට ලක් වෙනවා. එවේලේ ඉදිරියට එන පල්ලවී යානයේ පාලනය භාරගෙන ආරක්ෂිතව ගුවන් තොටුපලට බස්සවනවා. ගුවන් ගමන් පාලක මැදිරියේ සමහර නිලධාරීන්ගේ විරෝධතා මැද්දෙ තමන්ගෙ ජීවිතය බේරීම ගැන ගුවන් මගීන් ඇයට ස්තුතිවන්ත වෙනවා. විශාල් හමු වන්නට යන පල්ලවී ජීවිතයේ එක වතාවක් හෝ මගීන් සහිත වාණිජ ගුවන් යානයක් පැදවීමට දුන් ඉඩට ස්තුතිවන්ත වෙනවා. 

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Uyare

 Trailer  යු ටියුබ් දිගුව 






Varane Avashyamund (2020)  

රූමත් දික්කසාද වුනු කාන්තාවක් වන නීනා ජීවත් වෙන්නේ චෙන්නායි නුවර තට්ටු නිවාසයක. ඇගේ දුව නිකී. ඔවුන්ගේ අල්ලපු ගෙදර ඉන්නේ විශ්‍රාමලත් තනිකඩ හමුදා නිලධාරියෙක් වන මේජර් අන්ක්‍රිෂ්නන්. ඔහුගේ සුරතලා බල්ලෙක්.  තරුණ වයසේ ඉන්නා නිකි ට විවිධ විවාහ යෝජනා ආවත් ඇය ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඇය කැමැත්තෙන් ඉන්නෙ අබි ට . ඒ හින්ද නිකී අබි ගේ අම්මා දොස්තර ශරලීව හොදින් ආශ්‍රය කරනවා.

ආවේග පාලනය ගැන ගැටළු තිබෙන මේජර් වරයා ඊට උපදෙස් ගන්න යන්නේ දොස්තර් බෝස් ළගටයි. නැටුම් උගන්වන්න නීනා යන්නේත් දොස්තර බෝස් ගේ මධ්‍යස්ථානයටම තමයි. නීනා මේජර් වරයාට කැමති වුණත් දුව නිකි අහද්දී එය ප්‍රතික්ෂේප කරනවා. ගංවතුරෙන් ආපදාවට පත්වෙලා බිබ්ලිෂ් සහ සහෝදරයා නිකී ලගේ ගෙදරට එන්නේ මේ අතරෙ. මේ හින්ද බිබිලිෂ් එක්ක නිකී ගේ හිතවත්කම ආදරයකට හැරෙනවා. නිනා සහ නිකී ගේ ජීවිත ඉන් පස්සෙ වෙනස්වන හැටි චිත්‍රපටයේ ඉතිරි කොටසේදී ඔබට බලන්නට පුළුවන්.    

  වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/Varane_Avashyamund

 Trailer  යු ටියුබ් දිගුව 




                සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


Saturday, November 5, 2022

කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .

 

කැනඩාවේ රොකී කදු කලාපයේ අසිරිය බලන්න බොහෝ දෙනෙක් යන්නෙ බැන්ෆ් නගරයට.ඒත් ඒ කලාපයේ තවත් ලස්සන තැන් ගොඩක් තියෙනවා. බැන්ෆ් නගරයේ තියෙන බැන්ෆ් ජාතික උද්‍යානය කදවුරු බිම් අත්දැකීමක් ලබන්නට කැනඩාවේ තිබෙන හොදම තැන කියලයි කියන්නෙ  . බැන්ෆ් ජාතික උද්‍යානයේ  පහුගිය දවසක මා ලද අත්දැකීම් රූපණ බලන ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. පැය බාගයක් පුරා ඔබට දකින්නට ලැබෙන මේ මනරම් දසුන් දැක්කාම ඔබ හෙටම මේ ගමන සැලසුම් කරාවි.

එන්න අපිත් එක්ක Banff Gondola, Sulpher Mountain, Cave & Basin site, Jhonston Canyon, Lake louise, Morraine Lake බලන්න යන්න. බැන්ෆ් වනෝද්‍යානයේ RV - Recreational Vehicle සහ Camping කරන්නට බලාපොරොත්තු තබාගෙන ඉන්නා අයට තිබෙන පහසුකම් දැකගන්න.  ඒත් එක්කම ජලාශයක පතුලේ ගිලී ගිය Minnewanka Landing ගම්මානය ගැන තොරතුරු දැනගන්න. අවසානයේදී  ඔබට Lake Minnewanka  මතක රසවිදින්නත් පුළුවන්. 

2022 නොවැම්බර් 05 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි 




https://rupane.com/2022/11/05/rupane-episode-320-november-05-2022/

*****************************************************************

සම්පත් දායකත්වය -  අනුරුද්ධ වැලිගමගේ

ඉදිරිපත් කිරීම  -  කල්ප සමරතුංග 

කැමරාකරණය - ගොයුම් එරංග , හෙසදි වැලිගමගේ   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

















මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.