මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 7, 2019

මල්ටි කල්චරල් - ( බහු වාර්ගික විවිධත්වය ) - වෛද්‍ය රුවන් එම් ජයතුංග .....රේඩියෝ කෙටිකතා



උදේ නැගිටගත් මා අසල්වැසි ජීන්ට සුභ උදෑසනක් කීවෙමි.  ජීන් සුදු කැනේඩියානු කාන්තාවකි. ඇයගේ මුල් බිම් එංගලන්තයේ ය​.  ඇය පසුගිය වසරේ ලන්ඩනයට ගියාය​. මාගේ වම් අත පැත්තේ ඉන්නා අසල්වැසියන් අයිරීෂ් ජාතිකයන් ය​. ගෘහ මූලිකයා සෙන් පැට්‍රික් දිනයට කොළ පැහැති විශාල  ටොප් හැට් එකක් පැළඳ සිටිනවා මම දැක තිබේ. 

බල්ලා කූඩුවට දමා උදෑසන ආහාර ගත් මා බිරිඳ සමග වාහනයට ගොඩ වෙමි. මුලින්ම ඇයව ඇයගේ කාර්‍යාලයේ බස්සන මා මගේ සේවා ස්ථානයට යමි. බිරිඳ වැඩ කරන්නේ නීතීඥයන් කිහිප දෙනෙකු සමගය. ඉන් එක් නීතීඥයෙක් එස්තෝනියානු ජාතිකයෙකි. ඔහු ඉතා ප්‍රියජනක පුද්ගලයෙකි. රුසියන් වචන කීපයක් ඔහු දනියි. මෙම නීතීඥ කාර්‍යාලයේ ඉංග්‍රීසි ජාතික කෙරී සහ අයිරීෂ් ජාතික ඩන්කන්  නීතීඥයන් ලෙස​ට සේවය කරති. 

ඩොන් මිල්ස් මාවතේ ගමන් කරන මම කෝපි කෝප්පයක් බීමට ටිම් හෝට්න්ස් අවන්හලක ඩ්‍රයිව් තෘ හරහා යමි.

 " මීඩියම් කොෆී ඩබල් ඩබල්" මම කියමි. 


අවන්හලේ කවුළුව අසල සිටින්නේ ලංකාවේ ද්‍රවිඩ තරුණියකි. 1983 සරණාගතයන් ලෙස පැමිනි ඔවුන් ගේ දෙවන පරම්පරාව සමහර විට සිංහල අප කෙරෙහි සතුරු ආකල්පයකින් බලති. නමුත් මේ තරුණිය මට සිනහවකින් සංග්‍රහ කලාය​. 

1983 සරණාගතයන් ගේ දෙවන පරම්පරාවේ සමහර ළමුන් දැන් උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල උසස් තනතුරු දරති. කලකට ඉහතදී යෝක් විශ්ව විද්‍යාලයේ පී.එච්.ඩී අපේක්‍ෂිකාවක් වූ ද්‍රවිඩ සිසුවියක් ඇයගේ තීසීසයට මගෙන් අදහස් ද ලබා ගත්තාය​. ඇයගේ තීසීසය පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිළිබඳවද සාකච්චා කෙරෙන්නකි. ඇයට මුලදී මම සිංහල ජාතිකයෙක් නිසා යම් කුකුසක් තිබුනා කියා සිතමි. නමුත් මම ඇයට උපකාර කලෙමි. ලබන වසර වන විට ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරනු ඇත​.

කෝපි කෝප්පය අතට ගත් මා එය වාහනයේ කෝපි රඳවනය තුල බහා ශෙපර්ඩ් වීදිය දක්වා යමි. ශෙපර්ඩ් වීදිය කාර්‍යබහුලය.  කොණ්ඩය කපන මගේ බාබර් ඉන්නේ ශෙපර්ඩ් වීදියේය ​. ඔහු ඉරාන ජාතිකයෙකි. ඔහු තමා පර්සියානුවෙකු බව කියයි. ඉරානය යන වචනයට ඔහු කැමති නැත​.  ඔහුගේ නම රුස්බෙක් ය​. රුස්බෙක් සමරිසියෙකි . ඔහු  ටොරොන්ටෝ හි වාර්ශිකව පවත්වන ගේ ප්‍රයිඩ්  එකට යයි. ඉරානයේ සමරිසියෙකු වීම මරණ දණ්ඩනය ලැබෙන වරදකි. එහෙත් මේ රටේ කිසිවෙකු රුස්බෙක්ව සමරිසියෙකු කියා අවමානයට පත් කරන්නේ  හෝ ඔහුව හෙලා දකින්නේ නැත​. 

