විශේෂයෙන්ම ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ ඉතිහාසය විෂය ක්ෂේත්රවල නිරත වන අයට වැදගත් විය හැකි වෙනස්ම වැඩසටහන් පෙලක් වූ නමුදු සංචාරය සහ ඉතිහාසයට ආසා කරන මා ඒ තුලින් ලද දැනුම සහ වින්දනය අති මහත්ය. ඒ වැඩසටහන් පෙලේ තේමාව , ආකෘතිය සහ විෂය ප්රවීණයන්ගේ දැනුම තුලින් කෙරුණු ඒ නිර්මාණ චාරිකාව කදිම ඉදිරිපත් කිරීමකි. කුතුහලය දනවන අයුරින් ඒ ගැන අපට කරන හදුන්වා දීම් , ඒ ඒ ඉදිකිරීම් ක්‍රියාත්මක වූ කාලයේ එහි සේවය කල අයවලුන් හෝ ඒ ගැන බොහෝ අධ්‍යන හෝ පර්යේෂණ කල පුද්ගලයින් ලවා අභිරහස් දිග හරින විට සේම ඒ අත්හැර දැමීමට හේතු හෙලිකරන්නේ රහස් පරීක්ෂක කතාවක පරිද්දෙනි.
යුද්ධ , දේශපාලනය , බල ලෝභීත්වය සමහර ඉදිකිරීම් සදහා හේතු වූවා සේම ඒ තැන්වල විනාශයටත් එම සාධකම බලපා තිබුනේ අටලෝ දහම පසක් කරමිනි. සමහර ඉදිකිරීම් විනාශ වන්නට සොබාවික විපත් බලපා තිබුණි. තවත් විටෙක මිනිස් ක්‍රියාකාරකම් වෙනස්වීම නිසා පරිසරයට සිදුවුණු විනාශ ඒ සදහා බලපා තිබුණි . සමහර ඒවා අභාවයට යන්නට හේතුවී තිබුනේ කලින් කලට සිදුවුණු තාක්ෂණයේ දියුණුවයි. තවත් සමහර තැන් අත්හැර දමනු ලැබ තිබුනේ ඒ ඒ තැන් ඉදිකිරීමට මුල්වූ පුද්ගල චරිතවල අභාවයයි. තවත් විටෙක කාලය සහ සමාජ වෙනස්වීම් හමුවේ නොවෙනස්ව තිබීම ඒ සදහා හේතු වී තිබුණි
විශේෂයෙන්ම ජර්මනිය, ඇමෙරිකාව , රුසියාව , එංගලන්තය , ජපානය දෙවන ලෝක යුධ සමයේදී කල ඉදිකිරීම් සහ නව නිර්මාණ ලෝකයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වූවා සේම සෝවියට් සමුහාණ්ඩුව කඩා වෙන් කරන්නට බටහිර රටවල් කල දිගු කාලීන සැලැස්ම ක්‍රියාත්මක වීම තුලින් වෙන්වුණු රටවල් තාක්ෂණික බංකොලොත් භාවයට පත්වුණු හැටි පෙන්වන සාක්ෂි ලෙස මේ වැඩසටහන් පෙලේ තැන් රැසක්ම හමුවේ .
ලෝකයේ බලවතුන් අතර තරඟය වෙනුවෙන් , ලෝකයේ යහපත සහ ශුභ සාධනය වෙනුවෙන් වැය කරන්නට තිබූ කෙතරම් ධනස්කන්ධයක් නාස්ති කර තිබේද යන්නත් , ගෝලීය උණුසුම ඇතුළුව පාරිසරික සාධක නිසා කාලානුරූ පී ව වෙනස් වුනු තැන් දිහා බලනවිට අපටම අප ගැන හිතන්නට බොහෝ දේ තිබේ .
ඒ වැඩසටහන් පෙල වෙනුවෙන් ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ විද්වත් සම්පත් දායකයින් විශාල පිරිසක් දායක වී තිබෙනවා .ඒ අතරේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරියක වන Shini Somarathne ( Shini Somara) සිටිනු දැකීමත් සතුටට කරුණක්.
https://en.wikipedia.org/wiki/Shini_Somara
මේ වැඩසටහන් මාලාවේ අදියර 9 ක් යටතේ වැඩසටහන් 108 ක් මේ වනවිට විකාශය වී තිබෙනවා . ඒ තුලින් කතා කෙරුණු තැන් 500 කට වැඩියි . වැඩි විස්තර අවශ්‍ය නම් මේ දිගුව ඔබට ඒ වෙනුවෙන් පාර කියාවි . ඉඩක් ලැබුණොත් ඔබත් වැඩසටහන් කිහිපයක් හෝ බලන්න .