මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 10, 2019

යාය හතේ කඳුළු බිදක්……අනුරුද්ධ වැලිගමගේ.......කවි


Related image

උඩහ ගෙදර ගොක් සැරසිලි ගම මැද්දට හිනාවෙලා
අවාරේ ආ කැවුම් සුවද දසත මුසුවුණා
සතුටු සිනා ගලන විටදී හදක් සිනා සලා
අත්තක හිඳ කුරුළු ගොයෙක් දුක් ගීයක් විවර කලා

ඔය අද්දර දෙවට දිගේ නෙතේ කොනේ පිපුණු මලක්
පීදෙන ගොයමේ සුවදට තව සුවදක් එකතු කලා
රෑ කුරහන් හේනේ පැලේ කුප්පි එළිය මියැදුනත්
හෙට දවසක් ගැන හිතලා හිත එළි දහසක් දිලුණා


ඉරි තැලිච්ච යාය හතට කඳුළු බිඳක පහස තබා
උලලේනි මහ සද්දෙන් ඔය ඉවුරෙන් යන්න ගියා
සිදාදියට සරසවියට පියමන් කල පුංචි දෙපා
ගමේ මඩ සරම වෙනුවට කිරි සපත්තු ඇන්න ගියා


අනුරුද්ධ වැලිගමගේ


Image result for sri lankan man in beach


සේයාරූ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


Related image


No comments:

Post a Comment