ශෙපර්ඩ් වීදිය හරහා ගිය මම බේ විව් මාර්ගයට අවතීර්ණ වෙමි. හැකි ඉක්මනින් යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත යාම මගේ අරමුණයි. බේ විව් මාර්ගයේදී චීන තරුණයෙක් අපරික්‍ෂාකාරීව ඔහුගේ මස්ටෑං රථය දැමූ නිසා මගේ පය තිරිංගය වෙත ගියේය​. 

චීනුන්ට ඩ්‍රයිවිං බැරිය කියා කොමඩිකාරයෙකු වූ රසල් පීටර්ස් කියයි. රසල් පීටර්ස් ඉන්දීය සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහුගේ විහිළු වලට මම ප්‍රිය කරමි. නමුත් ඔහුගේ සමහර විහිළු වාර්ගික ඒවාය​. 

 

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

මල්ටි කල්චරල්




අද කතා  මල්ටි කල්චරල් - ( බහු වාර්ගික විවිධත්වය )..........සවනට රචනා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග



ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ........

Image result for multicultural faces with canadian flag






 කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .



වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ සම්පුර්ණ කතා එකතුව සදහා  ට්‍රාන්ස් සිල්වේනියා  Transylvania  බ්ලොග් අඩවියට යන්න .

Image result for transylvania blog ruwan m jayathunga

Image result for transylvania blog ruwan m jayathunga


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radioImage result for sawana radio

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ තවත් කථා 


සීනි සම්බෝලය .......

කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ......



Image result for multicultural faces

සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

Saturday, August 31, 2019

දිලෙන ලෙලෙන තරු වගේ ……….අනුරුද්ධ වැලිගමගේ.....රූපවාහිනී ළමා ගී

දිලෙන ලෙලෙන තරු වගේ ……….අනුරුද්ධ වැලිගමගේ.

Image result for stars at night with kids

90-92 කාලයේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු උදාර හෝ ළමා ගී වැඩසටහනක  VHS පිටපතකි .


දුර්වල වීඩියෝ සහ ශ්‍රවණ තත්වය ගැන සමාව අයදිමි .

අපට පහන් වැටක් වෙමින් එම වැඩසටහන් නිෂ්පාදනය කල නිර්මාණ ශිල්පීන්ට මාගේ උත්තමාචාරය

Image result for stars at night with kids

සේයාරූ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Saturday, August 17, 2019

නොමැකෙන ගී රස .... සිංහල ගීතයේ පරිසරකාමියා සුනිල් සරත් පෙරේරා ...රූපවාහිනි අත්දැකීම


කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ  සුනිල් සරත් පෙරේරා ශුරින් ගේ නිර්මාණ ඇගයීම

Image result for sunil sarath pereraImage result for sunil sarath pereraImage result for sunil sarath perera

ශ්‍රී ලාංකික ගැමි පරිසරය,  වස්තු විෂය කර ගනිමින් , ලියැවුණු ගීත රැසක් , සිංහල ගීතය තුල තිබෙනවා . අද දවසේ දසුනෙන් , සුවදින් , විදින්නට නොහැකි වුවත්, ගී පද පේලි තුලින්,  අපට සිහිපත් කරවන , එවන් නිර්මාණ , පෙලක නිමැවුම් කරු ගැනයි ඔහුයි ..

අගනුවරට නුදුරු පොල්හේන්ගොඩ දී , උපත ලබන,  සුනිල් සරත් පෙරේරා , ශ්‍රී ලංකා ගුවන් විදුලියේ,  ළමා මණ්ඩපයේ,  තවත් අගනා නිමවුමක්. පසුකලක , එහි තේමා ගීතය වූ,  "මනකල් හදවිල් තලයේ පිපි නිවහල් මල් ". ගීතයේ,  රචකයා වන්නේත් ඔහුයි ..

