නැගෙනහිරින් කැනඩාව මායිම් වෙන්නේ අත්ලාන්තික් සාගරයට. අත්ලාන්තික් සාගරයට මායිම් වන කැනඩාවේ පළාත් හතරක් තිබෙනවා. ඒ නිව් බ්‍රන්ස්වික් නෝවා ස්කොෂියා, එඩ්වඩ් කුමාර දිවයින සහ නිව් ෆවුන්ඩ්න්ලන්තය සහ ලබ්රෝඩර්.
කැනඩාවේ වරායන් අතුරින් යුරෝපයට ආසන්නතම වරාය වීම නිසා හැලිෆැක්ස් වලට ඓතිහාසික වටිනාකමක් වගේම නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස විශාල වැදගත්කමක් තිබෙනවා. අදත් කැනඩාවේ විශාලතම නාවුක හමුදා සංකීර්ණය පිහිටා තිබෙන්නේ හැලිෆැක්ස් වලයි. අපි ඉදිරි දිනක කැනඩා උරුම යටතේ කතා කරන්නට බලාපොරොත්තු වන පියර් 21 නම් කැනඩාවට වැඩිම පිරිසක් යුරෝපයෙන් සංක්‍රමණය වුනු 1928- 1971 කාලයේ ක්‍රියාත්මක වුනු පරිශ්‍රය තිබුනේත් හැලිෆැක්ස් වලයි.
ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට වරින් වර නතු වුණු මේ කලාපයේ ධීවර සහ නාවික කටයුතුවල ඉතිහාසය ඉතා දිගු එකක්. ඒ නිසා කැනඩාවේදී නාවික ක්ෂේත්රය පිළිබඳ මනා දැනුමක් ලබන්නට නම් යා යුතුම ප්‍රධාන තැනක් විදිහට Maritime Museum of the Atlantic හඳුන්වන්නට පුළුවන්. 1948 දී ආරම්භ වුණු මේ කෞතුකාගාරය 1985 වෙනතුරු ක්‍රියාත්මක වුණේ කැනේඩියානු නාවික හමුදාව යටතේ. එය පිහිටා තිබෙන්නේ හැලිෆැක්ස් වරායේ කෙළවරකට වන්නටයි.
1993 සිට 2001 දක්වා කාලයේදී කැනඩාවේ සීබීසී නාලිකාවේ විකාශය වූ තියඩෝර් ටග්බෝට් (Theodore Tugboat) වරායක තිබෙන ටග්යාත්රාවක් සහ ඔහුගේ මිතුරන් පිරිසක් වටා ගෙතුණු රූපවාහිනී ළමා කතා මාලාවක්. ඒ සදහා යොදාගත් ටග් යාත්‍රාවත් මේ පරිශ්‍රය දී ඔබට බලන්නට පුළුවන්. 2014 දී සංරක්ෂණය වුණු Hebridee II යාත්‍රාවක් ඉතාම වැදගත් නාවික ඉතිහාසයක කොටස්කරුවෙක්.
1917දෙසැම්බර් මස 06 වැනි දා ප්‍රංශ බඩු නැවක් වූ SS Mont Blanc සහ නොවීජියානු යාත්‍රාවක් වූ SS Imo ගැටීමෙන් සිදුවූ පිපිරීම මිනිසුන් 1782 කගේ ජීවිත පිළිගත් විශාල පිපිරීමක්. ඒ ගැන තොරතුරුත් මේ පරිශ්‍රය තුල තිබෙන එක කුටියකදී ඔබට දැනගන්නට පුළුවන්. මේ ආසන්න කැනේඩියානු මුහුදේ දී විනාශ වුනු ජනප්‍රියතම නෞකාව RMS Titanic ගැන තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන කුටියක් වගේම මේ ප්‍රදේශයේදී මුහුදු බත්වුණු යාත්‍රා රැසක සුන්බුන් සහ ගොඩගත් බඩු බාහිරදිය රැසක් මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න. මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
.webp)



.jpg)









.jpg)

.jpg)



.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)

.jpg)



_2.svg.png)






.jpg)

.jpg)












