මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 3, 2018

ශ්‍රී ලාංකික ළමා ගී වල රස ගුණ සුවද - රූපණ නොමැකෙන ගී රස

Image result for sri lankan kids art

කැනඩාවේ විදිහට නොවැම්බර් 20 වැනිදාට  ලෝක ළමා දිනය යෙදී  තිබෙ නවා . අද ළමා වියේ සිටින ඔබේ දුව , පුතා හෙට දිනයේ යොවුන් වියට එලබ ඊළග පරම්පරාව ගෙනයන පුරුකයි . අද අඩුවෙන් ඇසෙන ළමා ගී තරගවලදීවත් නොකියවෙන රසවත් , අරුත්බර ළමා ගී රැසක් අපේ සිංහල ගීත සාහිත්යයේ හමුවෙනවා .

ලංකාවේ ළමා ගී පිළිබදව විමසීමේදී පැහැදිලි යුග 3 ක් දකින්නට පුළුවන් . ඉන් පළමුවැන්න හෙළ හවුලේ කුමාරතුංග මුනිදාස , අරිසෙන් අහුබුදු ගෙන් ඇරබ සිරි අය්යා , කරු අය්යා ගෙන් වර්ණවත් වූ ළමා මණ්ඩපය  සහ කේ ඩබ්ලිව් පෙරේරා , සුමනා ජයතිලක නිෂ්පාදනය කල හදමාමා  හරහා ගුවන් විදුලිය සහ ප්රාදේශීය ගුවන් විදුලි සේවා හරහා 70 දශකයේදී ගුවන් තරංග වලට මුසුවූ ගුවන් විදුලි ළමා ගීතයි .

ටයිටස් තොටවත්ත යන්ගේ දොස්තර හොදහිත කථා මාලාවට ප්රේමකීර්ති අල්විස් විසින් ලියැවුණු " ලා තණකොළ පෙත්තාස් " කණ්ඩායමේ ගීතත් , 80-90 දශක වල ලලිතා සිරිබද්දන ගේ  මුතුහර , පත්මසිරි ප්රනාන්දු ගේ උදාර සහ ළමා ගී දෙවන යුගය රුපවාහිනිය තුලින් විකාශය කරනවා  .

ලෝකයේ හොදම නළුවා ලෙස" සිරි රජ සිරිචිත්රපටියේ සිරිමල් ලෙස රගපෑ  කෝකිල ජයසුරිය   ජගත් සම්මානය ගෙන දුන් සෝමරත්න දිසානායක සුරිය අරණ , සිරි පැරකුම් වැනි ළමා චිත්රපට හරහා  සහශ්රයේදී දිගහැරුණු සිනමා රූපී ළමා ගීත තෙවන යුගය නියෝජනය කරනවා  .

අද අපේ කථා බහ සිංහල ගීත සාහිත්යයේ ළමා ගී ලකුණ ගැනයි .

Inviting Children In: Valuing The Youngest Museum Visitors ...

තවමත් අපේ මතකයේ රැදුණු ශ්‍රී ලාංකික ළමා ගී වල රස ගුණ සුවද සෙවූ මොහොතක් 

කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම
Image result for rupane


http://rupane.com/vimeo-video/rupane-episode-63-november-18-2017/


විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා

අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්

සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ

සම්පත් දායිකාව - ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර  මහත්මිය

Image result for dr swarna chandrasekere

වැඩසටහන ඉදිරිපත් කිරීම - සුනිමල් බාලසුරිය 

Image result for sunimal balasuriya

සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි

Image result for rupane

8 comments:

  1. ඔබගේ අඩවියට පිවිසුනා!
    විදේශයක සිටියත් අපේ දේශීය දේ පිලිබඳ හැඟීමක් තිබීම ඉතා වැදගත් ගුණාංගයක්.
    ඉදිරි නිර්මාණ සඳහාත් ඔබට සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගොඩ වුණාට .... බොහොම ස්තුතියි ඔබේ දිරිගැන්වීමට ..... ලංකාවෙන් පිට ඉන්නකොට ලංකාවේ දේ ගැන අගය වැඩියෙන් දැනෙනවා . කාර්ය බහුල ජීවිතය අස්සෙ පුළුවන් විදිහට ටික ටික යමක් කරන්නයි අපේ උත්සාහය ......

      Delete