හෙලයේ මහා ගාන්ධර්වයන් වූ , අමරදේවයන්ට, වැඩිපුරම , ගීත ලියා ඇති , පද රචකයන් අතුරින්,  අද ජීවත්ව සිටින,  සම්පත වන,  සුනිල් සරත් පෙරේරා ගේ , පෑන් තුඩින්     ලියවුණු ගීත,  බොහෝ ගායක ගායිකාවන්ට , ජනප්‍රියතාව , උදා කර දුන්නේ , ඒවායේ ඇති රසවත් බව සහ,  කාගේත්  ජීවිත වලට,  ඒවා ලංවූ නිසා බව කිවයුතුය .

වුර්තියෙන් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ  එතුමා,  රූපවාහිනී සංස් ථාවේ , ගුවන් විදුලි සංස්ථාවේ,  සභාපති වරයා ලෙස ,  සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයෙකු ලෙස,  අති මහත් සේවයක් නිමවා , විශ්‍රාම ගොස් ඇතත්,  තවමත් විවිධ අංශයන්ගෙන් , සක්‍රීයව , නිර්මාණකරණයෙහි යෙදී සිටිනවා .

ලුම්බිණි විද්‍යාලයේ සිසුවෙකු සමයේ,  කියවන්නට ලැබුණු,  මඩවල එස් රත්නායකයන්ගේ , " මාර  යුධය " සහ , මහගම සේකරයන්ගේ  " සක්වා ලිහිණි " , පොත් කියවා ලබන වින්දනයෙන් , නිර්මාණකරණයට පිවිසි ඔහු,  විවිධ කෝණයන්ගෙන් , විවිධ තේමාවන්ගෙන් , භාෂාවට අළුතින් වචන එක් කරමින් , නිර්මාණකරණයේ යෙදෙන , සුනිල් සරත් පෙරේරා ශුරීන්ට,  රූපණ වෙතින් කෙරෙන , උපහාරයයි මේ ...

ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ නියමු වසන්ත ලංකාතිලක

Image result for sawana radio


සුනිල් සරත් පෙරේරා ශුරීන් ගේ වීඩියෝ පටිගත කිරීම ප්‍රවීණ මාධ්‍යවේදී හේමසිරි කුලරත්න

Image result for hemasiri kularathne

http://rupane.com/vimeo-video/rupane-episode-80-march-17-2018/

ඉදිරිපත් කිරීම - සුනිමල් බාලසුරිය 

 සංකල්පය සහ පිටපත  - අනුරුද්ධ වැලිගමගේ

සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි

නිෂ්පාදනය සහ අධ්යක්ෂණය -දිනේෂ් පීරිස්

විධායක නිෂ්පාදනය -  වීරා ෆොන්සේකා

Image result for rupane tv

කැනඩාවේ රූපණ  අන්තර්ජාල රූපවාහිනියේ  වැඩක් .....

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

Image result for sunil sarath perera



Saturday, August 10, 2019

යාය හතේ කඳුළු බිදක්……අනුරුද්ධ වැලිගමගේ.......කවි


Related image

උඩහ ගෙදර ගොක් සැරසිලි ගම මැද්දට හිනාවෙලා
අවාරේ ආ කැවුම් සුවද දසත මුසුවුණා
සතුටු සිනා ගලන විටදී හදක් සිනා සලා
අත්තක හිඳ කුරුළු ගොයෙක් දුක් ගීයක් විවර කලා

ඔය අද්දර දෙවට දිගේ නෙතේ කොනේ පිපුණු මලක්
පීදෙන ගොයමේ සුවදට තව සුවදක් එකතු කලා
රෑ කුරහන් හේනේ පැලේ කුප්පි එළිය මියැදුනත්
හෙට දවසක් ගැන හිතලා හිත එළි දහසක් දිලුණා


ඉරි තැලිච්ච යාය හතට කඳුළු බිඳක පහස තබා
උලලේනි මහ සද්දෙන් ඔය ඉවුරෙන් යන්න ගියා
සිදාදියට සරසවියට පියමන් කල පුංචි දෙපා
ගමේ මඩ සරම වෙනුවට කිරි සපත්තු ඇන්න ගියා


අනුරුද්ධ වැලිගමගේ


Image result for sri lankan man in beach


සේයාරූ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


Related image