මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 13, 2019

කෙටි සටහන ... ශ්‍රී ලංකා තේ 150 වන සංවත්සරය ...රූපවාහිනි අත්දැකීම



Image result for sri lanka teaImage result for sri lanka tea

වසර 150 ක් සපිරුණු  ශ්‍රී ලංකා තේ කර්මාන්තය වෙනුවෙන් 2017 දී කල කෙටි සටහන

ලංකා තේ - 150 වසක පිය සටහන්.

කැනඩාව සේම ජුලි මාසයේදී ලංකාවත් 150 වන සංවත්සරයක් සමරනවා. ලෝක සිතියමේ පුංචි තිතක් තරමේ ශ්රී ලංකා නාමය ලොවට ගෙනගිය පරමුකතම උණුසුම් පානයක් වන Ceylon tea නාමය ලොව පුරා කා අතරත් ප්රකටයි . ලෝකයේ සිව් වන තේ නිෂ්පාදකයා වන ලංකා තේ කළු , කොළ සහ සුදු තේ ලෙස බ්රිතාන්යය ප්රධාන යුරෝපයටත් , රුසියාව , ඉරානය , ඩුබායි , ලිබියාව සහ ජපානයටත් ලොව දස අත අපනයනය කෙරෙනවා . ලංකාවේ වැඩිම ආදායමක් උපයන බෝගය ලෙසත් , මිලියනයකට වඩා පිරිසකට රැකියා සපයන මගක් ලෙසත්  තේ  කර්මාන්තය වාර්තා පිහිටුවා තිබෙනවා.

Tea Planters of Ceylon | History of Ceylon Tea

කෝපි වගාවට යොදාගෙන තිබු මධ්යම කදුකරයේ සරු බිම් යොදා ගනිමින් චීනයෙන් ගෙන්වූ රසවත් තේ  වගාකිරීම ඇරබුනේ 1867. දී  මහනුවර ලීල්කදුර වතුයායෙන් . එදා කාර්යයට අත ගැසූ අවුරුදු 17 ජේම්ස් ටේලර් නම්  ස්කොට්ලන්ත කොළු ගැටයා ලංකා තේ මෙතරම් දුර යතැයි එදා සිතන්නට නැතුව ඇති. 1872 දී තේ කම්හලක් ඇරබුණු අතර තේ වගාව ජනප්රිය වී ක්රම ක්රමයෙන් යුරෝපීයන් බොහෝ දෙනෙක් ලංකාවට පැමින වැඩි වැඩියෙන් තේ වගාකිරීම අවසන් වුයේ මුළු කදුකරයම එකම තේ යායක් බවට හරවමින්.

එංගලන්තයෙන් ගෙන්වූ යන්ත්රෝපකරණ ත් , ඉන්දියාවෙන් ගෙන්වූ කම්කරුවනුත් යොදා ගෙන පින්න වැටෙන ලක් කදුකරයේ ඉපැදුණු තේ දළු වියැලි , ඇසුරුම්ගතව කොළබ වරායෙන් නැව් නැගුණේ බ්රිතාන්යයන් වෙනුවෙන්ම ඉදිකළ දුම්රිය මගේ මග ගෙවා විත් රස ගුණ රැකුණු ලී පෙට්ටි තුලයි .

Broad Gauge Steam in Sri Lanka 2018

ලංකාවේ සංචාරයකට ගියවිට ඔබ දරුවන්ට පෙන්වන තේ වතු වලට තලවකැලේ තේ පර්යේෂණ ආයතනය තුලදීත් , හන්තානේ පිහිටි තේ කෞතුකාගාරය තුලදීත් රාජ් අනුග්රහය ලැබෙද්දී බහුතර තේ නිෂ්පාදන කාර්යය සිදුවන්නේ පෞද්ගලික ආයතන හරහා . නිෂ්පාදන කාර්යයේදී බහුතර කාන්තා ශ්රමය භාවිතා වෙනවා . ලංකාවේ මුළු බිම් ප්රමාණයෙන් 4% පමණ තේ වගාවට යොදාගෙන තිබෙනවා . මේ වනවිට මධ්යම කදුකරයට අමතරව රත්නපුර , ගාල්ල සහ මාතර දිස්ත්රික්ක තුලත් මැදරට තේ වගාව කෙරෙනවා .

රාජ් අනුග්රහයෙන් කෙරෙන තේ කර්මාන්තයේ 150 වන සංවත්සරයට සමගාමීව ශ්රී ලංකා තේ ප්රවර්ධන වැඩසටහනක් ටොරොන්ටෝවේ කොන්සල් ජනරාල් කාර්යාලයයේ අනුග්රහයෙන් පැවැත්වුණා .   සදහා මූලිකත්වය ගත්තේ කොන්සල් ජනරාල් ....................................................මහතා . මේ එහි ගිය රූපණ කණ්ඩායමේ ඇස ගිය තැන් කිහිපයක් .

 

පිටපත සහ පසුබිම් කථනය   අනුරුද්ධ වැලිගමගේ



Image result for rupane tv


http://rupane.com/vimeo-video/rupane-episode-45-july-15-2017/

0.00 - 9.29 කාලයේදී බලන්න .

Image result for loolkandura estate and james taylorImage result for loolkandura estate and james taylor

පිටපත සහ පසුබිම් කථනය  - අනුරුද්ධ වැලිගමගේ

නිෂ්පාදනය සහ අධ්යක්ෂණය -දිනේෂ් පීරිස්

විධායක නිෂ්පාදනය -  වීරා ෆොන්සේකා

කැනඩාවේ රූපණ  අන්තර්ජාල රූපවාහිනියේ  වැඩක් .....

Image result for rupane

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි.

Celebrating Ceylon Tea | Silver Tips Tea Blog

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 




4 comments:

  1. ලස්සන වීඩියෝ නිර්මාණයක්..
    කැනඩාවට විතරක් නෙමෙයි, අපේ රටේ ඉන්න මිනිස්සුන්ටත් ගොඩක් වටිනා දේවල් දැනගන්න පුළුවන් නිර්මාණයක්.

    මම මේ ඔබතුමාගේ බ්ලොගට ගොඩවදින පලවෙනි වතාවද කොහෙද..
    පොස්ට් එක නම් ලස්සනයි.

    කෙලින්ම වීඩියෝ ලින්ක් එක නොදා විස්තර ටිකකුත් එක්ක පොස්ට් එක දාලා අන්තිම හරියෙන් වීඩියෝ ලින්ක් එක දුන්නානම් හොඳයි කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. විභීෂණ බොහොම ස්තුතියි මගේ බ්ලොග් එකට ගොඩ වුණාට . ඉඩ තියෙන විදිහට ඔක්කොම බලන්න . ඔබේ අදහස් ලියන්න . බ්ලොග් එකේ සාර්ථකත්වයට ඒ අදහස් වටිනවා .

      ඔබේ අදහස් වලට ස්තුතියි . මම හිතුවෙ අඩුවෙන් විස්තර දැම්මහම කුතුහලය හින්ද වීඩියෝ ලින්ක් එක බලාවි කියල . නමුත් මම තවත් විස්තර එකතු කරන්නම් .

      තරමක කාර්ය බහුල හින්ද අදහස් නොලිව්වාට ඉඩ ලැබෙන විදිහට සිංහල බ්ලොග් බලනවා .

      ඔබේ නිර්මාණ කාර්යයටත් ජය පතනවා .

      Delete
  2. හොඳ වැඩ සටහනක්

    ReplyDelete
    Replies
    1. අජිත් බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහ දිරියට

      Delete