නෙයිනගේ සූදුවේ හැඩ වැඩ කවි කොළුවා
බව දුක තුලින් ජීවිතයේ දුක කිව්වා
නෙක නෙක රැගුම් තුල තිරයේ රුව පෙන්වා
හැමදා අපට අළුතින් කවියක් කිව්වා
මහ සිංහලේ ඉතිහාසය ගැන හොයලා
රට දැය අවදි කර දැනුමින් සරි කරලා
නීරස විෂය ඇතුලේ අප හිත හදලා
විස්මන් රැසක් මතකයේ හංගා තියලා
මහවැලි , කළු ගගේ ඉහලට නැගලා
ගංගා දිගේ ජන හද මන පොබ කරලා
සලන්හතේ ලෙසතෝ බිම් කඩ හොයලා
සිංහල බසින් ගමනක් හැටි කියලා
කර ඇති වැඩ රැසයි, තව එමටයි කරන්නට
දැනුමින් බරින් පිරි බෑ ඔබ හට නිදන්නට
කලක පටන් එක්කල පැස බෙදන්නට
ගිලනින් නැගිට එනු මැන අප බලන්නට
අනුරුද්ධ වැලිගමගේ
2022 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
ගිලනින් නැගිට එනු මැන අප බලන්නට 🙏
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ සටහන් ආසාවෙන් කියවනවා. ඉඩ ලැබෙන විදිහට ප්‍රතිචාර ලියන්නම්.
Deleteකලාකරුවෙක් ලෙස ගොඩක් ගරුකටයුතු පුද්ගලයෙක්.. දේශපාලනයට ගිහින් නාස්ති උනා ..
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteමාත් එකක් දැම්ම.
ReplyDeleteඔබේ කවියත් දැක්කා. ලස්සනයි . ඔබ වෙනස්ම මතකයක් එකතු කරලා තිබුනා.
Deleteඅගෙයි ඔබේ නිර්මාණය. ඔහු සුපුරුදු පරිදී නැගිට ප්‍රේක්ෂකයින් වෙත එන දවස ඉක්මනින උදා වේවා..
ReplyDeleteදුල්ෂාන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . අපේ පැතුම එය තමයි .
ReplyDelete