මීට කලින් ටොරොන්ටෝවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ සුනිමල් බාලසූරිය මහතා මෙහෙයවන සක්මන් මළුව වැඩසටහන තුලින් වගේම , සවන හීන හතක් වැඩසටහන් තුලිනුත් මම ගී 7 බැගින් ඉදිරිපත් කර තිබෙන හින්ද යලිත් ඒ ගී යොදා නොගන්නට මම අදහස් කලා. ඒ වෙනුවෙන් මා ලියූ බ්ලොග් සටහන් ඔස්සේ ඔබට ඒ වැඩසටහන් වල යූ ටියුබ් දිගු වලට කන් දෙන්නට පුළුවන්.
සක්මන් මළුවේ මතකයන් දිගේ ඇවිද ගිය මොහොත
http://ahasgawwenehalokaya.blogspot.com/2020/04/blog-post_25.html
සවන හීන හතක් ..... ගී පොකුරක් හදවතින්ම විදිමුද ?
http://ahasgawwenehalokaya.blogspot.com/2020/08/blog-post_22.html
ඉහතින් මා නම් සදහන් කල පිරිසට අමතරව මේ වැඩසටහන වෙනුවෙන් මට දායකත්වය දැක්වූ සියළු නිර්මාණ ශිල්පීන්ටත් , සියහඬ කළමණාකාරීත්වයටත් මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ ගීත එකතුවට ඔබත් ඇළුම් කරන්නට ඇති . සමහර විට ඔබ මින් පෙර නොඇසූ ගීතත් දකින්නට ඇති. ඒ වගේම මම කියූ සමහර අදහස් වලට එකඟ වෙන්නත් ඇති . සමහර විට එහෙම නොවෙන්නත් ඇති. මගේ බ්ලොග් සටහනේ ප්‍රතිචාර වලට කිසිදු වාරණයක් නැහැ. ඒ හින්ද මේ වැඩසටහන ගැන ඔබේ අවංක අදහස් දැනගන්න කැමතියි. ඉඩක් තියෙන වෙලාවක වැඩසටහන අහල ඔබේ අදහස් ලියන්න.
'මා වවුලන් රෑ පුරාම' අපූරු පද පෙළක්/ සංගීතයක් තියෙන ගීයක්. වෙනස්ම වින්දනයක්
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔබ කිව්වා හරි. එය හැබෑම අපූරු පද පෙලක් .
Deleteසමනලී ෆොන්සේකා සින්දු කියනව කියලත් දැනගත්තා . හොඳයි
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඇය ගයා තිබෙන්නේ ගීත කිහිපයක් විතරයි. මම කැමති සුජීව හෙට්ටිතන්ත්‍රි ගේ පද වලට . සමන් ලෙනින් ගයන ඔහුගේ තවත් ගීතයක් තියෙනවා සන්හිඳේ කියල. අහල බලන්න .
Deletehttps://www.youtube.com/watch?v=1bytzo6JDOE