මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Wednesday, September 23, 2020

චුටි නංගි හීනෙන් හිනැහෙනවා .... අනුරුද්ධ වැලිගමගේ..... රුපවාහිනී ළමා ගීත....

 



සද රැස් පිරිලා මිදුල පුරා

කුමුදු මල් පොකුරු පිබිදෙනවා

වෙනදා නැති සුවදක් අද පිරිලා

චුටි නංගි හීනෙන් හිනැහෙනවා ....

 

පිණිබිදු අහසින් පහලට බැහැලා

තණබිම සුව යහනක් කරලා

කලාමැදිරි රෑනක් රෑ ඇවිදින්

චුටි නංගි සමගින් හිනැහෙනවා….

 

සද රැස් පිරිලා මිදුල පුරා……


කැවුම් සුවද කුස්සිය පුරවාලා

කෙසෙල් කැනේ සුවදට මුසුවී...

අකුරු කියන දා චුටි නංගිගේ

නැකතට ආසිරි සුවද ගෙනෙනවා

 

සද රැස් පිරිලා මිදුල පුරා……..

 

   අනුරුද්ධ වැලිගමගේ



1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

ගායනය - සමින්දි කරුණාතිලක     සංගීත නිර්මාණය - නුවන් තීක්ෂණ
විකාශය වූ දිනය පිළිබද වාර්තා නැත 

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.   
   
           

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

                            

No comments:

Post a Comment